විජයග්‍රහණය අමතක වීම හා අමතක කරවීම
Posted on May 16th, 2015
ඉසුරු රන්දෙනිකුමාර යුතුකම සංවාද කවය www.yuthukama.com
වැදු මවත් දිනූ රටත් ස්වර්ගයට වඩා උතුම්ය යනුවෙන් කියමනක් ඇත. ඔබ මවු කුසින් උපන් මිනිසෙක්නම් , ඔබ ඉපදුනු පොළවට ආදරය කරන්නෙකි. ඔබෙන් අහිමිවුනු , බෙදී වෙන් වුනු ලක්මාතාව ඔබ සැම එක්වී ලබා ගත් දිනය අමතක කරන්නේ කෙසේද? ඔබට එසේ අමතක කල හැකිනම් ඔබ මනුෂ්‍යයෙක් ද යන ප්‍රශ්නය නිතැතින් නැගෙනු ඇත.

සමහර ඊනියා විදග්ධ විද්වතුන් රට මුදාගැනීමේ දිනය සැමරීම වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලනු දක්නට ලැබිනි. සමහරුන් පවසන්නේ මෙය සැමරීම මගින් එක් ජනකොටසක හිත රිදෙන බවයි. මෙම ජයග්‍රණය යම් පිරිසකට ලඝු කොට යුධ ජයග්‍රහණය ලැබුවේ මේ අය පමනකැයි දක්වා, රටේ සමස්ථ ජනතාවම ලැබූ මේ ජයග්‍රහණය බෝඩ් ලෑලි කිහිපයකින් දිය කර හරින්නට කැස කවන ඩොලර් කාක්කන් දුටුවිට මොවුන් පොලවට ජනිතවූයේ ඕපපාතිකවදැයි ඇසීමේ කිසිදු වරදක් නැත. යුධ සමයේ සීත කාමරවල සිට සින්තටික් රූප පෙට්ටි නරඹා රෑට බටහිර තානාපතිකාරයින් සමග බාල්නටා සවුදිය පිරූ මහත්වරුන්ගෙන් යුධ සමයේ ත්‍රස්තවාදයෙන් පීඩිත අප ගැන එදා නැති කැක්කුමක් අද බලාපොරොත්තු වන්නේ නම් අප තරම් මුග්ධයින් රැලක් තවත් නැත.
පසුගිය දශක කිහිපයේ සිංහල හා දමිල අපගේ සිත් රිදෙන්නට ඇත. ඒ රිදුනු සිත් තුල දෙමළ ජාතිවාදය පෝෂණය කරන්නට දමිළ ජාතිවාදීන් සමත්වන්නටද ඇත. නමුත් අප තුල ශ්‍රී ලාංකිකයින් ලෙස ඇතිවී තිබෙන එකමුතුව, ඒ මිතුදම වේලුපිල්ලේ පිරබාහර්න්ගේ දෘශ්‍ය මායාවන්ට වඩා බලවත් බව කෙදිනක හෝ වටහාගත හැකිවනු ඇත. කාලයා විසින් එය විසඳනු ඇත. ඒ මායාවන් අමත වී යනු ඇත.
නොබෝ දිනකින් ඒ සැමරුම් දිනය උදාවනු ඇත. එය අපගේ විජයග්‍රහණයේ සැමරුමයි. විජයග්‍රණය ලබාගත්තේ සිංහල අප වෙනුවෙන් හෝ මුස්ලිම් අප වෙනුවෙන් හෝ දමිළ අප වෙනුවෙන් හෝ නොවේ. ශ්‍රී ලාංකික අප වෙනුවෙනි. ලක්මවගේ දරුවන් වන අපට රටක් ලෙස රොද බැඳගැනීමට ජවයක් ජනිත කලාවූ මේ දිනය අමතක නොකරමු ! අමතක කරවීමට ඉඩ නොදෙමු !
~ඉසුරු රන්දෙනිකුමාර~
යුතුකම සංවාද කවය
www.yuthukama.com
May 16th, 2015 at 11:51 pm
By changing the Victory day to another name these Jarapalanaya has done a very cowardly act only to please the LTTE and the Tamil Diaspora. Victory day is a Victory day for all Sri Lankans irrespective of Race,Color or religion. We won against the most brutal killers of them all LTTE not the Tamil people. Our rulers should not go to please every dick and harry in the country over the Majority Sinhalese. We are a Sinhala nation with a decent culture and a long history. We cannot allow Tamils and Muslims to dictate to us. They have to live by the rules of this nation not on their rules dictated by Indians and Arabs. Better celebrate the “V” day as one nation.Freedom for all. Hell to our enemies.