ගල් අ`ගුරු වංචාවේ ඇත්ත නැත්ත
Posted on October 28th, 2014

අපි මොණරවිල

ශී්‍ර ලංකාවට ගල් අ`ගුරු ගෙන්වීමේදී සිදුවූවා යැයි කියන දූෂණයක් නිසා ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් මිලියන 1507ක පාඩුවක් වූ බව විදුලිබල ඇමතිනිය පාර්ලිමේන්තුවේදී (23-10-2014) ප්‍රකාශ කළාය. ඒ ගල් අ`ගුරු නොසැපයීම නිසාවෙන්, බාල ගල් අ`ගුරු දහනය කිරීම නිසාවෙන්. ඒ සඳහා වූ අතිරේක බලශක්තිය තෙල් බලාගාර වෙතින් ලබා ගැනීම නිසාවෙන් ආදී ලෙසය.

පුත්තලම ගල් අ`ගුරු බලාගාරයට ගල් අ`ගුරු සපයන්නේ ලංකා කෝල් සමාගම (LCC)  විසිනි. ඔවුන් ගල් අ`ගුරු ප්‍රසම්පාදනය සඳහා නොඛෙල් (Nobel Resources Ltd.)- සමාගම සමගද, ගල් අ`ගුරු ප්‍රවාහනය සඳහා රාජ්‍ය නැව් සංස්ථාව සමගද ගිවිසුම්ගත වී සිටිති. (2010 සිට) ලංකා කෝල් සමාගමේ අයිතිය ලංකා විදුලි බල මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය, නැව් සංස්ථාව හා වරාය අධිකාරිය විසින් උසුලනු ලැබේ.

පළමු ගල් අ`ගුරු ටෙන්ඩරය නොඛෙල් සමාගමට ලබාදුන් කි්‍රයාවලිය (2009) ඉතාම ප්‍රශ්නකාරීය. ඉන්පසු අවස්ථා දෙකකදී (2012, 2014) ගල් අ`ගුරු ප්‍රසම්පාදනය සඳහා විවෘත ටෙන්ඩර් කි්‍රයාවලිය සැලසුම් සහගත ලෙස කඩාකප්පල් කරන ලද අතර, කිසිදු ටෙන්ඩරයකින් තොරව 2012 සිට මේ දක්වා නොඛෙල් සමාගම ගල් අ`ගුරු සපයයි. 2009 දී ටොන් 650,000 ක්වූ එම සැපයුම 2014 දී ටොන් 20,000,000 දක්වා කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව සිදුකරගෙන යනු ලබයි.

විදුලි බලය, ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍ය යටිතල පහසු කමකි. එබැවින් ඔරොත්තු දෙන මිළකට, අවශ්‍ය ප්‍රමාණයට හා නිසි ප්‍රමිතියට විදුලිය සැපයීම රජයේ අනිවාර්යය වගකීමකි. ඒ සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් සකස් කර ඇති දිගුකාලීන ජනන සැලසුම් මඟින් ශ්‍රී ලංකාවේ වැඩිවන විදුලි ඉල්ලූම සපුරාලීම පිණිස මෙගාවොට් 3000 කට අධික ගල්අඟ=රු බලාගාර ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත. ඊට අනුරූපව දැනටමත් ජාතික පද්ධතියට පුත්තලමේ දී මෙගාවොට් 900 ක් විදුලිය සැපයීම සඳහා ගල්අඟ=රු බලාගාර ඉදිකර ඇති අතර තවත් මෙගාවොට් 500 ක ගල් අඟ=රු බලාගාරයක් ත්‍රිකුණාමලයේ ස්ථාපිත කිරීමට ද රජය අනුමැතිය දී ඇත. මෙලෙස ඉදිකර ඇති හා ඉදිකිරීමට සැලසුම් කර ඇති සියළු බලාගාරයන් වලින් අවම වශයෙන් වසර 30කට වඩා කාලයක් ජාතික පද්ධතියට විදුලිය සැපයිය යුතුව ඇත.

පුත්තලම පළමු අදියරේ මෙගාවොට් 300 සඳහා ටෙන්ඩර් කැඳවා ගල් අඟ=රු මිළදී ගැනීමේ සිට මේ දක්වා සිදුවූ සියළු ක්‍රියාකාරකම් අවුල් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කළේ 2009 වසරේ සිටය.

පළමුවෙන්ම 2009 දී පළමු අදියර සඳහා මිළ ගණන් කැඳවීමේ දී අමාත්‍යාංශ ලේකම්වරයා හිතාමතා අවුලක් සිදු කලේය. එම අවස්ථාවේ දී ටෙන්ඩර් ඇගයීම සඳහා තාක්ෂණික කමිටුව භාවිතා කළ සූත්‍රය අනුව එම කමිටුව දැනුම් දුන්නේ රටට වඩාත්ම වාසිදායක ලංසුව ඉදිරිපත් කළේ හෝල්සිම් සමාගම බවයි. එහෙත් එම ඇගයීමේ සූත්‍රය තමන්ට රිසි පරිදි වෙනස් කළ ටෙන්ඩර් පටිපාටි අමු අමුවේ උල්ලංඝනය කරමින් වැඩි මිළ ගණනක් ඉදිරිපත් කර නොඛෙල් සමාගම සමඟ පමණක් කේවල් කර එම සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කෙරිණි.

ඉන් පසු මේ වනතෙක් දෙවතාවක් ගල් අඟ=රු ලබාගැනීම සඳහා ටෙන්ඩර් කැඳවූ නමුත් (2012, 2014) හිතා මතාම එම පටිපාටිය අවුල කර දිගින් දිගටම නොඛෙල් සමාගමෙන් පළමු අදියරේ මෙගාවොට් 300 සඳහා පමණක් නොව අළුත් මෙගාවොට් 300 බැගින් වූ බලාගාර දෙක සඳහා ද ගල් අඟරු මිළ දී ගැනීමට කටයුතු කෙරිණි. දෙවන වතාවේ මිළ ගණන් කැඳවූ විට දී සුදුසුකම් ලැබූ සමාගම් අතරින් ගල් අඟ=රු සැපයීම සඳහා වැඩිම මිළ ගණනක් ඉල්ලා සිටියේ නොඛෙල් සමාගමයි. එහෙත් අවසානයේ දී නොඛෙල් සමාගමෙන්ම ගල් අඟ=රු මිළ දී ගැනීමට පියවර ගැණිනි.

එනම් 2012 සිට මේ වනතෙක් ගල් අඟ=රු මිළ දී ගන්නේ කිසිදු විනිවිද පෙනෙන ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කිරීමකින් තොරව වංචනික ලෙස වැඩි මිළකටය. එම අවස්ථාවේ දී කැබිනට් නිරීක්ෂණයක් මඟින් මෙම වංචනික උපක්‍රම හෙලිදරව් වූ නමුත් අමාත්‍ය මණ්ඩලය ගත් තීරණ පවා නොඛෙල් සමාගමට වාසි සහගත ලෙස වෙනස් කර වාර්තා කර තිබිණි. අමාත්‍ය මණ්ඩලය නොගත් තීරණ පවා වාර්තාවට ඇතුළත් කර තිබූ බව ලිඛිතව ම අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබූ අතර, එය පවා නොසලකා හැර තිබිණි.

තුන්වන වතාවේ ටෙන්ඩර් කැඳවූ විට ලංසු ඉදිරිපත් කළ සමාගම් හයෙන් පහක් ම මූලික සුදුසුකම් සපුරා නැති බව දක්වා ඇති විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, සිය නිර්දේශයේ සඳහන් කර තිබූයේ මෙතෙක් ගල් අඟ=රු සැපයු නොඛෙල් සමාගම ද ටෙන්ඩරය සඳහා මූලික සුදුසුකම් සපුරා නැති බවයි. එමඟින් එම සමාගම ඉදිරිපත් කළ මිළ ගණන් විවෘත කිරීම ද වැලැක්විණි. (2014)

නොඛෙල් සමාගම ගල් අඟ=රු සැපයීම සඳහා මූලික සුදුසුකම් වත් සපුරා නැතැයි පවසන නිලධාරීන් ඉන්පසු නොඛෙල් සමාගමෙන් තවදුරටත් ගල් අඟ=රු මිළ දී ගැනීමට අනුමැතිය ඉල්ලා සිටියේය. මෙය කිසිසේත් සිදු නොකළ යත්තකි. එමෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ගල් අඟ=රු වල මිළ වෙනස් වන ආකාරය තීරණය කිරීම සඳහා වැරදි දර්ශකයක් භාවිතා කිරීම නිසා ද ලංකා විදුලි බල මණ්ඩලයට වැඩි මිළට නොඛෙල් සමාගමෙන් ගල් අඟ=රු මිළ දී ගැනීමට සිදුවී ඇත. මේ බව දෙවන වර ටෙන්ඩර් විවෘත කළ විට අනාවරණය විය. නොඛෙල් සමාගම පළමු මෙගාවොට් 300 සඳහා ඒ වනවිට විදුලිබල මණ්ඩලයට ගල් අඟ=රු සපයමින් සිටියේ (ටොන් 1ක් ඩොලර් 144යි) තමන් දෙවන වර ඉදිරිපත් කළ මිළට ද (ටොන් 1ක් ඩොලර් 126යි) වඩා වැඩි මිළකටය.

මේ සියල්ල සලකා බැලීමේ දී 2015 වන විට ලංකා විදුලි බල මණ්ඩලයට ගල් අඟ=රු මිළ දී ගැනීම මඟින් සිදුවන පාඩුව රු මිලියන 6100 ක් එනම් රු කෝටි 610ක් පමණ විය හැක. එමෙන්ම මෙම තත්වය දිගටම පවත්වාගෙන ගිය හොත් වසරකට විදුලි බල මණ්ඩලයට සිදුවන පාඩුව රු මිලියන 3500 ක් පමණ විය හැක.

දෙවනුව, බාල ගල් අ`ගුරු ගෙන්වීමෙන් සිදුවූයේ යැයි කියන වංචාව විමසා බලමු. සාමාන්‍යයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ජනන අංශය විසින් දෙනු ලබන අනුපිළිවෙලකට අනුව ගල් අ`ගුරු ගෙනඒම වසරක සැප්තැම්බර් 14 සිට අප්‍රේල් 14 දක්වා සිදුවේ. මේ කාලය තෝරාගෙන ඇත්තේ නිරිතදිග අන්තර් මෝසම් හා මෝසම් වර්ෂාව (අප්‍රේල් 14 – සැප්තැම්බර් 14) පවතින කාලයේ පුත්තලම ගල් අ`ගුරු බලාගාරය සඳහා ගල් අ`ගුරු ගොඩබෑම කළ නොහැකි නිසාය. එයට හේතුව මුහුද රළු වීම නිසා සාගරය මැද සිට බත්තල් මගින් ගල් අ`ගුරු ජැටිය වෙත ගෙනඒමට නොහැකි වීමයි. මෙය පුත්තලමේ ගල් අ`ගුරු බලාගාරයක් තැනීමට ගත් තීරණයේ සිට එන තාක්ෂණික ප්‍රශ්ණයකි. මේ අනුව අනාගතයේදී මෙගා වොට් 900 ක බලාගාරයක් සඳහා ගල් අ`ගුරු ටොන් මිලියන 2-2.5ත් අතර වාර්ෂිකව මාස 6ක් ඇතුළත සැපයීම අතිශය අභියෝගකාරී කි්‍රයාවක් වනු ඇත.

2012 වර්ෂයේදී අධික නියං තත්වයක් පැවති හෙයින් පුත්තලම බලාගාරය (පළමු පියවර මෙගා වොට් 300ක්) පවත්වා ගැනීම අඛණ්ඩ විදුලි සැපයුමට :24ං7- අත්‍යාවශ්‍ය විය.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් අනුමත නොකරන ලද කාලයකදී නැව් ගමන් දෙකක් (16, 17) සිදුවිය. ඒ 2012 මැයි 01 හා මැයි 03 දාය.

නැව් ගමන් 16 ගල් අ`ගුරු ටොන් 69,350ක් තිබූ නමුත් මුහුද රළුවීම නිසා ගොඩබාගත හැකි වූයේ ටොන් 46,776ක් පමණි. ටොන් 22,554ක් ගොඩබාගත නොහැකි විය.

නැව් ගමන් 17 ගල් අ`ගුරු ටොන් 73,000 ක් තිබූ නමුත් මුහුද රළුවීම නිසා ගොඩබාගත හැකි වූයේ ටොන් 9,663ක් පමණි. ටොන් 63,337 ක් මේ අනුව ගොඩබෑමට නොහැකි විය.

මේ අනුව ලංකා කෝල් සමාගම ටොන් 85,891ක් වටිනා ගල් අ`ගුරු අදාල පිරිවිතරයන්ට අනුකූලව ලංවිමට සැපයීමට බැඳී සිටියේය. මන්ද ඉහත කී 16, 17 ගල් අ`ගුරු තොග දෙක සඳහාම ණයවර (LC) – හරහා ලංවිම මුදල් ගෙවා තිබූ හෙයිනි.

කෙසේ වෙතත්, 2012 ජූලි 04 දා ලංකා කෝල් සමාගමේ සභාපතිවරයා, ලංකා නැව් සංස්ථාව සමග එක`ගතාවයකට පැමිණියේය. එය නම්, ලංකා නැව් සමාගම ඉහත කී ගොඩ නොබාන ලද ගල් අ`ගුරු තොග තුන්වැනි පාර්ශ්වයකට විකුණා පසුව එයට සමාන ගල් අ`ගුරු තොග ලංවිමට සැපයීමටත් තවත් අමතර ගල් අ`ගුරු තොග තුනක් (ටොන් 65,000 ං 3) ලබා ගැනීමටත් එක`ග වීමය. ඒ සඳහා වරාය හා නාවුක කටයුතු අමාත්‍යාංශයට අයත් රාජ්‍ය නැව් සංස්ථාව ටෝරියන් නම් සමාගමක් සමග ගිවිසුමකට (Back to Back Agreement)  එළැඹී තිබිණි. මේ තීන්දුවට ලංවිම නියෝජනය කළ ලංකා කෝල් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනා එක`ග වූයේ නැත. එය ලංකා කෝල් සභාපතිවරයා ඇමතිවරයාට දැනුම් නොදුන් අතර අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතියට ලිපියක් යවන ලදී.

මේ අතර නව ගල් අ`ගුරු ප්‍රසම්පාදන ටෙන්ඩරය (2012-15) සඳහා අයදුම්පත් කැඳවා ඒවා තාක්ෂණික ඇගැයීමකට ලක් කරමින් තිබිණ.

ලංකා නැව් සමාගම නොවැම්බර් 06 වැනිදා 18 වැනි ගල් අ`ගුරු තොගය (ටොන් 55,995) සහ නොවැම්බර් 14 දා සිය 19 වැනි ගල් අ`ගුරු තොගය (ටොන් 32,827) ගෙන ආවේය. ඒ ටෝරියන් සමාගමෙනි. 18 වැනි ගල් අ`ගුරු තොගයේ ගුණාත්මක තත්වයන් පරීක්ෂාකර මිල ගණන් සැකසීමෙන් පසු තවත් ගල් අ`ගුරු ටොන් 29,896ක අඩුවක් පැවතිනි. මේ නිසා ලංවිම ස්ථාවරය වූයේ 19 වැනි ගල් අ`ගුරු තොගය සඳහා ණයවර ලිපියට ගෙවිය නොහැකි බවයි. මන්ද, 16,17 ගල් අ`ගුරු තොගවලදී එය කලින්ම ගෙවා තිබුණු හෙයිනි. එහි වටිනාකම මිලියන 460ක් විය. 2012 දෙසැම්බර් 22දා 20 වැනි ගල් අ`ගුරු තොගයද (ටොන් 55,111) ගෙන ආ අතර, අවසාන වශයෙන් ගුණාත්මක තත්වයන් පරීක්ෂා කර බලා වටිනාකම සකසනු ලැබීය. නැව් සංස්ථාව විසින් ටෝරියන් වෙතින් මිලදී ගන්නට බලාපොරොත්තු වූ සෙසු ගල් අ`ගුරු තොග දෙක ගෙන්වීම ඇමතිවරයාගේ නියෝගයෙන් අත්හිටවිනි.

මෙලෙස 2012 ජූලි – දෙසැම්බර් අතර මේ ගල් අ`ගුරු තොග තුන (අංක 18,19,20) පිළිබඳ කතිකාව යන අතරේ සිදුවීම් දෙකක් සිදුවිය.

ලංකා කෝල් සමාගම තම අනුමැතිය නොගෙන රාජ්‍ය නැව් සංස්ථාවට හා ටෝරියන් සමාගමේ අනු ගිවිසුමකට අනුව ගල් අ`ගුරු තොග 05ක් ගෙනඒම පිළිබඳව ලංවිම සභාපතිවරයා හා උප සභාපතිවරයා ඇමතිවරයාට පැමිණිලි කරන ලදී. ඒ අනුව දැනට ගෙන එමින් හා ගෙනැවිත් තිබූ ටෝරියන් සමාගමට අයත් ගල් අ`ගුරු තොග ගොඩබෑම හෝ ඒවා සඳහා මුදල් ගෙවීම නතර කරන ලෙස ඇමතිවරයා නියෝගයක් දෙන ලදී. (2012-12-03), මේ පිළිබඳව අමාත්‍යාංශය නීතිපතිවරයාගේ මතය විමසන ලදුව, නීතිපතිවරයා දැනුම් දුන්නේ ගල් අ`ගුරු තොග ප්‍රතික්ෂේප කළ නොහැකි බවත්, ඒවා ගොඩබා ඒවායේ ප්‍රමිතිය සලකා බලා කටයුතු කරන ලෙසත්ය. (2012-12-21) ඉහත කී අතිරේක ගල් අ`ගුරු තොග ගොඩබාන ලද්දේ ඒ අනුවය. කෙසේ වෙතත් නොසපයන ලද ගල් අ`ගුරු ටොන් 29,896 ට අදාල නැව් තොග 19 සඳහා මුදල් නොගෙවන ලෙස ඇමතිවරයා කළ නියෝගය එලෙසම පැවතිනි.

දෙවැනි සිදුවීම නම් ගල් අ`ගුරු තොග ලංකාවට පැමිණීමටත් පෙර (18,19) ඒවායේ ගල් අ`ගුරු බාල වර්ගයේ ඒවා බවට ලීඩර් පුවත්පත වාර්තා කිරීමය. මේ අනුව, ගල් අ`ගුරු තොගවල විද්‍යාත්මක වාර්තා ලංකාවේදී පරීක්ෂා කරන ලදී. එකී වාර්තා පිළිගැනීමට අදාල සමාගම් සූදානම් නොවූ හෙයින් තුන්වැනි විද්‍යාගාරයකින් ද වාර්තා ලබා ගන්නා ලදී. එකී තුන්වැනි වාර්තාව පදනම් කරගෙන ගල් අ`ගුරු වල ප්‍රමිතිය හා වියදම ඇස්තමේන්තු කරන ලදී. එයින් ඇතිවූ දෝෂ පවතී නම් ඉදිරි ගල් අ`ගුරු තොග වලින් ඒවා ප්‍රතිපූර්ණය කරගැනීමට තීරණය කරන ලදී.

මේ අතර, තමන් ගෙන ආ ගල් අ`ගුරු තොග බාල බවට චෝදනා කරන්නේ දෙවැනි ගල් අ`ගුරු ටෙන්ඩරයෙන් තමන් අසමත් කිරීමට බව ටෝරියන් සමාගම ප්‍රකාශ කළේය.

දෙවැනි ටෙන්ඩරයේ ටෝරියන් සමාගම ගල් අ`ගුරු ටොන් එකක් ඩොලර් 108 කට මිල කර තිබු අතර, නොඛෙල් සමාගම එය ඩොලර් 126 කට මිල කර තිබිණි. ඒ වනවිට නොඛෙල් සමාගම ගල් අ`ගුරු සැපයුවේ ඩොලර් 144 කටය. එමෙන්ම ඉහත කී මාධ්‍ය වාර්තාකරු (ෂවුකට් අලි) හා ගල් අ`ගුරු ගෙන එන ව්‍යාපාරිකයන්, කැසිනෝ ජාවාරම් කරුවන් අතර සබැ`දියාව ද වාර්තා වී තිබිණි.

19 වැනි නැව් තොගයට මිල ගෙවන ලෙසත්, නැතිනම් ගල් අ`ගුරු සැපයීමට තමනට නොහැකි වන බවටත් ලංකා කෝල් සභාපතිවරයා අනතුරු අගවා තිබිණි (2012-11-05). ඔහුගේ වගකීම් විරහිත ක්‍රියාවලියත්, අතිරේක ගල් අ`ගුරු තොග ගෙනඒමේ දුෂිත ක්‍රියාදාමයත් නිසා, මේ පිළිබ`ද විධිමත් පරික්ෂණයක් අවශ්‍ය විය. ඒ ස`දහා ඔහුව ධුරයෙන් ඉවත් කර (2013-01-21), නව සභාපතිවරයෙක් පත්කර, ඒ පිළිබ`ද විමර්ශනය ආරම්භ කෙරිණි. (2013-01-24) ඒ අතර ඇමතිවරයාගේ ධුරය වෙනස් කෙරිණි. (2013-01-29)

ඉන්පසු ඉවත් කරනු ලැබු ලංකා කෝල් සභාපතිවරයා ලංවිම උප සභාපති ලෙස නව පරිපාලනය විසින් පත් කරනු ලැබීය. එමෙන්ම 2013 මැයි මස ගන්නා ලද තීන්දුවකට අනුව කලින් ඇමතිවරයා තහනම් කළ ණයවර ලිපියට ආදළ මුදල ගෙවන ලදී. (මිලියන 460), එමෙන්ම, නව ලංකා කෝල් සභාපතිවරයා ඉතුරු ගල් අ`ගුරු තොග සපයන බවට පොරොන්දුවක් ද ලබාදෙන ලදී. (2013 මැයි 13 ලිපිය) පසුව එකී ගල් අ`ගුරු තොගය සපයනු නොලැබීය. මේ අනුව ගල් අ`ගුරු තොග නොසැපයීම සිදුකර ඇත්තේ ලංකා නැව් සමාගම හා ටෝරියන් වන අතර ඔවුනට ඒ ස`දහා ලංකා කෝල් සමාගමේ හිටපු සභාපතිවරයාගේ සෘජු උපකාරය ලැබී ඇත. ලංවිමට සිදුවු මිලියන 460 ක පාඩුව සිදුවුයේ ඒ අනුව නව පරිපාලනය කාලයේය.

තත්වයෙන් අඩු ගල් අ`ගුරුවලින් සිදුවු පාඩුව ගණනය කර ඇත්තේ බලාගාරය මුළු දිනය පුරාම මෙගා වොට් 300 සපයන බව උපකල්පනය කරමින් හා අතිරේක බලය ඩීසල්වලින් ලබාගත් බව උපකල්පනය කරමිනි.

පුත්තලම බලාගාරය සතු උපරිම ධාරිතාව මෙගා වොට් 285 වේ. එය එම උපරිම ධාරිතාවෙන් දුවන්නේ දිනකට පැය 03-04 ක් පමණි. (රාත්‍රී 6.30-10.30) ඉතිරිය අඩු ජවයකින් දුවන අතර, මේ නිසා වසරකට මිලියන 1700-2500 අතර පාඩුවක් සිදුවන බව හිටපු ඇමතිවරයා මොරටුව විශ්ව විද්‍යාලය මගින් කළ අධ්‍යයනකින් පෙන්වා දී ඇත.

එමෙන්ම සම්ප්‍රේෂණ මාර්ගයේ ධාරිතාව අඩු නිසා අද ද මෙගා වොට් 900ක බලය වේයන්ගොඩට ගෙන ආ නොහැක. මේ නිසා සිදුවන පාඩුව මිලියන 3000 කට ආසන්නය.

එමෙන්ම යන්ත්‍රය අඩපණවීම නිසා 2011 වසරේදි පමණක් සිදුවු පාඩුව මිලය 15,000කට අධිකය.

2012 සිට විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව ගල් අ`ගුරු සැපයීම නිසා සිදුව ඇති පාඩුව මිලියන 6000 කට අධිකය.

මේ නිසා මේ සියළු කරුණු පිළිබ`දව විධිමත් විමර්ශණයක් කර වගකිවයුතු සියළු දෙනාට දඩුවම් ලබාදීම වහාම සිදුකළ යුතුය.

4 Responses to “ගල් අ`ගුරු වංචාවේ ඇත්ත නැත්ත”

  1. Christie Says:

    What I have read id that there were only two submitted tenders to supply coal. One was Holcim Lanka that is owned by Holcim of Holland. This mob has some connections with Abujas or some Indian co and they already import coal for their cement factory . Then the other one is owned by a Sinhalese Casino man who won the tender to supply coal and you can see why the Leader News paper is farting. Supply of coal was from Indonesia and quality control should have been with the Government Co established to supply coal to the power stations. It is a mess and the responsibility is firstly with the ministry administration and secondly with the Minister in charge. We should make the required enquiries and get tings done correctly in the future.

  2. callistus Says:

    I thought the minister in charge is the one who makes decisions in the ministry. How come Champika gets away from this mess Eh?. He has sacked a person responsible, but firstly he should sack himself.

  3. NAK Says:

    At the rate these people are sucking, hope they’ll at least spare our bones!

  4. aloy Says:

    Perhaps we have to pay the highest electricity tariffs in the whole of Asia due to cheating by high officials. SF was sent to Welikada for presiding a tender board meeting and awarding a contract for some batteries from which GOSL did not incur a loss. Where can these robbers be dumped for awarding billions worth of contracts without calling for tenders?.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress