කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය (9)
Posted on November 19th, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

සිවුරු පොරවා ගත් කළුසුද්දෝ

    විමල් වීරවංශ විසින් සංවිධානය කල ජාතික සංවිධාන එකමුතුවට ආරාධනය කර සිටි කිරම විමලජෝති නාහිමියන් කළු සුද්දා කියන්නේ කවුද යන්න ගැන අදහසක් ප්‍රකාශ කර තිබේ (මොන චේතනාවෙන් ඔහු කිරම හාමුදුරුවන්ට ආරාධනා කලාදැයි සිතාගැනීම අපහසුය). මෙය මා දුටුවේ විමල් වීරවංශගේ යයි කියන ලංකාසීනිව්ස් නම් වෙබ් අඩවියේ නොවැම්බර් 18 දාය. උන්වහන්සේ කියන්නේ රටට, සිංහල ජාතියට, සම්බුද්ධ ශාසනයට, බෞද්ධ සංස්කෘතිය ඇතුළු අපේ වාරි සංස්කෘතියට වින කරන පිරිස් හා ආදරය නොකරන පිරිස් කළුසුද්දන් බවය. කළුසුද්දන් සිංහල කෑම බීම වලටත් අකමැති ය. කළුසුද්දන් හා සුද්දන් කියන දේ නොසා යුද්ධය නිමකල නිසා මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ඊට කලින් සිටි අය මෙන් කළුසුද්දෙක් නොවූ බවද උන්වහන්සේ කියයි. ජේෂ්ඨ හාමුදුරුනමක් වශයෙන් වගකීමකින් යුතුව උන්වහන්සේ කියන්නේ දැන් සිවුරු පොරවා ගත් කළුසුද්දන් පිරිසක් ද සිටිනා බවය. කළුසුද්දන්ගේ සම්භවය ගැන විමසමිබ් සිටිනා මට මෙම අදහස් ඉතාමත් ප්‍රයෝජනවත් වේ.

    බොදු බල සේනාවේ සභාපතිවන උන්වහන්සේ මෙම එකමුතුවට සහභාගීවීමම සිංහල බෞද්ධ භික්‍ෂුවගේ නම්‍යතාවය හා මානසික නිදහස පිළිඹිඹු කරලයි. මහින්ද රාජපක්‍ෂ විසින් සිංහල බෞද්ධයාව දමා ඇති අසීරු ස්ථානයද ඉන් පෙනී යයි. පල්ලියකට යාමට කිසි චකිතයක් නැති හාමුදුරුවරුන්ට තමන් සුළුවශයෙන් හෝ එකඟ වන රැස්වීමකට යාම ප්‍රශ්ණයක් නොවේ. කිරි නිසා අහක දාන්නත් බැහැ, උනු නිසා බොන්නත් බැහැ කියනවා වගේය. එසේ නැත්නම් දැන් මහල්ලෙක්ව සිටින ජේ ආර් පී සූරියප්පෙරුම විසින් ජේ ආර් ව කාක බෝධියකට සමාන කලා වගේය. කාක්කන්ගේ වර්‌චස් වලින් පැලවුනත් එය බෝ පැලයක් නිසා ඔහේ වැවෙන්නට අරිනවා මිස එය කපා දමන්නට කමැති නැති කමය. මෙම හාමුදුරුවන් මෙසේ සහභාගිවීම සැලකිය යුත්තේ සිංහල බෞද්ධයින්ට වෙනස්කම් කරමින් සිටින මහින්දට එම පාර වෙනස් කර ගැනීමට තාමත් ඉඩ ඇතිබව පෙන්වන සංඥාවක් ලෙස සැලකිය හැකිය.

    විමලජෝති හාමුදුරුවන්ගේ අදහස්, නොවැම්බර් 18 දා කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ, “ජනාධිපති තනතුර අනතුරේ” යනුවෙන් රජිව විජේසිංහ ලියූ ලිපි පෙලේ 26 වෙනි කොටසේ දැක්වෙන අදහස් සමඟ සසඳා බලන විට යම් පුද්ගලයෙකුගේ සමස්ත ක්‍රියා පිලිවෙලම මිස එක් ක්‍රියාවක් මත ඔහු කළුසුද්දෙක්ද නැද්ද කියා තීරණය කිරීම නුසුදුසු බව පෙනේ. එපමණක් නොව ඒ ක්‍රියාවේ අවසාන ප්‍රතිපලය කුමක්ද කියාත් සලකා බැලිය යුතුව ඇත. නොෙසේ නම් අප අපවම මුලා කර ගන්නවා සේ ය. විශේෂයෙන්ම “බ්ලැක්වයිට්ස් ආ නොට් දේ බිකම්,” නොහොත් එය ක්‍රියාවලියක ප්‍රතිපලයක් නිසා අප ලේබල් දීමේ හා නොදීමේදී ප්‍රවේශම් විය යුතුය.

    මා රජිව කළුසුද්දෙක් කියා සලකන්නේ ඔහුගේ ආගම හෝ ඔහුගේ නෑ පරපුර නිසා හෝ නොවේ. ඔහු එක්සත් ලංකා කාරයෙක් නිසාය. අනිත් ප්‍රබල කළුසුද්දාවන දයාන් ජයතිලක ආගමෙන්, මාක්ස්වාදයෙන් හා රෝසි සේනානායක මෙන් ලංකාවේ සිංහල බෞදධ පදනම විනාශකල යුතුය කියන හා 13-ඒ ප්ල්ස් ප්ල්ස් කාරයෙකු වශයෙන් ප්‍රසිද්ධය. රජීව මහින්ද ගැන කලකිරී ඇත්තේ මහින්ද 13- ඒ ප්ල්ස් කාරයෙක් වශයෙන් කර ඇති වැඩ කොටස මදි නිසාය. මෙහිදී විමලජෝති හාමුදුරුවන්ට මුහුණ දීමට වන ගැටළුව නම් මහින්ද 13-ඒ ප්ල්ස් කාරයෙක් නොවුනත්, නිකම්ම 13-ඒ කාරයෙක් පමණක් වුවත් ඔහු කළුසුද්දෙක් නොවන්නේද යන්නය. ඔහු දැන් වචනයේ පරිසමාප්ත අර්‌ථයෙන්ම බහු ජාතික, සර්‍වාගමික පූට්ටු කාරයෙක් නම් යුද්ධය නිමාවූවාට පසුව ඔහු විශාල පරිවර්තනයකට හසුවීලා නොවේද?

    පෝප් ලා ආසියාව ක්‍රිස්තියානි කරන්නට ක්‍රියාකරන්නේ එය ඔවුන්ගේ දෙවියන්ගේ නියමයක්, රාජකාරියක් නිසාය. පෘතුගීසීන් ආවේ ද මේ කාර්යය පිනිසම, කඩුව, බයිබලය හා බෝතලය (විස්කි-අරක්කු) අරගෙනය. එසේ නම් බෞද්ධ ජනාධිපති කෙනෙකුට හුදෙක් තමන්ට යම් පුද්ගලික චන්ද වාසි බලාගෙන වත් පෝප්ගේ පාදය ලඟට ගොස් ලංකාවට එන ලෙස ආයාචනා කල හැකිද? මීට අමතරව, දුගී මුස්ලිම් ජනයාට මක්කමට යන්නට අරමුදල් සපයනවාය කියා විහිළුවටවත් කියන්නට පුළුවන්ද?

    මේ නිසා විමලජෝති හාමුඩුරුවන්ගේ කළුසුද්දා නිර්‍වචනය පොදුවේ නිවැරදි වුවත්, එය යම් පුද්ගලයෙකුට යෙදවීමේදී සබ්ජෙක්ටිව් නොව ඔබ්ජෙක්ටිව් මනසකින් කිරා බැලිය යුතු සේ පෙනේ. මහින්ද මහසෙන් හා සමාන කරන්නේ ඔහු කළුසුද්දෙක් වී ඇති නිසා නොවේද?

    සිවුරු පොරවා ගත් කළුසුද්දන් යන අදහස හාමුදුරුනමක් විසින්ම පෙන්වාදීම කදිමය. පල්ලි හා මුස්ලිම් නිකායවල් ඊට අයත් ය. දිගු කාලීන සැලැස්මක් යටතේ ක්‍රිස්තියානි පුද්ගලයින් මහණ කරවා අවුරුදු 20 කට පමණ පසුව විහාරාධිපති කෙනෙක්ව පන්සල විනාශ කරන්නට පුළුවන. වටරැක විජිත එසේ මහණවූ කෙනෙක්ද කියා ප්‍රශ්ණයක් ඇත්තේ මේ නිසාය. යම් හාමුදුරුකෙනෙක් 13-ඒ එකට පක්‍ෂ නම් ඒ තැනැත්තා කළුසුද්දෙක් නොවේද? ලංකාවේ සෑම හාමුදුරුනමක්ම තමන්ගෙන් මේ ප්‍රශ්ණය අසා ඒ ගැන විශ්ලේෂණයක් කරගත යුතුය කියා මම සිතමි. රතන හා සෝභිත හාමුදුරුවරුන් දෙනමද මේ ගැන ආවර්‍ජනය කලහොත් යෙහෙකි.

    13-ඒ අහෝසි කරන්නට එකඟවනවා නම් කරු ජයසූරියට මහින්ද රාජපක්‍ෂව පරද්දන්නට ඉඩ ඇති බවක් දයාන් ජයතිලකද කියමින් සිටී. ඔහු කුල භේද කතාවක් ගේන්නේ සජිත් ප්‍රේමදාසට ඔහුගේ ඇති කෑදර කම නිසාත්, රනිල් ඔහුව ගනන් නොගන්නා නිසාත් ය කියා මට සිතේ. යූ ඇන් පී එකට 13-ඒ අතහැරීම දුෂ්කර කාර්යයක් නොවේ. 13-ඒ නැතිකිරීම කියන්නේ දෙමල ජනයා අතරමං කිරීමක් නොවේ. ඉන් කරන්නේ බොරුකාර දෙමල බෙදුම් කාර නායකයින් වෙනුවට කෙලින්ම ජන සභා මඟින් දෙමල ජනයාට බලය සෑහෙන ප්‍රමාණයක් පවරා දීමය.

    මෙසේ 13-ඒ අහොසි කිරීම චන්ද වේදිකාව කරගෙන කරු ජයසූරිය ආවොත් ඔහුට පරණ යූ එන් පී හා ශ්‍රී ලංකා පිරිසත්, ජාතික හෙළ උරුමයත්, ජේ වී පී එකත්, සරත් ෆොන්සේකාත්, දිනේෂ් ගුණවර්‍ධන නැතත් ඔහුගේ පාක්‍ෂිකයින් බොහෝ දෙනාත්, මේ සියල්ලම සමඟ බොදු බල සේනාවත් සහයෝගය දෙනවා නිසැකය. එවිට විමල් වීරවංශ පුදුම අමාරුවක වැටෙනවා ඇත. කරු ජයසූරිය යූ එන් පී කඩාගෙන ඇවිත් මහින්ද රාජපක්‍ෂට සහාය දුන්නේ යුද්ධය දිනා ගන්නටය. මේ නිසා ඔහුද ගෝඨාභය හා සරත් ෆොන්සේකා මෙන්ම යුද වීරයෙකි. ඔහු සමඟ ආ 14 දෙනෙක්ම ඇමති ධූර ලෝභයෙන් නැවතුනත් කරු ජයසූරිය තනියෙන් ආපසු ගියේය. එය නම්බුකාර වැඩකි. මහින්ද රාජපක්‍ෂව විශ්‍රාම යැවීමට හොඳම ක්‍රියාව 13-ඒ නැතිකිරීමට ජන වරමක් ලබා ගැනීමය. සිංහල බෞධයා එය ලබා දෙනු නිසැකය. කරු ජයසූරිය දිනූවිට ගෝඨාභයවද ආණ්ඩුවට බඳවා ගන්නා බව චන්ද රැස්වීම් වලදී දැනුම් දිය හැකිය. රනිල්ව අගමැති කල හැකිය.

4 Responses to “කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය (9)”

  1. Hiranthe Says:

    Karu Jayasuriya is not a true patriot. He can be easily bought by the West and LieTTE. Sri Lanka can not trust him at this crucial moment. If he wins, he will send our Rana Wiruwo’s including MR and GR to Hague!!

  2. Independent Says:

    I don’t know how the writer prefers Karu Jayasuriya. He should be a Kalu Suddah according to the writer’s definition.

  3. Christie Says:

    Kalu Sddas or Sudu Suddas are not the problem. Suddas never colonized us. It was and is the Indian colonial parasites who caused us the problems and still cause problems. Tamils are Indians who arrived here under the British guns. So let us unite and stand up against the Indian imperialism and colonialism.

  4. Christie Says:

    13A was imposed on us by Indians not by Kalu suddas or Sudu Suddas.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress