නීති විරෝධී හංසයා පක්‍ෂයේ ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය අවලංගුයි??.. ජාත්‍යන්තර පූර්වාදර්ශය එයයි.. ව්‍යවස්ථාව මෙන්න.. .
Posted on October 13th, 2017
lanka C news
ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 26 ව්‍යවස්ථාවේ ශ්‍රීලංකාවේ පුරවැසියකු විම හා ඔහුගේ නිත්‍යානුකූල භාවය ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි ව්‍යවස්ථාව අනුව ශ්‍රීලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත. එනම් ජනතාව මෙරටේ නිත්‍යානුකූල පුරවැසියන්ගෙන් සැදුම්ලත් වනුය, ඒ අනුව ජනතාව පරමාධිපත්‍යය රටේ උත්තරිතර වනු ඇත.
එමෙන්ම මෙරටේ විධායකය ව්‍යවස්තාදායකය හා අධිකරණය ජනතාවගේ පරමාධිපත්‍යය මත පිහිටුවා ඇත. එනම් රටේ සියලු කාර්යයන් සිදු වන්නේ මෙරටේ නිත්‍යානුකූල පුරවැසියන්ගෙන් සැදුම්ලත් ජනතාවගේ පරමාධිපත්‍යය බලය මගින් ඔහුන් විසින් ඔහුන්ගෙන් පත් කර ගන්නා නියෝජිතයින් හරහා ය.
ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (1) ව්‍යවස්ථාවේ අ. යටතේ ශ්‍රීලංකාවේ පිලිගත් දේශපාලන පක්ෂයකින් ශ්‍රීලංකාවේ පුරවැසියකු ජනාධිපති ධූරය සඳහා යෝජනා කල හැක්කේ ය යන්න පැහැදිලිව සඳහන් වේ වන අතර එය ජනාධිපති ධූරය සඳහා මූලික සුදුසුකමකි.
ඒ අනුව 2014 නොවැම්බර් මස 24 වෙනිදා ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එවකට පැවත්වීමට නියමිතව තිබු ජනාධිපතිවරණය සඳහා ශ්‍රීලංකාවේ පුරවැසියකු තම අපේක්ෂකයන් ලෙස මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කෙරෙනු අතර එහි මෙරටේ ප්‍රධාන පක්ෂ දෙක පහත පරිදි වේ.
1. එක්සත් ජනතා නිදහස් සංධානය ( ඡන්දය ලකුණ බුලත් කොලය) වෙනුවෙන් එහි සභාපති මහින්ද රාජපක්ෂ මහතා සහ එම පක්ෂයේ ලේකම් සුසිල් ප්‍රෙම්ජයන්ත මහතා විසින් පක්ෂයේ ඒකමතික තීරණය අනුව එක්සත් ජනතා නිදහස් සංධානය සභාපති මහින්ද රාජපක්ෂ මහතා.
2. ශ්‍රිලංකා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ( ඡන්ද ලකුණ, හංසයා) එහි සභාපති ශලිල මුණසිංහ හා එම පක්ෂයේ ලේකම් ශ්‍යාමලී පෙරේරා විසින් එම පක්ෂයේ තීරණය අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා
මෙහිදී ඉහත පක්ෂ දෙකේ නියෝජිතයින් ශ්‍රිලංකා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ( හංසයා) ඡන්ද 6,217,162 එක්සත් ජනතා නිදහස් සංධානය ( බුලත් කොලය) ඡන්ද 5,768,090 ක් ද ලබාගත්තේය.
ඉහත ඡන්දය පවත්වා අවුරුද්දයි මාස 10 ක් ගතවනතුරු එම මැතිවරණයේ වැඩි ඡන්දය ලබාගත් පක්ෂය මෙරටේ නිත්‍යානුකූල නොවන පක්ෂයක් බව මෙරටේ ජනතාවට දැනගන්නට ලැබෙන්නේ පසුගිය දා විදේශ බැංකුවලින් මුදල් වංචා කොට පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල එම පක්ෂයේ නායක සහ සභාපති ශලිල මුණසිංහ ශ්‍රීලංකාවේ පුරවැසියකු නොවන බැවිනි.
කරුණු එසේ නම් එදා 2015 ජනාධිපතිවරණය සඳහා ශ්‍රිලංකා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ( ඡන්ද ලකුණ, හංසයා) එහි සභාපති ශලිල මුණසිංහ හා ලේකම් ශ්‍යාමලී පෙරේරා විසින් ශ්‍රීලංකාවේ මැතිවරණ කොමිසම රවටා ඇති බැව් ඉතා පැහැදිලි ය. ඒ අනුව මේ වනවිට රටේ සමස්ථ ජනතාවගේ ස්වාධිපත්‍යයට වංචා කොට ශ්‍රීලංකාවේ ජනාධිපතිවරණයක් සඳහා කූට ලෙස ලේඛන සකස් කොට නිත්‍යානුකූල නොවන පක්ෂයක් විසින් නිත්‍යානුකූල බවට දිව්රුම් පෙත්සම් ඉදිරිපත් කරමින් නියෝජිතයකු ඉදිරිපත් කොට ජනතාවගේ පරමාධිපත්‍යයට වංචා කොට ඇත.
එමෙන්ම මෙවෙනි ශ්‍රීලංකාවේ පුරවැසියකු නොවන පුද්ගලයකු විසින් අටවා ගත් නිත්‍යානුකූල නොවන පක්ෂයක් හරහා නියෝජිතයකු ඉදිරිපත් නොකලේ නම් ශ්‍රීලංකාවේ පුරවැසියන්ගේ සැදුම්ලත් නිත්‍යානුකූල පක්ෂයක් විසින් ඉදිරිපත් කල නියෝජිතයා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනු ඇත.
සුසන්තිකා ජයසිංහ 2000 වසරේ ඔලිම්පික් සඳහා ඉදිරිපත් වී තෙවැනි ස්ථානයට පැමිණ ලෝකඩ පදක්කම දිනාගත් අතර එහි පලමු ස්ථානය දිනාගත්තේ ඇමරිකානු ක්‍රීඩිකාවක් වු මේරියන් ජෝන්ස් ය. එහෙත් පලවෙනි ස්ථානයට පැමිණි මේරියන් ජෝන්ස් ධාවනය නීති විරෝධී යයි ඊට වසර 4 කට පසු හෙලිවීමෙන් පසු ලෝක ඔලිම්පික් කමිටුව විසින් ඇයගේ එම ජයග්‍රහණය අහෝසි කොට ජීවිතාත්තය දක්වා නැවත තරග කිරිම තහනම් කලේ ය. ඒ අනුව දෙවෙනි ස්ථානයේ ක්‍රීඩිකාව පලවෙනි ස්ථානයටත් සුසන්තිකා ජයසිංහ දෙවෙනි ස්ථානයට පත්කොට ඇයට වසර 4 කට පසුව ලෝකඩ වෙනුවට රිදි පදක්කම ලෝක ඔලිම්පික් කමිටුව පිලිගැන්විය.
මේ අනුව බලන කල 2015 ජනාධිපතිවරණය සඳහා ශ්‍රිලංකා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ( ඡන්ද ලකුණ, හංසයා) එහි සභාපති ශලිල මුණසිංහ හා ලේකම් ශ්‍යාමලී පෙරේරා විසින් ශ්‍රීලංකාවේ මැතිවරණ කොමිසම රවටා නියෝජිතයකු ඉදිරිපත් කොට ජයග්‍රහණය කිරිම මොන විදියට ශ්‍රීලංකාවේ ස්වාධීන මැතිවරණ කොමිසම විමර්ශනය කරන්නේ ද යන්න ජනතාව මෙන්ම නීති කේෂ්ත්‍රයේ පිරිස් බලා සිටි.
එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදි ශ්‍රිලංකා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ( ඡන්ද ලකුණ, හංසයා) ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට මෙරටේ පුරවැසියකු නොවන පුද්ගලයකු වශයෙන් එහි සභාපති ශලිල මුණසිංහ කටයුතු කොට ඇත. එමෙන්ම ඒ හරහා ශ්‍රීලංකාවේ පිලිගත් දේශපාලන පක්ෂයක් ලෙස එම විදේශිකයාට විසින් මිලදී ගත් පක්ෂයක් කූට ලේඛන සකස් කොට ජනාධිපතිවරණය හරහා මුලු මහත් ජනතාව මුලා කොට ඇත.
එමෙන්ම මෙම විදේශිකයා එම පක්ෂයේ සභාපති ලෙස නිලධාරි මඩුල්ලක් ඇතුළු ලේකම් පත් කොට පසුගිය ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කොට එම පුද්ගලයා ද නිතී විරෝධී පෙළඹීමකට පත්කොට ඇත. එමගින් රටේ නිත්‍යානුකූල පුරවැසියන්ගෙන් සැදුම්ලත් පිලිගත් දේශපාලන පක්ෂයක සභාපතිවරයෙකු එම ජනාධිපතිවරණයේදි පරාජයට පත්කිරීමට කුමන්ත්‍රණය කිරිම මෙන්ම ශ්‍රිලාංකික ජනතාවගේ අයිතිවාසිකම් කඩ කොට මෙරටේ උත්තරිතර වූ ජනතාවගේ පරමාධිපත්‍යය බලය කූට ලෙස වංචා කිරිම නිති විරෝධිය.
October 13th, 2017 at 2:08 pm
If even a Bank Robber can run this (LI)ttel (RO)bber GAS company for 2 years why need a Chairman ?
Similarly if a Bank Robber (Robber Kamaba) can be Finance Minister for 2 years why Sri Lanka need a Finance Minister at all ?
‘Litro’ ට නව සභාපතිවරයෙක්
Litro ගෑස් සමාගමේ නව සභාපති ලෙස නිස්‌සංක නානායක්‌කාර මහතා පත් කළ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා ජාත්‍යන්තර බැංකු මුදල් වංචාවකට හසුවීම නිසා ඉකුත් 11 වැනිදා ඉවත් කරනු ලැබීය.
October 13th, 2017 at 6:37 pm
ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන ශලීල මුණසිංහ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක විසින් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස පත් කිරීම, ඔහු සභාපති තනතුර දරන පක්ෂයක් මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් පිළිගැනීම සහ…එම පක්ෂයෙන් පසුගිය ජනාධිපතිවරණයට මෛත්‍රිපාල සිරිසේන මහතා තරග කිරීම තුල නීතිමය වශයෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
ශලීල මුණසිංහ සභාපති පදවිය දරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලියාපදිංචි කිරීමේදී හා පවත්වාගෙන යෑමේදී ඔහු විසින් මැතිවරණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති තොරතුරු හා ඉදිරිපත් කළ ජාතික හැඳුනුම්පත පිළිබඳ වහාම විමර්ශනය කළ යුතු බවත් මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විමසිය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන ‘මව්බිම’ට පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂය මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් ලබන සතියේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හමුවී ශ්‍රී ලංකාවේ පුරවැසි භාවයක් නොමැති පුද්ගලයකුට පිළිගත් දේශපාලන පක්ෂයක තනතුරු දැරීමට නොහැකි වන සේ ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බවද දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. ශලීල මුණසිංහ, පිළිගත් දේශපාලන පක්ෂයක තනතුරු දැරීම සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන පුද්ගලයන් දේශපාලන පක්ෂවල තනතුරු හෙබවීම සම්බන්ධයෙන් නීති විමසුමක් වහාම සිදු කළ යුතු බවත් නීතිපතිවරයාගේ සහාය ඒ සඳහා ලබාගත යුතු බවත් ජාතික මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ ජාතික සංවිධායක නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර පවසයි.
කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ පිළිගැනීමේ ක්‍රමවේදය වහාම වෙනසක් සිදුකිරීමට පියවර ගත යුතු අතර අදාළ නීතිරීති මැතිවරණ කොමිෂන් සභාව විසින් පැනවිය යුතු බවයි. ශලීල මුණසිංහ පිළිගත් දේශපාලන පක්ෂයක නියෝජිතයකු ලෙස දිගටම පෙනී සිටි බවත් ඔහු මහා මූල්‍ය වංචාවකට අත්අඩංගුවට ගන්නා තෙක් මෙරට පුරවැසිභාවයක් ලබා නොසිටි අයකු ලෙස හෙළි නොවූ බවත් සඳහන් කරන පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මින් ඉදිරියට දේශපාලන පක්ෂ පිළිගැනීමේදී එම පක්ෂවල තනතුරු ධාරීන්ගේ පුරවැසි භාවය විමසුමට ලක් කළ යුතුව ඇතැයි පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ පුරවැසි භාවයක් නොලබා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සභාපති තනතුරක් දැරීම සම්බන්ධයෙන් හා ශලීල මුණසිංහ විසින් ඉදිරිපත් කළ ඔහුගේ ජාතික හැඳුනුම්පත හා සෙසු ලියකියැවිලි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව මෙම මස 19 වැනිදා බ්‍රහස්පතින්දා රැස්වන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ‘මව්බිම’ ට පැවැසීය.
October 14th, 2017 at 2:41 am
මේ සොයාගැනීමේ ප්‍රතිපලයක් නිසා 2015 ජනවාරි 8 වනදා ජනාධිපති චන්ධය නිෂ්ප්‍රභා කලයුතු නැද්ද ? එසේනම් සිරිසේන ජනාධිපති තුමාට තවත් බලයේ සිටිය නොහැකියි. නැවතත් චන්දයක් පවත්වනතුරු හිටපු ජනාධිපති රාජපක්සේ මැතිතුමාට ජනාධිපති තනතුර භාරදිය යුතුයි නේද ?
October 14th, 2017 at 3:52 am
ඔව් ඔව් ඇත්තවශයෙන්ම ජනාධිපති පදවිය අවලංගුයි. හිටපු මහාධිකරණ විනිසුරු සරත් සිල්වා සාක්කියි. සිරිසේන ගෙදර යායුතු පමණක් නොව, ඔහු ලබාගත් පඩි නඩි, ගමන් වියදම් සියල්ල ආපසු ගෙවිය යුතුය. කෙහෙල් කොලේ සයිවරි සාපාට්ටු කෑනිසා කෝටි ගාණක් ආහාර වියදම ගෙවිය යුතු නැත. (හිටපු ජනපතිට මෙය උනා නම් කපෝතියි !) මල්වතු මහණාහිමි මුදල් එකතු කිරීමට පිඬපාතයේ යන්න සූදානම් වෙනවායි කියලා ආරංචියක් ඇත. අයියෝ සිරිසේන !
එහෙත් පොඩි ප්‍රශ්නයක් ඇත. SLFP එකේ සභාපති කම නැතිවෙන්නේ නෑලු. මහින්ද කළ ගොන් බූරු වැඩේ නිසා දැන් ඔහුට සභාපති වෙන්න බෑ. අනේ පව් මහින් ද කොතරම් අහිංසක ද ? මේ යකා පිටරැටියෙක් කියලා ගෝඨා සොයා නොගත්තේ ඇයි ? එහෙම් නැත්නම් ඔහු ලඟ හිටපු උන් ඔහුට කෙටුවා ද ?
October 14th, 2017 at 3:57 am
සොරි සොරි මට වැරදුනා ! අයියෝ , ජනාධිපති පදවියට ඉල්ලන්න පක්‍ෂයක් ඕනෙ නෑනේ ! අනේ මංවාගේ බූරු රජෙක් ?
October 14th, 2017 at 11:34 am
MUST SEE: Wimal Weerawansa explains the dangers of the New Constitution to the Integrity and Sovereignty of Sri Lanka!
https://www.youtube.com/embed/joblldNMMWs