මුස්ලිම් බිළිඳෙකුට ජීවිතය දුනිමි.
Posted on December 3rd, 2015
වෛද්‍ය රුවන් එම් ජයතුංග
මීගමුව රෝහලේ මා නාරි හා ප්‍රසව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල සමයේදී ගර්භිනී මුස්ලිම් මවක් පැමිනියේ කුස තුල සිටින දරුවා දැඟලීමක් නොකරන බව කියමිනි. ඇය පැවසූ අන්දමට පුරා දින තුනක් පමණ දැඟලීම සිදුවී නැත. අප දරුවාගේ හෘධ ස්පන්ධනයට සවන් දීමට පිනාඩය මවගේ කුසට තබා බැළුවෙමු. නමුත් ශබ්දයක් නැත. දරුවාගේ හෘධ ස්පන්ධනය ඉලෙක්ට්‍රොනිකව සටහන් කරන සීටීජී යන්ත්‍රය මගින් කියවීමක් ලබා ගත්තෙමු. එය අනුවද දරුවාගේ හෘධ ස්පන්ධන නොමැත. මේ අනුව කුස තුල සිටින දරුවා මිය ගොසිනි. කළ යුත්තේ ස්වභාවික ගබ්සාවක් වන තුරු කාන්තාව වාට්ටුවේ තබාගැනීම හෝ ශ්‍යල්‍යකර්මයක් මගින් මළ දරුවා ඉවත් කිරීමය.
මුස්ලිම් කාන්තාව වාට්ටුවට ඇතුලත් කිරීමෙන් පසු ඇයට ඇඳක් දෙන ලදි. ඇය විවේක ගත්තාය. කුස තුල සිටින දරුවා මිය ගොස් බව ඇය තේරුම් ගත්තාය. නමුත් දුක හා පශ්චාත්තාපය ඇය එලි පිට නොපෙන්නුවාය. නමුත් සන්තාපය ඇයගේ දෙනෙත් වලින් දැකිය හැකි විය.
කරන ලද මූලික පරීක්‍ෂන වලින් සහ සීටීජී පටියෙන් සෑහිමකට පත් නොවූ මා භ්‍රෑණයාගේ හෘධ ස්පන්ධනයට සවන් දිය හැකි පිනාඩය යළිත් වරක් ඇයගේ කුස මත තබා සවන් දුන්නෙමි. ගර්භණී කාන්තාවගේ කුසේ විවිධ පැති වලට පිනාඩය තැබුවද කිසිදු ශබ්දයක් නොමැත. උත්සහය අතහැර දැමීමට පෙර අවසන් වතාවට මගේ දකුණු කන දකුණු අතේ දබර ඇඟිල්ලෙන් වසාගෙන වම් කන පිනාඩයට තබා කුසට සවන් දුන්නෙමි. ඉතා දුර්වළ සහ රිද්මයකින් තොර භ්‍රෑණ හෘධ හඞක් මට ඇසුනි.
වහාම කාන්තාව සීසර් ශල්‍යකර්මයකට සූදානම් කරන ලෙසට මම හෙද නිලධාරිනී ගුණපාල මියට පැවසුවෙමි. ඉන්පසු සීමාවාසික වෛද්‍ය නිලධාරී චන්දන චඳ්‍රසේකරට රෝගියා වෙනුවෙන් ලේ සූදානම් කොට ඉතා ඉක්මනින් ඇය ශල්‍යගාරයට ගෙන එන ලෙස පවසා පවනට බඳු වේගයෙන් ශල්‍යගාරයට දිව ගියෙමි.
ශල්‍යගාරයේ ශල්‍ය ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ලිලිත් ප්‍රසන්න ලියනගේ හර්නියා ශල්‍යකර්මයක් කරමින් සිටියේය. මාගේ අවශ්‍යතාවය තේරුම්ගත් ලිලිත් හැකි ඉක්මනින් ශල්‍යකර්මය අවසන් කොට මට ශල්‍යාගාරය නිදහස් කොට දුන්නේය. කාන්තාව ශල්‍යාගාරයට ගෙන ඒමෙන් පසු මම ඉක්මනට සීසර් ශල්‍යකර්ම ආරම්භ කලෙමි. මවට නිර්වින්දනය දෙනු ලැබුවේ වෛද්‍ය ගෝවින්ද රාජාය . සීමාවාසික වෛද්‍ය නිලධාරී චන්දන චඳ්‍රසේකර මගේ සහයකයා විය.
සීසර් ශල්‍යකර්ම කරන අතරතුර ළමා වෛද්‍ය නිලධාරියාට ඉක්මනට ශල්‍යාගාරයට එන ලෙසට පණිවිඩයක් යවන ලෙසට ශල්‍යාගාර හෙදි ඩිනාලිට කීවෙමි. ඩිනාලිගේ දුරකථන පණිවිඩයට ළමා වෛද්‍යවරියද පැමිණියාය
කාන්තාවගේ ගර්භාශය සැතෙන් කපා ළදරුවා මම එලියට ගත්තෙමි. ඔහු පිරිමි දරුවෙකි. මිකෝනියම් හෙවත් භ්‍රෑණ බහිස්‍රාවිය ද්‍රව්‍ය වලින් නැහැවී සිටි ළදරුවා අසීරුවෙන් හුස්ම ගත්තේය. ඔහුගේ ස්වාසනාලයට මිකෝනියම් ඇතුළු වී තිබුනේය. ළමා වෛද්‍යවරිය ළදරුවාට ස්වසනය කිරීම පහසු කරනු වස් ළමා කූපිකාවක් ස්ථාපිත කළාය ඉන් පසු ළදරුවා ඉන්කුබේටරය වෙත ගෙන යන ලදි. මම සීසර් ශල්‍යකර්මයේ අවසන් අදියරයට පැමිනෙමින් සිටියෙමි.
ශල්‍යකර්මය අවසන් කිරීමෙන් පසුව ඇයව වාට්ටුවට ගෙන යන ලදි. නමුත් ළදරුවාව ළමා වාට්ටුවේ සතියක් පමණ තබාගෙන ප්‍රතිකාර කරන ලදි. අවසානයේදී මවත් ළදරුවාත් නීරෝගීව රෝහලෙන් පිටව ගියෝය.අපගේ ක්‍ෂනික ක්‍රියාමාර්ගය නිසා ළදරුවාගේ ජීවිතය බේරිණි.
දැන් මෙම සිද්ධිය වී වසර 18 පමණ ගතවී තිබේ.මා අද ලංකාවේ නැත. නිර්වින්දන වෛද්‍ය ගෝවින්ද රාජා ගම්පහ රෝහලේ සේවය කරයි. එදා මගේ සහයකයාව සිටි සීමාවාසික වෛද්‍ය නිලධාරී චන්දන චඳ්‍රසේකර අද ජීවත් වන්නේ ඕස්ටේරලියාවේය. මෙම මුස්ලිම් මාතාව සහ පුතා මීගමුව අවට ප්‍රදේශයක ජීවත් වනවා ඇත. සිංහල වෛද්‍යවරයෙකුත් ද්‍රවිඩ නිර්වින්දන වෛද්‍යවරයෙකුත් ඔහුගේ දිවි ගලවා දුන් බව මෙම මුස්ලිම් තරුණයා බොහෝ විට නොදන්නවා විය හැකිය.
එදා සහජීවනයෙන් සිටි සිංහල සහ මුස්ලිම් ජනයා ආගමික අන්තවාදය නිසා ඈත් වෙමින් සිටිති. සැකය වෛරය ලියලමින් පවතී. මුහුණු පොත් වල වීරයන් එකිනෙකාට තර්ජනය කර ගනිති. අපහාස කරති. අප සිටින්නේ තවත් ආගමික සහ වර්ගවාදී ගැටුමක් ආසන්නයෙනි. ආගමික අන්තවාදයන් නිසා එකිනෙකා මරා දැමීමට කඩු මුවහත් කරන ලෝකයක මෙම සත්‍ය කතාව වසර 18 පසු මම පවසමි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
December 4th, 2015 at 5:40 am
No one is Muslim, Sinhala, Buddhist or Tamil by birth. This racism is completely meaningless.
You did not gave life to anyone but your action of “saving a baby” remains internal- happiness immeasurable , pure.
The child you saved may well be in the process of joining ISIS to start enjoying beheading or may become a doctor like you to save “Sinhalese” lives.
This is how dangerous this Samsara. Buddha’s last words were “Appamadena Sampadetha” (strive diligently).
December 5th, 2015 at 1:13 pm
වෛද්‍ය රුවන් එම් ජයතුංග Says;
අපි ජීවත්වන්නේ අයිඩියල් ලෝකයක නෙවෙයි. දෙමලාට පර දෙමලා කියන , මුස්ලිම් ජාතිකයාට තම්බියා කියන , සිංහලයාට සිංහරයර් කියන ලෝකයක. අයිසිස්ලා ඉස්ලාම් නොවන මිනිසුඞේ බෙලි කපන ; අන්වර් මනතුංගලා ෆේස් බුක් බොදු වීරයන් එකිනෙකා අපහාස කර ගන්නා ලෝකයක .ඇයි අපි යතාර්ථය අමතක කරලා බොරුවට පොලිටිකලි කරෙක්ට් වෙන්න යන්නේ. අපි ජීවත්වන අයිඩියල් නොවන ලෝකයක සංහිදියාවට දශමයකින් හෝ උපකාර වෙන කතාවක් මම ලිව්වේ
December 5th, 2015 at 2:20 pm
රුවන්,
ඔබගේ ලිපි අකුරක් නෑර කියවන්නෙක්මි. ඔබේ මේ ලිපිය ඉතාම කාලෝචිතයි. මේ වෙනවිටත් මේ කතාව මගේ මිතුරන්ටත් කිවුවා.
එහෙත් මගේ කොමෙන්ට් එක ඊට එහාගිය එකක්. එනම් සංසාරයේ භයානක කම ගැනයි, බුදු දහම හොඳ සහ නරකින් නවතින, ස්වර්ගයේ හෝ අපායෙන් කෙලවර නොවෙන ගැඹුරු බව පෙන්වීමක්.සමහරවිට එයෙ මෙතැනට නුසුදුසුවූවා විය හැක.
මේ ගැන දිගටම කථා කලහැකිමුත් , මේ ඊට සුදුසු තැනක් නොවේ. කර්මයට අවමන් නොකර, ආගමින් ඈත්වී ලියනවා නම් වඩාත් සුදුසුයි. ආගමක් සඳහන් නොකොට මෙත්තා, කරුණා උසස් බ්‍රහ්ම විහාර සිතුවිලි අගය කල හැකියි. නො එසේනම් බුදු දහමේ උතුම් බවට හානි සිදුවිය හැකි බැවිනි.
ඔබට එදා මතුවී ආවේ කරුණාවයි ( Compassion). කරුණාවට වඩා මුදිතාව පිට කෙනෙකුට වැඩීමට අමාරු ඇයි ? මවු පියන් දරුවන් වෙත සතර බ්‍රහ්ම විහාරම ලෙහෙසියෙන් ඇති වන්නේ නම්, ඒ සිතුවිලි දෙමලාට යොමුකල නොහැකිද ?
December 6th, 2015 at 3:44 am
ජීවකයන් බඳු මෙවැනි වෛද්‍යවරුන් අද ලංකා මාතාවටා සේවය නොකිරීම රටේ අවාසනාවක්