යුද හමුදා බුද්ධි ප්‍රධානි බ්‍රිගේඩියර් සුරේශ් සැලේ නෙරැපුවේ ඇයි?
Posted on November 5th, 2016

කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසය තුල මේ සතියේ සිදුවූ වැදගත්ම සිද්ධිය හමුදා බුද්ධි ප්‍රධානියා වූ බ්‍රිගේඩියර් සුරේශ් සැලේ එම ධුරයෙන් ඉවත් කිරීමයි. ඔහුගේ ධුරයට බ්‍රිගේඩියර් විඡේන්ද්‍ර ගුණතිලක පත් කර ඇත. බ්‍රිගේඩියර් සුරේශ් සැලේ යනු වන්නි මෙහෙයුමේදි කොටි ජාත්‍යන්තර ජාලයට අදාළ තොරතුරු රැසක්‌ සොයාගත් විශිෂ්ට බුද්ධි නිලධාරියෙකි. එහෙත් පසුගියදා මෙරට සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක්‌ බ්‍රිගේඩියර් සැලේට එරෙහිව යුද්ධ ප්‍රශ්න කරමින් ඔහුව ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය. ප්‍රංශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ බුද්ධි නිලධාරීයා ලෙස සේවය කරන සමයේ දී බ්‍රිගේඩියර් සැලේ කොටි ජාත්‍යන්තර ජාලයේ නායක කස්‌ත්‍රොa සහ ඊළම් ඩයස්‌පෝරාව අතර සබඳතා සොයාගනු ලැබීය. ඔහු සොයාගත් තොරතුරු අතර විදේශ රටවල ඇති කොටි හිතවාදී සංවිධාන රැසක සුලමුලද අනාවරණය විය.

සැලේ දුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හමුදා බලධාරීන් පැවසුවේ සාමාන්‍ය හමුදා මාරුවීම් ක්‍රමවේදීන් මත ඔහුගේ බුද්ධි රෙජිමේන්තුව වෙත මාරු කර ඇති බවයි. එහෙත් සත්‍ය නම් මෙරට ජාතික ආරක්‍ෂාවට දැන් බරපතළ ලෙස දැන් මැදිහත්වී ඇති සිවිල් සංවිධාන ක්‍රියාකාරී නමැති සුළු පිරිස විසින් ගෙන ගිය ක්‍රියාදාමයට මෙම බුද්ධි නිලධාරියා ගොදුරු වී ඇති බවයි. බ්‍රිගේඩියර් සැලේ සමඟ සබඳකම් පැවැත්වූ විදෙස්‌ගත ශ්‍රී ලාංකික දේශප්‍රේමී ක්‍රියාකාරීන් පැවසුවේ ඔහුගේ ඉවත් වීම තුළින් ජාත්‍යන්තර ඩයස්‌පෝරාව සම්බන්ධව ලැබෙන තොරතුරු නතර වන බවයි. මෙහිදී නැගෙන ප්‍රශ්නය රටේ ජාතික ආරක්‍ෂාවට හිටිහැටියේ අටවා ගත් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සුළු පිරිසකට මැදිහත්වීමට ඉඩ දිය හැකි ද යන්නයි. කොළඹ නගරයේ බෝම්බ පිපිරීම් ගණනාවක්‌ සැළසුම් කළ මොරිස්‌ නමැති කොටි ත්‍රස්‌තයා අල්ලා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක්‌ දැරුවේ ද බ්‍රිගේඩියර් සැලේගේ කණ්‌ඩායමයි. මේ හැර මුල්ලිවයික්‌කාල් බංකරයක තිබී සොයාගත් කොටි ජාත්‍යන්තර සංවිධාන ලැයිස්‌තුවේ දැක්‌වෙන පිරිස්‌ සිටින්නේ කොහිද යෑයි සොයාගැනීමට හැකි වූයේ බ්‍රිගේඩියර්¨සැලේගේ සබඳතාවය මතය. මේ අතර පසුගිය 3 වැනිදා මැදපෙරදිග සිට ප්‍රකාශයට පත් වන ඇරැබ් නිවුස්‌ පුවත්පත පැවසුවේ ශ්‍රී ලංකාවේ උතුරේ කලබලකාරී තත්ත්වය ට සම්බන්ධ වීමේ චෝදනා මත හමුදා බුද්ධි ප්‍රධානියා ඉවත් කර ඇති බවයි. මේ පැමිණිල්ල කර ඇත්තේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් බව එම පුවත්පත සඳහන් කර තිබුණි.

පරවිපන්ජාන් යනු කිලිනෝච්චියේ පිහිටි කොටින්ගේ කේන්ද්‍රස්‌ථානය බව සනාථ වී තිබුණි. කොටි සංවිධානයේ අතිශයින්ම රහසිගත මූලස්‌ථානය ලෙස ක්‍රියාත්මක වූයේද පරවිපන්ජාන් ගම්මානය නමැති පරිගණක මූලස්‌ථානය කොටි ඊළම් බැංකුව, කොටි දේශපාලන කාර්යාලය, කොටි සාම මහලේකම් කාර්යාලය යන කොටි ජාත්‍යන්තර සබඳතා කාර්යාලය වැනි කොටි කාර්යාල රැසක්‌ මෙහි ස්‌ථානගත කර තිබුණි.

කොටි සංවිධානයේ හෘදයවස්‌තුව ලෙස හඳුන්වනු ලැබූ පරවිපන්ජාන් කේන්ද්‍රස්‌ථානය ශ්‍රී ලංකා හමුදාවට කිසිසේත් අල්ලා ගැනීමට හැකි වන්නේ නැතැයි ඉන්දීය සාම හමුදාවේ බුදධි අංශ ප්‍රධානි කර්නල් හරිහරන් පවසා තිබුණි. ඉන්දීය රෝ බුද්ධි සේවාවේ ප්‍රධානියාව සිටි බී. රාමන් පැවසුවේ කිලිනොච්චි කොටි බලකේන්ද්‍රස්‌ථානය අල්ලා ගැනීමට ගියහොත් මුළු ශ්‍රී ලංකා හමුදාවම වැනසෙන බවයි.

හිට්‌ලර්ගේ ජර්මන් හමුදාව සෝවියට්‌ දේශයේ ස්‌aටාලින් ග්‍රෑන්ඩ් නගරය අල්ලා ගැනීමට ගොස්‌ සමූල ඝාතනය වූ අයුරින් ශ්‍රී ලංකා හමුදාව ඉල්ලන් කනු ඇතැයි රාමන් තවදුරටත් පවසා තිබුණි. ඊට සමගාමීව කොටි පොලිස්‌පති ලෙස කටයුතු කළ නඩේසන් ඊළම් ඩයස්‌පෝරාව අමතමින් අපි වාංග මචං වාංග යෑයි කියමින් සතුරාව කිලිනොච්චියට කැඳවා නියම බෙහෙත් දෙනවා යෑයි කියා සිටියේය.

එහෙත් මේ වහසිබස්‌ බිඳ හෙළමින් ශ්‍රී ලංකා හමුදාව කිලිනොච්චියේ කොටි බල කේන්ද්‍රය අල්ලා ගනු ලැබීය.

ආරක්‍ෂක හමුදාව විසින් අල්ලාගත් පරවිපන්ජාන් කොටි කේන්ද්‍රසේථානයේ හමුදා කඳවුරු කීපයක්‌ ස්‌ථාන ගත විය. එහෙත් මේ වසරේ අගෝස්‌තු මස ද්‍රවිඩ සංධානය කොටි කේන්ද්‍රස්‌ථානයේ පාලනය සියතට ගැනීම සඳහා මෙහෙයුමක්‌ දියත් කරනු ලැබීය. පරවිපන්ජාන් ප්‍රදේශය සඳහා අයිතිවාසිකම් කීමට ද්‍රවිඩ සංධානය මෙහෙය වූ පිරිසක්‌ ඉදිරිපත් වීම එම මෙහෙයුමයි. පසුගිය අගෝස්‌තු 25 දා එම මෙහෙයුමේ මුල් අදියර ආරම්භ විය. පරවිපන්ජාන්හි අටවාගත් මඩුවක උපවාසයක්‌ ආරම්භ කළ පිරිසක්‌ තම ඉඩම් ලබාදිය යුතු බව ආණ්‌ඩුව පැවසීය. එහෙත් මොවුන් සතුව ඔප්පු තිරප්පු තිබුණේ නැත. පරවිපන්ජාන් ප්‍රදේශයේ උපවාසයට එක්‌වූයේ පුංචි පිරිසකි. මොවුන් හමුවීම සඳහා යාපනය මන්ත්‍රිනී විජයකුලා මහේශ්වරන් පැමිණියාය. ඇය උපවාසකරුවන් අමතමින් පරවිපන්ජාන් ප්‍රදේශයෙන් හමුදාව ඉවත් කර හමුදාව සතුව ඇති ඉඩම් නිදහස්‌ කර දෙන බවත් කීවාය. එසේම ඉරනතිව් දූපතේ නාවික හමුදා කඳවුර පිහිටි ඉඩම ද ද්‍රවිඩ ජනතාවට බාරදෙන බව විජයකලා කියා සිටියාය. ඉරනතිව් යනු කොටි කඳවුරක්‌ ස්‌ථානගතව තිබු ප්‍රදේශයකි.

ඇගේ මෙම ප්‍රකාශනය සහ උපවාසය සමග මෙරට බහුතර ජනතාවට වාර්තා නොවූ සිද්ධියක්‌ සිදු විය. ඒ කොටින්ගේ වන්නි මූලස්‌ථානය වූ පරවිපන්ජාන් ප්‍රදේශයෙන් හමුදාව ඉවත්වී කොටි ග්‍රහණයෙන් මුදාගත් ගොඩනැගිලි දිසාපති වෙත බාරදීමට හමුදාවට සිදුවීමයි.

පරවිපන්ජාන් කොටි දේශපාලන කාර්යාලය පිහිටි ස්‌ථානය ද මුදාහැරීමට හමුදා බලධාරීන්ට සිදු විය. මේ කොටි කේන්ද්‍රස්‌ථානය මුදාගැනීමට ආරක්‍ෂක හමුදා භටයන් රැසක්‌ දිවි පිදූහ. තවත් පිරිසක්‌ ආබාධිත කණ්‌ඩායමකට පත් වුහ. 2002 පෙබරවාරි 21 සහ 22 යන දෙදින තුළ එවකට පැවැති රජය සමග ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් කළේ මෙම දේශපාලන කාර්යාලයේදීය.

පසුගියදා මියගිය තමිලිනි නමැති කොටි ත්‍රස්‌තවාදී කාන්තාවගේ කොටි කාන්තා බළකායේ කාර්යාලය ස්‌ථානගතව තිබුණේ මෙකී පරවිපන්ජාන් ගම්මානයේය.

ප්‍රභාකරන් මෙරට මාධ්‍ය කැඳවා උතුරු නැගෙනහිර අගමැති හා ජනාධිපති මම යෑයි පුරසාරම් දෙඩුවේ ද හමුදාවට මුදා හැරීමට සිදුවු කොටි දේශපාලන කාර්යාලයේදී බව අමතක නොවේ.

වත්මන් රජය සමයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දේශපාලන පත්වීමක්‌ අයකු ද ප්‍රභාකරන් විසින් පිරිනැමූ දහවල් භෝජනය වළ¹ මෙතරම් රසවත් කෑමක මින් පෙර වැළඳුවේ නැති බව අනිකුත්මාධ්‍ය පාර්ශ්ව වෙත පැවසුවේ ද එම දේශපාලන කාර්යාලයේ සිටය.

මෙලෙස වසර 7 කට පසු කොටි දේශපාලන මූලස්‌ථානය ඇතුළු ගොඩනැගිලි රජයේ දිසාපතිට බාරදීම බන්දේසියක තබා පරිත්‍යාග කිරීමට සමානය. මේ දේපළ ලබාදීමට පෙර කොටින්ට එම ඉඩම් ලබාදුන්නේ කෙසේද හා ඔප්පු පෙන්නුම් කරන ලෙස උපවාසකරුවන්ගේ ප්‍රශ්න කිරීමට රජයේ වගකිවයුතු අංශ ක්‍රියා කර නැත. කොටි සංවිධානය සතු දේපළ රාජසන්තක කර ඇත්නම් පරවිපන්ජාන් කොටි කේන්ද්‍රස්‌ථානයේ සියලු දේපළ ද රාජසන්තක විය යුතුය. එසේම පරවිපන්ජාන් උපවාස කළේ යාපනයේ සිට පැමිණි පිරිසක්‌ බවද අනාවරණය විය. කිලිනොච්චියේ මන්ත්‍රී ශ්‍රීධරන් වුවත් පරවිපන්ජාන් වෙත පැමිණියේ යාපනය මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් ය. ඇයට පරවිපන්ජාන් ඉඩම් ගැන ක්‍රියා කිරීමට කිසිදු හිමිකමක්‌ නැත.

පරවිපන්ජාන්වල බලය තහවුරු කර ගැනීමෙන් පසු ද්‍රවිඩ සංධානය මුහුදු කොටින්ගේ පාලනය යටතේ පැවැති ඉරණතිව් දූපත සිය පාලනයට ගැනීමට සැලසුම් කර ඇත. 2008 වසරේදී නාවික හමුදාව විසින් දියත් කළ මෙහෙයුමකින් ඉරණතිව් දූපතේ මුහුදු කොටි බලය විනාශ විය. පලාලි සිටයි. රත්මලාන බලා එමින් සිටි ලයන් එයාර් යානාවට මිසයිල් ප්‍රහාරයක්‌ එල්ල වූයේ ද ඉරනතිව් දූපතේ සිට මේ මිසයිල ප්‍රහාරය එල්ල කළ කොටි දෙදෙනා දැනට රැඳවුම් භාරයේ සිටී.

මෙම පසුබිම මැද උතුරෙන් හමුදාව ඉවත් කිරීම සඳහා විදෙස්‌ගත රාජ්‍ය නොවන සංවිධානද දැඩි උත්සාහයක යෙදී ඇත. මේ බව සනාථ වන්නේ පසුගිය සඳුදා ස්‌විට්‌සර්ලන්තයේ එස්‌. ටී. පී. නමැති රාජ්‍ය නොවන සංවිධානය ශ්‍රී ලංකා රජයට හා ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාව සම්බන්ධ නිර්දේශ කීපයක්‌ ඉදිරිපත් කිරීමය. මෙම නිර්දේශවලින් කියා සිටියේ උතුරින් හමුදාව ඉවත් කරන ලෙසය. හමුදාව පවත්වාගෙන යන තල් සෙවන හෝටල් සංකීර්ණය ඇතුළු වාණිජ ව්‍යාපාර වහාම වසා දමන ලෙසද ඉල්ලා තිබේ.

එහෙත් මෙම ඉල්ලීම් පසුබිමේ සිදුවන දේ දැන් අනාවරණයවී ඇත. පසුගියදා ඩයස්‌පෝරා ව්‍යාපාරිකයන් යෑයි හඳුන්වාගත් පිරිසක්‌ යාපනයේ ආයෝජන සමුළුවකට පැමිණියහ. ඔවුන් හමුදාව සතු තල් සෙවන හෝටලය සහ වෙනත් වාණිජ ව්‍යාපාර තමන්ට බාර දෙන ලෙස ඉල්ලා ඇත. මෙම තත්ත්වය මත පලාලි අධි ආරක්‍ෂක කලාපයට තර්ජනයක්‌ එල්ල කළ හැකි මයිලඩ්ඩි ධීවර වරාය කලාපය ද හමුදාවෙන් නිදහස්‌ කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

මේ අතර මුලතිව්හි කොටි පාරාදීසයක්‌ව තිබූ වඩුවට්‌ටකලේ සහ මුල්ලිවයක්‌කාල් ප්‍රදේශ තමන්ට බාර දෙන ලෙස ඉල්ලමින් ද්‍රවිඩ සංධානය මෙහෙය වූ පිරිසක්‌ විරෝධතා දක්‌වා ඇත. වන්නි මෙහෙයුමේ අවසාන අදියරේදී කොටි සමග සිටි විශාල පිරිසක්‌ මඩුවක්‌කාලේ පාලමේ සිට පැනගොස්‌ ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව ගෝඨාභය නාවික හමුදා කඳවුර ස්‌ථාපිත කළේ මෙම කලාපයේයි.

මුලතිව් දිස්‌ත්‍රික්‌ ඉඩම් කාර්යාලය දක්‌වන්නේ රජය සතු අක්‌කර 617 ක ප්‍රදේශයක අවතැන්වූ බව කියන පාර්ශ්ව ඉල්ලා සිටින බවත් ය. එහෙත් යුද්ධය නිසා ඔප්පු තිරප්පු විනාශ වූ බව ද ඔවුන් ප්‍රකාශ කර ඇත. මුලතිව් ප්‍රදේශයේ ඉඩම්වලින් අක්‌කර 50 ක්‌ කොළඹ පදිංචි චීන ව්‍යාපාරිකයකු ද සතු බව ආරංචි මාර්ග දක්‌වයි. මෙම ඉඩම් ඔහු මිලයට ගත්තේ කෙසේ දැයි මෙතෙක්‌ වාර්තා වී නැත.

මෙම පසුබිම මැද කොටි සොහොන් බිම්වල ඇති බවට පවසන හමුදා කඳවුරු ඉවත් කරන ලෙස දවිඩ සංධාන මන්ත්‍රීවරු පිරිසක්‌ රජයෙන් ඉල්ලා සිටියහ. මුලතිව්හි දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීමේදී කොටි සුසාන භූමි මුදා හැරීමට රජය ක්‍රියා කළ යුතු බවට යෝජනාවක්‌ ද සම්මත විය. එම වාතාවරණය මැද විලාන්කුලම් කනගපුරම් සහ මුලකොවිල් නමැති ස්‌ථානවල ඇති හමුදා කඳවුරු දෙකක්‌ ඉවත්කර තිබේ. අති විශාල මුදලක්‌ වැය කරමින් ඉදිවූ මෙම කඳවුර e ඉවත් කිරීම බහුතරයේ ජනතාවට රහසක්‌ විය. මේ අතර පසුගිය 27 දා කොළඹ බණ්‌ඩාරනායක සමරුහලේදී ත්‍රිවිධ හමුදා වික්‍රම සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූහ.

මෙහිදී ප්‍රකාශයක්‌ කළ ජනාධිපතිවරයා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නවලට රාජ්‍ය නොවන සංවිධාවලට අත දැමීමට ඉඩ නොදෙන බව තරයේ කියා සිsටියේය. ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන විසින් කළ යුතු කාර්යයන් මෙන්ම නොකළ යුතු කාර්යයන් ද තිබෙනවා. එම කාර්යයන්ගෙන් බැහැරව ජාතික ආරක්‍ෂාවට යම් යම් බලපෑම් කිරීමට හෝ අනවශ්‍ය මැදිහත්වීම් කරන්න හෝ වැරදි අර්ථකථන දීමට ඔවුන්ට හිමිකමක්‌ නැහැ. ලොව බොහෝ රටවල්වල රාජ්‍ය නොවන සංවිධාන ආණ්‌ඩුවලට බරපතළ ප්‍රශ්න ඇති කර තිබෙනවා. 2009 වසරේදී කොටි සංවිධානය ආයුධවලින් පරාජය කළත් රටින් පිටත සිටින කොටි ක්‍රියාකාරීන් තවමත් ගෙන යන ක්‍රියාකාරකම් අපි දන්නවා.”

මෙරට ජාතික ආරක්‍ෂාවට මැදිහත්වීම සඳහා රාජ්‍ය නොවන සංවිධානවලට ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වසර ගණනාවක්‌ තිස්‌සේ මෙරට ජාතික ආරක්‍ෂාවට මැදිහත් වූ ඩොලර් කාක්‌කන් හෙවත් රාජ්‍ය නොවන සංවිධාන 30 කට අධික සංඛ්‍යාවක ප්‍රධානින්ට එල්ලවු අතුල් පහරකි.

ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කිරීමට පැය 24 කට පෙර මෙරට ජාතික ආරක්‍ෂාවට සෘජුව මැදිහත් වන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සම්බන්ධ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානවහිමිකම් පිළිබඳ රාජ්‍ය ඒකකය වූ ඩී. ආර්. එල්. ආයතනය මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට ඩොලර් පන් ලක්‍ෂයක්‌ හෙවත් මෙරට මුදලින් රුපියල් හත්කෝටි පනස්‌ ලක්‍ෂයක අති විශාල මුදලක්‌ ලබාදීමට තීරණය කර තිබුණි. මෙම විශාල මුදල් සම්භාරය ලබාදීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙසත් එකී යෝජනාවලට රජයට බලපෑම් කිරීමට හා රජයේ කටයුතු නිරීක්‍ෂණය කිරීම ද ඇතුළත් විය යුතු බව ඇමරිකානු බලධාරීන් ප්‍රකාශ කර ඇත. ලබන දෙසැම්බර් මස 19 ට පෙර එකී යෝජනා ඉදිරිපත් කළ යුතු බවද ඇමරිකානු ඩී. ආර්. එල්. සංවිධානය නිවේදනය කර තිබේ.

ඇමරිකානු බලධාරීන් ඩොලර් පන් ලක්‍ෂයක අරමුදලක්‌ මෙරට එන්. ජී. ඕ. හෙවත් සිවිල් සංවිධානවලට ලබාදීමට තීරණය කිරීමේ පසුබිම තේරුම් ගැනීම අපහසු නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress