බියකරු කුමන්ත‍්‍රණය හෙලිවේ.. මහින්ද-ගෝටා වරකපොල උත්සවයකට ගෙන්වාගන්න නාමල් කුමාර සැක කටයුතු උත්සාහයක..
Posted on September 26th, 2018

lanka C news

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් සිදු වූ බවට චෝදනා කරමින් මාධ්‍ය හමුවක් පවත්වන ලද දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වරකාපොල ප්‍රදේශයේ පවත්වන උත්සවයක් සඳහා සහභාගී කරවා ගැනීමට දැඩි උත්සාහයක් දරා ඇති බව වාර්තා වෙයි.

කෑගල්ල ප්‍රාදේශීය දේශපාලකයකු හරහා ඔවුන් දෙදෙනා මෙම උත්සවයට සහභාගී කරවා ගැනීමට නාමල් කුමාරගේ විසින් උත්සාහ දරා ඇතත් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොදක්වා හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා එම උත්සවයට සහභාගි වී නැත.

මෙම උත්සවයට ඔවුන් දෙදෙනා සහභාගී කරවා දෙන ලෙස නාමල් කුමාර විසින් ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් අවස්ථා ගණනාවකදීම ඉල්ලා සිට ඇති බව ද සඳහන්ය.

තම ඉල්ලීම ඉටු කරන්නේ නැතිනම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම උත්සවය සඳහා කැඳවා ගන්නා බවද නාමල් කුමාර මහතා සඳහන් කර ඇත.

මෙම උත්සවය පවත්වා හිටපු ජනාධිපතිවරයා හා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා කැඳවා ගැනීමට උත්සාහ දරා ඇති දැනට මාස තුන හමාරකට පමණ කාලයකට පෙරයි.

2 Responses to “බියකරු කුමන්ත‍්‍රණය හෙලිවේ.. මහින්ද-ගෝටා වරකපොල උත්සවයකට ගෙන්වාගන්න නාමල් කුමාර සැක කටයුතු උත්සාහයක..”

  1. Christie Says:

    යකෝ අපි හුඟක් අයට ඉන්දියානු අබින් කැවිල. ජනාදිපතිය මරන්න ඉන්දියාවට් ඕනෑකමක් නැහැ. උන්ට ඕනෑ ගෝටා මරන්න.

  2. Hiranthe Says:

    I agree with Christie,’

    India invited MR to India to just to portrait that they are friendly with him and clandestinely organised the assassination of Gota and probably Rajapaksa family to be in good books in the eyes of the Public. My3 is their balu kukka.

    Dirty bastards!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress