මෛත‍්‍රීපාල කැඳයෙක්.. ආව උන් පෙන්දෝ.. ගේනවා කිවු 40 කෝ.. උඹ මාව කෑවා – රනිල් චන්ද්‍රිකාට බැණ වදී -හෙට අයවැය පරද්දනවා.. එහෙම නොකලොත් මගේ තාත්තා බණ්ඩාරනායක නොවෙයි..චන්ද්‍රිකා
Posted on November 23rd, 2014

lanka C news

හෙට අයවැය පරද්දනවා.. එහෙම නොකලොත් මගේ තාත්තා බණ්ඩාරනායක නොවෙයි..ශ‍්‍රීලනිපයෙන් ගෙන එන බව කියූ මන්ත‍්‍රිවරු 45 තවම නාවේ මන්දැයි එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට බැණ වැදී ඇතැයි වාර්තා වෙයි.තමන් මෛත‍්‍රීපාල සිරිසේනට පොදු අපේක්‍ෂක කම ලබා දෙන්නට එකඟ වූයේ දැන් එජාපයේ සිටින මන්ත‍්‍රි පිරිසට වඩා වැඩි ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් ගෙන එන බවට පොරොන්දු වූ නිසා යයිද පවසා ඇති ඒ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවටද ගෙන එන බව කී ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් 20 කොහේදැයි ප‍්‍රශ්ණ කර තිබේ.

එම මාධ්‍ය හමුවටද චන්ද්‍රිකා විසින් වාඩි කරවන බවට සහතික කල බල කණු කොහේදැයි විමසා ඇති වික‍්‍රමසිංහ මහතා මේ පෙන්දන් වෙනුවෙන් තමන් ජනාධිපති අපේක්‍ෂක ධුරය මෛත‍්‍රීපාල වැනි කැඳයෙකුට ලබාදීම ගැන කණගාටු වන බවද කියා තිබේ.

තමන් ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයා ලෙස තරඟ වැදුනහොත් දෙමළ සන්ධානයේ සහ ජවිපෙ සහාය ලබා නොදෙන තැනට කටයුතු කරවනු ලැබුවේ හිටපු ජනාධිපතිනිය විසින් යයිද වික‍්‍රමසිංහ මහතා චෝදනා කර ඇත.

2015 වසර සඳහා වූ අයවැය පරදවීම සඳහා ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සම්බන්ධ කර ගැනීමේ මෙහෙයුමක් මේ වන විට විපක්‍ෂය විසින් ආරම්භ කර ඇති බවට තොරුතුරු වාර්තා වේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩානාරයක කුමාරතුංග විසින් මෙම මෙහෙයුම ආරම්භ කර ඇත.

කලින් සැලසුම් කල තරමේ පිරිසක් ගෙන ආවේ නැතැයි රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඇය වෙත එල්ල කර ඇති චෝදනා සඳහා පිළිතුරු දෙමින් ඇය පවසා ඇත්තේ ‘හෙට චන්ද්‍රකාගේ හැටි කාට කාටත් බලා ගන්න පුළුවන්. හෙට අයවැය පරද්දනවා. එහෙම නොකලොත් මං බණ්ඩාරණායකගේ දුවෙක් නොවෙයි’ කියාය.

මේ සඳහා වන විශේෂ සාකච්චාවක් විපක්‍ෂයේ සියළු දේශපාලන පක්‍ෂ අතර මේ වන විට කොළඹදී පැවැත්වෙන්නේ යයිද දැනගන්නට ඇත.

One Response to “මෛත‍්‍රීපාල කැඳයෙක්.. ආව උන් පෙන්දෝ.. ගේනවා කිවු 40 කෝ.. උඹ මාව කෑවා – රනිල් චන්ද්‍රිකාට බැණ වදී -හෙට අයවැය පරද්දනවා.. එහෙම නොකලොත් මගේ තාත්තා බණ්ඩාරනායක නොවෙයි..චන්ද්‍රිකා”

  1. Dilrook Says:

    The opposition cannot muster sufficient numbers to defeat the budget. They may need a lesson in mathematics. CBK’s high emphasis on SWRD Bandaranaike doesn’t cut the mustard today. For good or bad Bandaranaikes are irrelevant today in national decision making.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress