ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කර අවසන්.. මා හෝ බැසිල් යෝජනා වූයේ නෑ..- චමල් රාජපක්‍ෂ
Posted on March 18th, 2019
lanka C news
ගෝටාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පත් කර අවසන් යයි තමන් සිතන බව හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා සදහන් කරයි.
තමන් හෝ බැසිල් රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් ඒ මහතා පවසයි.
උත්සව සභාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
රාජපක්‍ෂ පවුලේ සියළු දෙනා අතර පැවති සාකච්චාවකදී ගෝටාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස පත් කිරීමට තීරණය කර ඇති බවට මාධ්‍ය විසින් වාර්තා කිරීම සම්බන්ධයෙන් කල විමසීමකදී චමල් රාජපක්‍ෂ මහතා මෙසේ කියා සිටියේය.