රිෂාඞ් බදියුදින්ට එරෙහි විශ්වාසභංගයට බැසිල් රාජපක්ෂ විරුද්ධ උණා ද ?
Posted on May 14th, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය ප‍්‍රකාශනය

රිෂාඞ් බදියුදින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා විරුද්ධත්වය පල කළ බවට ප‍්‍රචාරය වන අදහසෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ඉතා වගකීමෙන් ප‍්‍රකාශ කරමි. අද උදෑසන පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැුස්වීමේ දී ඉහත කාරණාව සම්බන්ධයෙන් කරුණු සාකච්ඡුාවට ගෙන ඇති නමුත් එහි දී රිෂාඞ් බදියුදින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා වාචිකව හෝ ඉගියකින් හෝ කිසිදු ආකාරයක විරුද්ධත්වයක් ප‍්‍රකාශ කර නොමැත. එබැවින් බැසිල් රාජපක්ෂ මහතා විසින් විශ්වාසභංග යෝජනාවට විරුද්ධත්වය පල කළ බවට පැතිර යන අසත්‍ය ප‍්‍රකාශය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තරයේ ප‍්‍රතික්ෂේප කරන බව සිහිපත් කරමි.

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
077 3494114

One Response to “රිෂාඞ් බදියුදින්ට එරෙහි විශ්වාසභංගයට බැසිල් රාජපක්ෂ විරුද්ධ උණා ද ?”

  1. Randeniyage Says:

    බදියුදීන්ගේ විශ්වාසභංගයට මහින්දත් අත්සන් කර නැහැ
    May 16, 2019

    කර්මාන්ත, වාණිජ, දිගුකාලීනව අවතැන් වූවන් යළි පදිංචි කිරීම්, සමූපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් අද (16) කතානායකවරයා වෙත බාරදී තිබෙන අත්සන් 64කින් යුත් විශ්වාසභංග යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතා සිය අත්සන යොදා නැත.

    එමෙන්ම මෙම විශ්වාසභංග යෝජනවාට එස්.බී දිසානායක, අනුර ප්‍රියදර්ෂණ යාපා, සුසිල් ප්‍රේමජයන්ත, තිලංග සුමතිපාල ඇතුළු ශ්‍රිලනිප මන්ත්‍රීවරු කිහිප දෙනෙකු හැර අනෙක් කිසිදු ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකු හෝ ඊට අත්සන් කර නොතිබීමද විශේෂත්වයකි.

    එම විශ්වාසභංග යෝජනාවට අදාළ අත්සන් ලේඛනය මේ වනවිට මාධ්‍ය වෙතද නිකුත් කර තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress