අනුර කුමාර මහත්තයෝ අපේ රජය කාලේ අල්ලපු කුඩු කන් හැන්දෙන් බෙදුවා නම් අද අල්ලන කුඩු සවලෙන් බෙදන්න පුලුවන්
Posted on February 25th, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුව

අද (25) දින මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින් 

  • පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා

  • පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා

ගල්කිස්ස මුහුදු තීරයේදී ආන්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක්ගේ මාධ්‍ය ලේකම්වරයෙක් කුඩුත් එක්ක අහු වුනත් මාධ්‍ය ලේකම්වරයා එළියට ඇවිත් අහිංසක රියදුරා කුඩුත් එක්ක ඇතුලේ

බදුල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිසියේ මහත්තයාගේ කන පලනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව මන්ත්‍රීවරයා ගෙදර යනවා.

විජයකලා මහේස්වරන් කියනවා යුද්ධය කාලෙදිවත් ඊට පස්සේ මහින්ද රාජපක්ෂ රජය කාලයේදීවත් යාපනයේ කුඩු තිබුනේ නැහැ. දැන් හැමතැනම කුඩු තියෙනවා.

වැරදි නොකරපු රණවිරුවන් අධිකරණයට ඉදිරිපත් කලොත් අලප් ආණ්ඩුවක් ආවාම ඒ වැරදි කරන නිලධාරින්ට එරෙහිව පියවර ගන්නවා

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා

ආරක්ෂක අංශ මගින් කොළඹ නගරයේදි ලංකාවේ විශාලතම මත්කුඩු තොගය විදියට කුඩු කිලෝ 294ක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. 2018 වසරේදි පමණක් මත්කුඩු කිලෝ 732ක් අත් අඩංගුවට ගත්ත බව වාර්තා පළ වෙනවා. දැන් 2019 වර්ෂයේ මාසයකුත් දින 24ක් තුළ මතුකුඩු කිලෝ 520ක් අත්අඩංගුවට පත්වෙලා. අපේ රට මත්කුඩු තිප්පලක් බවට පත්වෙලාකියන එකයි මෙයින් අදහස් වෙන්නේ. අපේ අනාගත තරුණ පරපුර සම්පූර්ණයෙන් මත්කුඩු වලින් විනාශ වෙලා යන තරමට කුඩු ගංකාවම වෙලා ගෙන. 

එදා අපේ රජයේ අගමැතිවරයෙකුට සම්බන්ධ ලේකම්වරයෙකුට කොළඹ වරායට ආපු කන්ටේනරයක තිබුණු කුඩු සම්බන්ධයෙන් චෝදනා එල්ල වුනා. ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක කිව්වා ලංකාවේ ඉන්න ඔක්කොටම කන් හැන්දෙන් ගහන්න දෙන්න පුලුවන් තරමේ කුඩු ප්‍රමාණයක් ඇල්ලුවා කිව්වා. අනුර කුමාර මහත්තයෝ අපේ රජය කාලේ අල්ලපු කුඩු කන් හැන්දෙන් බෙදුවා නම් අද අල්ලන කුඩු සවලෙන් බෙදන්න පුලුවන්. මේ ආන්ඩුව ආවේ යහපාලනය ගේන්න. රටේ අපරාධ නොවෙන තත්ත්වයක් හදන්න, මත්ද්‍රව්‍ය තුරන් කරන්න, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න කියලා ආපු මේ ආණ්ඩුවෙයි කුඩුයි අතරේ තියෙන සම්බන්ධය මොකක්ද. ගල්කිස්ස මුහුදු තීරයේදී ආන්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක්ගේ මාධ්‍ය ලේකම්වරයෙක් කුඩුත් එක්ක අහු වුනත් මාධ්‍ය ලේකම්වරයා එළියට ඇවිත් අහිංසක රියදුරා කුඩුත් එක්ක ඇතුලේ. 

මාසයකට ආසන්න කාලයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිසියේ මහත්තයාගේ කන පලනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව මන්ත්‍රීවරයා ගෙදර යනවා. විජයකලා මහේස්වරන් කියනවා යුද්ධය කාලෙදිවත් ඊට පස්සේ මහින්ද රාජපක්ෂ රජය කාලයේදීවත් යාපනයේ කුඩු තිබුනේ නැහැ. දැන් හැමතැනම කුඩු තියෙනවා. මේවාට දේශපාලනඥයෝ සම්බන්ධයි කියලායි ඇය කියන්නේ. එහෙම නම් මේ සියලුදේට මේ යහපාලන ආන්ඩුවට වග කියන්න වෙනවා. මේ ආන්ඩුව නිසයි රට කුඩු තිප්පලක් වෙලා තියෙන්නේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මත්ද්‍රව්‍ය සම්බන්ධ  වැඩපිළීවෙලට සහාය දෙන්න අපි සූදානම්.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡාව ආරම්භ වෙන්න කළින් වසන්ත කරන්නාගොඩඇතුළු රණ විරුවන් 48ක් අතු අඩංගුවට අරන් ඒ දිනයට පෙර ඔවුන්ව හිර ගෙදර යවන්න සූදානම් වෙනවා. 2019 කියන්නේ යුද්ධය අවසන් වෙලා ගතවෙන 10 වැනි වසර. යුද්ධට අවසන් කලේ වීරෝධාර රණවිරැවෝ. රනිල් වික්‍රමසිංහ මහත්තයා පහුගිය දවස්වල හිටියේ කිලිනොච්චියේ. වව්නියාවේ. මන්නාරම. අගමැතිතුමනි, මතක තියාගන්න. දෙපයින් ඔහෙට යන්න පුල්වන් වුනේ හිරේදාන්න ලෑස්තිවෙන රණවිරුවන්ට පින්සිද්ධ වෙන්න. ඒ රණවිරුවට පින්සිද්ධ වෙන්න තමයි. යුද්ධය අවසන් වෙලත් වසර 10ට පස්සේ අපේ රණවිරැවන්ගේ නම් ලයිස්තුවෙන් කොටසක් දෙන්නේ රාජ්‍ය නොවන සංවිධාන. රාජ්‍ය නෙවාන සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදී නම් ස්වාධීන නම් රණ විරුවෙක් ගැන කතා කලේ කවදාද. මේ රජය වුනත් රණ විරුවෙක්ගේ ප්‍රශ්නයක්ට කතා කලේ කවදද. රණ විරුවෙක්ගේ විශ්‍රාම වැටුප ගැන ආබාධිත රණ විරුවෝ ජිවත් වෙන්නේ කොහොමද ඇහුවද. මානව හිමිකම් කවුන්සිලයේ කට්ටිය සතුටු කරන අතරේ ඊළග ඡන්දයේදී උතුරේ ඡන්ද ටික ගන්නේ කොහොමද කියන එකයි මේ අය බලන්නේ. අතුර සතුටු කරන්න, සුමන්දිරන්ව සතුටු කරන්න කටයුතු කරන්නේ කොහොමද කියන එකයි මේ ආන්ඩුව බලන්නේ. රණවිරුවාව අපි දංගෙඩියට දැම්මා. මැතිවරණයේදි අපිට ඡන්ද මල්ල දෙන්න කියලයි මේ අය කියන්නේ. වසන්ත කරන්නාගොඩ ඇතුලු සියලුම රණ විරුවෝ තමන්ගේ යුතුකම වගකිම මාතෘභූමිය වෙනුවෙන් ඉටු කළා. ඔවුන් වෙනුවෙන් අපි පාරට බහිනවා. මේ අවුරුද්ධ තීරණාත්මක අවුරුද්දක්. අපේ රජයක් ආවාම වැරදි විදියට පෑන හසුරුවලා බි වාර්තාවන් ගහලා වැරදි නොකරපු රණවිරුවන් අධිකරණයට ඉදිරිපත් කලොත් අලප් ආණ්ඩුවක් ආවාම ඒ වැරදි කරන නිලධාරින්ට එරෙහිව පියවර ගන්නවා. 

මේ දවස්වල රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයාගේ කොකේන් සිද්ධිය ආන්දොලනාත්මකයි. කතානායකවරයාට නම් ලයිස්තුව දුන්න බව කියන රන්ජන් රාමනායක ගෙන් බොරු කියන්නේ කවුද අහපුවාම රන්ජන් කියන්නේ මුසාවාදා වේරමනි සික්ඛා පදං සමාදියාමි කියනවා. ඒකියන්නේ බොරු කියන්නේ කතානායකවරයා. අපිටත් පහුගිය කාලයේ කතානායකවරයාගේ හැසිරීම නිසි අපිටත් රන්ජන් කියන දේ විශ්වාස කරන්න  සිද්ධ වෙනවා. කතානායකතුමා රන්ජන් රාමනායකද, කතානායකවරයාද බොරු කියන්නේ කියලා ප්‍රකාශයක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. 

අයවැය ළග නිසා තමන්ට විනය පරික්ෂණ තියන එකක් නැහැකියලත් රන්ජන් රාමනායක කියනවා. අයවැය ඉවර වුන ගමන් රන්ජන්ට වැඩේ දෙනවා. අය වැය නිසා රන්ජන් මෙවැනි දේ කරද්දිත් නිශ්ශබ්දව ඉන්නවා නම් දෙමළ ජාතික සන්ධානයට කොහොම ඇද්ද. දැන් ඉගි කරනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ මහත කෙනෙක්. වතුකරයේ ඇස් රතු වුන කෙනෙක්. උත්තරයට කිට්ටුවෙන් යන්න කියනවාට වඩා පුලුවන් ඉක්මනට මේ නාමාවලිය කිව්වනම් හොදයි. අපිත් කැමැතියි වැරදි කරන අය පෙන්වා දෙන්න. 

එතුමා ගිහින් ලේ දුන්න. බුද්ධික පතිරණ ලේ, මුත්‍රා, හිසකෙස් දුන්නා. රන්ංන් රාමනායක මහත්තයාට අපිත් කියනවා පුලුවන් නම් හිසකෙස් ටිකත් දෙන්න.එතකොට කොකේන් විතරක් නෙවෙයි අනික් දේවලුත් හෙළි වෙයි. පහුගිය කාලයේ අර්ජුන මහේන්ද්‍රන්ලාගෙන් සල්ලි ගත්ත අය ගැන කියවපු විදියටම මේ ගැනත් කතා වෙනවා. ඉස්සර අන්දරේ හිටියා රජතුමාව හිනස්සවන්න. සට්ටැඹීරාල හිටියා. සැට්ටඹිරාල තමයි සියලුම තැන් හේදුවේ. තව හිටියා ඇට්ටැම්ඹිරාල. ඒ කාලේ අද වගේ මුත්‍රා ලේ පරික්ෂා කිරිමක් සිද්ධ වුනේ නැහැ. රජතුමා උදේ මුත්‍රා කරපුවාම ඇට්ටම්ඹිරාල තමයි දිව ගාලා චෙක් කරලා බල්නනේ. රන්ජන් රාමනායක මහතයා පාර්ලිමේන්තුවේ ඉන්න නිසා මේ වැඩේ බේරගන්නත් අවහ්‍ය නිසා ඇට්ටම්ඹිරාල කරපු වැඩේ කළා නම් හරි. ලොබියේ ඉදන් එන එන මන්ත්‍රීවරයාට කියලා මෙහෙම වත් විසදාගත්තොත් හොදයි. 

ජනාධිපතිධූරය සම්බන්ධයෙන් විවිධ කතිකාවන් එනවා. මේ ආන්ඩුව ඡන්ද කල් දාන්නයි හදන්නේ. පළාත් පාලන මැතිවරණය ගත්තේ හරිම අමාරුවෙන්. අද වෙනකොට පළාත් සභා ඡන්දය තියන්නේ නැහැ. තොගයට පරදින බව දන්න නිසා මේ ආන්ඩුව පළාත් සභා තියන්නේ නැහැ. නව ව්‍යවස්ථාවක් ගෙනත් පාර්ලිමේන්තු මැතිවරණය කල් දාන්න හැදුවට ඒක සම්මත වුනේ නැති නිසා අකුල ගන්න වුනා. දැන් 20 වැනි සං‌ශෝධනය ගෙනත් ජනාධිපතිධූරය අහෝසි කරන එක ගැන කියලා ජනාධිපතිවරණයත් කල් දා ගන්න හදනවා. ජනාධිපතිධූරය අහෝසි කළ යුතුයි. නමුත් මේ ඊට අවස්ථාව නෙවෙයි.ත ජනාධීපතිධූරයඅ හෝසි කරන්න කලින් පළාත් සභා සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඔ්නේ. ප්‍රභාකරන්ගේ මල්ල වගේ කෙනෙක් වැරදිලාවත් ආවොත් මොකද කරන්නේ. දැන් බලන්නේ කල් දාන්න බැරි එකම මැතිවරණය වන ජනාධිපතිවරණයත් කල් දාගන්න හදන්නේ ජනතා විමුක්ති පෙරමුනේ බලල්ලු ලවා කොස් ඇට බාවන්නයි. තුනෙන් දෙක රටේ බහුතරය තිබුණු වෙලාවේ ඒක කර ගන්න තිබුනානේ. මේ පාර්ලිමේන්තුව විශ්වාස නැති පාර්ලිමේන්තුවක්.ඒ නිසා මම පුද්ගලිකව කැමැති ජනාධිපතිධූරය අහෝසි නොකරනවාටයි. ජනාධීපතිතුමාගේ පෝටෝ එකට වදින්න අවශ්‍ය අයත් මුදල්වලට පැත්ත මාරුකරපු හැටි අපි පහුගිය දවස්වල දැක්කා. එහෙම මන්ත්‍රීවරු ඉන්න පාර්ලිමේන්තුවට ජනාධිපතිධූරය අහෝසි කිරීම සුදුසු නැහැ. ජනාධිපතිධූරය අහෝසි කරන්න නම් ඊළග ජනාධිපතිවරයාගෙන් පස්සේ ජනාධිපතිධූරය සම්බන්ධයෙන් රටේ කතිකාවක් ඇති කරලා රටෙන් අහලා එය කරන්න අපි ලැහැස්තියි.ආන්ඩුවේ කොටසක් වෙලා ඉන්න ජනතා විමුක්ති පෙරමුණට ඒ සම්බන්ධයෙන් තීරණ ගන්න බැහැ. 

 

 

පාර්ලිමේන්තු මන්ත්‍රී  ගාමිණි ලොකුගේ  මහතා

මාර්තු මාසේ ලබන්න කිට්ටුයි. මහ බැංකුව මංකොල්ල කාලා අවුරුදු තුනක් වුනත් ඒ ගැන රනිල් වික්‍රමසිංහ හෝ ආන්ඩුව කතා කරන්නේ නැහැ. මහ බැංකුවේ හිටපු අධිපති සිංගප්පූරුවට වෙලා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ගිහින් දකුනේ ප්‍රභාකරන් කෙනෙක්ව පත් කරන්න අවශ්‍ය නැහැලු. ඒ අය හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ දකුනේ ප්‍රභාකරන් කියලා. ඒ අය ගෝඨාභය මහත්තයා නිසයි අද උතුරේ ගිහින් ඒ වගේ රැස්වීම් තියන්නේ. මේ වගේ දේවල් කිව්වට ඒ අය මහ බැංකු කොල්ලය ගැනනම් කතා කරන්නේ නැහැ. 

එයාර් ලංකා එකේ මහා මංකොල්ලයක් වෙලා අද පවත්වා ගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. රටම හොරකම් කරගන්න ගමන් ආනමඩුවට ගිහින කියනවා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරාලු. තමන්ගේ ගජ මිතුරන්ගෙන් කොමිෂන් සභානේ තියෙන්නේ. ව්‍යවස්ථාදායක සභාව පත්කර ගත්තේ කොහොමද. මහින්ද රාජපක්ෂ මහත්තයා විපක්ෂ නායක වෙනකල් ආන්ඩුවෙන් ගේන යෝජනාවලට පක්ෂව ඡන්දය දෙන්නේ කවුද. ජනතා විමුක්ති පෙරමුණයි දෙමළ ජාතික සන්ධානයයි. පළාත් සභා මැතිවරණ කල් දාන්න එකම දිනයක පවත්වන්න අවශ්‍යයි කිව්වාම අධීකරණය කිව්වේ ඒකට ජනමත විචාරණයක් තියන්න ඔ්නේ කියලා. ඊට පස්සේ පනතට සංශෝධනයක් ගෙනාවා. කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ගෙනාව සංශෝධනය ඡන්දේ දුන්නේ ජවිපේ, දෙමළ සන්ධානයයි. ඒ අයයි ව්‍යවස්ථාදායක මණ්ඩලය පත්කලේ.දැන් අලුත් මාතෘකාවක් ගේනවා. පොන්සේකා තෙවරප්පෙරුමට බනිනවා. මහජනයාත් බලන් ඉන්නවා දෙන්න මොනවාද කියන්නේ කියලා. ඊළගට කුඩු රජා මාකදුරේ මධූෂ්. දැන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරු කොකේන් බොනවාලු. ඒ අතරේ තෙල් මිල වැඩිවෙනවා. සිමෙන්ති මිල වැඩිවෙනවා. කරුංකා රටෙන් ගෙනත් රු.10ට දුන්න පුවක් ගෙඩිය බැහැලා. ගම්මිරිස් කුරුදු මිල අඩුවෙලා. රටේ සාමාන්‍ය ස්වයං රුකියාවක් කරන් හිටපු සුලු අපනයන කරපු මිනිස්සු බිමට වැටිලා. මාධ්‍යයෙන් කියැවෙන්නේ කුඩු මදූෂ්, රංජන්ගේ කොකේන්. මහ බැංකු අධීපති සම්බන්ධයෙන් මම වගකීම බාර ගන්න බවයි රනිල් වික්‍රමසිංහ කිව්වේ. කෝ අද. රන්ජන් රාමනායකට උසාවියට අපහාස කිරිම සම්බන්ධයෙන් නඩුවක් තියෙනවා. තීන්දුව දෙන්නේ නැහැ. පළාත් සභා මැතිවරණය ගැන නඩුවක් දැම්මා. මැතිවරණය අවසන් වෙනකල් තීන්දුව නැහැ. මේවා සියල්ලම 19 වැනි සං‌ශෝධනයෙන් වුනේ. අපේ ආන්ඩුවක් ආවම අපි ඒ සංශෝධනය නැවත සංශෝධනය කරනවා. 

වෘත්තිය සමිතිවලට මොකද වෙන්නේ. වෘත්තිය සමිති නායකයින්ගෙන් දේශපාලන පළිගැනීම් වෙනවා. සී. ටී. බී එකේ කිසිම ඉන්ටවිව් එකක් නැතිව 5000ට උසස්වීම් දෙනවා. තරුණ සේවා සභාවේ විසිගානක් මාරුකරලා. රියදුරුව කිලිනොච්චියට මාරුකළාට වාහනයක් නැහැ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිවාස අධිකාරියේ, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ගුවන් විදුලි සංස්ථාවේ මාරු කරනවා. ස්වාධීන රූපවාහිනියේ සිද්ධිය යන්තම් බේරගත්තා. දැන් රූපවාහිනි සංස්ථාවේ ප්‍රශ්න. අපේ ආන්ඩුවක් ඇවිත් පැය 24ක් ඇතුලත වැරදි විදියට කරන මාරුකිරීම් සියලුල අහෝසි කරනවා. නිලධාරීන් වැරදි විදියට තිරණ ගත්තොත් ඔවුන් අනිවාර්යය නිවාඩු යවලා පරික්ෂණ කරලා දඩුවම් කරන බව වගකීමෙන් කියනවා. සේවකයින්ට වෘත්තීය සමිති කරන්න අයිතියක් තියෙනවා. කම්කරු ප්‍රඥප්තිය අනුව කටයුතු කරන්න හැකියාව තියෙනවා. නිලධාරීන කැදවුවාට එන්නේ නැහැ. මේවැනි හිට්ලර් ක්‍රමයකටයි රනිල් වික්‍රමසිංහ රට පාලනය කරන්නේ. ඔහු තමයි උපදෙස් දෙන්නේ මේ දේවලට. අපි වෘත්තීය සමිති ව්‍යාපාරයක් විදියට මේවාට මැදිහත් වෙනවා. සේවකයින්ට බියක් සැකක් නැති වැඩ කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.මේ රටේ නීතිය අනුව කුඩු ගහන ඇමැතිවරු ඉන්නවා ඒ ගැන කටඋතුතර ගන්න , හොරු ඉන්නවා නම් කට උත්තර ගන්න පොලිසියට අයිතියක් තියෙනවා. ඒ කිසිවක් නැහැ. බොරු කරලා විහිලු කරලා රට දුවන්න බැරි තත්ත්වයකට පත්කරලා. 

මාධ්‍ය – ජනාධිපති ඒකකයේ ආරක්ෂක අංශයේ ප්‍රධානියාගේ පුත්‍රයෙක් පදවනලද වාහනයක ගැටීමෙන් පොලිස් නිලධාරීයෙක් තුවාල ලබා තියෙනවා. එහි ඔබේ මන්ත්‍රීවරයෙක්ගේ පුතෙකුත් ඉදලා තියෙනවා.

ගාමිනී ලොකුගේ – කතන්දරේ ඇත්ත. පොලීසිය මැදිහත් වෙලා ඒ සම්බන්ධයෙන් පියවර ගන්නවා. කාරෙකේ ඇමැතිවරයෙක්ගේ පුතෙක් ගිය එකට මොකද කරන්නේ. පොලිසියට ඉදිරිපත් කරන්න කියපුවාම අද උදේ පොලීසියට ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. 

මාධ්‍ය – රන්ජන් රාමනායක ලේ දුන්නාට පස්සේ බුද්ධික පතිරණ ගිහින් ලේ, මුත්‍රා විතරක් නෙවෙයි හොදම දේ කියලා කෙස් පවා දෙනවා. මේ වෙද්දි ඔබලා එහෙම කළාද

ගාමිණි ලොකුගේ- අපි ශෝබනේට ඒවා කරන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් අපිව පරික්ෂා කරන්න පුලුවන්. බුද්ධික පතිරණ කිරිපිටිවල උ!රු තෙල් තියෙනවා කිව්වා. රාජිත නැහැ කියනවා. සොයිසා මන්ත්‍රීවරයාත් කියනවා උ!රුතෙල් තියෙන බව . කෝ පරික්ෂණ

රෝහිතඅ බේගුණවර්ධන – රටේ තියෙන ප්‍රශ්න යට ගහ ගන්න එක එක දේවල් වෙනවා. සිංහල අවුරුද්දට ගෙදර කිරිබත් අයන කාලයක් එන්නේ .බුද්ධිය පතිරණ පටන් ගන්නවා ලේ කෙස් දෙන්න. අයවැයෙන් කෙරෙන දේවල් කැපෙන එක නෙවෙයි ප්‍රවෘත්තිය. රෝහිත කෙස් දෙන එක වගේ දේවල් ප්‍රවෘත්ති වුනාම රටේ ප්‍රශ්න අමතක වෙනවා. මේ ප්‍රකාශය කරපු මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කරන්න. දැන් පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙකුත් දැන් ගහ ගන්නවා. එයා කියනවාලු පෙති ගහන මන්ත්‍රීවරුන්ව සාධක ඇතිව හෙළි කරනවාලු.

3 Responses to “අනුර කුමාර මහත්තයෝ අපේ රජය කාලේ අල්ලපු කුඩු කන් හැන්දෙන් බෙදුවා නම් අද අල්ලන කුඩු සවලෙන් බෙදන්න පුලුවන්”

  1. Dilrook Says:

    Obviously drug dealers are nothing in comparison to “the world’s most ruthless terrorist group”. But drug delaers were not punished as much by those claiming to have won the war when compared to now. The first, second, third and fourth largest drug hauls were captured under Sirisena’s presidency. Drug dealers like Madush, Wele Suda, Mohommads, etc., etc. operated before 2015 as well.

    The least everyone can do is to support the current moves against drug dealers, not ridicule it or disrupt it.

    All strength to Sirisena and the STF to bust all drug dealers.

    According to news reports Mahindananda’s son was arrested over the deliberate attempted murder of the Borella SI of Police. This is a grave crime and those responsible must be punished. JO/SLPP must not have him in their ranks.

  2. Christie Says:

    Most of the drugs comes through India. The biggest king pins of drugs in our country are Indian Colonial Parasites. It was opium and Gnaja that was used by Indian Colonial Parasites to make money and keep the locals under their control. Someone has to pay for these massive quantities of drugs. The sellers will not ship drugs unless they get paid the cost and other expenses relating to the shipments. It is not Wele Suda or Madush who are paying the shippers. This might be different a bit as Pakistanis and Bangladeshis are also involved.

  3. ranjit Says:

    Sitting in a back seat of a car won’t make anyone a murderer when an accident happens. Ridiculous argument. After this shit government came to power we had to face many problems due to their shit governance. Mr bean and his butterflies made us paupers and brought shame to our country in many instances by their stupid actions including recent comments by Gon Ranja regarding cocaine smokers in the yahapalana cabinet. This is the most corrupt, stupid, habitual treacherous government I have seen in my whole life. After eating our economy for 4years still this traitor Ranil and his UNP TNA JVP band of rogues telling lies and hoodwink the people in this country. We have to open a new jail to put these criminals for various offences they were guilty of as soon as possible. Mr bean and Sirisena both are responsible for the pathetic situation in the country today. We can forgive Sirisena for some extent because after joining with Mahinda he has got some guts and doing some good things lately. We need to support him in his fight to eliminate drugs and the underworld. Crimes and accidents were the only plus marks under Yamapalanaya nothing else. Traitors must be brought to books sooner or later. Hit them hard JO😀

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress