කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය (6)
Posted on October 27th, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

දොස්තර මහත්තයා හා වෙද මහත්තයා

    මේ දවස්වල නලින් ද සිල්වා (ගණිත විද්‍යාව, මැත්) හා චන්ද්‍රේ ධර්‍මවර්‌ධන (රසායන විද්‍යාව, කෙමිස්ට්‍රි) අතර පවතින – නාථ දෙවියන්-ආසනික්-වකුගඩු රෝගය- අදාළ ගැටුම තුලින් ලංකාවේ කළුසුද්දන් කියන්නේ කවුද යන කරුණට අදාලව යම් අවබෝධයක් ලබාගත හැකි වේවි ද කියා මට සිතුනි. මා ඒ ගැන සිතන්නේ භූගෝල විද්‍යා, නීති විද්‍යා ඉගෙන ගත්, ලංකාවේ, කැනඩාවේ හා ඇමෙරිකාවේ සමාජ ක්‍රම ගැන යම් දැනුමක් ඇති කෙනෙක් වශයෙනි. භූගෝල විද්‍යාව ස්ථාන ගැන හදාරණ විෂයයක් (ලොකේෂනල් ඇනැලිසිස්) වශයෙන් සමහරු හඳුන්වා දුන්නේය. කැනඩාවේ ජීවත්‌වන චන්ද්‍රේ ලංකාවේ ගම් නගර වල අතීත මුල් නම් සිංහල නම් බව පෙන්වීමට විශාල කැපකිරීමකින් ක්‍රියා කලේය. එය කොටි ත්‍රස්තවාදීන්ට කෙතරම් බල පෑවාද කියතොත් ලංකාවේ හැම නමක්ම දෙමල නම් බවට පෙරලා පෙන්වන දිනපතා ප්‍රවෘත්ති තීරයක් ඔවුන්ගේ ටැමිල් නෙට් කොටි වෙබ් අඩවියේ ආරම්භ කලේය.
   
    චන්ද්‍රේ ගේ ව්‍යාපෘතියේ වටිනාකම මට පෙනුනේ ලංකාවේ ප්‍රථම ලාංකික භූගෝල විද්‍යා මහාචාර්යවරයා වූ කේ කුලරත්නම් මහතා කරන ලද ස්වාධීන පර්යේෂණ මොනවාද කියා මා සොයා බැලූ විටය.  මට හමුවූයේ එකම එකක් පමණය. එහි මාතෘකාව වූයේ “ලංකාවේ දකුණු පලාත් වල ඇති, ඒවායේ නමේ දෙමල ආභාෂය පෙන්වන, නගර හා ගම් (ස්ථාන)” යන්නය! 1930ස් 40ස් ගණන් වල එංගලන්තයේ භූගෝල විද්‍යා මහාචාර්ය ඩඩිලි ස්ටෑම්ප් විසින් මුළු රටේම භූමි පරිභොග රටාව (ලෑන්ඩ් යුටිලයිෂේෂන් සර්වේ)  පිලිඹඳව සමීක්‍ෂණයක් කලේය. ඒ සඳහා පාසැල් සිසුන්වද සහභාගිකර ගත්තේය. පසු කාලීන ජාතික සංචර්‍ධන ප්‍රතිපත්ති සකස් කිරීමේදී මෙසේ පිලියෙල කල සිතියම් හා සටහන් ඉතාමත් ප්‍රයෝජන විය. එංගලන්ත ක්‍රමයට අනුව හැමදේම කල ලංකාවේ භූගෝල විද්‍යා අංශයට එවැනි දෙයක් කොපි කරන්නට සිතුනේ නැත.

    මෙහිදී සඳහන් කලයුතු තවත් කරුණක් නම් යටත් විජිත කාලයේ දී සුද්දන් ගෙන් ලංකාවට සිදුවූ සේවය ය. කුලරත්නම්ට කලින් භූගෝල විද්‍යාව භාරව සිටියේ එල්සි කුක් නම් සුදු කාන්තාවය. ඇය ලංකාවේ භූගෝල විද්‍යාව ගැන පොතක්ද ලිව්වේය. සමහර සුදු සිවිල් නිලධාරීන් ඉතාමත් වටිනා මෙහෙයක් සිංහල බෞද්ධයින්ට උදෙසා කලේය. පොත් ලිව්වේය. නමුත් ඉංග්‍රීසි කටගාගත් ගුරුවරු හෝ නිලධාරීන්ගෙන් කී දෙනෙක් කිසියම් නිර්‍මාණාත්මක සේවයක් හෝ අවංක සේවයක් කර ඇත්දැයි ඉදිරි ලිපියකදී විමසා බැලිය යුතුය. මව් භාෂාවේ වටිනාකම බුදුහාමුදුරුවෝත්, මෑත කාලයේදී ගන්ධිත්, එංගලන්තයේ අධ්‍යාපන කොමිසමුත් පෙන්වා දුන්නේය. මේ නිසා සිංහල වෙනුවට ඉංග්‍රීසි රජකරන්නට හදන සිංහලයෝ කළුසුද්දෝය.

    ඒ කාලයේ ලංකා විශ්ව විද්‍යාලයේ හැම අංශයකම මහාචාර්යවරු වූයේ දෙමල අයය. ඉඳ සිට සිංහල ක්‍රිස්තියානීන් ද සිටියේ ය. සිංහල භාෂාව නම් විෂයය ඉගැන්වූයේ ඉංග්‍රීසි භාෂා වෙන් ය. ජී සී මෙන්ඩිස් නම් ක්‍රිස්තියානි ආගමික, ඉතිහාසය ඉගැන්වූ මහාචාර්යවරයෙක් සිටියේ ය. ඔහු ලංකා ඉතිහාසය යුග හතරකට බෙදුවේය. එනම් උතුරු ඉන්දියා සමය 1 හා 2, හා දකුණු ඉන්දියානු සමය 1 හා 2 යනුවෙනි. ඔහුගෙන් බොහෝ කාලයකට පසුවය අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි යුග වශයෙන් ලංකා ඉතිහාසය දෙස බලන්නට සිත් යොමු වූයේ. යුරෝපීය අනුකරණය නමැති චින්තන රටාව නොහොත් රේල් පීල්ලෙන් ඔබ්බට යාමක් හෝ සිතීමක් ඔවුන්ට නොවීය (යුරෝසෙන්ට්‍රික් තින්කින්). යමෙක් මෙසේ සිතන්නේ නම් ඔහු (හෝ ඇය) ඉබේම වාගේ කළුසුද්දෙක් වී යන්නේමය. දෙමල විශ්ව විද්‍යාල ගුරුවරුන්ට තිබුණ භය නම් 1931 සර්‍ව ජන චන්දයට පසුව රට නැවත (1505 ට පසු) සිංහල වීගෙන යනවා නේ ද යන්නය. 1832 සිට කරගෙන ගිය ජාතීන් අනුව නියෝජනය (කොමුයුනල් රිප්‍රසන්ටේෂන්) සිංහලයින් යටපත් කලත්, 1931 සිට ආ භූමිය අනුව නියෝජනය (ටෙරිටෝරියල් රිප්‍රසන්ටේෂන්) මඟින් සිංහලයින්ට එතෙක් අහිමිකර තිබූ “බලය”ආපසු මාරුවීම ආරම්භ විය. අවාසනාව වූයේ ඒ බලය ගියේ සිංහල ක්‍රිස්තියානී කළුසුද්දන්ගේ පවුල් කීපයකට වීමය. මා හිතන්නේ කුලරත්නම් ක්‍රිස්තියානී වූවාය කියාය. එසේ වුනත් නැතත් ඔහුගේ යටිහිතේවත් තිබුණු භය පිළිඹඳ එක්තරා ඉඟියක් ඔහුගේ පර්යේෂණ ලිපි මාතෘකාවෙන් පෙනේ.

    විද්‍යෝදය-විද්‍යාලංකාර පිරිවෙන් දෙක විශ්ව විද්‍යාල කිරීමේ අවාසනාවන්ත සිද්ධිය ද කළුසුද්දන්ගේ යුරෝපීය හැව පිළිඹඳ කදිම නිදසුණකි. පිරිවෙන් දෙකෙන් එතෙක් කලේ විනයධර, සිල්වත්, උගත් භික්‍ෂූ පිරිසක් බිහිකිරීමය. ඒවා උසස් කිරීමෙන් කලයුතුව තිබුණේ පේරාදෙනියේ මොඩල් එක කොපි කිරීම නොව, විදේශ භාෂා ආදිය ද ඇතුල් කර ඒවා ජාත්‍යන්තර භික්‍ෂූ විශ්ව විද්‍යාල දෙකක් කිරීමය. එසේ නැත්නම් අනාගාරික ධර්‍මපාලතුමා පෙන්වාදුන් ආකාරයට ජපානය, ජර්‍මනිය, ඇමෙරිකාව යන රටවල සිදුවෙන ආකාරයට, තාක්‍ෂණික දැනුමද සහිත සංස්කාරී (ලිබරල් එඩියුකේෂන්) අධ්‍යාපන අංග උපුටා ගැනීමය. උදාහරණයක් වශයෙන් ගණිතය, මනෝ විද්‍යාව වැනි විෂයයන් ඊට ඇතුලත් කල හැකිව තිබුණි. මේ මඟින් පාලි, සංස්කෘත හා බෞද්ධ දර්‍ශනය බටහිර සංකල්ප සමඟ සංසන්දනය කිරීමෙන් භික්‍ෂූන්ගේ සාපේක්‍ෂ දැනුම හා ඥානය දියුණුවේ. අද සිදුවී ඇත්තේ කුමක්ද? රටට, සිංහල බෞද්ධයින්ට, ජාතික ආයතන දෙකක්ම අහිමි විය. එකම සැනසීම නම් සිවුරු හැර ගියත්, (සිවුරේ සිට වැරදි නොකර) සිංහල බෞද්ධ පදනම දන්නා කෙනෙක් ඉන්නවා නේද යන්නය. මේ වැඩේ භාරව සිටි සිවිල් සේවකයා වූයේ ලඟදී මියගිය ආනන්ද ගුරුගේ මහතාය. පේරාදෙනි ක්‍රමය කොපි කිරීම සාමාන්‍ය ලිපිකරුවෙකුට වුනත් කල හැකි දෙයකි.

    මෙතෙක් දුරට ලිව්වේ නලින්-චන්ද්‍රේ එකිනෙකාට ඇනුම්පද කීම ගැන නොවීමෙන්ම ඒ මඟින් වක්‍රව කළුසුද්දන් ගැන ලබා ගත හැකිවන අවභොධය එලි නොවන්නේද? චන්ද්‍රේ වගේම නලින් ද සිල්වා ද සිංහල බෞද්ධ රට වෙනුවෙන් සේවය කරන කෙනෙකි. ඔහුගේ දරුවන්, ගුණදාස අමරසේකරගේ හෝ වාසුදේව නනායක්කාරගේ පුතා ඇමෙරිකාවේ ඉගෙන ගන්නවා හෝ ජීවත්‌වනවා නම් එය ඔවුන්ට රට ගැන කතා කිරීමට නුසුදුසු කමක් නොවේ. විද්‍යාව කියන්නේ ස්වභාව ධර්‍මයේ ඇති නොදන්නාදේ එලිදරව් කරගැනීම නම් නාථ දෙවියන් ගැන දැන ගැනීමට තවම විද්‍යාවට උපකරණ මෙවලම් නැතුවා විය හැකිය. ඇමෙරිකාවේ හා රුසියාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු අංජනම් පේන කියන අය හා භූතයින් යොදාගන්නා බව අප අමතක නොකල යුතුය.

    බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමියන් තමන් කතරගම දෙවියන් සියැසින් දුටු බවත්, අක්බාර් නඩුකාරයා අරාබි මන්තර බලයෙන් යක්‍ෂයින් ගෙදර මුරකාරයා වශයෙන් යොදාගත් බවත් ලියා ඇත. මේවා බොරු ද? නැත්නම් මානසික ඔල්මාද කතාද? ඇමෙරිකාවේ එඩ්ගාර් කේසි (1877-1945) නින්‌දෙන් ලෙඩවලට ප්‍රතිකාරදීම්, දුර සිට ලෙඩාට බෙහෙත් නියම කිරීම, පුනරුප්පත්තිය ගැන කීම ආදී දේ සෑහෙන කාලයක් තුලම කලේය. මේ ගැන චන්ද්‍රේ වැනි අය කියන්නේ කුමක්ද?
 
    මෙහිදී මට ඇති ප්‍රශ්නය නම් බටහිර හැමදේම පාච්චල් කිරීම ඥානවන්තද යන්නය. මිනිසා හඳට ගියේ කෙසේද? පොලොවට සැතපුම් හයක් උඩින් අහසේ ගුවන් යානය තුල ඉන්නා විට මට නාථ දෙවියන් වත්, රාවණාගේ දඬුමොණර යන්ත්‍රය වත් සිහි නොවේ. මා සිතන්නේ බටහිර විද්‍යාව කර ඇති විශ්මය ගැනය. මගේ ශරීරය ඇතුල, හෘදය වස්තුව, බඩවැල් ගුද මාර්‍ගය ඇතුලේ පින්තූර (එක්ස් රේ) දකින විට මට බුද්ධදාස රජතුමාගේ බෙහෙත් ඔරුව මතක් නොවේ. අනිත් අතට බුරුසුවකින් කොච්චර දත් මැද්දත්, ඩෙන්ටල් ෆ්ලොස් (නූල්) වලින් දත් අතර ශුද්ධ කල යුතු වන විට මට මතක් වන්නේ බෝම්බු (දැහැටි දඬු) හා වැල්මි දඬුය. කළුසුද්දෙක් නොවන බව පෙන්වීමට යාමම කළුසුද්දෙකුගේ ලක්‍ෂණයක් වීමට ඉඩ ඇත. තෝරා බේරා ගත් බටහිර භාර ගැනීම නිසා යමෙක් කළුසුද්දෙක් වෙන්නේ කෙසේද? අහිංසක කළුසුද්දන් ද සිටිය හැකිවන්නේ, කළුසුද්දා හානිකර වන්නේ ඔහුගෙන්/ඇගෙන් සමාජයට යම් ආකාරයක බලපෑමක්, මැදිහත්වීමක් සිදුවනවා නම් පමණක් නිසාය.

    හෘදයාභාධයක් යැයි සැක කල වහාම බටහිර රටවල කරණ පලවෙනිම දේ නම් ලෙඩාව නිදිකරවා නොසොල්වා තබා එමර්‍ජන්සි (911) කෝල් කිරීමය. කලින් හෘදයාභාධ සැදුණු අය නයිට්‍රෝග්ලිශරින් නමැති පෙති කුප්පිය තමන්ගේ සාක්කුවේ තබා ගන්නේ එය ගත් විට හදවතේ ලේ නහර ඉන් විවෘත වන නිසාය. යුරෝපයේ ද බොහෝ රටවල ස්ථිර වෘත්තීය විදේශ සේවා නිලධාරියෙක්ව සිටි මා දන්නා කෙනෙක් ඔහුට හෘදයාභාධයක් හැඳුනවිට කලේ මහ රෑ කොළොඹ ඉස්පිරිතාලයකට ගොස් දොස්තර නැති බව දැනගත් විට පසුදා උදේට යාමට සිතා ආපසු ගෙදර යෑමය. මෙවැනි පසු බිමක් යටතේ නලින් සිල්වා ඔහුට හෘදයාභාධයක් සැදුන විට කලේ ඔහුගේ වෙද හාමිනේ ගාවට යෑමය. ඇගේ ප්‍රතිකාර, හෙල නිල වෙදකම, නිසා පසුවදාම ඔහුට විද්‍යාලංකාරයේ රක්‍ෂාවටද යාමට හැකි වූ අතර, සතියක් ඇතුලත (2011 මැයි 26) පුටුවක ඉඳගෙන පැයක දේශණයක් දීමටද හැකි විය. මෙය බටහිර වෛද්‍යක්‍රමය යටතේ සිදුකල නොහැකිය. ප්‍රතිකාර කරන්නේ කැවුම් ගෙඩි වැනි බෙහෙත් පොට්ටනි ඔහුගේ ඇඟේ නිල වලට තබාය. දේශණය අවසාන කල පසු බෙහෙත් පොට්ටනි අළුත් කිරීම සඳහා ඔහු වෙද හාමිනේ බලා ගියේ ය.

    ඇමෙරිකාවේ නම් හදවතට ලේ ගෙන එන-යන නහර කෙතෙක් දුරට අවහිර වෙලාද කියා සියුම් කැමරාවක් හදවතට යවා බලා ගනී. යම් තැනක් සියේට 80-90 අතර බ්ලොක් වෙලා නම් ඒ සඳහා සුළු හෝ ලොකු ශල්‍ය කර්‍මයක් කරයි. නලින් සිල්වා කියන්නේ  අධ්‍යාත්මික ශක්තිය ඇත්නම්  දෙවියන්ගෙන් ලබාගත් දැනුම ලබාගත් හැකි බවය. ඔහු විපස්සක නම් දෙවියෙක් ගැන සඳහන් කරයි. බටහිර වෛද්‍යක්‍රමය අනුව බොහෝ ලෙඩවලට විසඳුම් නැති අවස්ථා එමටය. ඇසේ සුදට සිංහල වෙදකම් කරන වෙදමහත්තයෙක් ගැන ඊයේ පත්තරයේ මම දුටුවෙමි. මෙම පාරම්පරික වෙද කම් නැතිවී යන නිසා මිස ඒවා සුදුසු නැතැයි කීමට ශරීරය කපා කොටා ලෙඩ විසඳන්නට බලන බටහිර වෙදුන්ට අයිතියක් නැත. එන්නත් කිරීමත්, දැන් කියන ප්ලස්ටික් ශල්‍යකර්‍මත් ප්‍රථමයෙන් කර ඇත්තේ ඉන්දියාවේ ය.

    මට වරක් ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ ගෙදරකදී අවුරුදු 50 ක පමණ ලංකාවේ මහතෙකු හමුවිය. කුඩා කාලයේ පොළොඟෙකු දෂ්ට කර මිය ගිය ඔහුව ඉස්පිරිතාලයේ මිනී කාමරයේ තබන ලද්දේ දොස්තරලා ඔහු මළ බවට තීරණය කල නිසාය. ඔහුගේ පියා මිනීපෙටිටියක් ගේන්නට යමින් සිටියේ ය. මේ වේලාවේදී එතැනට ආ පුද්ගලයෙක් ඔහුට දරුවාගේ මිනිය බලන්නට ඉඩක් ඉල්ලා සිටියේ ය. මිනිය දුටු ඔහු ළමයාට ප්‍රතිකාර කිරීමට එක අවස්ථාවක් ඉල්ලා සිටියේය.  මිනී පෙට්ටිය ගෙන ඒමට යාම නවතා පියා ඒ පුද්ගලයාට බෙහෙතක් කිරීමට ඉඩ හැරියේය. ලමයා සුව විය. මෙවැනි කතා සිය දහස් ගණන් ලංකාවේ ඇත. සයන්ස් කරපු අය මේවා ගැන කියන්නේ කුමක්ද?

    මා කුඩා කාලයේ මට උන ගත් විට මගේ පියා මාව ඉස්පිරිතාලයට නොව පානදුරේ රත්නායක දොස්තර මහතා ලඟට ගෙන යයි. බේත් කලවම් කරන්නේත් ඔහුමය. ඔහු ආවේ සැතපුම් දෙකක් පමණ දුරින් පිහිටි නිවසේ සිට දෙමල මිනිහෙක් ගෙන ගිය රික්‍ෂො එකකින් ය. ඔහුගේ වෙළඳබෝඩ් එකේ ඔහු එංගලන්තයේදී ලබාගත් සුදුසු කම් නමට යටින් දක්වා තිබුණි. එංගලන්තයේදී ඔහු සුද්දියෙක් හා යාළු වුවත් ඔහුගේ දෙමාපියන් ඊට විරුද්ධවූ නිසා ඔහු තනිකඩයෙක් වශයෙන් ජීවත් විය. මෙහිදී මට මතක් වන්නේ පානදුරේම විසූ ජයතිලක මහතා ගැනය. ඔහු දුවෙක් හා පුතෙක් සිටි විවාහකයෙක් විය. බැරිස්ටර් විභාගයට ලන්ඩන් ගිය ඔහු සුද්දියෙක් හා මිත්‍රව සිට ඇයට හොරෙන් ලංකාවට ආවේය. නමුත් ඔහුට හොරෙන් ඇය ඒ නැවේම ලංකාවට ආවේය. පසුව ඔහුට ඇය හා විවාහ වීමට සිදු විය. බොහෝ තරුණයින්ට මේ සුද්දීන්ගේ පිස්සුව හැදෙන්නේ හෝර්මෝන් නිසාද හීනමානය නිසාද කියා මට නොතේරේ. කෙසේ වෙතත් එංගලන්තයේ වංශවත් පවුල්වල සුද්දියන් ඔවුන්ට නොලැබේ.

    මෙම කාරණය කළුසුද්දන් හඳුනා ගැනීමේදී සලකා බැලිය යුතුද? ගුණපාල මලලසේකර, පී ද ඇස් කුලරත්න යන (එස් ඒ වික්‍රමසිංහ බැන්ඳේ ලංකාවේ ජීවත්වූ සුද්දියකි) දෙන්නා ජාතික ඇඳුම් ඇඳගත්, කළුසුද්දන් නොවූ දෙන්නෙකි. පානදුරෙන් විශ්ව විද්‍යාලයට ගිය අයි ඩී එස් වීරවර්‍ධන සුද්දියක් බැඳගෙන ලංකාවට ඇවිත් සිංහල මාධ්‍යයෙන් විශ්ව විද්‍යාලයේ ඉගැන්වීමට එෆ් ආර් ජයසූරිය සමඟ ඉමහත් සේවයක් කර පැපොල් රෝගය උග්‍රවී අකාලයේ මිය ගියේ ය. අනිත් අතට ආනන්ද කුමාරස්වාමි පස් සැරයක්ම විවාහ විය. ඒ පස් දෙනාම යුරෝපීය කාන්තාවන් විය. ඔහුගේ මව සුදු ජාතික කාන්තාවක් විය. ඔහුට කළුසුද්දෙක් යයි කිව හැකිද? ඔහුගේ පියාවූ මුත්තු කුමාරස්වාමිගේ ඇඳුම් කට්ටලය දැක වික්ටෝරියා රැජින පවා විශ්මිත වුනා කියා මා කියවා ඇත. අනිත් අතට නිදහස් දිනයේදී ඩී එස් සේනානායක මහතාත්, දැනුත් ලංකාවේ බොහෝ අයත් ගිනි අව්කාස්ටකයේ ත්‍රීපීස් සූට් ගහගෙන ඉන්නේත් ඇයි?

    රත්නායක දොස්තර මහතා වයසට ගිය කාලයේ ඔහුගේ අසනීප වලට බෙහෙත් ගත්තේ වෙනත් දොස්තර කෙනෙකු ගෙන් නොව ගමේ වෙද මහත්තයෙකු ගෙන් ය. කසාය බොනවාට වඩා පාට බේත් බෝතලයකින් උන රෝගය සුවකරගත් මට මෙය ප්‍රශ්නයක් විය. ඒ කාලයේ කන්තෝරුවල සුමාන දෙකකට වඩා ලෙඩ නිවාඩු ගත්තොත් දොස්තර කෙනෙකුගෙන් වෛද්‍ය සහතිකයක් ගෙනා යුතුය. සිංහල වෙදකම කලාය කියා වෙදමහත්තයෙකුගේ සහතිකයක් භාර නොගනී. දැන් මේ තත්‌වය වෙනස් වී ඇත. දැන් ඇමෙරිකාවේ හාර්‍වඩ් විශ්ව විද්‍යාලයෙන් ඇරඹී හැම තැනකම ආයුර්වේදය හා වෙනත් පෙරදිග වෛද්‍ය ක්‍රම ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී. ඒ කාලයේ මිනිසුන් කෙසේ හෝ ඉංග්‍රීසියෙන් නම ලිවීමට ඉගෙනගත්තේ එසේ නැත්නම් ඉංග්‍රීසී භාෂාවෙන් නොවන අත්සනට ශාක්‍ෂිකාරයෙක් ද අවශ්‍ය වූ නිසාය.

    මගේ රක්‍ෂාවේ කොටසක් වශයෙන් වරක් මට නේපාල ජාතික ව්ශේෂඥයෙක්ව නාවල ආයුර්වේද විද්‍යාලයට ගෙන යාමට සිදු විය. එහි ප්‍රධානියා වූයේ රසායන විද්‍යාවෙන් පී එච් ඩී තිබූ විද්‍යොදය විශ්ව විද්‍යාලයේ ගුරුවරයෙකි. වෙද මහත්‌වරු දෙන්නෙක් ඔහු යටතේ සිටියේ ය.  (ඇසිස්ටන්ට් ප්‍රින්සිපල්ස්) මෙය මගේ විමතියට හේතු විය. එදින සාකච්චාවට ඉංග්‍රීසි පරිවර්තකයෙක් අවශ්‍යවූ බව සැබෑය. නමුත් ඒ පාසැලේ ලොක්කා විය යුතු වෙද මහත්තයෙකි. රසායන විද්‍යා උපාධිධාරියා සිටිය යුතු වෙද මහත්තයා යටතේ නොවේද? මෙවැනි දේ අද බොහෝ සෙයින් වෙනස් වී ඇතත් අද මුළු රටම ඉංග්‍රීසි කතාකරන ස්වල්ප දෙනෙකුන් විසින්  කොන්ට්‍රොල් කරනවා සේ මට පෙනේ.

    මේ කාරණා සළකා බලනවිට 1956 දී පංචමහා බලවේගය කියා සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කොටස් හඳුනාගත්තේ ඇයිද යන්න පැහැදිලිවේ. මේ හැමෝම ඉංග්‍රීසි කතා නොකල අයය. මේ අය ඉංග්‍රීසි කතා කල සුළු කොටස සැළකුවේ කළුසුද්දන් ලෙසය. එම සුළු කොටසේ මූලික අභිප්‍රාය වූයේ තමන්ට ලැබී ඇති වාසි රැක ගැනීමය. අඳ ගොවියාගෙන් වාසි ලබාගන්නා ඉඩම් හිමියා කෑලි කැපුවත් කොලපාට යූ එන් පී කාරයෙක් ය කියා කියන්නේ මේ වාසි නිසාය. යූ එන් පී කියන්නේ කළුසුද්දන් රජ කරණ පක්‍ෂයක් බව මෙහිදී මේ සුළු ඉඩම් හිමියන්ට වැදගත් නැත.

    සමසමාජ මාක්ස්වාදී කළුසුද්දන් කලේ කම්කරුවන් රවටා බලයේ සිටීමය. අද සිටින රණ විරුවන් හයවන බලවේගය ය. ඔවුන් ගම්වල. දුප්පත්, ගෙයක් හෝ කුඩා ඉඩම් කෑල්ලක් හෝ නැති සිංහල බෞද්ධ කෙල්ලෝ, කොල්ලෝය. යුද්ධය දිනූ පසු සාමයේ ප්‍රතිලාභ භුක්ති විඳින්නේ කොළඹ කළුසුද්දන් හා දේශපාලකයින් ය. සෙසු රටවැසියාට ලැබෙන්නේ අතෙන් වැටෙන ඉඳුල් ය. අරාබි රටවලට ගොස් පාරවල් අතුගාන, කක්කුස්සි හෝදන ලංකාවේ ගැහැණු පිරිමි මෙවැනි තවත් බලවේගයකි. නමුත් ඔවුන් ලංකාවට එවන විදේශ විනිමය වලින් ජොලි කරන්නේ ලංකාවේ අළුත් කළුසුද්දන් නොවේද? 1956 න් පසු නැති කල බලු රේස්, කාර් රේස් අද ආපසු ඇවිත් තිබන්නේ මේ කක්කුස්සි සල්ලි වල බලයෙනි.

    පෘතුගීසි කාලයේ සිටම තමන්ගේ වාසිය සඳහා යුරෝපීය විදේශිකයින්ගේ පැත්ත ගත් සිංහල කොටස එම වාසි රැක ගැනීම සඳහා සිංහල බෞද්ධයින්ට පටහැනිවන ආකාරයට ක්‍රියා කලේය. හේතුව එසේ නොකළොත් සුද්දන් ඔවුන්ව කොන් කරන නිසාය, වාසි නොදෙන නිසාය. මෙසේ ඔවුන් කළුසුද්දන් වන්නේ වක්‍රාකාරයකින් ය. ලංකාවේ අතීත වැව් වාරිමාර්‍ග බුල්ඩෝසර් කර දමන ඉංජිනේරුවන් එසේ කරන්නේ හීනමානය නිසා කළුසුද්දන් වීමෙනි. මේ අය ඉතාමත් භයානකය. යම් සයන්ස්කාරයෙක් දේව බලයක් නැතැයි කියන්නේ නොදන්නා කමට ය. දේව බලය ගැන කතාකරණ කෙනෙක් සයන්ස්කාරයින් බොරුකාරයින් යයි කියන්නේ ද නොදන්නා කමටය.

12 Responses to “කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය (6)”

  1. Senevirath Says:

    නලින් ද සිල්වා පවසන්නේ භාවනාවෙන් අධ්‍යාත්මික බල ය ලබා ඇති කිසියම් ප්‍රාණියෙක් ගැන ය, සාමාන්නයෙන් ඒ ප්‍රාණියා හඳුන්වන්නේ දෙවියන් ලෙසය. බට හිර නවීන විද්‍යාව බොරුවක් බව ඔහු කියන්නේ සත්‍යය දැනගත් විට එතෙක් දැනුම් ලෙස ගත් ” බෞද්ධ දර්ශනයද” ඇතුළු සියල්ල අවසානයේදී අත්හලයුතු බව එහි කියවෙන නිසාය යය සිතමි. ඒවා අත් හල යුත්තේ අවභොදවූ සත්‍යය හමුවේ අන් සියල්ල අසත්‍ය බැවිනි. සම්මුති සත්‍යයක් නැත. ඇත්තේ කිසියම් සම්මුතියක් පමණි . නලින් කරන්නේ බටහිර විද්‍යා පරමාධිපත්‍යයට යටවූවන් හා සටනකි
    මේ මට තේරෙන දෙයය් තවත් පැහැදිලිකිරීම් නලින් ගෙන් බලාපොරොත්තුවෙමි

  2. Nanda Says:

    “ලංකාවේ අතීත වැව් වාරිමාර්‍ග බුල්ඩෝසර් කර දමන ඉංජිනේරුවන් එසේ කරන්නේ හීනමානය නිසා කළුසුද්දන් වීමෙනි. මේ අය ඉතාමත් භයානකය.”

    -සම්පූර්ණ ඇත්ත​. මමත් ඉන්ජිනේරුවෙක්මි. පළමුවැනි රස්සාව සඳහා මහවැලියට ගිය මට අපේ පැරණි වැව් හා ඇලවල් දැක මවිතයකුත් ආඩම්බරයකුත් (සිංහළය ගැන​) ඇතිවිය​.
    එහෙත් සමහර බූරුවන්ට ඩාර්වින් බුදුහාමුදුරුවන්ට වඩා ලොකු වීරයකු ලෙස පෙනේ.
    ලංකාවේ අලුත් පාරවල් දැක්ක විට මුන්ට ඊට වැඩිය දෙයක් නැත​. මෝඩ මත්තල ගුවන් තොටුපොල මුන්ට මහමෙව්නාවට වඩා ලොකුය​. මේවා හැදුවයි කියා රාජපක්සට ඇලී ගැතිකම් කරති.ලංකාවේ පුරවැසිකම විකුණා, ඇමෙරිකානුවන් වූ මේ කලුසුද්දෝ බුදුදහමට පවා නින්දා කරමින් මෝඩයින් වී පව් සිදුකර ගනිති.

  3. Ananda-USA Says:

    Nanda,

    Now I know who you are. I am sad that you have changed so much, and forgotten so much.

  4. Nanda Says:

    Yes. I used to be a supporter of MR, a strong supporter. Now I am not, knowing who is but I have forgotten nothing still I do not have ANY political preference or interest. Yet you kept accusing me for the simple reason of telling the truth, which is my strongest value.
    I am sorry I had to be nasty too. Please do not attack Buddhism and it’s core without basis, simply because you don’t understand certain things. World is different than what your brain perceives.

  5. Senevirath Says:

    nanda knows the difference between chakreeya chinthanaya and eka rekheeya chinthanaya. even though he was a western educated engineer he knows budhdhist chathuskotikaya

  6. Senevirath Says:

    බටහිර ඉංජිනේරුවෝ මිරිසවැටිය ප්‍රතිසන්කරණය කරනවිට 3 වරක් කඩා වැටුනේය.””” මි රිස වැටිය ප්‍රතිසංස්කරණය කලාවගෙය් ””’යන දැන් විහුලු ව්‍යවහාරයකි යෝද ඇ ලේ වංගු වැඩිය කියාඑය කෙලි කලේ ද නුතන ඉන්ජිනේරුවෝය. වංගු ඉවුරක වැදී ජල කඳ නැවත pressure වී තල්ලු වී ඉදිරියට යන හැටි ඔවුහු නොදත් හ. නලින් කියන්නේ මේ වෙනස් කම් ඇතිවූ හැටි ගැනය. එහෙත් මහන්තත්තකම රැකගන්න්නට හදන බටහිර උගතුන්ට මේවා විෂය. නන්ද මේවා ගැන දන්නා අයෙකි

  7. Nanda Says:

    “වංගු ඉවුරක වැදී ජල කඳ නැවත pressure වී තල්ලු වී ඉදිරියට යන හැටි ඔවුහු නොදත් හ. ” –
    මෙය නවීන ඉංජිනේරු විද්‍යාවේ වරදක් විය නොහැක​. ඉංජිනේරු විද්‍යාව මෙතරම්ම මෝඩ නැතත්, අපේ මෝඩ පංඩිත යෝ, එසේත් නොමැතිනම් සල්ලි ගැසීමේ පරමඅර්ථයෙන් දේස පාලුවා රැවතීමට හෝ එකතුවී මෙවැනි ගොන්කම් ප්‍රචාරය කලා විය හැක.

    යෝධ ඇල හදා ඇත්තේ ඉතාම අඩු පල්ලමකටය​. මෙසේ ගොඩනැගීමට කුමන අන්දමේ ඉතා උසස් තාක්‍ෂණයක් තිබුනා දැයි හිතා ගත හැක​. මහවැලි දකුණු ඉවුර ඇල ගොඩනැගුවේ යෝධ ඇල වංගු ගසමින් අනවෂ්‍ය දුරක් යන නිසා යයි සිතූ අපේ නූතන පංඩිතයෝ එය හඩනවිට කලුගල හමුවී විශාල මුදලක් විදම් කිරීමට සිදුවිය​.
    මේවා මම අසා ඇති දේවල් ය​.

  8. Ananda-USA Says:

    Nanda,

    As a committed Buddhist myself, far from attacking Buddhism, I fight to protect it. You would know that if you had paid attention to my comments.

    However, I find it totally objectionable to wrap myself in Buddhist scripture, when I cannot defend myself in secular matters through secular arguments alone. Religion, in my view has no place in the rough-and-tumble of political and secular debates; we should avoid dragging our religions into these matters as a matter of firm Principle.

    On the changes I see in you, I was not referring to politics at all, but to the personality changes I see in an old and close friend of my vanished youth; a friend I had valued beyond measure.

  9. Senevirath Says:

    nanda knows Buddhist politics— dasaraaja dharma. it can solve human problems

  10. Nanda Says:

    Ananda,
    When you say “Buddhist scripture”, “dragging our religions ” that it self is somewhat insulting to Buddhism, because once you know it deeply it is you, inseparable truth. There is no better way of proving something taking Dhammapada Gathas or even form certain saying from Shakespeare or any other philosopher.
    I cannot go switch off form simple deep feelings associated with the words, ” අසෝඛං විරජං ඛේමං (no sadness, no clinging, fearless) or even Sathyam, Sivam, Sundaram for everyday life. Only anger I have is with the foolishness associated with doing injustice to people and manipulation – I rarely experience anger over personal issues.

    Anyway I can clearly see what is your fear ( not only you but majority of people) is and I understand it. So, let me say good bye to all ( if this is allowed by moderator).

  11. Lorenzo Says:

    Nanda,

    You should continue to comment here because your views (not fights) are NEEDED. Don’t run away in fear.

    Otherwise it is all ONE SIDED.

  12. Nanda Says:

    Will be back, if Ben Silva or the like comes back.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress