ග්‍රාමීය රෝහලකදී
Posted on March 11th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග
මුල් පත්වීම ගෙන ස්ථාන භාර වෛද්‍ය නිලධාරී ලෙස කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලට පැමිණි මා හට විශාල දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු විය. කොලොන්ගොඩ යනු මිනිපේ දිස්ත්‍රික්කයේ තිබූ නොදියුණු ගමකි. රෝහල ගරා වැටී තිබේ. දුරකථන පහසුකම් නැත. පිරිසිදු වතුර නැත. බෙහෙත් හිඟය. හරි හමන් කඩයක් හෝටලයක් නැත. පාරවල් චන්ද්‍රයාගේ ආවාට වැනිය.
මගේ සමහර සමකාලීනයන් දුෂ්කර සේවය මග හැර සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් මාර්ගයෙන් කොලඹ මහනුවර වැනි නගර වල රෝහල් වලට මාරුවීම් ලබා ගත්හ. විශ්ව විද්‍යාලවල අම්මා , තාත්තා , බාප්පා , නැන්දා පුංචි අම්මා ආදී ඥාතීන් සිටි කොටස් විශ්ව විද්‍යාල වලට හේත්තු වූහ. මෙවැනි වරප්‍රසාද නොතිබූ මා දුෂ්කර සේවයට සූදානම් වූයෙමි.
මෙම ගම්මානයේ ඉතා කුඩා කඩයක් තිබුනේය. වරක් පෑනක් මිලදී ගැනීමට මම එම කඩයට ගියෙමි. මැදි වියේ මුදලාලි මාව සාදරයෙන් පිළිගත් අතර කඩය පුරා තිබෙන දිළිඳුකම මම නිරීක්ෂනය කලෙමි. එහි වූ එක් මැස්සක ලොසිංජර අඩංගු වීදුරු බෝතල් කීපයක් විය. එම කඩයේ තිබූ එකම බෝල්පොයින්ට් පෑන මම මිලට ගත්තෙමි. යළි රෝහලට පැමිණි මම බෝල්පොයින්ට් පෑනේ කතාව රෝහලේ කම්කරුවෙකුට කීවෙමි. “අපෝ සර් ඕකා ධනපතියා” කියා රෝහල් කම්කරුවා මුදලාලිව හෙලා දැක්කේය. කොලඹට දිලිඳු කඩ හිමියා ගමේදී ධනපතියන් ලෙස සැලෙකෙන බව මම එදින වටහා ගත්තෙමි.

රිංගෝ සමග කොලොන්ගොඩ වැවේ ඔරු පදින මා
මට නිල නිවාසයක් නැත. පසුව අසීරුවෙන් උළු හෙවිල්ලන ලද නිවසක් කුලියට ගත්තෙමි. එසේම මගේ නිසාන් මාච් දොර දෙකේ මෝටර් රථය මේ ගමේ පාරවල් වලට ඔරොත්තු නොදේ. පාරවල් සේදී තඩි ගල් මතුවී තිබේ. මේ ගල් වාහනයේ යට වැදී ඔයිල් සම්ප් එක පවා පැලී යා හැකි බැවින් මම කුරුණෑගලට ගොස් යමහා ට්‍රේලර් වර්ගයේ මෝටර් සයිකලයක් මිලදී ගත්තෙමි.
මගේ බිරිඳ සහ තවමත් දණ ගාන දරුවා කොලඹය. මගේ තනියට සිටියේ රිංගෝ නම් ජර්මානු ශෙපඩ් බල්ලාය. මම මේ බල්ලා පැටියා කාලයේදී 1994 දී මාතලේ රෝහලේ සේවය කල කාලයේදී මිලට ගත් අතර ඌ පුරා වසර අටක් මගේ සෙවනැල්ල මෙන් සිට 2002 වසරේ මිය ගියේය. මමත් රිංගෝත් විවේක අවස්ථා වල ගමේ ඇවිද්දෙමු, ඇළ දොල වල නෑවෙමු.
බොහෝ වෛද්‍යවරු සේවා කාලයෙන් පසුව (සමහරු සේවා කාලයේත්) පුද්ගලික සේවයේ යෙදෙති. පීපී එකක් හෙවත් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් එකක් කලේ නම් කාන්සිය මග ඇරෙනු ඇතැයි මගේ මිතුරෙක් කීවෙන් මම කඩ කාමරයක් කුලියට ගෙන පීපී එකක් පටන් ගත්තෙමි. නමුත් සති කීපයක් යන විට මට පීපී එක එපා විය. බෙහෙත් ගන්නට එන්නේ අන්ත දුගී ගොවීන් වෙති. සමහරු බෙහෙත් ගැනීම සඳහා වී බුසලක් දෙකක් කඩයකට විකුණා මුදල් ගෙන එති. කුඹුරු නොකැපෙන අහේනි කාලයේ මේ මිනිසුන් කන්නේ මයියොක්කා කොල මළවා බත් සමග ය. මේ නිසා මට මහා වරදකාරී බවක් දැණුනි. මේ දුගීන් ගේ රීරි මාංශය හූරා කෑමට මට අවශ්‍ය නොවීය.
මාසයක් පමණ ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් එක කොට එය නවතා දමා ඉතිරි බෙහෙත් රෝගීන්ට නොමිලේම දුන්නෙමි. ඉන් පසු මම කොලොන්ගොඩ ග්‍රාමයේ පමණක් නොව මිනිපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක / සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කරන කාලයේදීවත් පීපී නොකලෙමි. මම මිනිපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක / සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කරන විට මට අළුත් නිල නිවාසයක් තිබූ අතර නිල නිවාසයට බෙහෙත් ගැනීමට එන රෝගීන් මම හරවා යැව්වෙමි. මම පුද්ගලික සේවයේ යෙදුනේ කොලඹට පැමිණි පසුවය. ඒ සති අන්තයේදී පමණි.
නව පත්වීම් ගෙන ග්‍රාමීය ප්‍රදේශ වලට එන වෛද්‍යවරු ඉවක් බවක් නොමැතිව පීපී කරන්නේ වාහනයක් ගැනීමට බව මම අත්දැකීමෙන් දුටුවෙමි. බොහෝ වෛද්‍යවරු සීමාවසික පුහුණුවට එන්නේ බස් එකේය. ඉන් පසු පළමු පත්වීම ගන්නට යන්නේත් බස් එකේය. පළමු පත්වීම ගැනීමෙන් පසු දිවා රෑ නොබලා පීපී කරති. රෝහලේ සේවය කරන වේලාවෙත් හොරෙන් පීපී කරති. සමහරු රෝහලේ බෙහෙත් ද සොරකම් කොට පීපී කරන අයුරු මට නිරීක්ෂණය වී තිබේ. එසේම සිරප් වලට වතුර හාමු කොට විකුණති.ලාබෙට ගන්නා බෙහෙත් කරල් වලට අධික මුදලක් ගනිති. කිසිම තෙතමනයක් නොමැතිව දුප්පත් රෝගීන් හූරාගෙන කති. මුදල් සොයා ගැනීමට රෝහලේ කෑම කොන්ත්රාත්තුවද අතට ගනිති. නැතහොත් කෑම කොන්ත්‍රාත්කරු ගෙන් අත යට ගානක් මාසිකව ලබා ගෙන රෝගීන්ට කුණු කවති. (වරක් මට මහනුවර සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ තෙන්නකෝන් නම් නිලධාරියෙක් කොලොන්ගොඩ රෝහලේ කෑම කොන්ත්‍රාත්තුව ලබා ගැනීමට උපකාර කල හැකි බව කීවේය. නමුත් මම එය එක හෙලා ප්‍රතික්ශේප කලෙමි).
එසේම පීපී වෙනුවෙන් තම සහෝදර වෛද්‍යවරු සමග ගහ මරා ගනිති. වෛද්‍ය චර්යා ධර්මයන් කඩ කරමින් අනෙකුත් වෛද්‍යවරු රෝගීන් ඉදිරියේ හෙලා දකිති. තම රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයන් යොදවා අනෙක් වෛද්‍යවරු ගැන අගුණ ප්‍රචාරය කරවති. රෝහල් කාර්ය මණ්ඩල භේද කරවති. තම පීපී එකටනොඑන රෝගීන් හරි හැටි නොබලති. ඔවුනට ඇඳන් පවා නොදෙති. මේවා සත්‍ය සහ මම දෑසින් දුටු දේවල් ය.
මේ සියල්ල කරන්නේ තමන්ට වාහනයක් සහ ගෙයක් දොරක් තනා ගැනීමටයි. දොස්තර කෙනෙකු වීමෙන් පසු පන්තිය මාරු කිරීම සඳහා වාහනයක් සහ තමන්ගේ ම නිවසක් අවශ්‍ය කෙරේ විශ්ව විද්‍යාලයේදී නිදහස් සෞඛ්‍යය සේවය වෙනුවෙන් මිනී පෙට්ටි කර තබාගෙන යමින් උද්ඝෝෂණය කලවුන් පත්වීම් ලැබීමෙන් පසු ශයිලොක්ලා වන අයුරු මම දුටුවෙමි. මිනිසුන්ට මුදල් අවශ්‍ය කෙරේ. එහෙත් මුදල් වෙනුවෙන් සදාචාරාත්මක වටිනාකම් වූවද ඉවතලිය හැකි වෛද්‍යවරු මේ කාලයේදී මට හමු විය.
පී.පී කිරීම නවතා දැමීමෙන් පසු මට මහත් නිදහසක් දැනුනේය. රෝහලේ සේවය කිරීමෙන් පසු මම බල්ලාත් සමග ගමේ ඇවිදිමි, මිනිසුන් සමග කතා කරමි. වැව් වල ඔරු පදිමි නාමි. කුඹුරු කොටනවා බලන්නට යමි. එසේම ගම් වදින අලි බැලීමටද යමි. වර්තමානයේ සියළු සැප පහසුකම් සමග පළවන ලෝකයේ ජීවත් වූවද දුරකථන පාරවල් නොතිබූ නොදියුණු ගමක ඒ ගත කල කාලය මම මහත්සේ අගය කරමි. ඊට ඇළුම් කරමි. එකම අපහසුව තිබුනේ සුරතල් වියේ සිටි පුතා ලඟ නොසිටීමයි. එහෙත් මසකට වරක් මම කොලඹ ගියෙමි.
රෝහලේ වතුර නැති ප්රශ්නය නිසා රෝහල් කාර්ය මණ්ඩලයටද බොහෝ අපහසුතා ඇති විය. බොහෝ දෙනෙකු යළි මාරුවක් ගෙන ගියේ වතුර ප්රශ්නය නිසාය. මට පෙර මෙම රෝහලේ සිටි වෛද්‍යවරු වතුර ප්රශ්නය ගැන සෞඛ්‍යය දෙපාර්තමේන්තුවට ලියුම් තොග ගනන් ලියා තිබුනද ඒවා හමස් පෙට්ටියට යන ලදි. සෞඛ්‍යය දෙපාර්තමේන්තුවෙන් මීට පිළියම් නොලැබෙන බව මට පසක් විය. මේ නිසා ලිඳක් කැපිය යුතු බව මම සිතා ගත්තෙමි.
රෝහල් කාර්ය මණ්ඩලයේ සහ ගම්වාසීන් ගේ සහායෙන් මම රෝහල් භූමියේ ලිඳක් කැපීම ඇරඹුවෙමි. මුලදී මේ සඳහා අනුග්‍රහයක් ගම් වාසීන් ගෙන් නොලැබුනද පසුව ගම්වාසීන් ලිඳ කැපීම සඳහා ආවා පමණක් නොව ලිඳ කපන්නන්ට තේ වතුර පවා ගෙන ආවේය. මෙසේ මාස කීපයක් වෙහෙසවී අඩි 29 ක ලිඳක් අප කැපුවෙමු. එසේම ලිඳ බැඳීම සඳහා අපට බොහෝ දෙනෙකු උපකාර කලහ. බාස්ලා කීප දෙනක් නොමිලේ තම සේවය ලබා දුන්හ.
මෙලෙස වසර ගනනාවක් පුරා කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලට මහත් ප්රශ්නයක්ව තිබූ ජල ගැටළුව විසඳීමට අපට හැකි විය. එහෙත් මෙම ගැටළුව රෝහල් කාර්ය මණ්ඩලයේ සහ ගම්වාසීන් ගේ සහායෙන් විසඳූ බව සෞඛ්‍යය අමාත්‍යාංශය තවමත් නොදන්නවා විය හැකිය.
වර්තමානයේ කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ නව වෛද්‍ය නිල නිවාසයක් තිබේ. හොඳ රෝහල් කාර්ය මණ්ඩලයක් ද සිටිති. එය සතුට දනවයි. නමුත් එදා අප ජල ගැටළුව නොවිසඳුවේ නම් මෙම වර්තමාන දියුණුව තවමත් සිහිනයකි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
Leave a Reply
You must be logged in to post a comment.
Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.
All views and opinions presented in this article are solely those of the surfer and do not necessarily represent those of LankaWeb.com.
This entry was posted
on Friday, March 11th, 2016.
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can skip to the end and leave a response.
March 11th, 2016 at 4:50 am
Thank you bringing these to our knowledge… You are a gifted writer Dr Ruwan…
March 11th, 2016 at 6:55 am
What I see is the poverty among all sectors of Sinhalese be a doctor or a farmer or a trader.
March 11th, 2016 at 7:10 am
Thanks Dr Ruwan. I hope at least 10% of our GMOA guys work like this in rural areas for a few years.
March 11th, 2016 at 2:12 pm
Today the politician is doing PP.
It was never banned but the early politicians never spent so much time doing it. Today they set up bogus companies is various names of various relatives, to invest their “hard earned PAGA money”. They make use of Buddhism to make “antho jata bahi jata” so that their huge frauds cannot be caught or proven for 6 years. After 6 years they can come back and give life to bogus companies again.
How could one allow Thilanga Sumathipala or Arjuna Ranatunga who are full time politicians to run cricket or rathe ruin cricket ?
They are PeePee- ing the whole country.
When they loose their Hora Kam become “smart moves” and ” innocent little business” and prosecution become “political revenge”, simply because they cannot easily be proved.
If we had 1 honest brave leader this PeePeeing can be stoped completely and put the HORU to do cleaning of city streets and drains.
March 11th, 2016 at 3:14 pm
When you read about and the poverty, Hardships and the plight of of Sinhala village folk, one wonders what the Tamils complain about. All the ordinary citizens,whether Tamil or Sinhala face the same problems. At least India pretends to be interested in the ordinary Tamils in order hide their true motives.
March 11th, 2016 at 8:04 pm
I have some bad news about Lorenso.
According to someone known to both of us, he is critically injured and on life support. No further details available.
ලොරෙන්සෝ මහතාට ඉක්මන් සහ පූර්ණ සුවය පතමු.
2006 ඔහු මට මුණගැසුනේ හමුදා රෝහලේදී. තුවාල ලබා ඇතුළත් කරනු ලැබූ ඔහුගේ ඇඳ අසල කිසිවෙකු නොවීය. ඔහු බැලීමටද කිසිවෙකු පැමිණියේ නැත. ඔහුගේ දැඩි කළු පැහැය සහ පෙනුම දෙමළ බව කියා පෑවේය. විශාල සිරුරකින් යුතු ඔහු කහින විට සහ උගුර කාරන විට මුළු ශාලාවම දෝංකාර දෙන්නට විය. එහෙත් ඔහු මස් මාළු නොකැවේය. රජයට අනුබද්ධ දෙමළ බුද්ධි අංශයක සේවය කරන බව මට දැනගන්නට ලැබුණි. දිනකින් ඔහු පෞද්ගලික රෝහලකට මාරු විය. ඔහුගේ ලේ රත් ඇස් දෙක සහ පසාරු කරන බැල්ම අදටත් ඇඟ කිළිපොළයි.
කෙතරම් බණ දෙසුවත් අප කිසිවෙකු ඔහු මෙන් යුධ බිමට ගොස් නැත. යුධ බිමෙන් ඔසවාගෙන එන්නන් අසළ සිත්ගන්නා කිසිත් නැත. හඩු ගඳ, වියළි ලේ ගඳ, මඩ ගඳ සහ දඩිවුණු සිත් නිසාදෝ සමාජය උන් පිළිකුල් කරයි. නමුත් උන්ගේ ලෙයින් දිනූ සාමය භුක්ති විඳියි. මගුල් ගෙයක කුකුළු මස් රස විඳින්නන් ඒ මස් මැරූ ලේ පෙරාගත් මිනිසුන් වද්දා ගන්නේ නැත. උන්ට පව් සිදු වන අතර, බෝජන සකසන අපට පින් සිදුවේ. එම බෝජන වළඳා පින් අනුමෝදනා කරන්නන්ටද පින් අත් වෙයි. යුද්ධයද එසේය. යුද්ධය දුප්පතුන් සහ දේශානුරාගී පිස්සන්ට පෙර පව් ගෙවන්නට සැකසු සැලැස්මක් ද කියා සිතේ.
March 11th, 2016 at 11:31 pm
The situation Dr. Ruwan refers to is about two decades ago and now things have vastly improved.
March 12th, 2016 at 5:02 pm
Piyadigama,
There are two possibilities for his absence.
1. He must have been a target by Ranil/MY3 as he was promoting “military takeover”. There was some news that a man operating form Malaysia is under scrutiny.
2. There was another news from very unreliable source that those who supported MY3 using facebook are given a free China tour. He may have fallen down from the Great Wall.
Anyway he is essential to this forum and my old enemy and I wholeheartedly wish him speedy recovery.
March 12th, 2016 at 5:57 pm
In a more serious note, Lorenzo, I believe , has been a true patriot, he criticised action that deserved criticisms and rarely praised ANYONE. To him what is best for the country was the best , didn’t care about personalities.
I have always been critical of him on his sometimes violent tactics in line with Israel’s cruel method. Nevertheless we had a lot of common grounds to agree than to disagree.
I wish him full recovery soon and to come back here.
යුද්ධය දුප්පතුන් සහ දේශානුරාගී පිස්සන්ට පෙර පව් ගෙවන්නට සැකසු සැලැස්මක් ද කියා සිතේ. What a godeln yest sad statement by a true soldier.
I am very sorry to here this Piyadigma. Those are not “දේශානුරාගී පිස්සන්” they have sacrificed not only one life but thousands of future lives to come. We cannot pay back enough let alone giving that credit to බල, ධන, සැප ලෝභයෙන් භරිතඋන අස්මජ්ජාති දේස පාලුවන්”.
සත්‍යය කවදා හෝ ජයගනු ඇත.