‘දිවයින’ කළේ ස්වභාවිකව වැළලීමට ගිය සිද්ධියක අගමුල හෙළිකිරීමයි; නීතිඥ ගයාන් පෙරේරා මහෙස්ත‍්‍රාත් ඉදිරියේ කියයි
Posted on July 12th, 2019
ඒ. ජේ. ඒ. අබේනායක උපුටා ගැන්ම දිවයින

රටට ජාතියට බලපාන ඉතාමත් වැදගත් තොරතුරක් ලද විට නිහඬව නොසිට ‘දිවයින’ පුවත්පත ඉතාමත් සමගි, සංයමයකින් යුතුව පළ කළ එම ප‍්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාව සොයනු වෙනුවට විමර්ශන නිලධාරීන් සිදුකර ඇත්තේ මාධ්‍යවේදීන්ගෙන් දිගට හරහට ප‍්‍රශ්න කිරීම පමණක් යැයි නීතිඥ ගයාන් පෙරේරා මහතා කුරුණෑගල මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඉදිරියේ ප‍්‍රකාශ කළේය.
මාධ්‍යවේදියකු හා මාධ්‍ය ආයතනයක් වන ‘දිවයින’ කළ එම මෙහෙවර මගින් ස්වභාවිකව වැළලී යෑමට ඉඩතිබූ සිද්ධියක අගමුල හෙළිවුණේ යැයි ද එහිදී පෙන්වා දුන් නීතිඥවරයා එම ප‍්‍රවෘත්තිය ප‍්‍රකාශනය කළ මාධ්‍ය අගතියට පත් කිරීම සුදුසු ක‍්‍රියාවක් නොවන බව ද පෙන්වා දුන්නේය.
‘දිවයින’ පුවත්පත ප‍්‍රවෘත්තිය පළකරනු ලැබුවේ පසුගිය මැයි 23 වැනි දින නමුත් සැකකාර වෛiවරයාට එරෙහිව කුරුණෑගල පොලිසිය විසින් අධිකරණයට එයට පෙර දින ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර නියෝගයක් ලබා ගෙන තිබූ බව ද නීතිඥ ගයාන් පෙරේරා මහතා එහිදී පෙන්වා දුන්නේය.
අයිඑස්අයිඑස් සංවිධානය සමඟ සබඳතා පවත්වත ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා සමග සැකකාර මොහොමඞ් සහබ්දීන් සබඳතා පවත්වන බවටත් විදේශීය රටවලින් ඔහුගේ ගිණුම්වලට මුදල් ලැබෙන බවට හා සිංහල මවුවරුන්ට සිසේරියන් සැත්කම් කිරීමේදී වඳභාවයට පත් කිරීම හා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීම යන කරුණු යටතේ වෛiවරයාට එරෙහිව කරුණු ගොනුකර තිබිණි.