රට හදන්න නම් කාවන්තිස්ස වැඩපිළිවෙළක් ඕනෑ! – ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
Posted on January 20th, 2019
සාකච්ඡා කළේ: රුවන් ජයවර්ධන
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති යනු පසුගිය කාලය මුළුල්ලේ ම අපේ රටේ ජාතික මතවාදය නියෝජනය කරමින් තමන්ගේ අදහස් නවතම ආකාරයකින් ඉදිරිපත් කළ අයෙකි. ඔහුගේ අදහස් බොහෝ ලෙසින් ශ්‍රී ලාංකිකයන් හට ලියා දැක්වූයේ දිවයින” පුවත්පත ඔස්සේ ය. එම අදහස්වලින් යම් ප්‍රමාණයක් ගොනුකර ඔහු විසින් ලියාපළ කර ඇති කාවන්තිස්ස වැඩපිළිවෙළ” ග්‍රන්ථය ජනගතකිරීමේ අවස්ථාවක් මෙම අඟහරුවාදා (ජනවාරි 22 වැනි දා) සවස 3.00 ට කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වේ. පහතින් පළවනුයේ එම ග්‍රන්ථය සම්බන්ධයෙන් සහ අද අප මුහුණ පා සිටින ගැටලු සම්බන්ධයෙන් ඔහු දැක්වූ අදහස් කිහිපයකි.
කාවන්තිස්ස වැඩපිළිවෙළ” කියන මේ පොත මාර්ගයෙන් ඔබ කියන්න උත්සාහකරන්නේ මොකක් ද?
අද අපි ඉවරයක් නැති ප්‍රශ්නවල පැටලිලා පීඩා විඳින ජාතියක් බවට පත්වෙලා. මේ එක ගැටලුවක්වත් විසෙඳෙන පාටක් නෑ. මෙහෙම වෙලා තියෙන්නේ ඇයි? මට හිතෙන විදිහට මේක පැහැදිළිවම දැනුම සහ ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක්. විභාග මුල් කරගත්ත ප්‍රශ්නවලට උත්තර සපයන අධ්‍යාපන ක්‍රමයක් මිසක් ගැටලුවලට විසඳුම් හොයන අධ්‍යාපන ක්‍රමයක් අපිට නෑ. ඉතින් අපේ ගැටලු මොනවා ද, ඒ ගැටලුවලට හේතු පාදක වී ඇති කරුණු මොනවා ද, විසඳුම් මොනවා ද, ඒ විසඳුම් කරා යන්න පුළුවන් මාර්ග මොනවා ද කියලා හඳුනාගැනීමක් අපි කරන්නේ නෑ. මේ පොතෙන් මම ඉදිරිපත් කරලා තියෙන්නේ මෙන්න මේ සත්‍යය හතර පිළිබඳ බොහොම කෙටි පැහැදිළිකිරීමක්.
ඇයි ඉතින් මේක කාවන්තිස්ස වැඩපිළිවෙළ” කියලා නම් කළේ?
අද හැමෝ ම උත්සාහකරන්නේ දුටුගැමුණුලා වෙන්න. ඒත් කාවන්තිස්ස රජතුමා හිටියේ නැති නම් අපිට දුටුගැමුණු මහ රජතුමා ලැබෙන්නේ නෑ. කාවන්තිස්ස රජතුමා කරපු දේ ගැන අපි හැමෝ ම දන්නවා. එතුමා බොහොම ඉවසීමෙන් ඉතාමත් ශක්තිමත් හමුදාවක් සංවිධානය කළා. යෝධයෝ හැදුවා. ගොවිතැන් කරවලා හමුදාවලට ඕන කරන කෑම සම්පාදනය කළා. තමන්ට ගෑණු ඇඳුම් එවද්දි පවා ඒ අපහාසවලින් කම්පා නොවී එතුමා ඒ කටයුත්ත කරගෙන ගියා. ඉතින් අද අපිව පීඩාවට පත්කරන ගැටලු විසඳාගන්නත් අපිට ඕන කරන්නේ ඒ විදිහේ හොඳින් සංවිධානය කරපු, විධිමත් වැඩපිළිවෙළක්. මේ පොතෙන් ඒ වැඩේට ඕන කරන මූලික පාඩමක් සපයන්න පුළුවන් වුනා කියලා මට හිතෙනවා.
එතුමා හමුදා හැදුවේ යුද්ධ කරන්න. ඒත් දැන් අපිට තියෙන්නේ සමාජ ආර්ථික ප්‍රශ්න ගොඩක්නේ?
ඔව්. එතුමා හමුදා හැදුවේ යුද්ද කරන්න තමයි. හැබැයි අද අපේ තියෙන සමාජ ආර්ථික ප්‍රශ්න විසඳාගන්නත් එක්තරා ආකාරයක යුද්ධයක් අපිට කරන්න වෙලා තියෙනවා කියන එක අපි තේරුම්ගන්න ඕන. මේක එක්තරා ආකාරයක සමාජ යුද්ධයක්. ඒ වගේ ම ආර්ථික යුද්ධයක්. මේක කරන්න බෑ කලබල වෙලා. කලබල වුනොත් උණු කිරිබතක් වුනත් කන්න බෑ. අතයි කටයි දෙක ම පුච්චගන්න වෙනවා. ඉතින් අපිට සමාජ ආර්ථික ක්‍ෂේත්‍රවල හමුදා හදන්න වෙනවා. ඒ ක්‍ෂේත්‍රවල යෝධයෝ හදන්න වෙනවා. මේක හැම ක්‍ෂේත්‍රයකට ම අදාළ කතාවක්. අපිට ආර්ථික යෝධයෝ ඕන. කලා ක්‍ෂේත්‍රයේ යෝධයෝ ඕන. කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ යෝධයෝ ඕන. කර්මාන්ත ක්‍ෂේත්‍රයේ යෝධයෝ ඕන. ඒ විතරක් නෙවෙයි. අපේ ශාසනයට පවා යෝධයෝ ඕන වෙනවා.
මේ හැම ක්‍ෂේත්‍රයක් ගැන ම ඔබේ පොතෙන් කතාකරනවා?
නැහැ. මම කතාකරන්නේ මූලික කාරණා කිහිපයක් විතරයි. මගේ අවධානය වැඩියෙන් ම යොමුවෙලා තියෙන්නේ සමාජ – ආර්ථික ක්‍ෂේත්‍රවලට. මම ගිහියෙක් හින්දා ශාසනික කරුණු ගැන කියන්න ගියේ නෑ. හැබැයි ආර්ථික කරුණුවලට අදාළ දේවල් ජාතික, ප්‍රාදේශීය විතරක් නෙවෙයි ගම් මට්ටමින් පවා මම සාකච්ඡා කරලා තියෙනවා. අලුත් ආර්ථික ආකෘති ඉදිරිපත් කරලා තියෙනවා. ග්‍රාමීය ආර්ථික කටයුතුවලට අදාළ අධ්‍යාපනික විසඳුම් පවා යෝජනා කරලා තියෙනවා. ජාතික මට්ටමේ අලුත් සංස්කෘතික උත්සව ගැනත් කියලා තියෙනවා. ආර්ථික සම්පත්වල ජනතා අයිතිය පිළිබඳ අලුත් ආකෘතියකුත් ඉදිරිපත් කරලා තියෙනවා.
ඔබේ අදහස් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා ඔබ හිතනවා ද?
පොතක් ලියලා ප්‍රසිද්ධ කරපු පමණින් මේ අදහස් ක්‍රියාවට නංවන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. මේ අදහස් ජනතාව අතරට ගෙනියන්න ඕන ප්‍රායෝගික විදිහට. ඒ හින්දා මම මේ පොත පොත් කඩවල විකුණන්න දාලත් නෑ. අතනින් මෙතනින් පොතක් විකුණුනා කියලා සමාජ මතයක් හැදෙන්නේ නෑ. මේ අදහස් සමාජගත කරන්න ඕන සංවිධානාත්මක ප්‍රායෝගික වැඩපිළිවෙළක් හරහා. ඉතින් දැනට හැදිලා තියෙන විවිධ සමාජ සංවිධාන හඳුනාගෙන ඒ අයත් එක්ක මම මේ අදහස් සමාජයට ගෙනියනවා. මේ වෙනුවෙන් දේශපාලනික සංවිධාන එක්ක වුනත් එකට එකතුවෙලා වැඩකරන්න පුළුවන්.
මේ ඉදිරිපත් කරලා තියෙන්නේ ඔබේ ම අදහස් ද?
එහෙම කියන්න බෑ. අපි අහසින් වැටෙන ඕපපාතික මිනිස්සු නෙවෙයිනේ. මේ සමාජයේ ඉන්න මිනිස්සුන්ගෙන් තමයි අපි වැඩියෙන් ම ඉගෙනගන්නේ. ඒක පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය වගේ සීමිත එකක් නෙවෙයි. ඉතින් මේකේ තියෙන සමහර අදහස්වලට පොඩි ළමයි පවා මට ගුරුවරු වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්.
විශේෂයෙන් ම ඔබට ගුරුවරු වුනු පිරිසකුත් ඇතිනේ?
ඔව්. මූලිකව ම ගෙදර පසුබිම, දෙමව්පියෝ අමතක කරන්න බෑ. මම පුංචි කාලේ තාත්තා කියපු කතා අහලා වැලිවලින් රුවන්වැලි සෑය, ජේතවනාරාමය, අභයගිරිය වගේ දාගැබ් හදපු හැටි මට තාමත් මතකයි. ගෙදර පොත පත තිබුණු හින්දා පොඩි කාලේ දී ම ඒවා කියවන්නත් ලැබුණා. වයස අවුරුදු දහයේ දී මහා වංශය පවා කියෙව්වා. මේ විදිහේ අධ්‍යාපනයක් ඉස්කෝලෙන් ලැබෙන්නේ නෑ. ඉතින් වයස අවුරුදු පහළොවක් දාසයක් වෙන කල් ගෙදරින් ලැබිච්ච මේ ආභාෂය අමතක කරන්න බෑ. මට වයස අවුරුදු දාහතරක් පහළොවක් විතර වෙද්දි අපේ ගෙදරට දිවයින” පත්තරේ පටන්ගත්තා. මතක විදිහට 1984 අවුරුද්දේ විතර ඉඳලා. ඉතින් ඔබතුමාලාගේ දිවයින” පත්තරේ පවා මගේ දැනුමත් අදහසුත් පෝෂණය කරපු සරසවියක් කියලා කියන්න පුළුවන්.
ඒ කොහොම ද?
මේක මට විතරක් අදාළ කාරණයක් නෙවෙයි. අද මේ රටේ ඉන්න ජනමාධ්‍යවේදීන් අතරින් සෑහෙන පිරිසකුත් බිහිවෙලා තියෙන්නේ දිවයින” පත්තරේ මුල් ගෙදර කරගෙන කියලා කියන්න පුළුවන්. අපේ ප්‍රශ්න දිහා ජාතික ඇහැකින් බලන්න පුළුවන් ගුරුවරු විශාල පිරිසක් ඔබතුමන්ලාගේ පත්තරෙන් හඳුන්වලා දුන්නා. ඒ අයගේ අදහස් නිතර ම දිවයින” පත්තරේ පළවුනා. ඒ අතර අගමැති අයියා – ඒ කියන්නේ මුදියන්සේ තෙන්නකෝන් මහත්තයා, රත්මලානේ රුහුණු වෙද මහත්තයා, බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ නායක හාමුදුරුවෝ, සූරිය ගුණසේකර මහත්තයා, නලින් ද සිල්වා මහාචාර්යතුමා, ගුණදාස අමරසේකර මහත්තයා, ජී අයි ඩී ධර්මසේකර මහත්තයා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩකරපු එච් ජී චාල්ස් මහත්තයා වගේ සෑහෙන පිරිසක් හිටියා.
මාක්ස්වාදී අදහස් ඔබට බලපෑවේ නැති ද?
නෑ කියලා කියන්න බෑ. ඉස්කෝලේ යන කාලේ ම මම ඔය ලෙනින්ගේ මාක්ස්ගේ සමහර පොත් කියෙව්වා. ඒත් ඒ අදහස් ගැන මට එච්චර ආශාවක් ඇතිවුනේ නෑ. සම සමාජ, කොමියුනිස්ට්, ජනතා විමුක්ති පෙරමුණ වගේ වමේ කියලා හඳුන්වාගන්න පක්‍ෂ ගැන මට කවදාවත් පැහැදීමක් තිබුණේ නෑ. ඒ කොහොම වුනත් ටිකෙන් ටික හරි මාක්ස්වාදී අදහස් ඔළුවට කාන්දුවෙලා නෑ කියලා කියන්න බෑ. මාක්ස්වාදී අදහස් විතරක් නෙවෙයි ලිබියාවේ ගඩාෆි ජමාහිරියා සංකල්පය මුල් කරගෙන ලියපු අදහස් පවා මගේ අදහස් පෝෂණය කරන්න බලපාන්න ඇති කියලා මට හිතෙනවා. ඊට අමතරව මම මහ බැංකුවෙත් අවුරුදු 18 ක් වැඩකරලා තියෙනවානේ. ඉතින් බටහිර ආර්ථික මූලධර්මත් මට බලපාලා තියෙනවා.
එතකොට චීනයේ අත්දැකීම්?
ඔව්. චීන අත්දැකීම් මට බලපෑවා කියලා කියන්න පුළුවන්. මම චීන භාෂාව යම් තරමකට ඉගෙනගෙන තියෙනවා. අවුරුදු පහළොවකට වැඩි කාලයක් චීනයේ ඉතිහාසය, සංස්කෘතිය, සමාජ – ආර්ථික කරුණු, දේශපාලනය ගැන හොයලා තියෙනවා. මම මගේ ආචාර්ය උපාධිය ලබාගත්තෙත් චීනයේ සන්නිවේදන විශ්වවිද්‍යාලයෙන්. අවුරුදු හයක් විතර කාලයක් මම චීනයේ ගතකරලා තියෙනවා. ඉතින් ඒ අත්දැකීම් මට බලපෑවා. ඒ විතරක් නෙවෙයි. බටහිර මූලික කරගත්තේ නැති ඇහැකින් ලෝකය දිහා බලන්න පවා ඒ අත්දැකීම් මට උදව්වෙලා තියෙනවා.
චීනයෙන් අපිට අනතුරක් වෙයි කියලා ඔබට හිතෙන්නේ නැති ද?
නෑ. මම එහෙම හිතන්නේ නෑ. චීන මිනිස්සු ඉතිහාසයේ කවදාවත් සංස්කෘතික මිෂනාරි වැඩ, ආගමික මිෂනාරි වැඩ, අධ්‍යාපනික මිෂනාරි වැඩ, දේශපාලනික මිෂනාරි වැඩ කරලා නෑ. එහෙම වැඩ දැන් කරනවා කියලා පේන්නත් නෑ. අපේ දුර්වලකම් හින්දා ඒ අය අපෙන් යම් යම් ආර්ථික ඵල ප්‍රයෝජන ගන්න බවක් නම් බැලූ බැල්මට පේනවා. අපේ දුර්වලකම්වලට අනිත් මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ. අපි මුලින් ම කරන්න ඕන අපේ අඩුපාඩුකම් හදාගන්න එක. එහෙම නැතිව චීන කොළණි, අර කොළණි, මේ කොළණි කතා කිය කියා හිටියා කියලා අපිට සුගතියක් අත්වෙන්නේ නෑ. අද අපිට ඕන අපේ අඩුපාඩු හදාගන්න වැඩපිළිවෙළක්.
ඒ කියන්නේ, කාවන්තිස්ස” වැඩපිළිවෙළක්?
ඔව්. ඒ විදිහේ විධිමත් සහ ශක්තිමත් වැඩපිළිවෙළක්. අනිත් අයගෙනුත් ගන්න පුළුවන් උදව් ඇරගෙන ස්වශක්තියෙන් නැගිටින්න පුළුවන් අපේ ම වැඩපිළිවෙළක්. කාවන්තිස්ස වැඩපිළිවෙළ” පොතේ තියෙන්නේ ඒ වගේ වැඩපිළිවෙළක් සඳහා ඕන කරන මාර්ගය පෙන්නලා දෙන මූලික අදහස් කීපයක්.
January 20th, 2019 at 5:30 pm
Good thinking. Mother Lanka need such visionaries to come forward!!
Hopefully we can get hold of copy of this book to read.
And we need a present day Kawanthissa to implement this!!
January 20th, 2019 at 5:37 pm
I don’t think this concept is going to work. Elara was less tha one generation
The current Indian Colonial Parasites are much more than that since 1792.
January 21st, 2019 at 8:24 am
None of these hilarious things going to work.
Tamils are all ought to carve out Eelaam
Muslims are all ought to destroy Buddhist identity, Sinhelaya and take the country.
Americans are waiting to enter and swallow us.
We need to rise up now, annihilate Tamils, Muslims and stop the defense agreement with yankees.
Otherwise we will be too late in few more days, months !
Hail HITLER !
January 21st, 2019 at 2:46 pm
OK, OK we agree Kavantissa couldn’t finish the job because people were fooled by Elara.
Wait few years until the arrival of Dutugemunu after Kavatissa’s death.