“ආචාර්ය සුරේන් බටගොඩ වගකීම් වලින් ඉවත් කර විමර්ශන පවත්වන්න” – දූෂණ විරෝධී පෙරමුණ  
Posted on July 15th, 2016

මාධ්‍ය ඒකකය  දූෂණ විරෝධී පෙරමුණ 

ගල් අගුරු ටෙන්ඩර් වංචාව සම්බන්ධයෙන් සොයබැලීම සඳහා පත්කළ ත්‍රි පුද්ගල කමිටුවේ කටයුතු සහ විමර්ශන අවසන් වන තෙක් එම අමාත්‍යංශ ලේකස් ආචාර්ය සුරේන් බටගොඩ වගකීම් වලින් ඉවත් කරන්නැයි දූෂණ විරෝධී පෙරමුණ ඉල්ලයි. විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් එම පෙරමුණ මෙම ඉල්ලීම කර තිබේ. 

සුරේන් බටගොඩ මහතා අමාත්‍යාංශයේ ප්‍ර‍ධාන ගණන්දීමේ නිළධාරියා ලෙස විගණනයට අහුම්කම් නොදීම හා පිළිතුරු යැවීමට උනන්දු නොවීම” යන චෝදනාවට ලක්ව ඇති බවත් ,කැබිනට් පත්‍රිකා සැකසීම, අමාත්‍යවරයා  වෙත තොරතුරු වසන් කිරීම, විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම පැහැර හැරීම ආදිය සිදු කර ඇති විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වරයා   මෙම අර්බුදයේ කේන්ද්‍රීය චරිතය බවට පත්ව ඇති බවත් දුෂණ විරෝධී පෙරමුණ පෙන්වා දෙයි.  එබැවින්  තාවකාලිකව හෝ ලේකම් ධූරයේ වගකීම්වලින් ඔහු නිදහස් කොට ප්‍රශ්නයට විසදුම් සොයන ප්‍රවේශයක් කෙරෙහි  අවධානය යොමු කරන මෙන්  දූෂණ විරෝධී පෙරමුණ මෙම ලිපිය මඟින් ඉල්ලා තිබේ.

මාධ්‍ය ඒකකය 

දූෂණ විරෝධී පෙරමුණ 

Leave a Reply

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress