වරක් ඊතන්, කැමරන් සහ මම පාසැල් කට් කර නිව් ඔලිම්පියා සිනමා ශාලාවේ ෆස්ට් බ්ලඩ් චිත්‍රපටය බැලුවෙමු. අප චිත්‍රපටය බැලුවේ පාසල් නිල ඇඳුමෙනි. ඒ නිසා මම විපරම් සහගතව වටපිට බැලුවේ ශිෂ්‍ය නායකයෙකුවත් කොහෙන් හෝ මතු වේ කියාය. නමුත් කිසිවෙකු නොවූයෙන් අප චිත්‍රපටය බලා ජය මාවතෙන් යළි පාසල වෙත ගියෙමු. ( ඒ කාලයේ පාසලේ එක් තාප්පයක් පුපුරා කැඩි විශාල සිදුරක් මතුවී තිබූ අතර එම සිදුර හරහා පාසැලෙන් කට්ටි පැනීමට සිසුන් පුරුදුව සිටියහ. මෙම මාර්ගය ජය මාවත කියා සිසුන් හැඳින්වූහ) පාසල අවසානයේදි අනෙකුත් හොඳ ළමුන් මෙන් නිවෙස් කරා ගියෙමු. මෙසේ ඊතන් සහ කැමරන් වසරක කාලයක් අප අතර කල් ගෙවූහ. එය අපට මෙන්ම ඔවුනටද අගනා අත්දැකීමක් විය.
මම යූක්‍රයීනයේ ඉගෙනුම ලබන කාලයේදී ඊතන් සහ මා අතර ලියුම් ගනුදෙනු සිදු විය. ලංකාවෙන් ගිය පසු ඔහු යළිත් කොස්ටාරිකාවට ගිය බව මට ලිවීය. එහෙත් කැමරන් ගැන හෝඩුවාවක් නොවීය. මම 2006 වසරේ කැලිෆෝනියාවට ගිය විට කැමරන් ගේ නම ගූගල් කොට බැළුවෙමි එහෙත් සාර්ථකත්වයක් නොලදිමි.
ඒ.එෆ්.එස්. වැඩසටහන නිසා ලෝකයේ එක් කොනක සිටි වෙනත් ජන වර්ගයක සිසුන් ගැන දැන ගැනීමට පාසල් කාලයේදීම අපට හැකි විය. අධ්‍යාපන අමාත්‍යංශය මෙවැනි වැඩසටහන් දේශීයව හෝ ප්‍රවර්ධනයට යොමුවී නැත. එසේම ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයට විචක්‍ෂණභාවයද නැත. උදාහරණයක් ලෙස කිලිනොච්චියේ ඉගෙනුම ලබන ද්‍රවිඩ සිසුන් කිහිප දෙනෙක් කොළඹ පාසල් වල වසරක කාලයක් ආගන්තුකව සිංහල නිවෙස් වල නැවතී ඉගෙනුම ලැබිය හැකිය. එසේම කොළඹ සිංහල සිසුන් උතුරේ පාසලක වසරක් ඉගෙනුම ලබා පැමිණිය හැක. තවද මේ ක්‍රමය අක්කරේපත්තුව කින්නියාව යන ප්‍රදේශ වල මුස්ලිම් සිසුන් වෙතද ලබා දිය හැකිය. එවැනි ක්‍රමයක් මීට ඉහතදී තිබුනේ නම් ආගම් වශයෙන් , ජාතීන් වශයෙන් බෙදී මේ රට කාලකන්නි දේශයක් බවට පත් වන්නේ නැත.සිංහලයන් කුරිරු මුර්ග ජාතියක් බව තම ජීවිත කාලය පුරා විශ්වාස කල ප්‍රභාකරන් ට පහ වසරේදී දකුනේ සිංහල නිවසක වසරක පමණ කාලයක් වාසය කිරීමට ලැබුනේ නම් ඔහු ත්‍රස්තවාදියෙකු වෙයිද ?