පිං හරක්ට දෙන වරදාන ලැයිිස්තුව…!!!
Posted on May 11th, 2017

උපුටා ගැන්ම lankanews.org

මේ තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරදාන හා වරප්‍රසාද….

මන්ත‍්‍රීවරුන්ට හිමි වරප‍්‍රසාද

  1. වෛද්‍ය රක්ෂණයත් ලක්ෂ තුන හමාර දක්වා වැඩි කරයි.
    2. මන්ත‍්‍රීවරයෙකුගේ මාසික වැටුප රුපියල්54,285කි.
    3. පාර්ලිමේන්තු සභා වාරය පැමිණීම වෙනුවෙන් දිනක දීමනාව රුපියල් 500.
    4. කොළඹින් බැහැර අයට නිල නිවාසයක් (ව.අඩි. 900 ක දෙමහල් නිවස).
    5. රාජකාරි හා පෞද්ගලික දුරකථන පහසුකම් සඳහා බිල්පත් ගෙවීම.
    6. තීරු බදු රහිත වාහනයක් (වසර 5 කට වරක් ගත හැකිය) බොහෝ විට මෙම වාහන බලපත‍්‍රය ලක්ෂ 30 ක 40 ක ලාභයක් ඇතිව විකිණීම සිදු වේ.
    7. ඉන්ධන දීමනාව (බස්නාහිර පළාතෙන් පිටත) පෙට‍්‍රල් වාහනයක් සඳහා –රුපියල් 50,000 (ඞීසල් වාහනයක් සඳහා – රුපියල් 20,000)
    8. කාර්යාල, නිවාස හා ජංගම දුරකතන බිල් ගෙවීම.
    9. දේශීය හා බටහිර වෛද්‍ය පහසුකම් නොමිලයේ.
    10. නිරෝගී ශරීර සෞඛ්‍ය සඳහා ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන පහසුකම්.
    11. විශේෂඥ වෛද්‍යවරයෙකු නියම කරන බෙහෙත් ඖෂධ වර්ග පවා නොමිලයේ ලබා ගැනීමේ පහසුකම්ි.
    12. වසර 5 ක පාර්ලිමේන්තු නියෝජනයෙන් පසු විශ‍්‍රාම වැටුප් හිමිකම.
    13. ලිපි ද්‍රව්‍ය පහසුකම් නොමිලේ.
    14. ලැප්ටොප් පරිගණකයක්.
    15. ෆැක්ස් යන්ත‍්‍රයක්.
    16. විදේශ සංචාර.
    17. කාර්ය මණ්ඩලය සඳහා දුරකථන පහසුකම්.
    18. ආරක්ෂක නිළධාරීන්.
    19. බාධක වලින් තොරව පාර්ලිමේන්තුවේ රැුස්වීම් වලට සහභාගි වීමට හා ඒමට මාර්ග පහසුකම් සැපයීම.

ඇමතිවරයෙකුට හා නියෝජ්‍ය ඇමතිවරයකුට හිමි වරප‍්‍රසාද (මාසිකව මුදල් හිමිවීම්ද ඇතුළත්ය)

1. ඇමතිවරයෙකුගේ වැටුප – රුපියල් 65,000 කි.
2. නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ වැටුප රුපියල් – 63,000 කි.
3. පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමේ දිනක දීමනාව – රුපියල් 500 කි.
4. කොළඹ ප‍්‍රදේශයෙන් බංගලාවක්.
5. නිල නිවාසයක් නොමැති නම් පෞද්ගලික නිවසක් කුලියට ගැනීමට මාසික කුළිය – 40,000 කි.

  1. ඇමතිවරයෙකුගේ කාර්යාල දුරකථන දෙකට ගාස්තුව රුපියල්20,000 කි.
    7. රාජකාරි නිවාස දුරකථන දෙකට රුපියල්– 10,000 කි.
    8. ජංගම දුරකථනයට රුපියල් 4,000 කි.
    9. නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ කාර්යාල දුරකථන දෙකට රුපියල් 10,000 කි.
    10. නිවාස දුරකථන දෙකට රුපියල් – 5,000 කි.
    11. ජංගම දුරකථනයට රුපියල් 2,000 කි.

බස්නාහිර පළාතෙන් පිටත ඇමතිවරයෙකුට

පෙට‍්‍රල් වාහනයක් සඳහා ඉන්ධන – රුපියල් 75,000 කි.
ඞීසල් වාහනයක් සඳහා ඉන්ධන රුපියල් – 30,000 කි.

බස්නාහිර පළාතෙන් පිටත නියෝජ්‍ය ඇමතිවරයෙකුට

පෙට‍්‍රල් වාහනයක් සඳහා ඉන්ධන – රුපියල් 65,000 කි.
ඞීසල් වාහනයක් සඳහා ඉන්ධන රුපියල් – 30,000 කි.

බස්නාහිර පළාතේ ඇමතිවරයෙකුට

පෙට‍්‍රල් වාහනයක් සඳහා ඉන්ධන දීමනාව – රුපියල් 50,000 කි.
ඞීසල් වාහනයක් සඳහා ඉන්ධන දීමනාව රුපියල් – 20,000 කි.

නියෝජ්‍ය ඇමතිවරයෙකුට

බස්නාහිර පළාත ඇතුළත පෙට‍්‍රල් වාහනයක දීමනාව – රුපියල් 40,000 කි.
ඞීසල් වාහනයක දීමනාව රුපියල් – 20,000 කි

*මන්ත‍්‍රීවරුන්ට හිමි අනෙකුත් සියලූ වරප‍්‍රසාද ඇමතිවරුන්ට හිමි වේ.

5 Responses to “පිං හරක්ට දෙන වරදාන ලැයිිස්තුව…!!!”

  1. Wetta Says:

    කරුණාකර පැහැදිලි කර දෙන්න.

    ඔය පිං හරකෙක් ඇමති කෙනෙක් වුනොත්, ඒ අහිංසක සතා ඒ වෙනකොට මන්ත්‍රී කෙනෙකුත් නිසා, ඌට මන්ත්‍රී පිං වරදාන වලට අමතරව ඇමති පිං වරදානත් හිමිවනවාද?

    උදාහරණයක් ලෙස, මන්ත්‍රී පිං හරකෙක් ඇමති පිං හරකෙක් වුනොත් උගේ වැටුප රු.54285 + රු. 65000 = රු.119,285 වනවාද?

  2. Dilrook Says:

    නැත. එනමුත් ඇමති හරකුන්ට විශේෂිත නොවන අනෙක් සියළු මැති හරක් වරදාන උන්ටත් වමාරන්නට ලැබේ.

    උදා. පාර්ලිමේන්තුවට පැමිණීම

    එක අතපසුවීමක්.

    පාර්ලිමේන්තු පැමිණෙන සැමදිනම නොමිළේ ලැබෙන දවල්, ඇතැම්විට රාත්‍රී buffet කෑම, තේ, කෝපි සහ කේක් ආදිය. එක හරකෙකුට අඩුම ගානේ දවසකට රුපියල් 2,000ක ආහාර පාන.

    රටේ මව්වරුන් සිය ලපටි කිරි සප්පයන් ගෙදර දමා දුර රස්සා ගොස් කිරි දීමට පවා නොහැකි විට, පාර්ලිමේන්තු එල දෙනුන්ට කිරි දීමට විශේෂ අවස්ථා සහ දීමනා. උන්ගේ දරු දැරියන්ට රජයේ හොඳම පාසල්. රටේ දරුවන්ට පාසැලක් සෙවීමට අහස පොළොව ගටවන්නට අසරණ දෙමාපියන්ට සිදුවේ.

    පළාත් සභා අම්බරුවන් 441 ට මෙපමණ නොලැබුණත්, බොහෝ වරදාන ලැබේ.

    කෙතරම් වරදාන දුන්නත් හොරා කන්නටනම් මේ අම්බරුවන් අමතක නොකරයි.

    මෙම හරක් මත යැපෙන මැක්කන්ටද වරප්‍රසාද ලැබේ.

  3. Ananda-USA Says:

    The salaries listed above can’t be correct.

    As soon as the Yamapalanaya was elected, they increased the monthly salaries of ALL MP’s by Rs. 100,000 and added various additional benefits as bonus payments.

  4. dhane Says:

    Do these පිං හරකෙක් මන්ත්‍රී , ඇමති feel guilty or shame by reading your articles. There many මන්ත්‍රී , ඇමති who had been rejected by the voters. But still they come through backdoor to enjoy පාර්ලිමේන්තු පැමිණෙන සැමදිනම නොමිළේ ලැබෙන දවල්, ඇතැම්විට රාත්‍රී buffet කෑම, තේ, කෝපි සහ කේක් ආදිය. එක හරකෙකුට අඩුම ගානේ දවසකට රුපියල් 2,000ක ආහාර පාන හොරා කන්නටනම් මේ අම්බරුවන් අමතක නොකරයි. Its obvious within 6 months they become fat & chubby.
    I do not think any other country you find this amount of privileges for අම්බරුවන් and මෙම හරක් මත යැපෙන මැක්කන්ටද වරප්‍රසාද නොලැබේ.

  5. Christie Says:

    I do not think our MP are well paid compared to what Indian Colonial Parasite business person earn in a minute.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress