අපේ ආණ්ඩුවක් යටතේ නොමිලේ පොහොර දෙනවා-හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ
Posted on February 28th, 2019
රුචිර දිලාන් මධුශංඛ උපුටාගැණීම මව්බිම
සිය ආණ්ඩුවක් යටතේ ඉදිරියේදී ගොවි ජනතාවට අවශ්‍ය සියලු පොහොර නොමිලයේ ලබාදෙන බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ‘මව්බිම’ට පැවැසීය.
කෘෂි ආර්ථිකයක් කරා රට ගෙන යෑමට අවශ්‍ය සියලු කටයුතු එහිදී දියත් කරන බවද විපක්ෂ නායකවරයා කීවේය.
තම ආණ්ඩුව යටතේ පොහොර සහනාධාරය ගොවීන්ට ලබාදීම නිසා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විශාල නැඟීමක් තිබූ බව පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුව යටතේ රටේ කෘෂිකර්මාන්තය විශාල කඩා වැටීමක් සිදුව ඇති බව කීය.
ඉන් රට ගොඩ ගැනීමට නම් ගොවියා ශක්තිමත් කරන කෘෂි වැඩපිළිවෙළක් රටට අවශ්‍ය බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.