ආන්ඩුවට අයවැය හිගය පියවගන්න ක්‍රමයක් නැහැ. මේ වසරේ ඩොලර් මිලියන 5.9ක් ණය ගෙවන්න තියෙනවා.
Posted on March 5th, 2019

අද දින (05) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ නියෝජිතයින්

ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩ එන්න නම් අලුතින් මුදල් අච්චු ගැසීම, දේශිය ණය හෝ විදේශීය ණය ගැනීම, ලාභ ලබන ආයතන කිහිපයක් විකිණීම පමණයි ආන්ඩුවට තියෙන විසදුම්.

  • පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
  • පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා
  • පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා

 

අටුව කඩලා පුටුව කඩනවා වගේ දේශිය ආර්ථකය පරදුවට තබමින්, බිංගිරියේ පොල් අක්කර 1200ක් කපලා ආයෝජන කළාපයක් හදන්න සුදානම් වෙන්නේ කිසිම ආයෝජනයක් නැතිවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා

ලංකාවේ සමස්ත වියදම රුපියල් බිලියන 6550යි. රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400ක් කියලා වාර්තා වෙනවා.අපිට ප්‍රශ්නයක් තියෙනවා. ලංකාව මේ වසරේ  ඩොලර්  බිලියන 5.9ක් ණය විදියට ගෙවන්න තියෙනවා. රුපියලේ වැඩිවීම නිසා මේ වසරේ රුපියල් බිලියන 1008ක් අයවැය තුළින් ගෙවන්න සිද්ධ වෙනවා. මේ නිසා ආන්ඩුව කියන දේවල් කරන්න පුලුවන්ද කියලා අපිට සැකයි. මෙවැනි තත්ත්වයක් ඇති වුනාම ආන්ඩුවට සිද්ධ වෙනවා බදු වැඩි කරන්න. නැත්නම් ලාභ ලබන ආයතන දෙක තුනක් විකුණන්න වෙනවා. නැතිව අය වැය හිගය පියවා ගන්න බැහැ. මේ ආන්ඩුව ලංකාවේ කෙටි කාලයක් තුල ණය ලබා ගත්ත ආන්ඩුව වගේම ලංකාවේ ජනතාවට වැඩියෙන්ම ජනතාවට හැනිකර බදු පනවපු ආන්ඩුව. රුපියල් බිලියන  90ක් පසුගිය දෙසැබ්ර් වෙද්දි මුදල් අච්චි ගහලා. ඒ විදියට අලුතින් මුදල් අච්චු ගහන්න, දේශිය ණයෙන් පියවන්න, නැත්නම් විදේශිය ණය ගන්න එක හෝ අපේ රටේ තියෙන සම්පත් විකුණා මුදල් පියවීම කියන පියවරයන් ටික විතරයි ආන්ඩුවට ඉතිරි වෙලා තියෙන්නේ. 

මේ නිසා ආර්ථිකය අතින් අපි ඉන්නේ වඩා භයානක තැනක. අපි ඉන්නේ මිට වසර කිහිපයකට කළින් ග්‍රීසිය හිටිය තැනටත් වඩා පහළ තැනක. මතුපිටින් චොකලට් තවරලා මේ අයවැය දුන්නාට ඒකේ යටින් තියෙන්නේ තිත්ත බෙහෙතක්. අපි විරුද්ධ පක්ෂයේ ඉන්න නිසා කියන කතාවක් නෙවෙයි. මේක තමයි ඇත්ත. රුපියලේ අවප්‍රමාණය තව තවත් වැඩිවුනොත් අනිවාර්යයෙන්ම මේ සදහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණයත් ඒ හා සමානව වැඩිවෙනවා. මෙය හම්බන්තොට වරාය ගොඩනගන්න ගත්ත වුදල මෙන් දෙගුණයක් වෙලා තියෙනවා. මේ අස්සේ එජාපය සංදර්ශනයක් කරනවා ඒ අය නිදහස් වෙලෙද කලාප හදන බව පෙන්වමින්. කුරුණෑගල බිංගිරියේ වෙලද කළාපය හදන්න කියලා හොද ඵලදාවක් සහිත පොල් අක්කර 1200ක් යොදා ගෙන. අටුව කඩලා පුටුව හදනවා වගේ මෙවැනි දේ කිරිම සුදුසු නැහැ. ඉඩම් වෙන් කරන්න පුලුවන්. ආයෝජන එනවාද. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවත් ඒ වගේ. දේශීය ආර්ථකය පරදුවට තබලා මේවගේ රුවටිම් කරන්න හොද නැහැ. පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සමයේ හොදම වී අස්වැන්න වාර්තා වෙලා කියලාත් ජනතාවට බොරු කියනවා. වී අතිරික්තයට හේතුව ජනතාව දන්නවා. වියලි කාලයෙන් පස්සේ අපිට හොද වැස්සක් ලැබුණා. අපේ කෙටිකාලනී ආන්ඩුවෙන් පොහොර ටික කළට දුන්නා. ඒ අනුව ගොවියෝ වැඩකළා.වි වලට මිලකුත් නැහැ. වි මිලදි ගැනීමේ ක්‍රමවේදයකුත් හදලා නැතුව පරාක්‍රමබාහු යුගයක් ගැන කියන්නේ මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. දෙවියන්ට කොටසක් වෙන්කරලා වැදුම් පිදුම් කරලයි ගොවියෝ අස්වැන්න ගෙට ගන්නේ. එවැනි ගරු බුහුමන් කරන අස්වැන්න පහුගිය කාලයේ මත්තල ගුවන්තොටුපලේ ගෙනත් දැම්මා. තමන්ට අදාල නැති ප්‍රකාශයක් කරලා රට රවට්ටන ප්‍රකාශයක් කිරීම ගැන අපි කණගාටු වෙනවා. වී කිලෝව රුපියල් 30ට වත් දි ගන්න බැරිව ඉන්නේ. පොලොන්නරුව වැනි ප්‍රදේශවල ජනතාව ඉච්ඡාභංගත්වයට පත්වෙලා ඉන්නේ. නරක දරුණු තැනකට ආර්ථිකය පත්වෙලා තියෙද්දි බොරු නොකර මැතිවරණයකට ගිහින් නව රජයක් පත්කරගන්න අවස්තාව දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

  • අපි ඉදිරියේ තියෙන්නේ ඇස් බැන්දුම් අයවැයක්
  • ත්‍රස්තවාදය පරාජය කිරීමට මේ රටේ මිනිසුන්ගේ අයිතිවාසිකමක්ම ආරක්ෂා කරන්න, දෙමල ජනතාව පළිහක් කරගෙන ඉන්න වෙලාවේ ඔවුන්ව නිදහස් කරගෙන සමස්ත රට වැසියාටම නිදහස ලබා දී විනය ගරුකව කටයුතු කළ බව මතක තබා ගෙන රණවිරැවන්ට පීඩාවක් නොවන විදියට අතීතය අමතක කරන්න ඔ්නේ.
  • මැතිවරණ කල් දැමීම ඉලක්ක කරගෙන ජනාධිපතිධූරය අහෝසිකරන්න ඉඩ දෙන්න බැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා 

ඇස් බැන්දුම් අයවැයක් ඉදිරියේ අපි ඉන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡාවක් තිබුණා. දේශපාලන අර්බුදයක් නිසා ණය ගෙවීම ප්‍රමාද වුන බව ජාත්‍යන්තර අරමුදලට කියලා වසරකින් කල් ලබා ගෙන තියෙනවා. ඩොලර් බිලියන 101.5 ණය මුදලට වසරකින් කාලය දික් කරලා. ආන්ඩුවට කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර අරන් තියෙනවා. ආන්ඩුවේ වැය අඩු කරන්න කිව්වාම මෙය මැතිවරණ වසරක් නිසා වැය අඩු කිරීම අමාරැ කබව ආන්ඩුව කිව්වා. වැය අඩු කරන්න අපහසුනම් ආදායම් මාර්ග වැඩි කරගන්න කිව්වා. ඒ සදහා බදු පැනවිම අනිවාර්යයෙන් සිදුවෙනවා. අද ඉදිරිපත් කරන අයවැයෙන් බදු පැනවූයේ නැති වුනත් ඉදිරියේදි ගැසට් මගින් බදු පනවනවා. විනිමය අනුපාතය නිදහසේ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නත්, ඩොලර් බිලියන 150 ආදායමක් හොයා ගන්න, අකාර්යක්ෂම ආයතන විකිණීම හා පුද්ගලීකරණය ක්‍රියාත්මක කිරීම අයවැය හිගය 3.5කින්පවත්වා ගෙන යාම කියන කොන්දේසි අරමුලින් දාලා තියෙනවා. අයවැය හිගය 3.5 ක්ව තියාගන්න නම් බදු වැඩිකරන්න වෙනවා. ඩොලර් මිලියන 150කින් ආදායම වැඩි කරන්නත් බදු ආදායම තදින්ම ක්‍රියාත්මක කරන්න ඔ්නේ. අද අයවැයෙන් රජයේ සේවකයින්ට ඇස්බැන්දුමක් පෙන්වයි. තව මාස කිහිපයකින් බැංකු පොලී අනුපාතය අනිවාර්යයෙන් වැඩි වෙනවා. මේක මැතිවරණ අයවැයක් වුනත් ඒකවත් හරියට කරගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.

අගමැතිතුමා උතුරට ගිහින් ප්‍රකාශයක් කරලා තියෙනවා  පරණ අතීතය අමතක කරලා කටයුතු කරන්න කියාලා. යුද්ධයේදී වුනු දේවල් අමතක කරලා අතීතයට සමාව දෙන්න කියපු ඒ ප්‍රකාශය හොදයි. නමුත් අතිතයේ හමුදාවක් ත්‍රස්තවාදය පරාජය කිරීමට මේ රටේ මිනිසුන්ගේ අයිතිවාසිකමක්ම ආරක්ෂා කරන්න, දෙමල ජනතාව පළිහක් කරගෙන ඉන්න වෙලාවේ ඔවුන්ව නිදහස් කරගෙන සමස්ත රට වැසියාටම නිදහස ලබා දී විනය ගරුකව කටයුතු කළ බව මතක තබා ගෙන රණවිරැවන්ට පීඩාවක් නොවන විදියට අතීතය අමතක කරන්න ඔ්නේ. යුද අපරාධයක් වෙන්න නම් සූහ මිනිස් ඝාතනයක් වෙන්න ඔ්නේ. ළමා සොල්දාදුවන් ඉන්න ඔ්නේ. අපේ හමුදාවන් එවැනි දේ කරලා නැහැ. හිටපු නාවික හමුදාපති අත් අඩංගුවට ගන්න උත්සාහය තවමත් තියෙනවා. අපේ සියලු හමුදාවන් විශිෂ්ටයි. මුහුදු මාර්ග රැක ගැනීම වසන්ත කරන්නාගොඩයි කලේ.

දැන් ව්‍යවස්ථා මර උගුලක් ගෙනත් තියෙනවා. 1994 ඉදන් ජනාධිපතිධූරය අහෝසි කරන බව කිව්වා. නමුත් මේ පාර්ලිමේන්තුව තුල එවැනි දෙයක් කරන්න බැහැ. මේ හදන්නේ පළාත් පාලන ආයතන කල් දැම්ම වගේ, පළාත් සභා කල් දැම්මා වගේ පාර්ලිමේන්තුව කල් දාගන්නයි. ජනාධිපතිධූරය අහෝසි කරන්න නම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඖනේ. ඒකට මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඔ්නේ කියන්නයි හදන්නේ. මැතිවරණ කල් දැමීම ඉලක්ක කරගෙන ජනාධිපතිධූරය අහෝසිකරන්න ඉඩ දෙන්න බැහැ. මේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ගිය හැම අවස්ථාවකම අර්බුද ඇති වුනා. ව්‍යවස්ථාව වෙනස් කරන්න ජනතාවගේ කැමැත්ත ඔ්නේ. පළාත් සභා මැතිවරණය තියෙන බවක් නැහැ. කල් දාන්න බැරි එකම මැතිවරණය ජනාධිපතිවරණය. ඔක්තෝම්බර් වෙද්දි මැතිවරණය තියන්න ඔ්නේ.

  • අයවැය සම්මත කරගන්නේ කොහාමද කියන ගැටලුව සහ අධිකරණයට තමන් බහුතරය කියලා බලයේ ඉන්න එජාපයට පෙන්වීමේ ගැටලුවක් මේ වෙද්දි ඇති වෙලා
  • ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ කියලා අයවැය දෙකක් අපිට නැහැ. අපි සමස්ත අයවැයම පරාජය කිරීමටයි පියවර ගන්නේ
  • විකුම්සිහ රජු සහලින් රට ස්වයංපෝෂිත කරපු නිසා තමයි මත්තල ගුවන්තොටුපලේත් වී පිරෙව්වේ
  • ගම්මිරිස් කිලෝ කෝටි 21ක් මහ මුහුද මැදදි නැවෙන් නැවට පටවලා රුපියල් ඩොලර් කෝටි 66ක් තමන්ගේ අයට හොයාදුන්න රජු විදියටත් ඉතිහාසගත වෙනවා.
  • ජාත්‍යන්තර ප්‍රමිතයේ කාන්තා යට ඇදුම් නිර්මානයේ සන්නාමය විදියටත් වික්‍රමසිංහ රජු ඉතිහාසගත වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා

තව පැය කිහිපයකින් යහපාලන රජයෙ ්අවසාන අයවැය ලේඛණය ඉදිරිපත් කරන්න නියමිතයි. මේ දෙස විමර්ශනාතාමකව බද්දි බරපතල අයවැය පරතරයක් තියෙනවා. මෙය පියවා ගන්න රජයට විසදුම් වෙන්නේ බදු දඩ සහ ණය මත යැපීමයි. මෙයින් ජනතාවට සහනයක් ලැබෙන්නේ නැහැ. අයවැය සම්මත කරගැනීම දක්වා ආන්ඩුවට අබියෝග දෙකක් තයෙනවා. අයවැය සම්මත කරගන්නේ කොහාමද කියන දේ සහ අධිකරණයට තමන් බහුතරය කියලා බලයේ ඉන්න එජාපයට පෙන්වීමේ ගැටලුවක් තියෙනවා. පිරිසක් අයවැය ට සහාය නොදෙන බවත් කියනවා. විපක්ෂය ලෙස අපි කියන්නේ ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ අයවැය කියලා දෙකක් නැති බවයි. අපි අයවැය පරාජය කරන්න පියවර ගන්නවා. ස්වයං රැකියා ඇති කරනවා ඉඩම් ඔප්පු දෙනවා වැනි දේ කිව්වට ඒ දේවල් කරන්න තරම් තත්ත්වයක් රටේ ගොඩනැගිලා නැහැ.

කුරුණෑගල වෙලද කළාපයක් විවෘත කරන්න ගිහින් අගමැතිවරයා කියනවා හයවෙනි පරාක්‍රමබාහු රජුගෙන් පසුව සහලින් රට ස්වයං පෝෂිත කලේ තමන් බව. අලුතින් විකුම්සිහ රජු ලෙසයි දැන් හදුන්වන්නේ. එතුමා සහලින් රට ස්වයංපෝෂිත කරපු නිසා තමයි මත්තල ගුවන්තොටුපලේත් වී පිරෙව්වේ. එතුමා කෘෂිකර්මයට විරුද්ධ නැහැ කියනවා. එතුමා තමයි ගම්මිරිස් කිලෝ කෝටි 21ක් මහ මුහුද මැදදි නැවෙන් නැවට පටවපු රජු විදියට ඉතිහාසගත වෙන්නේ.  එක කිලෝවෙන් ඩොලර් 3 ගානේ ඩොලර් කෝටි 66ක් ආදායම් හොයාගත්තා රජයට සම්බන්ධ ඇමැතිවරු හා සහෝදරයෝ හොයා ගත්තා. වික්‍රමසිංහ රජු ඒකටත් ඉතිහාසයට එකතු වෙනවා. ඇගලුම් කර්මාන්තය අතින් කාන්තා යට ඇදුම් එතුමාගේ කාලයේ නිස්පාදනය කලාලු. එහෙමනකම් ජාත්‍යන්තර ප්‍රමිතයේ කාන්තා යට ඇදුම් නිර්මානයේ සන්නාමය විදියට වික්‍රමසිංහ රජු ඉතිහාසගත වෙනවා. මේ විදියට ජනතාව අන්දවන්නයි උත්සාහ කරන්නේ. 

One Response to “ආන්ඩුවට අයවැය හිගය පියවගන්න ක්‍රමයක් නැහැ. මේ වසරේ ඩොලර් මිලියන 5.9ක් ණය ගෙවන්න තියෙනවා.”

  1. Dilrook Says:

    True. However, it is not the fault of the government. These were borrowed during the last regime. Most of these are International Soveriegn Bonds raised with very high variable interest rates (all above 5% on USD).

    Since the first ISB in 2007, we now have over $13 billion outstanding ISBs. They are the main reason for the debt trap. Most are for 10 years which means we have to repay a massive amount in interest.

    For instance an ISB raised in 2009 for $1 billion would have given us 110 billion rupees. With interest over the years, we will have repaid 234 billion rupees.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress