දඹදිව සිට බලංගොඩට පූජාවස්තු වැඩමකිරීම
Posted on March 6th, 2019

බලංගොඩ  නළුවෙල ශ්‍රී  ප්‍රියදර්ශනාරාම මහ විහාරයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ  තැන්පත් කිරිම සදහා දඹදිව බුද්ධගයාවෙන් සහ ඉසිපතන මිගදායෙන් පූජාවස්තුන් මෙම මස 10වෙනි දින ශ්‍රී  ලංකාවට වැඩම කෙරේ.

බෝසතාණන්  වහන්සේ බුද්ධත්වයට පත් බුද්ධගයාවේ වජ්‍රාසනය මත පිහිටි බුද්ධ ප්‍රතිමාවට පැළදවු රන් සළුවක් හා පූජාවස්තු මෙන්ම බුදුරදුන් ප්‍රථම ධර්ම  දේශනාව පැවැත්වු ඉසිපතන මිගදායෙන් ලබාගත් පුජා වස්තුන් 10 වෙනි දින ශ්‍රී  ලංකාවට වැඩම කිරිමෙන් පසු 11 වෙනි දින අලුයම බලංගොඩ දක්වා එම පුජා වස්තු වැඩම කිරීමට නියමිතය.

අනගාරික ධර්මපාල හරසර පදනමේ මහ ලේකම් සෙත්සිරි ලංකා ට්‍රැවල්ස්  පුද්ගලික සමාගමේ සභාපති උපුල් කුමාර වීරසේකර මහතා වෙත ඉන්දීය මහාබෝධි සමාගමේ සහකාර ලේකම් ඉසිපතන විහාරාධිපති  ආචාර්ය කහටගොල්ලෑවේ මේධංකර හිමි හා ඉන්දීය මහාබෝධි සමාගමේ බුද්ධගයා බෞද්ධ  මධ්‍යස්ථානාධිපති  එච්.සද්ධාතිස්ස  හිමි විසින් මෙම පුජා වස්තුන් දඹදිවදි පසුගිය 5දා ලබා දෙන ලදි.

මීට අමතරව නෙල්ලිගල  ජාත්‍යන්තර  බෞද්ධ  මධ්‍යස්ථානයෙන් බලංගොඩ  නළුවෙල  විහාරයට වැඩම කරවු සර්වඥ  ධාතුන්වහන්සේලා  තෙදිනක් පුරා ප්‍රදර්ශනය  කිරිමෙන් පසු 11වෙනි අලුයම චෛත්‍යය ගර්භයෙහි තැන්පත් කෙරේ.

ජත්‍යන්තර  මෙත්තා කොමියුනිටි හි සභාපති ජනමාධ්‍යවේදි ධර්ම  ශ්‍රී  තිලකවර්ධන  මහතා වෙත තායිලන්තයෙන් ලබාදුන් සර්වඥ ධාතුන්වහන්සේ 11 වෙනි දින අලුයම බලංගොඩ  නළුවෙල විහාරයට වැඩම කිරීමට නියමිත බව එම විහාරාධිපති  ශාස්ත්‍රපති  මුල්ලේගම  විමලානන්ද  හිමියෝ පවසති.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress