නාලක ද සිල්වා මාකඳුරේ මධුෂ් පොලිස්පති පූජිත් අතුරුදන් ඹ්.ර්.ට් පටැලැවිල්ලේ කතන්දරේ
Posted on September 29th, 2018
සටහන-චාමර අමරසූරිය උපුටාගැණීම මව්බිම
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහිව සිදු කෙරෙන රහස් පොලිස් විමර්ශනය දිනෙන් දින පුවත් මවන සිද්ධියක් බවට පත්ව තිබේ.
ගෙවුණු සතියේද එවැනි පුවත් කිහිපයක් කරළියට පැමිණිනි.
දේශපාලන වේදිකාව පවා උණුසුම් කළ ඉන් එක් පුවතක් වන්නේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළා යැයි අධිකරණයේදී හෙළිදරව් වූ පුවතකි.
එම කරුණු අනාවරණය වී ඇත්තේ රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මර්සිලි තෝමස් නමැති ඉන්දියානු ජාතිකයා හෙළිදරව් කරන ලද ප්‍රකාශ මත බව එම පුවත්වල සඳහන් විණි.
හිටිහැටියේම මේ ඉන්දියානු ජාතිකයා කරළියට පැමිණියේ ඉකුත් 21 වැනිදා ඔහුව රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟය.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රබල පාතාල නායකයකු වන \’මාකඳුරේ මධුෂ්\’ ලවා ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කුමන්ත්‍රණය කළ බවට මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කරන ලද දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාරගේ වරකාපොළ ප්‍රදේශයේ පිහිටි නිවෙසට මේ ඉන්දියානු ජාතිකයා පැමිණ තිබිණි.
ඔහුගේ සැක කටයුතු හැසිරීම සම්බන්ධයෙන් නාමල් කුමාර වරකාපොළ පොලිසියට සහ රහස් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ඉන්දියානු ජාතිකයාව අත්අඩංගුවට ගැනිණි.
එම ඉන්දියානු ජාතිකයා 2017 ජනවාරි මාසයේදී මෙරටට පැමිණ ඇති බවටද රහස් පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.
නමුත් ඔහු එම කාලසීමාවේ සිට මේ දක්වා මෙරට රැඳී සිටියේ කුමන අරමුණකටද යන්න නිශ්චිත පැහැදිලි කිරීමක් තවමත් ඔහු රහස් පොලිස් නිලධාරීන්ට පවසා නැත.
එසේම එම කාලසීමාවේ ඔහුට ජීවත් වීම සඳහා මුදල් සොයා ගත්තේ කෙසේද යන්න වූ ප්‍රශ්නාර්ථයද රහස් පොලිස් නිලධාරීන් සතුව ඇත.
තවද මොහු ඉන්දියානු රෝ ඔත්තුකරුවකු බවටද ආරක්ෂක අංශ වෙත සැක මතුවී තිබේ.
ඉන්දියානු ජාතිකයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය වාර්තා වීමත් සමඟම මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඔහු පිළිබඳ පසුබිම් වාර්තාවක් ලබා ගැනීම සඳහා ඉන්දීය බලධාරීන්ද දැනුවත් කිරීමට කටයුතු කෙරිණි.
කෙසේ වෙතත් මෙම සැක සහිත ඉන්දියානු ජාතිකයා දින 90ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිසිය ඉකුත් 27 වැනි දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබා ගත්තේය.
ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ චෝදනාවක් එල්ල වන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ රහස් පොලිස් නිලධාරීහු ඔහු වගකියන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අවි ගැනද සොයා බැලූහ.
එහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සතුව තිබූ සැහැල්ලු ස්වංක්රිය තුවක්කු දෙකක් රහස් පොලිස් නිලධාරීහු සොයා ගත්හ.
එම ගිනි අවි හඳුන්වන්නේ ඹ්ර්ට් (ඹ්ඪඨඩබ ර්චජඩඪදඥ ට්භද) යන නාමයෙනි.
යුද්ධය පැවැති සමයේදී ආරක්ෂක අංශ ඹ්ර්ට් ගිනි අවි වැඩි වශයෙන් භාවිත කෙරුණේ සතුරු කඳවුරු විනාශ කිරීම සඳහාය.
වෙඩි බලයෙන් ප්‍රබල ගිනි අවියක් වන මීට අවම වශයෙන් එකවර උණ්ඩ සියයක් පමණ දැමිය හැකි බවද ආරක්ෂක අංශ සඳහන් කරයි. මීට උපරිමය උණ්ඩ 200ක් පමණ එකවර දැමිය හැකි බවද ආරක්ෂක අංශ කියා සිටියි.
ඉන් එකවර උණ්ඩ විශාල සංඛ්‍යාවක් නිකුත් කිරීමද එම අවියේ ප්‍රබලතාවට හේතුවක් වී ඇති බවද ආරක්ෂක අංශ පවසයි.
වර්තමානය වන විට ඹ්ර්ට් ගිනි අවි භාවිත කරනුයේ ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය පමණි.
පොලිසියේ කිසිදු අංශයක් වෙත මෙම ගිනි අවි නිකුත් කර නොතිබිණි.
මන්ද රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිස් නිලධාරීන්ට මෙවැනි ප්‍රබල ගිනි අවියක අවශ්‍යතාවක් වර්තමානය වන විට නැතැයිද පොලිසියේම උසස් නිලධාරීන් සඳහන් කරයි.
එහෙත් පොලිසිය වෙත අවි ආයුධ සපයන බම්බලපිටිය ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ මධ්‍යම අවි ගබඩාවෙන් ඹ්ර්ට් ගිනි අවි දෙකක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත නිකුත් කර ඇති බව සඳහන් වේ.
ඒ ඉකුත් අගෝස්තු මස අවසන් දින කිහිපය තුළ බවද වාර්තා වේ.
ප්‍රබල එම ගිනි අවි දෙක ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත ලබාදෙන්නේද පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් අනුව බවද සඳහන් වේ.
මේ ගිනි අවි දෙක තම කොට්ඨාසය වෙත ලබාදෙන ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේද එවක ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ධුරය හෙබවූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා විසිනි.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය තුළ අතුරු සන්නද්ධ ඒකකයක් බිහි කිරීම සඳහා ඹ්ර්ට් ගිනි අවි දෙකක් අවශ්‍ය බවට පවසමින් නාලක ද සිල්වා පොලිස්පතිවරයාගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති බවටද පොලිස් මූලස්ථානයෙන් දැන ගන්නට ලැබේ.
කෙසේ වෙතත් මෙවැනි ප්‍රබල ගිනි අවි දෙකක් නීතිය හා සාමය පසිඳලීමේ කොට්ඨාසයක් වෙත ගැනීමේ සත්‍ය අරමුණ කුමක්දැයි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට ඉදිරියේදී රහස් පොලිසිය වෙත පැවසීමට සිදුවනු ඇත.
එපමණක් නොව ඊට අනුමැතිය ලබාදුන් පොලිස්පතිවරයාටද ඉදිරියේදී මීට අදාළව කරුණු රහස් පොලිස් නිලධාරීන් හමුවේ පැවැසීමට සිදුවේ.
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ චෝදනාවන් එල්ල වන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහිව මීට පෙරද චෝදනාවක් එල්ල විය.
ඒ 2016 වසරේදීය. එම චෝදනාව එල්ල කළේද පොලිසියේම ඉහළ නිලධාරීන් පිරිසක් විසිනි.
එම චෝදනාව පැමිණිල්ලක් ලෙසින් එම ඉහළ නිලධාරීන් විසින් එවක ජාතික පොලිස් කොමිෂන් සභාවට දමන ලදී.
එකී පැමිණිල්ලෙහි සඳහන් වූයේ නාලක ද සිල්වාට සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙසින් පොලිස් දෙපාර්තමේන්තුවට බැඳීමට අවම අධ්‍යාපන සුදුසුකම්වත් නොමැති බවය.
ශ්‍රී ලංකා පොලිසියට පොලිස් කොස්තාපල්වරුන් බඳවා ගැනීමේදී සලකා බලන අවම අධ්‍යාපන සුදුසුකම වන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමය.
උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්වීමට සලකා බලන අවම අධ්‍යාපන සුදුසුකම වන්නේ අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් වී තිබීමය.
සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස සෘජුව ශ්‍රී ලංකා පොලිසියට එක්වීමට නම් අවම වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් සතු විය යුතුමය.
වර්තමානය වනවිට ඇතැම් තරුණ පොලිස් කොස්තාපල්වරුන් පවා උපාධිධාරීන් වේ.
චෝදනාවන් එල්ල වන නාලක ද සිල්වා හට පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් නැති බවට සහ ඔහුට පොලිස් සේවයට බැඳීමට අවශ්‍ය අවම සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයක් නැති බවට ලද පැමිණිල්ල අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
එහෙත් තවමත් එම විමර්ශන කටයුතු ඉබි ගමනේය. ඊට හේතු වී ඇත්තේ නාලක ද සිල්වා සහ පූජිත් ජයසුන්දර අතර පවතින දැඩි මිත්‍රශීලී බව යැයි තතු දන්නෝ පවසති.
වාර්තා වන ආකාරයට නාලක ද සිල්වා පොලිසියට බැඳෙන්නේ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙසිනි.
ඔහුගේ පියාද පොලිස් නිලධාරියෙකි.
නාලක ද සිල්වා පොලිසියට බැඳෙන වකවානුවේදී බඳවා ගැනීම් අධ්යක්ෂ ලෙස කටයුතු කර ඇත්තේ නාලකගේ පියා බව පැවැසේ.
එම බඳවා ගැනීමේදී නාලක ද සිල්වා ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කර ඇති දැයි යන්න සෙවීම සඳහා පොලිස් කොමිසම විමර්ශන කටයුතු පවත්වයි.
තතු දන්නන් පවසන්නේ නාලක ද සිල්වා උපාධිය ලබාගෙන ඇත්තේ ඉන්දියාවේ විශ්වවිද්‍යාලයකින් බවය. නමුත් එය එරට පිළිගත් විශ්වවිද්‍යාලයක් නොවන බවත් එය මේ වනවිට වැසී ගොස් ඇතැයිද කියනු ලැබේ.
කෙසේ වෙතත් මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීම ජාතික පොලිස් කොම්සමේ වගකීමය.
ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයට අමතරව පොලිසියේ සහ ජාතික පොලිස් කොමිසමේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකු ඔවුන් දරන තනතුරුවලින් ඉවත් කිරීමට නාලක ද සිල්වා කුමන්ත්‍රණය කළ බවට නාමල් කුමාර මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළේය.
දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ ලෙස ඔහු එම අනාවරණය කළ අතර ඒත් සමඟම පොලිසියේද මෙම සිද්ධිය මහත් ආන්දෝලනයක් ඇති විණි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පොලිස් අධිකාරි නිහාල් තල්දුව, සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස්, වරකාපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. ජනකාන්ත සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් සමන් දිසානායක යන නිලධාරීන් ඔවුන් දරන තනතුරුවලින් නෙරපිය යුතු බවට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කුමන්ත්‍රණය කළ බව ඔහු මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
මෙලෙස නම් සඳහන් වූ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පොලිස් අධිකාරි නිහාල් තල්දුව, සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් යන නිලධාරීන් සමඟ නියෝජ්‍ය පොලිස්පති වෛර බැඳගෙන ඇත්තේ ඔහුට එරේහිව පැමිණිල්ලක් කළ හේතුව නිසා බවද තතු දන්නෝ මෙලෙස පවසති.
නාලක ද සිල්වාට පොලිස් සේවයට බැඳීමට සුදුසුකම් නැති බවට ජාතික පොලිස් කොමිෂන් සභාවට 2016 වසරේදී පැමිණිල්ලක් දමන ලද්දේ ද මෙම නිලධාරීන් පිරිසය.
එම පැමිණිල්ලත් සමඟ නාලක ද සිල්වා මෙම නිලධාරීන් කෙලෙස හෝ පොලිසියෙන් අතුගා දැමීමට සැලසුම් කළ බව තතු දන්නෝ පවසති.
රාජ්‍ය බුද්ධි අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ නමද එම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.
ඔහුද එම ධුරයෙන් ඉවත් කළ යුතු බවට නාලක ද සිල්වා සැලසුම් කළ බව නාමල් කුමාර එදින මාධ්‍යය අනාවරණය කළේය.
නාලක ද සිල්වාගේ ඊළඟ සැලසුම වී ඇත්තේ කෙලෙස හෝ රාජ්‍ය බුද්ධි අධ්යක්ෂ ධුරය ලබා ගැනීමට බව තතු දන්නෝ පවසති.
ඒ නිසා නිලන්තව එම ධුරයෙන් ඉවත් කිරීමට නාලක ද සිල්වා කුමන්ත්‍රණය කළේ නම් ඊට හේතුව එය බවද තතු දන්නෝ සඳහන් කරති.
මීට වසර කිහිපයකට ඉහතදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහ රාජ්‍ය බුද්ධි කොට්ඨාසයේ අධ්යක්ෂවරයාව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයකු සමඟද නාලක ද සිල්වා එතරම් හිත හොඳ නැතැයිද පැවැසේ.
එම නිසා එකී නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ගෝලයන්ටද නාලක ද සිල්වා හිත හොඳ නැති බවටද තතු දන්නෝ පවසති.
නාමල් කුමාර නම් හෙළි කළ පොලිස් නිලධාරීන් කිහිපදෙනා අතර එවැනි නිලධාරීන් කිහිපදෙනකුද සිටින බව පැවැසේ.
ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් සමඟද පොලිස්පති පූජිත් ජයසුන්දර එතරම් හිත හොඳ නැතැයිද ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රසිද්ධ රහසකි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ කටයුතු සේම, පාතාලයේ සහ මත්ද්‍රව්‍ය වැටලීමේ කටයුත්තේ බර කරට ගෙන සිටින්නේ ලතීෆ් බවද පොලිස් නිලධාරීහු පවසති.
එම්.ආර්. ලතීෆ්ව ඔහු දරන පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ධුරයෙන් ඉවත් කළ යුතු බවට නාලක ද සිල්වා පැවැසුවා යැයි කියන සිද්ධියද ශ්‍රී ලංකා පොලිසිය තුළ මහත් ආන්ෙදාලනයක් ඇති කළේය.
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා එවැනි ප්‍රකාශයක් සිදු කළේ නම් ඊට හේතුව කුමක්ද? තවමත් ශ්‍රී ලංකා පොලිසිය තුළ එය හුදු ප්‍රශ්නාර්ථයක් පමණි.
කෙසේ වෙතත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනාවක් එල්ල කරන නාමල් කුමාර ජාතික පොලිස් කොමිෂන් සභාව වෙන ලිඛිත, පැමිණිල්ලක් සිදු කළේය.
ඒ ඉකුත් 12 වැනිදාය.
\’ගරු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් සහ ශ්‍රී ලංකා ප්රජාතාන්ත්රිතික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික වාසි ප්‍රයෝජන ලබා ගැනීමේ චේතනාවෙන් දියත් කිරීමට උත්සාහ දරන දැවැන්ත කුමන්ත්රණයක වාචික රහස් සාක්ෂි මෙම ලිඛිත පැමිණිල්ල සමඟ ඔබතුමන් වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි\’
එම ලිඛිත පැමිණිල්ලෙහි නාමල් කුමාර එකී කරුණු සටහන් කර තිබිණි. එකී පැමිණිල්ල නාමල් කුමාර සිදුකරන ලද්දේද ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයාටය.
රටේ නීතිය කරවන ප්‍රධානියා වන පොලිස්පතිවරයාටද දැන් වෙනම විමර්ශනයක් නීතිය හා සාමය අමාත්‍යාංශය මට්ටමින් ආරම්භ කර ඇත.
ඒ නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ උපදෙස් මතය.
ඒ සඳහා විශේෂ කමිටුවක්ද අමාත්‍යාංශය විසින් පත්කර තිබේ.
ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වීමත් සමඟම පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා හට පරීක්ෂණයක් සිදුකිරීම සඳහා භාර කෙරුණේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය (ඉධ්උ) වෙතය.
එවැනි ඒකකයක් පොලිසිය තුළ ස්ථාපනය කර ඇත්තේ පොලිස් නිලධාරීන්ගේ අභ්‍යන්තර විමර්ශන සිදුකිරීමට බවද පැවැසේ.
නමුත් අපරාධ චෝදනාවක් එල්ල වූ නාලක ද සිල්වා හටද එම ඒකකය හරහා විමර්ශන භාරවීමත් සමඟ පොලිස් ප්‍රධානීන් කිහිපදෙනකු ඊට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාවට ලිඛිතව කරුණු පැහැදිලි කිරීමක් සිදුකළේය.
“හොරාගේ අම්මාගෙන් පේන අහනව වගේ” බහුතරයක් වූ පොලිස් නිලධාරීහු මේ ගැන එලෙස කසුකුසුවක නිරත වූහ.
මේ බව කන වැකුණු ජනාධිපතිවරයා වහාම මෙම විමර්ශන රහස් පොලිසියට භාර කෙරුණු බවද සඳහන් විය.
විමර්ශන ආරම්භ වී දින කිහිපයක් යන තෙක්ම නාලක ද සිල්වා පොලිස් රාජකාරියෙහි නිරත විය.
ඒ ඔහු සේවය කරන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේමය. රහස් පොලිස් නිලධාරීන්ට මෙම විමර්ශනය භාර කිරීමත් සමඟ එහි ඉහළ නිලධාරීන් නාලක ද සිල්වා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධ්යක්ෂ ධුරයෙන් ඉවත් කළ යුතු බවට පොලිස්පතිවරයාට නිර්දේශ කළේය.
එම නිර්දේශ අනුව ඉකුත් 17 වැනි දින පොලිස්පතිවරයා නාලක ද සිල්වාව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව තාවකාලිකව ඔහුව පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය වෙත මාරු කෙරිණි.
එහෙත් තතු දන්නෝ සඳහන් කරන්නේ මෙම ක්‍රියාව වෙනත් පොලිස් නිලධාරියකු කළා නම් ඔහුගේ වැඩත් තහනම් කොට පොලිස්පතිවරයා විසින් පරීක්ෂණ කටයුතු සිදුකරන බවය.
මෙම සිද්ධීන් සමඟම පාර්ලිමේන්තුවද දැඩි උණුසුම් විය.
එම උණුසුම නිසාවෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යැවීමට, නිර්දේශ නීතිය හා සාමය අමාත්‍යාංශ ලේකම් විසින් ගනු ලැබීය.
පාර්ලිමේන්තුවේදී මෙම සිද්ධිය උණුසුම් නොවුණා නම් තවමත් නාලක ද සිල්වා පොලිස් පුටුවේ හිඳගෙන සිටින බව පොලිස් නිලධාරීහු පවසති.
පාර්ලිමේන්තුවේදීම පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පැවැසුවේ පොලිස්පතිවරයා නාලක ද සිල්වාට බෝධි පූජාවක් පැවැත්වීමට කැලණි පන්සල් පැමිණි බවටය.
විටෙක සිනාසෙන, විටෙක හඬන, තවත් විටෙක නර්තනයේ යෙදෙන පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජාතික පොලිස් කොමිෂන් සභාවටද නොහැකිය.
ඒ බව පොලිස් කොමිසමද පොලිස්පතිවරයාද දනී.
එම කොමිසම සහ පොලිස්පතිවරයා අතර ද්වන්ධ සටනක් පසුගිය කාල සීමාවේ ඇති විය. මෙම ගැටුම නිරාකරණය කිරීමට සාම දූතයා ලෙස ඉදිරිපත් වීමට සිදුවූයේ කථානායක කරු ජයසූරියටය.
දෙසතියක් ඇතුළත පොලිස්පතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම් දුන් බව මීට ඉහතදී මාධ්‍ය අනාවරණය කළේය.
නමුත් එම පුවත් ප්‍රතික්ෂේප කරන ලද්දේ අගමැතිවරයා පමණි. රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව හරහා අගමැතිවරයාගේ ස්ථාවරය මාධ්‍ය වෙත දැනුම් දුන්නේය.
පූජිත් ජයසුන්දරව කලින් ගෙදර යැවීමට ඒකාබද්ධයද දැන් ලෑස්ති වේ. ඒ දෝෂාභියෝගයක් හරහාය.
කෙසේ වෙතත් පූජිත් ජයසුන්දර හට විශ්‍රාම ගැනීමට තව වසර දෙකක කාලයක් ඇත.
පොලිස්පතිවරයාට සහ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට කුමක් වේවිදැයි සියල්ලෝම දෑස් දල්වා බලා සිටිති.
සටහන-චාමර අමරසූරිය