රවි ගස් යන ලකුණු.. බැදුම්කර කොමිසමේදී රාජ්‍ය බැංකු තුන සාක්‍ෂි දෙයි..
Posted on October 4th, 2017
lanka C news
ප‍්‍රශ්ණගත බැඳුම්කර නිකුතුව සිදුවෙද්දී ඒ සදහා අඩු ලංසු ඉදිරිපත් කරන්නැයි එවකට මුදල් ඇමති රවී කරුණානායක විසින් රාජ්‍ය බැංකුවලට උපදෙස් දුන්නේ යයි ඒ සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමේදී අද හෙලි විය.
මහජන බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකුවල සභාපතිවරුන් අද දිනයේ කොමිසම හමුවට කැදවා ප‍්‍රශ්ණ කරනු ලැබීය.
මෙම බැංකුවල සභාපතිවරැන් කොමිසම හමුවට අද කැදවූ නිසා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් හරස් ප‍්‍රශ්න ඇසීම වෙනත් දිනකට කල් දමා ඇත.