උමා ඔය ගැන පරිසර වාර්තා ලියූ කණ්ඩායම මෙන්න.
Posted on July 4th, 2017

Rajith Keerthi Tennakoon Executive Director/CaFFE Executive Director/CHR-Sri Lanka

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය උමා ඔය ගැන උනන්දුවන මැදිහත්වන කණ්ඩායමක් බව ඔබ දනී.  උමා ඔය පරිසර බලපෑම් වාර්තාව සකස් කළ නිලධාරීන් ගේ නම් සහ ඔවුන් සේවය කරන ස්ථාන මේ සමග වේ. 

උමා ඔය පරිසරය ගැන සිහින වාර්තා ලියූ මේ විශේෂඥයින්ගෙන් අද ඔවුන්ට කියන්නට ඇති දේ ගැන අසන්න. මේ අපරාධයට වගකිව යුතු පුද්ගලයින් ගෙන් කොටසක් වන්නේ මේ අයයි.  මේ අය මේ විනාශයට උත්තරය ද දනී.  එසේ නැතිව, උමා ඔය විනාශය ගැන දේශපාලනඥයින්ගේ (විශේෂයෙන්ම චමින්ද විජේසිරි, ප්‍ර‍ධාන අමාත්‍යවරයා, හරීන් ප්‍ර‍නාන්දු වැනි අය) සමග කථා කිරීමෙන් පළක් නැත. 

දිය ඇලි සිදී, නිවාස හිස මත පතිතවන බණ්ඩාරවෙල මිනිසුන්ගේ අදෝනාව ඔබට නෑසෙන්නේ දැයි ඇසිය යුත්තේ දේශපාලනඥයින්ගෙන් නොවේ.  මේ අපරාධයට සම්බන්ධ පුද්ගලයින්ගෙනි. 

මෙම වාර්තා සදහා දේශපාලන බලපෑම් කළ පුද්ගලයෝ ඔවුන්ට ඒ සදහා උක්තේජනය ලැබුණු ආකාරය, චරිත හේරත් මධ්‍ය පරිසර අධිකාරියේ සභාපතිවරයාට සිදු කළ බලපෑම් ගැන ඒ ඔස්සේ අනාවරණය කළ හැකිය. 

උමා ඔය ‘පරිසර බලපෑම් වාර්තාව‘  ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලය වෙනුවෙන් සකස් කළේ, කණ්ඩායම් නායිකාව  ශ්‍රී ජයවර්ධනපුර වි.වි. යේ පශ්චාත් උපාධි පිඨයේ මහාචාර්ය ස්වර්ණා පියසිරි (Prog. S.Piyasiri) යි. 

පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ මහාචාර්ය නන්දලාල් – කණ්ඩායමේ සම ප්‍ර‍ධානියා ය.

මහ පොළොව ගැන පට්ටපල් බොරු පරිසර වාර්තාවට ලීවේ ඩී.ඒ.ජේ. රන්වල (DAJ Ranwala – Hydrologist), කේ.ඒ.ඩබ්ලිව්. කොඩිතුවක්කු (Hidro-gelolgist) ය.

RLP Chandrajith  (Geologist) , ප්‍ර‍ශාන්ත බන්දුල මණ්ඩාවල ජ.පුර වි,වි.යේ පුරා විද්‍යාව මහාචාර්යවරයා ද මේ කමිටුවේ සාමාජිකයින් ය.

අනෙක් සාමාජිකයින් මෙසේය.  Dr. UKGK Padmalal, Dept. of Zoology Open University, Dr Kamal Ranatunga (Zoology) SJP, Prof BMP Singhakumar SJP, Yatawara Gedera Wijeratne MASL (Sociologist/Resettlement expert), Dr. P. Gunawardene SJP, DAJ. Ranawala (Hydrologist), Dr. RLR. Chandrajith, Dept of Geology Peradeniya, R. Karunarathna (Irrigation Engineer), SK Weerasena (Electrical Engineer), AKDN Atukorala (Tunnel Expert Tunnel Engineer), DB Rambodagedera (Agronomist), KAW Kodituwakku, PGI of Science Peradeniya, Muni Gunaratne (Civil Engineer), MAK Munasinghe (Soil Scientist), Prashantha Bandula Mandawala SJP, Wijewickrama (GIS Specialist) NBRO, Dr. MMPathmalal Dept. of Zoology, SJP,

අතුකෝලර (Tel. 081 2310600 ) උමං විශේෂඥයා.

මේ අය ගෙන් අසන්න, සාකච්ඡා ගන්න ඇයි ඔච්චර උගත් ඔබ මේ විනාශය ගැන වචනයක් හෝ කියන්නේ නැතිව මේ ව්‍යාපෘතියට කළ යුතු හා කළ හැකි බවට වාර්තා ලිව්වේ කියලා.  මේ ව්‍යාපෘතියට එරෙහිව නැගුණු එකම විරෝධයකට හෝ කන් දුන්නේ නැත්තේ කියලා. 

අහන්න, දවස් කීයක් මේ තැන්වලට ගියා ද කියලා?  (උත්තරය දින 2 යි)

මේ අය දෙන උත්තරත් එක්ක මට කථා කළොත් මම කියන්නම් ඔවුන් කවුද? මොනාද ලිව්වේ කියලා.!!

Rajith Keerthi Tennakoon
Executive Director/CaFFE
Executive Director/CHR-Sri Lanka

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress