ළමුන් දෙදෙනෙකුට විශේෂ ශිෂ්යත්ව දෙකක් පසුගියදා පිරිනැමුණි.
Posted on November 12th, 2018
දිනසේන රතුගමගේ
වවුනියාව දිස්ත්‍රික්කයෙන් ඉහළම ලකුණු ලබාගෙන මෙවර පහ වසර ශිෂ්‍යත්වයෙන් සමත් වූ ළමුන් දෙදෙනෙකුට විශේෂ ශිෂ්යත්ව දෙකක් පසුගියදා පිරිනැමුණි.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ ඉල්ලීමක් මත ඔවන්ගේ අධ්යාපන කටයුතු අවසන් වන තෙක් ශිෂ්යාධාර මුදලක් ලබා දීමට කැනඩාවේ ශ්රී ලාංකික යුවලක් වන වෛද්‍ය අශෝක වීරසිංහ මහතා හා ඔහුගේ බිරිඳ වෛද්‍ය නන්දනී විරසිංහ මහත්මිය ඉදිරිපත් වී එම විශේෂ ශිෂ්‍යත්ව දෙක ලබා දෙන ලදී.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී පසුගියදා මුල්ම ශිෂ්යාධාර මුදල සිසු දැරියන් හා ඔවුන්ගේ දෙමාපියන් වෙත භාරදුන් අතර මසකට රුපියල් 2500/ බැගින් මෙම අධාරය අඛණ්ඩව ලබා දිමට නියමිතය.
වවුනියාව සිවපුරම් පදිංචි ශිෂ්යත්ව ලකුණු 197ක් ලබාගත් හරිතිකා හසුන්ජා දියණියට හා ගනේෂපුරම් පදිංචි ලකුණු 189 ක් ලබා ගත් අර්.නිවර්සනා දියණියට මෙම ආධාර මුදල හිමිවිය.
මෙම අවස්තාවට මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, බ්රිගේඩියර් ජයම්පති තිලකරත්න යන මහත්වරුන් පාසල් විදුහල්පතිවරුන් හා ළමුන්ගේ දෙමාපියන්ද එක්ව සිටියහ.

????????????????????????????????????
November 12th, 2018 at 1:21 pm
Hope they have done the same to at least poor Sinhala students too !