රෝහිත රාජපක්ෂ විවාහ වෙයි.. සියවසක් මතක රන්දයි.. තරු හෝටල්-මස්-අරක්කු කිසිත් නෑ.. ගැමි කෑම බීම පමණයි..[Photo]
Posted on January 24th, 2019
lanka C news
![රෝහිත රාජපක්ෂ විවාහ වෙයි.. සියවසක් මතක රන්දයි.. තරු හෝටල්-මස්-අරක්කු කිසිත් නෑ.. ගැමි කෑම බීම පමණයි..[Photo]](http://lankacnews.com/wp-content/uploads/2019/01/45465466.jpg)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා අද දිනයේ විවාහ දිවියට එළැඹුනේය.
වීරකැටියේදී පැවත්වෙන මෙම මංගල උත්සවය සදහා දේශපාලන නායකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ දෙනෙකු සහභාගී වී සිටිති.
මේ විවාහය සදහා කිසිදු ආකාරයක මත්පැන් සැපයීමක් සිදු නොකෙරෙන රණවරා, බෙලිමල්, දිවුල් යුෂ අමුත්තන්ට බීම සහා ලබා දෙයි.
ආහාර සදහා ලබා දෙන්නේ දේශීය ගැමි ආහාර පමණක් වන අතර ඒවා සකසන්නේ අසල්වැසි පවුල් විසිනි. කිසිදු මස් මාංශ වර්ගයක් ආහාර සදහා එක් කර නැත.
මැදමුලන ගම්මානයටම මෙම විවාහයේ ආරාධනා කර ඇත.
තරු හෝටල් සම්ප්‍රදායෙන් බැහැරව පැවැත්වෙන මෙම උත්සවය වැවක් ආසන්නයේ පිහිටි භූමි ප්‍රදේශක සංවිධානය කර ඇත.
රෝහිත රාජපක්ෂ මහතාගේ මනාලිය වූයේ ටට්යානා ලිවේරා ජයරත්නයි.


















