රනිල් හදන බව කියන කැළණි ගුවන් පාලමත් මහින්ද පටන් ගත්ත එකක්! එදා රනිල් විරුද්ධ වුණා.
Posted on August 30th, 2015

උපුටාගැණීම www.mahinda.info

රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසකට අනුව කැළණි ගඟ හරහා දැවැන්ත ගුවන් පාලමක් ඉදිකරන බවට ෆේස්බුක් එකේ ප්‍රචාරයක් දියත් වෙන බැවින් ඒ ගැන ඇත්ත කතාව සාක්ෂි සහිතවම ජනතාවට පෙන්වා දීම මෙම ලිපියේ අරමුණයි.

[1]. කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සහ බේස්ලයින් මාර්ගය එකිනෙකට සම්බන්ධ කරමින් කැලණි ගඟට ඉහළින් රුපියල් බිලියන 45 ක වියදමින් මංතීරු හයකින් යුතු නව ගුවන් පාලමක් තැනීමට රජය කටයුතු කරමින් සිටින බව වත්මන් යහපාලන ආණ්ඩුවෙන් පාලනය වෙන දිනමිණ පුවත්පත වාර්තා කර තිබෙනවා. මූලාශ්‍රය 2015/08/28 දිනමිණ (archive)

[2]. රනිල් වික්‍රමසිංහ මහතාගේ රූපයත් යොදා ගනිමින් එය එතුමගේ සංකල්පයක් මත ඉදිවන්නක් ලෙස ෆේස්බුක් එකේ ප්‍රචාරය කරන ලද්දේ මෙලෙසයි.

[3]. නමුත් කැළණිය ගුවන් පාලම සෑදීමට සැලසුම් සකසා මුදල් ප්‍රතිපාදන වෙන් කළේත් අර අවුරුදු 10 ක් ඉඳලත් මුකුත් කරල නෑ. කොමිස් ගැහුව විතරයි” කියල එජාපෙන් මඩ ගහපු මහින්ද රාජපක්ෂ මහතාගේ කාලය තුළදීමයි.

මෙන්න මූලාශ්‍රය 2014/03/27 The Island (archive)

[4]. හදන්න යන දැවැන්ත ගුවන් පාලම ගැන 2014/04/03 දින ඉංජිනේරුවරයෙක් අන්තර්ජාලයට එක් කර තිබූ සටහනක්. මූලාශ්‍රය: 2014/04/03 skyscrapercity.com (archive)

[5]. ගුවන් පාලම හැදුවම දිස් වෙන විදිහ… මූලාශ්‍රය: 2013/09/26 dailynews.lk

[6]. දැන් සමහරු කියාවි මහින්දගෙ කාලෙදි කොමිස් ගැහුවා ඒත් දැන් රනිල් දූෂණ අඩු කරලා පාලම හදනව කියලා. බලන්න [3] කරුණෙහි දැක්වෙන පරිදි මහින්ද මහතාගේ කාලයේ පාලම හදන්න ණය ලබා ගත්තේ රු බිලියන 45 ක්. ඒ වගේම [1] කරුණෙහි දිනමිණ දක්වා ඇත්තේ යහපාලන ආණ්ඩුවෙන් හදන පාලමට යන්නේ රුපියල් බිලියන 45 ක් බවයි. එකම ගාණ. රනිල් මහතා සත පහක්වත් අඩු කරගෙන නෑ. ඉතින් යහපාලුවන් පැවසූ කොමිස් මඩ පට්ට පල් බොරුවක් බවට ඔයිටත් වඩා සාක්ෂි කුමකට ද?

[7]. හාස්‍යජනකම දේ තමයි අද යහපාලකයින් තමන්ගෙ වැඩක් වගේ කරන මෙම කැළණිය / පෑළියගොඩ ගුවන් පාලමට එදා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිචාර දක්වපු විදිහ.

ඔය ගුවන් පාලම වැඩක් නෑනෙ. අපි කොච්චර කල් පෑලියගොඩින් ගියාද කවුරුත් මැරුණෙත් නෑනෙ. ඕකෙ මිනිත්තු 15 ක් හිටිය කියන එක පුරුදුයි. මේ මොනවටද මේ ගුවන් පාලම්?” – රනිල් වික්‍රමසිංහ

විශ්වාස නැතිනම් අහලම බලන්න…

[8]. පේනව නේද වුණ දේ… එදා රට සංවර්ධනය කරනවාට එරෙහි වුණ අය කොමිස් දූෂණ හොරකම් ගැන කප්පරක් බොරු ගහලා, රට සංවර්ධනය කරන එකටත් මඩ ගහලා, කුමන්ත්‍රණ කරලා මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කළා. අන්තිම බලයට ආවට පස්සේ යහපාලකයින්ට රට ඇදන් යන්න වෙලා තියෙන්නේත් ගමේ බයියා කියල එජාපෙන් ඇනුම්පද ගහපු ඔහු එදා ජාත්‍යන්තරට ගොස් සංවර්ධනය සඳහා ලබා ගත් ණය වලිනුයි.

[9]. ඒ වගේම එදා සංධාන ආණ්ඩුවෙන් මුදල් වෙන් කර තිබුණත් ජනමාධ්‍ය වලින් සංවර්ධන සංදර්ශන පවත්වන මේ යහපාලන මහත්තුරු පාලම හදල ඉවර වෙනකම් වැඩේ හරියට කරයිද කියලත් විශ්වාස කරන්න අමරුයි. උදාහරණ ලෙස හමුදා මූලස්ථානයක් හදන්න ගෝඨාභය රාජපක්ෂ මහතා වෙන් කර දී තිබූ මුදල් ටික රවි කරුණානායක මහතා ආපහු භාණ්ඩාගාරයට හරව ගත්තා.

විශේෂ ස්තුතිය නාවික ඉංජිනේරු විශ්ව චින්තන මහතාට.

යාලුවන්ටත් දැනගන්නට Share කරන්න.

3 Responses to “රනිල් හදන බව කියන කැළණි ගුවන් පාලමත් මහින්ද පටන් ගත්ත එකක්! එදා රනිල් විරුද්ධ වුණා.”

  1. Independent Says:

    පිළිකා රෝග කාරකයක් වන ඇස්බැස්ටස් තහනම් 2015 අගෝස්තු 30 10.30 p.m
    (ගයා වන්නිආරච්චි)
    Asbestos-Sheetමෙරටට ඇස්බැස්ටස් සෙවිළි තහඩු ආනයනය කිරීම සහ එම සෙවිළි තහඩු මෙරට නිෂ්පාදනය කිරීම 2018 ජනවාරි මස සිට තහනම් කිරීමට කටයුතු කරන බව ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (29) මහනුවරදී පැවසීය.
    මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරට සමගාමීව දළදා හිමි වෙනුවෙන් පවත්වනු ලැබූ පාරිසරික සත්කාර වැඩසටහනේ සාමාප්ති උළෙල 29 වන දින මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ ඇස්බැස්ටස් පිළිකා රෝග කාරයක් බවට අද ලොව විද්‍යාඥයින් සිය පරීක්ෂණ මගින් තහවුරු කරගෙන ඇති බවයි. තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවධියේ පිළිකා රෝග ව්‍යාප්තියට මගපාදන මෙම ඇස්බැස්ටස් සෙවිළි තහඩු තහනම් කිරීමට උත්සාහ කළද ඒ සඳහා එයට අවශ්‍ය සහයෝගය නොලැබිම නිසා එය ක්‍රියාවට නැංවීමට නොහැකි වූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
    අද මෙරට උණ හෙම්බිරිස්සාව මෙන් පිළිකා රෝගය ව්‍යාප්තව ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා දියුණු රටවල ඇස්බැස්ටස් සෙවිළි තහඩු සම්පූර්ණයෙන් තහනම් කර අති බවද කීය. අද පිළිකා රෝගය ජනගහනයට සාපේක්ෂව වර්ධනය වී ඇත්තේ සංවර්ධනය වූ රටවල් වල බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහි ඉහළම අගය සඳහන් වන්නේ ඇමරිකාවෙන් බවද පැවසීය.
    මෙම ඇස්බැස්ටස් තහනම ක්‍රියාත්මක කිරීමට වසර දෙකකට පෙර මේ පිළිබඳ තමා රටට හෙළි කරන බව කී ජනාධිපතිවරයා මෙම තහනමට එරෙහිව කිසිදු ආයතනයක් හෝ ව්‍යාපෘතියකට බලපෑම් සිදුකළ නොහැකි බවත් තමා එවන් කිසිදු බලපෑමකට යටත් නොවන බවත් සඳහන් කළේය. එපමණක් නොව ලබන ජනවාරි පළමුවන දින සිට ‍පොලිතීන් භාවිතය පිළිබඳව, දැඩි නීති ප්‍රකාශයට පත් කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. පරිසර විද්‍යාඥයින්ගේ උපදෙස්මත එයට අදාළ චක්‍ර‍ලේඛන සහ නීති රීති සම්පාදනය කර අවසන් බවද ජනාධිපතිවරයා පැවසීය. ‍පොලිතීන් භාවිතය පිළිබඳව නීති 2006 වසරේ ගැසට් නිවේදනයක් නිකුත් කළද විවිධ හේතු සහ විවිධ බලපෑම් නිසා එදා එය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. අද එවන් බලපෑමක් සිදුකිරීමට කිසිවෙකුට නොහැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා ජාතික වශයෙන් වැදගත් නීති රීති මින් ඉදිරියට තදින් ක්‍රියාත්මක කරන බවද පැවසීය.

  2. ranjit Says:

    These two Hijackers Ranil and Sira thinks that we are fools in paradise. They made this peaceful country upside down. They both together break all rules in the book. They do what they want by hook or crook.This is the Democracy they were talking about which we cannot understand. Untill Jan 7th all were peaceful and the country was moving forward very systematically. After Jan 8th all gone to dogs. Ranil’s Gestapo regime is playing havoc with the attendance of underworld gangsters and Vicious foreign NGO’s roaming freely on the streets. Tamils and Muslims were having a gala time with Foreign visitors who go in batches to see them on daily basis to help them to build their dreamland’s. My peaceful country is no more. May the triple gem be upon us and save our Motherland from all evil traitors within and foreign.

  3. NAK Says:

    Here the fault is actually is with our own people,they didn’t know what is good for them. They failed to choose between the actual doer and the rogue doer who has no vision and and knows only to foul mouth every thing.
    Stupid people deserve this kind of stupid leaders but the sad part is that those who did the right thing too will have to suffer the same fate.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress