දීමනා කප්පාදුවට එරෙහිව වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීම.
Posted on March 26th, 2019
සමස්ත ලංකා සුවසේවා සංගමය. – All Ceylon Health Services Union.
ජනමාධ්‍ය නිවේදනයයි
ඌව පළාත් සභාවට අයත් රෝහල් හා සෞඛ්‍ය ආයතනයන් හි සේවය කරනු ලබන සෞඛ්‍ය කාර්යය මණ්ඩලයන් විසින් නිම කර ඇති අති කාල දීමනා අඩු කර ගෙවීමටත්, ගෙවිය යුතු ගමන් වියදම් සීමා කර ගෙවීමටත්,අලුත් අවුරුදු අත්තිකාරම් මදල් අපේ‍්‍රල් මස 11 වන දින ගෙවීමටත් ඌව පළාත් පරිපාලනය විසින් තීරණය කර ඇත.
ඒ අනුව අතිකාල දීමනා සහ ගමන් වියදම් දීමනා කප්පාදුවකින් තොරව ගෙවීමටත්,උත්සව අත්තිකාරම් මාර්තු 31 දිනට පෙර ගෙවීම කටයුතු කරන ලෙසත් අප සංගමය විසින් අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කලද ඒ සදහා මේ වන තෙක් සාධාරණ ප‍්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් 2019. 03. 26 දින සිට ඌව පළාත් සභාවට අයත් සියළුම රෝහල් කාර්යය මණ්ඩලය පෙරවරුවේ පැය 04ක් සේවයෙන් බැහැරවීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ක‍්‍රියාත්මක කිරීමට අප සංගමය කටයුතු කර ඇත.
2019. 03. 26 දින සිට 29 දින තෙක් මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ක‍්‍රියාත්මක කිරීමටත් ඒ වනතෙක් නිසි පිළිතුරක් නොදෙන්නේ නම් ඉදිරියේ දී අඛණ්ඩ වෘත්තීය ක‍්‍රියාමාර්ග වෙත එළඹීමටත් අප සංගමයේ විධායක සභාව විසින් තීරණය කර ඇත.
මේ පිළිබඳව ඔබ මාධ්‍යයේ පුළුල් ප‍්‍රචාරයක් ලබාදීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තුතියි.
මෙයට,
මහින්ද ගුරුගේ – Mahinda Guruge
ප‍්‍රධාන ලේකම්