ලක්‌ෂ තිහේ චෝදනාව; සුජීවගේ නම හංගන්න හදලා-සී.අයි. ඩියට – නීතිපති දෙපාර්තමේන්තුවට දේශපාලන බලපෑම්
Posted on June 9th, 2018
හේමන්ත රන්දුණු උපුටා ගැන්ම දිවයින
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් ලක්‌ෂ තිහක මුදලක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ නම ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස රජයේ ප්‍රබලම දේශපාලනඥයන් කීපදෙනකු නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට දැඩි බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වෙයි.
බලපෑම් නොසලකමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පිළිබඳව අධිකරණය හමුවේ පෙරේදා 7දා හෙළි කර තිබිණි.
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් තිස්‌ලක්‌ෂයක මුදලක් සුජීව සේනසිංහ මහතා විසින් ලබාගත් බවට විමර්ශනවලින් හෙළිවීමත් සමගම කලබලයට පත් වූ මෙම රජයේ ප්‍රබල දේශපාලනඥයන් කීපදෙනකු ඒ මහතාගේ නම අධිකරණය හමුවේ හෙළි නොකරන්නැයි ඉල්ලමින් විමර්ශන කණ්‌ඩායම්වලට දැඩි බලපෑම් එල්ල කර ඇත.
එම බලපෑම් දැඩි වීම නිසා එක්‌තරා අවස්‌ථාවක නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බැඳුම්කර වංචා විමර්ශන නඩුවෙන් ඉවත් වීමටද තීරණය කර තිබූ බව ආරංචි මාර්ග කියා සිටියේය.
ඡායාරූපය – දිමුතු ප්‍රේමරත්න
June 9th, 2018 at 6:50 am
සින්හල දේසපාලකයන්ට ඉන්දියානු පරපෝසිතයන් සල්ලි විසිකිරීම රටේ ප්‍රාජාතන්තර වාදය පටන් ගත් කාලයට යයි.
සමසමාජ කාරයන්ට හැන්ඩිලා කැප්ටන්ලා ඥානම්ලා වැනි ඉන්දියන් කාරයෝ මුලින්ම සල්ලි වියදම් කල අය වෙති.
ඉන්පසුව බඩරනායකට වියදම් කලේය. බන්ඩට මූලිකව වියදම් කලේ හයිඩ්‍රමනීලාය. මෙම ඉන්දියානු පරපෝසිතයෝ කල්ලියක් වශයෙන් මෙම වියහියදම් කලෝය.
දහනායක මහතාගේ සියයක් අපෙක්සකයන්ට කොලොඹ ඉන්දියන් පරපෝසිත වෙලෙන්දහන් රුපියල් සියය බැගින් ඇප මුදල් බැන්දෝය.
අමෙරිකාව හරහා අද එන මුදල් රාජ් රාජරත්නම් හා මහෙන්දරම් වැනි අයගේ මුදල්ය.
කානගී සරසවියේ කෙනෙක් කියන් ඔය ඩොලර් පහ මහ ගොඩක් නොවේය.
ඒ කාලයේ සර් ජොන් වැනිඅයට අනුන්ගේ සල්ලි ඔනෑකලේ නැත.