‘මව්බිම’ පළුවක් ගලවාගෙන බැදුම්කර බෑණා අලූත් පත්තරයක් පටන් ගනී.. යෝජිත නම ‘බැදුම්කරේ’…
Posted on October 31st, 2016

ලංකා සී නිවුස්

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා විසින් විශාල මුදලක් යොදවා පුවත්පතක් ආරම්භ කිරීමට සූදනම් වෙයි.

මෙම නව පුවත්පතට සම්බන්ධ වීම සදහා මව්බිම දිනපතා පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂල තුෂාර ගුණරත්නත් ඉරිදා මව්බිම කර්තෘ උපුල් ජෝෂප් ප්‍රනාන්දුත් ඊයේ දිනයේ එම පුවත්පතේ සේවයෙන් ඉල්ලා අස්වී තිබේ.

‘මව්බිම’ පළුවක් ගලවාගෙන බැදුම්කර බෑණා අලූත් පත්තරයක් පටන් ගනී.. යෝජිත නම ‘බැදුම්කරේ’…

එම නව පුවත්පත සමග මව්බිම පුවත්පතේ තවත් සේවක පිරිස් ගණනාවක් ඉදිරියේදී එක් වීමට නියමිත යයාද වාර්තා වෙයි.

අර්ජුන් ඇලෝසියස් විසින් ආරම්භ කරන නව පුවත්පත සදහා ‘බැදුම්කරේ’ ලෙය යොදන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෑතකදී පැවති මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress