ආණ්ඩුවේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්
Posted on August 22nd, 2016

අරවින්ද අතුකොරල

පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

ආණ්ඩුවේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්

පසුගිය සතියේ අපි පෙන්නුවා හිටපු ජනපතිතුමියට ගණන් බෑ කියලා. දැන් ඔන්න වත්මන් ජනාධිපතිතුමාටත් ගණන් බෑ කියලා ඔප්පු කරන්නයි යන්නේ. තමුන්නාස්සේලාටත් අභියෝගයක් තිබෙනවා. රටේ නිදහස් මාධ්‍යය තිබෙනවා කියා ඔප්පු කරන්න පුළුවන් නම් මේ ප්‍රවෘත්තිය පල කරන්න කියා තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා. පසුගිය 19දා හවුල් අවුල් ආණ්ඩුවේ පළමු වසර සමරන්න මාතර සනත් ජයසුරිය ක්‍රීඩංගණයේ රැස්වීමක් තිබුණා. මේ රැස්වීම ඇමතූ ජනාධිපතිතුමා තවත් වසර 5ක් යන තුරු මේ ආණ්ඩුව පෙරලන්න බෑ කියලා කිව්වා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවක ධූර කාලය අවුරුදු පහයි. මේ කරන්නනේ පළමු සංවත්සරය සැමරීම. දැන් ඒකෙන් අවුරුද්දක් ඉවරයි. එහෙම නම් මේ ආණ්ඩුව තිබෙන්නේ ඕනෑ තව වසර 4යි. අපි දෙකේ පන්තියේ දී ඉගෙන ගත්තා 5 අඩු කිරීම 1 හතරයි කියලා. නමුත් වසරක් ගෙවීම සැමරීමේ දී රටේ ලත්ෂ හැට දෙකක් ඡන්දේ දුන්න විධියක ජනාධිපතිතුමා කියනවා තවත් වසර 5ක් ආණ්ඩුව තිබෙනවා කියලා. එතුමාට ගණන් බැරි පුද්ගලයෙක් කියලා හිතන්න බෑ. ඒ කියන්නේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය කුමක් වුණත් ආණ්ඩුව වැඩිපුර වසරක් බලයේ සිටීමේ ඉලක්කයක සිටින බවයි පේන්නේ. පුංචි ඡන්දේ කිසිම ව්‍යවස්ථා ප්‍රතිපාදනයකින් තොරව අවුරුදු දෙකකින් කල් දාපු ආණ්ඩුවට පාර්ලිමේන්තු ඡන්දය වසරකින් කල් දැමීම සුළු දෙයක් වෙන්න පුළුවන්. නමුත් ජනතාවගේ ඡන්ද අයිතිය ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් සොරකම් කරන්න දෙන්න බෑ.

එහෙම ආණ්ඩුවේ කාලය බලහත්කාරයෙන් දිගු කර ගත්ත අවස්ථා දෙකක් අපේ ඉතිහාසයේ තිබෙනවා. 1972 අළුත් ව්‍යවස්ථාවේ අන්තර්කාලීන විධිවිධාන වල සඳහන් වුණා, පවතින ආණ්ඩුවේ ධූර කාලය අළුත් ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන දිනයේ සිට වසර 5ක් කියා. ඒ වන විටත් වසර දෙකකට වැඩි කාලයක් ගත වී තිබුණු නිසා ආණ්ඩුවේ ආයු කාලය වසර දෙකකින් වැඩි කර ගන්න ඒ විධිවිධානයට පුළුවන් වුණා. ලාම්පු කළ ගෙඩි සෙල්ලම ලෙස හඳුන්වන කුප්‍රකට ජනමත විචාරණය හරහා පාර්ලිමේන්තුවේ ආයු කාලය වසර හයකින් වැඩි කර ගැනීමට 1983 දී කටයුතු කලා.

දැන් අළුත් ව්‍යවස්ථාවක් එනවා. ඒ පිටි පස්සෙන් ජනමත විචාරණයකුත් එනවා. මේ දෙකම යොදා ගෙන ඡන්ද වලට බය මේ වැඩ බැරි ආණ්ඩුව ඡන්දය වසරකින් කල් දැමීමට ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් කරන බවයි අපට පේන්නේ. 1983 දී දාපු කළ ගෙඩි ලාම්පු සෙල්ලම් දැන් දාන්න බෑ කියලා අපි අගමැතිතුමාට සිහිපත් කරනවා. එදා එතුමා කළ ගෙඩි සෙල්ලම් කරන කොට අපි කොට කලිසම් අඳින පාසල් දරුවන්. ඒ නිසා අපට කණගාටුවෙන් ඒ දෙස බලා ගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. හැබැයි දැන් අපි වැඩිහිටියෝ විදිහට මේ සමාජය පිළිබද වගකීමක් තියෙනවා. අපි පාද යාත්‍රාවෙන් ඉගැන්වූ පාඩම තමයි රටට ජාතියට අනතුරක් වෙනවා නම් ජනතාව වීදි බසින්න ලැහැස්තියි කියන එක. ජනාධිපතිතුමන් ඒ පණිවිඩය හරියට තේරුම් ගත්තා නම් ඡන්ද කල්දාන සිහින දකින් එකක් නෑ නියලා අපි විශ්වාස කරනවා.

ජනපතිගේ සීතම්බර සළුව
මාතර රැස්වීමේ දී ජනාධිපතිතුමා තවත් අපූරු දෙයක් ප්‍රකාශ කලා. පසුගිය වසර එකහාමාර දී එතුමා සහ එතුමන්ගේ ආණ්ඩුව ලංකාවට ජයග්‍රහණ රැසක් ගෙනාවාලු. හැබැයි ඒවා බඩට දැනෙන්නේ නැතිලු. සාක්කුවට දැනෙන්නේ නැතිලු. ඇසට පේන්නේ නැතිලු. කනට ඇහෙන්නේ නැතිලු. ඒවා දැනෙන්නේ තේරෙන්නේ බුද්ධිමතුන්ට විතරයිලු. සීතාම්බර සළුවේ කතාව අපි දන් නැතිනම් අපිත් රැවටෙනවා. මොකක්ද මේ ජනාධිපතිතුමන් කියන්නේ. මම මේ ගෙනා ජයග්‍රහන පේන්නේ පේන්නේ බුද්ධිමතුන්ට පමනයි. ජනාධිපතිතුමා හිතන්නේ ඔය කතාව ඇහුනාම ජනතාව තමන් බුද්ධිමත් කියලා පෙන්වන්න ඔව්! ඔව්!! ජනාධිපතිතුමා කියන කතාව ඇත්ත. අනිත් අයට නොතේරුනාට ජනාධිපතිතුමා ගෙනාපු ජයග්‍රහණ අපට නම් හොඳට තේරෙනවා ජනතාව කියාවි කියලා.

වාසනාවට අපි පාසැල් වියේ පටන්ම සීතම්බර සළුවේ කතාව දන්නවා. හොරු දෙන්නෙක් රටේ රජතුමා හමු වෙලා කිව්වා රිදී රත්තරන් මුතු මැණික් දාලා ලෝකයේ වටිනාම ඇඳුම මහන්න අපට පුළුවන් ඒ විතරක් නෙමේ මේ ඇඳුම පේන්නේ බුද්ධිමතුනට විතරයි මෝඩයින්ට පේන්නේ නෑ කියලා. රජතුමනුත් ඊට බොහොම කැමතිවෙලා භාණ්ඩාගාරයේ තිබුණු වටිනාම දේවල් තොග ගණනින් දුන්නා ඇඳුම මහන්න. දවසක් ඇඳුම මහනවා බලන්න රජතුමා ගියාම කිසිම ඇඳුමක් පේන්න නැතිලු. මේ දෙන්නා කලින්ම කිව්වා මේ ඇඳුම පේන්නේ බුද්ධිමතුන්ට විතරයි කියලා. ඉතින් තමනුත් මෝඩයෙක් නේද කියල රජතුමාට සිතුනලු. ඒත් තමුන් මෝඩයෙක් නෙවෙයි කියල පෙන්වන්න සිතුව රජතමන් මහ ඇමතිට කතා කරලා ඇඳුම වර්ණනා ‍්කලා. මේ කනම් හරිම අනර්ඝ ඇදුමක් මහ ඇමතිය එය නුඹට පේන්නේ කොහොමද කියා මහ ඇමති තුමන්ගෙන් ඇසුව. ඒත් මහ ඇමතිතුමන්ට නම් කිසිම ඇඳුමක් පෙනුනේ නෑ. ඒත් ඒ බව කියන්නට ගොස් තමන් මෝඩයෙක් බව අනෙක් අය දැනගෙන තම තනතුරත් අහිමි වේ යැයි සිතුව මහ ඇමතිතුමන් කදිමයි කදිමයි මහ රජතුමනි මෙවැනි අනගි ඇඳුමක් මාද කිසි දින දැක නැතැයි ප්‍රකාශ කලා.මාලිගාවේ සිටිය අනිත් අයත් එහෙමයි. ඇඳුම මහලා ඉවර වුණාම රජතුමා ලෝකයේ වටිනාම ඇඳුම තිබෙන්නේ තමන්ට බව පෙන්වන්න ඇඳුම ඇඳගෙන පෙරහැරෙන් වීදි සංචාරය කලා. හැමෝම තමන් මෝඩ නැති බව පෙන්වන්න නැති ඇඳුමක් වර්ණනා කරනවා. හැබැයි පුංචි කොල්ලෙක් කෑ ගහලා කිව්වා මෙන්න අපේ රජතුමා හෙළුවෙන්” කියලා. එතකොට අනිත් හැමෝමත් කෑ ගැහුව්වා මෙන්න රජතුමා හෙළුවෙන් කියලා.

අපේ ජනාධිපතිතුමා පසුගිය මාස 20ක් පුරා යහපාලන නූල් වලට ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව කියන සායම් ගල්වලා රැකියා දශ ලක්ෂයේ මුතු එල්ලලා, ජීවන බර අඩු කිරීමේ, ස්වාධීන කොමිෂන් සභාවල මැණික් ඔබ්බලා මාධ්‍ය නිදහසේ රිදී කැටයම් දාලා මහපු යහපාලන සීතම්බර සළුව මේ රටේ ජනතාවට අන්දන්න එපා. මම ලැහැස්තියි සීතම්බර සළුවේ කතාවේ ඉන්න අර ‍මෝඩ කොළුවාගේ චරිතයට පණ පොවන්න. ජනාධිපතිතුමනි, ඔබතුමා මාස 20ක් පුරා වැඩ දාලා වියපු යහපාලන සළුව අපට නම් පේන්නේ නෑ. සමහර විට අපි ඔබතුමා තරම් උගත් බුද්ධිමත් නැති නිසා ද දන්නේ නෑ

ජනපති සොරුන් සඟවන්නේ ඇයි?

ජනාධිපතිතුමා තවත් අපූරු කතාවක් කිව්වා. අළුතින් පක්ෂයක් හැදුවොත් සියළුම රහස් එළියට දානවාලු. අපිත් ඉන්නේ ඔය රහස් හෙළි කරනකම් තමයි. මම නම් හරිම ආශාවෙන් හිටියේ ඇමරිකාවේ බකිංහැම් මාලිගය තියෙන්නේ කොහෙද කියා දැන ගන්න. ඇයි ඡන්දෙ කාලෙ ජනපතිතුමන්ම කිව්වනේ ඇමරිකාවේ බකිංහැම් මාලාගාවෙන් ගෙනාපු රත්තරන් අශ්වයෝ රාජපක්ෂ පුතාලට හිටියා කියලා. මේ දවස්වල බැරැක් ඔබාමා ඇමරිකානු ජනපතිතුමන් ගූගල් මැප් එක පෙරලගෙන හොයනුවළු ඇමරිකාවේ කොහෙද මේ බකිංහැම් මාලිගාව තියෙන්නේ කියල. ඉතින් ජනාධිපතිතුමන් මේ රහස් හෙළි කලොත් එහෙම අපිට පුළුවන් වේව් නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමන්ගේ රත්තරන් අශ්වයෝ, ලැම්බෝගිනි පියවි ඇසින්ම දැකගන්න. අපි මේ දේශපාලන ව්‍යාපාරය කරගෙන යන්නේ බොහොම අමාරුවෙන්. මුදල් සොයාගන්නේත් බොහොම අමාරුවෙන්. පසුගිය මැතිවරණයේ දඅන්වීම් දාන්නවත් සල්ලි තිබ්බෙ නෑ. නමුත් එතුමන්ල කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගාව ඩොලර් බිලියන 18ක් සගවා තියෙනවාළු. රුපියල්වලින් නම් ට්‍රිලියන 2.7ක්. මේ මහා මුදල සොයාගත්තොත් අපිට දේශපාලන කටයුතුත් ලේසියන් කරන්න පුළුවන්. තියෙන තැන නම් සිරිසේන ජනපතිතුමන් දන්නවා නමුත් එය සගවගෙන ඉන්නේ එතුමන්. ඉතින් නව පක්ෂයක් හැදුවත් නැතත් මේ රහස් හෙළි කරන්න කියල අපි ජනපති සිරිසේන මැතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. මොකද අපිත් ආසයි රත්තරන් අහ්වයගෙන් අහල දැනගන්න ඇමරිකාවේ බකිංහැම් නගරය තියෙන තැන. ඒ වගේම නාමල් මන්ත්‍රිතුමන්ගේ ලැම්බෝගිනය පියවි ඇසින් දකින්න. මහින්ද රාජපක්ෂ මැතිතුමහන්ගේ ට්‍රිලියන 2.7 නැවත ලංකාවට ගේන්න.

ඒනිසා ජනපතිතුමනි ජනාධිපතිතුම ඕනෑ කමින් රහස් හංගලා. නමුත් අපි හිතන විධියට පක්ෂයක් හදන එකයි සොරකම් අල්ලන එකයි අතර සම්බන්ධයක් තිබෙන්නේ බෑ. අළුත් පක්ෂයක් හැදුවත් නැතත් වරදක් කර තිබෙනවා නම් දඬුවම් දෙන්න ඕනෑ. ජනාධිපතිතුමා මේ කියන්නේ මොකද්ද? තමන් කියන විධියට ඉන්නවා නම් සොරකම් පිලිබඳ රහස් රැකීමට තමන් කටයුතු කරන බවයි. සොරකමක් ගැන තමන් දන්නවානම් එය ගැන දන දැනත් කරුණු සැගවීම සොරකමට අනුබල දීමේ වරද කළා වෙනවා.

පුජිත ජයසුන්දර මැතිතුමන් නීතිය නවල සිරිසේන මහත්තයව ඇතුලට දාන්න කලින් ඔය රහස් ටික එළියට දාන්න කියල අපි එතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.

හවුල සමරන මාතර රැස්වීමට උදයටත් ඇරයුමක්

අපි දැක්කා මාතර රුස්වීමේ දී ජනාධිපතතුමා බොහොම සැර පරුෂ ජනාධිපතිතුමෙකුට නොගැලපෙන කතාවක් කලා. එතුමව ඒකට විචේචනය කලාට මම නම් බලන්නේ අනුකම්පාවෙන් බලන්නේ. අවුල් හවුලේ පළමු සංවත්සරය සැමරීමට පැවැත්වුණු මාතර රැස්වීමට සෙනඟ නැති බව කවුරුත් දැක්කා. වේදිකාවට නැගලා ඉදිරිය බලන කොට පිට්ටනියේ සෙනඟ නෑ. පිටුපස බලන කොට තමන්ගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් එක් කෙනෙකුවත් ඇවිත් නෑ. එතැන නිමල් සිරිපාල මැතිතුමා, සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, අනුර යාපා මැතිතුමා, ජෝන් සෙනෙවිරත්න මැතිතුමා වගේ කවුරුත්ම සිටියේ නෑ. ඉතින් ජනාධිපතිතුමා මානසිකව ඇද ගෙන වැටුනා. කවුරු හරි මානසිකව ඇද ගෙන වැටුනම මොනවා නොකිය වෙනවා ද. අපි වුණත් ඔහොම වෙනවනේ. ඒ නිසා තමයි කේන්තියෙන් කතා කලේ. එතන වැඩිම වුණොත් සෙනග 2000ක් ඉන්න ඇති.

කෙතරම් සෙනඟ නැති ද කියනවා නම් හවුල පටන් ගත්තු දවසේම ඊට විරුද්ධ වුණු මටත් ආරාධනා කරලා. එව්වේ මංගල සමරවීර ඇමතිතුමා. ස්පිඩ් පොස්ට් කුරියර් (Speed Post Courier). මෙහි මුද්‍රව Mangala Samaraweewa M.P. Ministry of Foreign Affairs. මගේ ලිපිනයත් තියෙනවා Hon. Udaya Prabhath Gammanpila M.P. කියලා මගේ ගෙදරටම එවලා තියෙනවා. එකේ කියලා තිබෙනවා වසර පහක ඉදිරි ගමනේ පළමු සැමරුමට අලුත් රටක් වෙනුවෙන් එක ගමනක් යන්නට එක් වූ ගරු උදය ගම්මන්පිල මැතිතුමාට ගෞරවයෙන් ආරාධනා කරමු”. මේ ආණ්ඩුව බලයට ආවේ ජනවාරි මාසේ 09. ජනවාරි මාසේ 10 වැනි දා සිට ආණ්ඩුව විචේචනය කරන්න ගත්ත කෙනා තමයි මම. තමුන්නාසේලාට මතක ඇති මැතිවරණ ප්‍රතිපල පිළිබද සන්ධානයේ තිබුණු මාධ්‍ය හමුවේ දීමයි කිවුවේ මේ ආණ්ඩුව මහා විනාශයක් රටට කරනවා අපිට ලැබෙන පළමු අවස්ථාවෙන්ම මේ ආණ්ඩුව පරාජය කරන්න කටුයුතු කරනවා කියලා. ඒ කියන්නේ විරුද්ධවාදින්වත් එකතු කරලා තමයි අර සූ ගාලා ආපු දෙදහ හදා ගෙන තිබෙන්නේ.

අපේ පා ගමන ඉවර වුණාට පස්සේ රුපවාහිණි සංවාදයකට සහභාගිවෙමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිවුවා ඔය පා ගමනට ආවා වගේ දෙතුන් ගුණයක් සෙනග ගෙන්න අපිට පුළුවන් කියලා. ඒ ගෙන්න පුළුවන් දෙතුන් ගුණය තමයි ඇවිත් හිටියේ මාතරට. අද වන විට අපිට තොරතුරු ලැබිලා තියෙනවා එජාපයේ සංවිධායකවරුන්ගෙන් ඉල්ලනවා කරුණැගල පක්ෂ සම්මේලනයට සෙනග එවන්න කියලා. ඒක තමයි තිත්ත ඇත්ත.

මට දැන් පුංචි ප්‍රශ්නයක් තියෙනවා. අපේ පා ගමනේ සෙනඟ ගැන ආණ්ඩුවේ සෙනඟ මනින විශේෂඥයින් වන දුම්න්ද දිසානායක, ඩිලාන් පෙරේරා, මහින්ද අමරවීර, ලක්ෂ්මන් කිරිඇලල්, රන්ජන් රාමනායක, පී හැරිසන් වැනි මැතිතුමන්ලා නිරන්තරයෙන් රුපවාහිනියට ඇවිත් අපේ රුස්වීමේ සෙනග ඇස්තමේන්තු කරන්න ගත්තා. 2,000 සිට 25,000 දක්වා විවිධ ඉලක්කම් කිව්වා. කවකටු පෙට්ට්ගෙනැවිත් කොටු ඇඳලා සෙනඟ ගණන් කළා. ඒත් අද මේ ගණන් මිනුම් විශේඥ්‍යයින් අද ගොළු වෙලා. ඩිලාන් පෙරේරා, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර ඇමතිවරුනි අනුන්ගේ රැස්වීම් වල සෙනඟ ඇස්තමේන්තු කිරීම පැත්තක තියලා තමන්ගේ රැස්වීමේ සෙනඟ කීයක් හිටියා ද කියලා රටට කියන්නැයි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මොකද බුදුන් වහන්සේ දේශනා කෙරුවේ නපරෙසංවිලොමානි නපරෙසංකතාකතං කියලා. ඒ කියන්නේ අනුන්ගේ දේවල් සෙවීම නතර කරලා තමන්ගේ දෙයක් හොයන්න කියලා. බුදුන් වහන්සේ පළමු භික්ෂුන්වහන්සේලාට අයත් භද්දවග්ගි කුමාරවරුන්ට දේශනා කළේත් මේ දේම තමයි. බුදු බණ තේරේන්නේ නෑ කියමුකෝ ‍ෆෙඩ් සිල්වාගේ සිංදුවක් තියෙනවා පාන්කිරිත්තා කියලා ඒකෙත් කියන්නේ අනුන්ගේ වැඩ හොය හොය ඉන්නවාට වඩා තමන්ගේ වැඩක් හොයා බලා ගන්න එක හොදයි කියලා. අනුන්ගේ රුස්වීම් වල සෙනග ගණින්න එක පැත්තක තියලා තමන්ගේ රුස්විමට සෙනග ගෙන්න කටයුතු කරා නම් ජනාධිපතිතුමත් මේ විදිහට අපහසුතාවයට ලක් වෙලා කෑමොර දෙන්න වෙන්නේ නෑ කියන එක එජාප ශ්‍රිලනිප ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් අපි අහනවා.

ශ්‍රිලනිප ගැන උදයට කැක්කුමක් ඇයි?

ශ්‍රිලනිප නායකයින් විධියට හැසිරෙන දුමින්ද දිසානායක, මහින්ද අමරවීර චන්දිම විරක්කොඩි සහ ඩිලාන් පෙරේරා ඇමතිතුමන්ලා මට ශ්‍රිලනිපය පිලිබඳ කතා කරන්න තිබෙන අයිතිය කුමක්ද කියා ප්‍රශ්න කරනවා. මට එතුමන්ලාට වඩා ශ්‍රිලනිපය පිලිබඳ කතා කරන්න අයිතියක් තිබෙනවා. පළමු දේ තමයි මට මනාප 199,000ක් ලබාදීල සන්ධානයේ පස්වෙනි තැනට ඔසවා තබන්නට ඡන්දය දුන්නු ජනතාවගෙන් සාතිශය බහුතරය ශ්‍රිලනිප පාක්ෂිකයින්. ඔවුන් මාව තෝරා ගත්තේ ඔවුන්ගේ හඬ නිවැරදිව නොපැකිලිව නගන නිසා. මන්ත්‍රිගේ ප්‍රධානතම රාජකාරිය තමන්ට ඡන්දය දුන් ජනතාවගේ හඬ කරලියට ගෙන ඒම. ඒක නිසා මට ඡන්දය දුන් සාතිශය බහුතරය ශ්‍රිලනිප පාක්ෂිකයන්නම් අනිවාර්යෙන්ම ඔවුන්ගේ හඩ හැමතැනකම නගන්න මට සිදුවෙනවා.

දෙවැනි කාරණය වන්නේ අපේ සහෝදර ශ්‍රිලනිප මන්ත්‍රිවරුන්ට නිදහසේ කතා කරන්න යම් යම් බාධාවන් තිබෙනවා. ඉතාලි ඉතිහාසයේ එන ඩොමැකල්ගේ හිසට ඉහලින් අශ්ව කෙන්දකින් ගැට ගැසූ කඩුවක් තිබුණු අයුරින් අපේ මන්ත්‍රිවරුන්ගේ හිසට ඉහලින් විනය පොල්ලක් ගැට ගහලා තිබෙනවා. අපි දැක්කා පක්ෂයට අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගෙනාවයි කියන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සිය අත්සනින්ම යුතු ලිපියක් යවල තමන්ගේ නායකත්වය පිලි ගන්නේ නෑ කිව්වාම සනත් නිශාන්ත මන්ත්‍රිතුමාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළා. එංගලන්තයේ ඕස්ට්‍රේලියාවෙ කිසියම් පක්ෂයක මන්ත්‍රිවරයෙක් සිය පක්ෂයේ නායකයා පිළිගන්නෑ කිව්වම ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්න නෑ. ඒ වෙනුවට පක්ෂයේ මන්ත්‍රීකණ්ඩායමේ හරි පාර්ලිමේන්තු කන්ඩායමේ හරි විවෘත ඡන්දයකින් පක්ෂයේ නායකයා තෝරා ගැනීමට අවස්ථාව උදා කරනවා. නායකායට අභියෝග කිරීම මේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකේ සුලභ දර්ශනයක්. අපි මෑතකදීම දැක්කා ඔස්ටේලියාවේ කෙවින් රඩ් අගමැතිතුමන් ජූලියා ගිලාඩ් මැතිණියගේ අභියෝගය අනුව අභ්‍යන්තර ඡන්දයකට ගිහින් පරාජය වීම නිසා පක්ෂ නායකත්වය ජූලියා ගිලාඩ් මැතිණියට බාරදී ඉවත් වුනා. ඒ නිසා අද අපට අපේ සහෝදර ශ්‍රීලනීප මන්ත්‍රිවරුන්ගේ හිසට ඉහලින් අශ්ව කෙන්දෙන් විනය පොල්ල එල්ලා ඇති නිසා ඔවුන්ගෙ හඩ බවට පත්වෙන්න සිදු වෙලා තියෙනවා.

තුන්වන කාරණය සේරමට වඩා වැදගත්. මේ බටහිර ගැති ඉන්දියානු ඇමරිකිනු රූකඩ ආණ්ඩුවක් වන එජාප ආණ්ඩුව පරාජය කරන්න පුළුවන් එකම බලවේගය ශ්‍රීලනිපයයි. ඒ නිසා තමයි එජාපයෙන් පත්කල ජනාධිපති විධායක බලය පාවිච්චි කරලා ශ්‍රිලනිපය යටත් කරගෙන එජාපයේ වලිගයක් කරගෙන එජාපයට සදාකල් බලයේ සිටින්න කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා අපේ මව්බිම බේරා ගන්න නම් මේ අධිරාජ්‍ය විරෝධි අරගලයේ අත්‍යවශ්‍ය පූර්වකොන්දේසියක් තමයි ශ්‍රිලනිපය රැක ගැනීම. ඒ නිසා තමයි අපි ශ්‍රිලනිපය වෙනුවෙන් පෙනී සිටින්නේ. ලංකාවේ නිදහස් සටනේදි ඉංග්‍රිසීන්ට විරුද්ධව සටන් කරපු හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් , මියුසියස් හිඟින්ස් මැතිණිය, හෙලේනා බ්ලැවැට්ස්කි මැතිණිය ලාංකිකයන් නොවේ. නමුත් ලෝකයේ පිරිසිදු බුදු දහම රැක ගන්න නම් ලංකාව රැක ගත යුතු බව ඒ අයට වැටහුනා. ඒ නිසා තමයි ලාංකිකයින් නොවී ලංකාව වෙනුවෙන් පෙනී සිටියේ. අපි අද කරන්නේ එදා එතුමන්ලා කරපු දේමයි. ලංකාව රැකගනන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගන්න ඕනැ. මොකද මේ ආණ්ඩුව ගෙදර යවන ප්‍රම්ඛ බලවේගය වන්නේ ශ්‍රීලනීප ප්‍රමුඛ සංධානයයි. ශ්‍රිලනිප නොවී ශ්‍රිලනිපය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින්නේ රට බේරා ගැනීමේ සටනට ශ්‍රිලනිපය අත්‍යාවශ්‍ය නිසයි.

– අරවින්ද අතුකොරල

1,591 Viewers

6 Responses to “ආණ්ඩුවේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්”

  1. Hiranthe Says:

    Beautiful!!

    Udaya is a cool player. He has the depth necessary to be a matured and a cool leader one day.

  2. Ananda-USA Says:

    Sirisena’s golden new dress of non-existent accomplishments can only be seen by HIGH IQ people!

    Where is that self-appointed HIGH IQ Tamil political expert?

    Do YOU Sirisena’s golden new dress of non-existing accomplishments!

    Where art thou Lorenzo the HIGH IQ expert? Where art thou?

  3. Ananda-USA Says:

    As I recall, and LankaWeb archives will prove, the Lamborghini car and Namal’s helicopter exploits figured very prominently in HIGH IQ Tamil political expert Lorenzo’s lists of the MR/UPFA GOSL misdeeds.

    Where art thou, HIGH IQ list-making political agitator Lorenzo!
    Where are thy Lamborghini lists?

    Show us your nadagam natya again …. pretty please …. calling HIGH IQ Lorenzo!

  4. Ananda-USA Says:

    Bravo, Udaya Gammanpila!

    INDEED, the valuable part of the SLFP are its patriotic principles and policies, embedded in the hearts and minds of the Patriotic SLFP voters.

    If the current SLFP leadership has abandoned those principles and policies, then a NEW DESHAPREMI SLFP party should be created to give voice to those principles and policies.

    That is why a DESHAPREMI Sri Lanka Nidahas Pakshaya should be created ….. RIGHT NOW!

    Let the SLFP MP’S mesmerizing by their Ministerial portfolios and new luxury vehicles remain polishing their desks while their voter base decamp en-masse to the new party to defend, protect and rescue our motherland from the grasp of the Yamapalana puppets of India and the West!

  5. NAK Says:

    There’s only one thing that can be said about Sirisena “Shamlessness is bigger than the Presidency”

  6. plumblossom Says:

    Mr. Udaya Gammanpila Sir,

    Apart from highly commending you for taking legal action against the treacherous CBK (Chaura Rejina) regarding the defamatory and utter lies she keeps repeating to defame her rivals, legal action should be taken against her for stating that she will definitely devolve more powers to provincial Councils within the new constitution. Does this evil woman CBK think she owns Sri Lanka and that she is the one who is going to draw up the new constitution of Sri Lanka (according to the wishes of the imperialistic US, UK, EU, Canada, Norway, Sweden, India, the racist TNA and the separatist terrorists)? The constitution of Sri Lanka should satisfy first and foremost the majority of people of this island i.e. the Sinhala people and the Sinhala people firstly do not want to draw up a new constitution nor do they want any more powers whatsoever be provided to the provincial councils especially land, police and fiscal or to illegally merge the North and the East.

    Someone has to go to the supreme court and take action against treacherous CBK for suggesting that she will definitely devolve more powers to provincial councils within the yet to be drawn up constitution since this means the treacherous Ranil, Sirisena, CBK and Mangala have already drawn up a constitution to satisfy the imperialistic US, UK, EU, Canada, Norway, Sweden, India, the racist TNA and the separatist terrorists which is illegal.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress