අපි යාපනය පුස්තකාලයට ගිනි තියපු උදාර ජාතියක්…- ධර්මසිරි බණ්ඩාරනායක
Posted on May 21st, 2018

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

ධර්මසිරි බණ්ඩාරනායකගේ මේ කතාව වැරදි බවයි මගේ හැඟීම​. යාපනය පුස්තකාලයට ගිනි තිබ්බේ දේශපාලන මැරයෝ. ඒකට ජාතිකත්වයක් ගාවා ගැනීම වරදක්. යාපනය පුස්තකාලයට ගිනි තිබ්බේ සිංහලයන් කියන අර්ථයෙන් ගතහොත් දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ ද්‍රවිඩයන් කියන්න පුලුවන් . මේ අර්ථ දෙකම වැරදියි නේද ? මේ එම සිදුවීමට සම්බන්ධ වූ එක් පුද්ගලයෙකු මට කියූ කතාවක්

යාපනය පුස්තකාලයට ගිනි තැබූ පුද්ගලයෙකුගේ පාපොච්චාරණය

යාපනය පුස්තකාලයට ගිනි තිබූ පුද්ගලයෙකු විසින් මට හෙළි කල කතාව මා ලියන්නේ වසර ගනනකට පසුවය​. එහෙත් මෙම සිදුවීම ගැන පුද්ගල සඳහනක් නොකොට 2002 වසරේදී මා විසින් මාගේ ප්‍රභාකරන් සාධකය පිලිබඳව මනෝ විද්‍යාත්මක විශලේෂණයක් කෘතියට අඩංගු කලෙමි. 
මේ පුද්ගලයා මට හමු වන්නේ 1994 වසරේදී මා මාතලේ රෝහලේ සේවය කල කාලයේදීය​. ඔහු මාගේ (අර්ධ) රෝගියෙකි. අර්ධ රෝගියෙකු යැයි කියන්නේ මම ඔහුට සහමුලින්ම ප්‍රතිකාර කොට නැති නිසාය​. එහෙත් ඔහුගේ කායික රෝග තත්වයන් හිදී මම යම් යම් වෛද්‍ය උපදේශ මෙන්ම සාම්පල් ඖෂධ නොමිලේ දීම නිසා ඔහු මා සමග හිතවත් විය​. මා මේ කියන්නේ මේ පුද්ගලයා විසින් මට කියන ලද කතාවයි. එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ නිගමනය පාඨකයා සතුය​.  (විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඞ්වඞ් ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද ‘බුද්ධි වාර්තාවට’ අනුව, යාපනේ පුස්තකාලය ගිනි තැබීම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාවකි. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ඊට සිංහලයන් සම්බන්ධ බව පෙන්වා ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අනුකම්පාව දිනා ගැනීමය) 
ඔහුගේ රැකියාව මම නොකියමි. ඒ මන්ද යත් එය  මතභේධයන්ට  තුඩු දෙන්නටත් ඊලාම්වාදීන් විසින් මේ කරුණ ඔවුන් ගේ ප්‍රචාරක උපක්‍රමයන්ටත් භාවිතා කල හැකි නිසාය​. කෙසේ නමුත් මෙම සිදුවීම වන විට ඔහු සිටින්නේ උතුරේය​. 
පොත් ලක්‍ෂයකට අධික  සංඛ්‍යාවක් තිබුණු ආසියාවේ තිබුණු විශාලතම පුස්තකාලයන්ගෙන් එකක්  වූ  යාපනය පුස්තකාලයට ගිනි තබන්නේ  1981 මැයි 31 දිනයේදීය​. මේ වන විට යාපනය සංවර්ධන සභා ඡන්ද  පැවතුන අතර කොලඹින් ගොස් සිටි මැරයන් යාපනයේ කලබල ඇති කරමින් සිටියහ​.  මෙම සිදුවීම ජනවාර්ගික අර්බුදයේ හැරවුම් ලක්‍ෂයක් වූයේය​. 
යාපනය පුස්තකාලයට ගිනි තබන්නේ යාපනයේ ද්‍රවිඩයන් ගේ අභිමානයට පහර දීම සඳහා බව ඔහු කියයි. මෙයට සමහර දේශපාලකයන් ද අනුමැතිය දී තිබුනහ​. එය සාධාරනීකරණය කිරීම සඳහා කොටි ත්‍රස්තවාදීන් පුස්තකාලයේ හමුවී පහරදීම් සැලසුම් කරන බවත් මේ නිසා ඔවුන් හමු වන ස්ථානය විනාශ කල යුතු බවත් කියන ලදි.  ඊට අමතරව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ අවසාන ප‍්‍රචාරක රැුලිය පැවති ස්ථානයේ රාජකාරී කටයුතුවල යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ත‍්‍රස්තවාදී කල්ලියක් විසින් ඝාතනය කිරීම නිසාද මේ පිරිස සිටියේ නොසන්සුන්වය.   
මේ පුද්ගලයා විසින් කියූ පරිදි ඔහු සමග සිටි පුද්ගල කණ්ඩායමක් විසින් මුලින්ම පෙට්‍රල් සහ වැලි පිරවූ අරක්කු බෝතලයකට පාන්කඩයක් ඔබා එම පාන්කඩය පත්තු කොට එය පුස්තකාලයට විසි කරන ලදි. මෙම බෝතලයේ හතරැස්ව කපන ලද රබර් සෙරෙප්පුවක කොටස්ද වූයෙන් ගින්න තදින් ඇවිලුනේය​. මේ අතර අයෙක් ගින්නක් ගින්නක් කියා කෑ ගැසුවේය​. ඒ සමගම කලින්ම සූදානම් වී සිටි පිරිසක් ගින්න නිවීමට වතුර විසි කරන්නාක් මෙන් පෙට්‍රල් හෝ භූමිතෙල් සහිත බාල්දි ගින්නට විසි කලෝය​. මේ නිසා ගින්න බුර බුරා පත්තු වන්නට විය​. 
පුස්තකාලයේ තිබුණු පොත් වලටද ගින්න අැවිලුනෙන් සුළු වේලාවක් තුලදී යාපනය  පුස්තකාලය දැවී යන්නට විය​. අඳුරු අහස රත් පැහැ ගැන්විනි. ගින්න විසින් ඉතා අධික උෂ්නත්වයක් ජනිත කල නිසා ගිනි තැබූවෝ මඳක් ඈතට ගොස් මේ දර්ශනය නරඹමින් ප්‍රීති ඝෝෂා කළහ​. ඒ අතරවාරයේ යාපනයේ දමිළ ජනතාව පුස්තකාලය අසලට විත් තම අධ්‍යාත්මය ගිනි ගන්නා අයුරු සහ ඒ නිසා අපරාධකරුවන් සතුටින් උදම් වන අයුරු දුටුවෝය​. අපගේ පාපෝච්චාරණය කරන්නා කියූ පරිදි මේ ගිනි තැබීමට සහභාගී වූ අයගෙන් සමහරෙකු අරක්කු බෝතල් අත තබාගෙන ඒවා බොමින් වාර්ගික වැකි කියූහ​. බමන   මතින් කොටි ත්‍රස්තවාදීන්ට අභියෝග කළහ​. පසුව පොලිසිය පැමිණ ඉතා මෘදු ලෙස ඔවුන්ව විසුරුවා හරින ලදි. 
ඉතා විරල අත් පිටපත් තිබුණු යාපනය පුස්තකාලය විනාශ කිරීම මහාචාර්‍ය දයා සෝමසුන්දරම් විසින් හඳුන්වන ලද්දේ කල්චරල් ජෙනසයිඩ් හෙවත් සංස්කෘතික සංහාරයක් ලෙසටය​. යාපනය පුස්තකාලය විනාශ කිරීමට හමුදා නිලධාරීන් ගෙන් සහයෝගයක් තිබුණා කියා මම නොසිතමි. ඒ මන්ද යත් හමුදා නිලධාරීන් වූ ජෙනරාල් වජිර විජේරත්න , කර්නල් වෛද්‍ය රංජන සෙනෙවිරත්න වැනි හමුදා නිලධාරීන් ද යාපනය පුස්තකාලයේ පාඨකයන් වී සිටි අතර ඔවුන් ද එය පරිශීලනය කලෝය​.  මේ අපරාධය සඳහා මැරයන් මෙහෙයවන ලද දේශපාලකයන් වග කිව යුතුය​. 
කෙසේ නමුත් යාපනය පුස්තකාලයට ගිනි තැබූ පුද්ගලයන් කණ්ඩායමේ සිටි ඔහු   පසුව ඒ ගැන තැවෙන්නට විය​. ඔහුගේ එකම දරුවාද වයස දහසය වීමට ප්‍රථම මිය ගියේය​. මේ නිසා ජීවිතය ගැන උකටලී වූ ඔහු මධු පානයට යොමු විය​.  ඔහුව​ මට අවසාන වරට හමු වන්නේ 1995 වසරේ අප්‍රේල් මාසයේදීය​. මේ වන විට ඔහු ජීවතුන් අතරද කියා මම නොදන්නෙමි. 
වෛද්‍ය රුවන් එම් ජයතුංග 

3 Responses to “අපි යාපනය පුස්තකාලයට ගිනි තියපු උදාර ජාතියක්…- ධර්මසිරි බණ්ඩාරනායක”

  1. NeelaMahaYoda Says:

    Dharmasiri Bandaranayake is a CIA trained reactionary character whose main duties assigned to him by his handlers are to make such degrading, slanderous and defamatory statements to discredit the nation. Even though he has entered to the sinhala drama field through Russian literature Americans successfully brainwashed him by offering him money and a scholarship to US. and became one of the few in his field who could afford to educate his children in America.

  2. Christie Says:

    Doctor: Your patient is suffering from a mental disorder and for you to use what ever he said other than for clinical purposes is not ethical at least under the western medical practices.

    Turning back to Jaffna Library event there was a comprehensive investigation by the Sansoni Commission and one should read the report. Sansoni was not a Tamil or an Indian or a Sinhalese.

    Burning of the Jaffna Library was not different to burning of Indian Parasite shops in Pettah by Indian Parasites who were operating from those buildings including JRJ’s shops leased by Indian Parasites.

    The Library housed lots of documents from the Baptists Missionaries from the USA. The burned library was used by the terrorists and their supporters get what ever benefits they could get from the Uniting Church and the World Council of Churches of which Baptist Church is a member.

    Burning of the library was a well planned act by the Indian Intelligence Service the Third Eye.

    Burning of the Library also portrayed the Sinhalese as uncivilized and uneducated lot in the West and the wider world.

  3. Christie Says:

    සන්සොනි කොමිසම මෙම ගිනිතැබීම ගැන හොයාබැලුව. එය කියවා බලන්න.

    මෙම ගිනිතැබීමත් 83 මෙන්ම ඉන්දියානු රහස් ඔත්තු හා ඉන්දියානු ත්‍රස්තයන්ගේ වැඩක්.

    පුස්තකාලයේ අමෙරිකානු බැප්ටිස්ට් මිෂනරි ලිපි ලේකන පොත්පත් ගොඩක් තිබුන.

    ගිනිතිබ්බේ බැප්ටිස්ට් පල්ලියේ උදව් ලබාගැනීමටය.

    අද එම පල්ලිය යුනයිටින් චර්ච් හා වර්ල්ඩ් කෞන්සිල් ඔෆ් චර්චස් වල සමාජිකයෙකි.

    1983 කැනඩාවේ පැවැත්වූ වර්ල්ඩ් කෞන්සිල් ඔෆ් චර්චස් සම්මෙලනයෙදී 83 හා මෙම ගිනි තැබීම් ඉන්දියානු ත්‍රස්තයෝ පාවිච්චි කලෝය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress