ඇමරිකානු බලපෑම මත ගෙනෙන ඒකීය කම්කරු පනත් කෙටුම්පතට විරුද්ධ විය යුත්තේ ඇයි?
Posted on July 24th, 2019

සිය`ඵම වෘත්තීය සංගම් වෙත ඉදිරිපත් කරණු ලබන සංදේශය-නිදහස් වෙළඳ කලාප සහපොදු සේවා සේවක සංගමය

මේ රටේ කම්කරු නීති සම්පාදනය වසර 100 ට ආසන්න කාලයක් පුරා සිදුව ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවේ අනුදැනුම හා අවශ්‍යතා අනුවය. කම්කරු දෙපාර්තමේන්තුව සුද්දන්ගේ යටත් විජිත පාලන කාලයේ පිහිටුවනු ලැබූයේත් තවමත් එහි මූලික අරමුණ වන්නේත් සේවක හා රැුකියා සුරත්ෂිතතාවය සහතික කිරීමය. එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සේව්‍ය – සේවක ගනුදෙනුවෙහි සේවකයා දුර්වල පාර්ශවකරුවෙකු යැයි පිළිගන්නා සිද්ධාන්තය අනුව කම්කරු දෙපාර්තමේන්තුවට පැවරෙන වගකීමකි.

කම්කරු දෙපාර්තමේන්තුවේ ඒ වගකීම වත්මන් නිදහස් විවෘත වෙළඳපල ආර්ථිකයේ ආයෝජක වුවමනාවන් වෙනුවෙන් අතහැරිය නොහැකි වගකීමකි. දෙවන ලෝක යුද්ධයෙන් පසු මේ නවීන ලෝකයේ කම්කරු, මානව, කාන්තා හා ළමා අයිතීන් ජාත්‍යන්තරව පිළිගත් හා ජාතික වශයෙන් රටවල් විසින් සහතික කර කි‍්‍රයාත්මක කරන්නාවූ අයිතිවාසිකම් ය. රටක දියුණුව අද ගණන් හැදෙන්නේ ආර්ථික හා සමාජීය වර්ධන මත පමණක් නොව, මූලික අයිතීන් ලෙස එම අයිතීන් කෙතරම් සකී‍්‍රයව සහතික කෙරෙන්නේද යන්න මතය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක එය හුදෙක් ආයෝජකයින් හා හාම්පුතුන්ගේ වුවමනාවන්ට යටත් නොවන්නකි.

එවැනි පසුබිමක, බලවත් රාජ්‍යන්හි දේශපාලන හා ආර්ථික වුවමනාවන්ද ඇතිව පිළිගත් ජාත්‍යන්තර හා කලාපීය සංවිධාන බිහිව ඇත. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපා සංගමය, එවැනි ස්ථාවර ආයතන වන අතර, ඊට අමතරව වරින් වර ඉස්මතුවන කාලීන අවශ්‍යතා මත කියෝටෝ සමුළුව, මොන්ටි‍්‍රයල් සමුළුව, රියෝ දි ජනෙයිරෝ පරිසර සමුළුව වැනි කලාපීය හා ලෝක සමුළුද පැවැත්වේ. එවැනි ජාත්‍යන්තර හා කලාපීය සංවිධාන හා සමුළු විසින් ගනු ලබන තීන්දු සමග අප හවුල් වන්නේත් ඒවා යාවත්කාලීන කිරීම වෙනුවෙන් අප රටක් ලෙස අත්සන් තබා පියවර ගන්නේත් ඉතා විවෘත ගනුදෙනු හරහාය. නිදහස් වෙළඳ ගිවිසුම් සැකසෙන්නේත් එවැනි නිල රාජ්‍යතාන්ත‍්‍රික ගනුදෙනු ලෙසය.

නවීන ලෝකයේ ඒ පිළිගත් සාම්ප‍්‍රදායන් හා රාජ්‍යතාන්ති‍්‍රක පිළිවෙත් සියල්ලට පිටින් සහ ඒ සියල්ලට පටහැනිව ඇමෙරිකානු රාජ්‍ය ආධාර ආයතතනයක් වන ‘‘යුඑස්ඒඞ්’’ ආයතනය සමග සංවර්ධන උපාමාර්ග හා බාහිර වෙළඳාම් පිළිබඳ අමාත්‍යාංශය කිසිදු ප‍්‍රසිද්ධ ප‍්‍රකායකින් තොරව ඇතිකරගත් ගිවිසුමකට අනුව, ‘‘යුඑස්ඒඞ්’’ ආයතනයේ උපදේශන සමග ඔවුන්ගේ මුදල් ආධාරද ඇතිව මේ රටේ කම්කරු හා කාර්මික නීති සියල්ල තනි, එක නීති කෙටුම්පතකට අලූතින් සකසා ඇත. එය කම්කරු දෙපාර්තමේන්තුවේ වගකීම්ද නොතකා කෙරුණකි. සංවර්ධන උපාමාර්ග හා බාහිර වෙළඳාම් පිළිබඳ අමාත්‍යාංශයේ එම හිතුවක්කාර කි‍්‍රයාව බරපතල ප‍්‍රතිපත්තිමය කාරණාවකට තුඩු දෙන්නකි. ඇමෙරිකානු රාජ්‍ය හා සම්බන්ධ ආධාර සංවිධානයක උපදේශන සමගින් රටේ නීති සම්පාදනයට ඉඩ තැබීම අනාගතය සම්බන්ධව ඉතාම භයානක පූර්වාදර්ශයකට හේතු සපයන්නකි. බලයට පත්වන ආණ්ඩුවක දේශපාලන නායකත්වයේ අප‍්‍රකාශිත වුවමනාවන්ට විදේශ බලවතුන්ගේ න්‍යාය පත‍්‍ර වෙනුවෙන් රටේ නීති සම්පාදනය කිරීමට ඉඩ ලබාදෙන පූර්වාදර්ශයක් වන්නකි.

වඩා පැහැදිලිව හා විවෘතව කිවහොත් ඉන්දියානු සාගරයේ ඇමෙරිකානු භූ-දේශපාලන අවශ්‍යතා ගණන් හැදීමේදී අප රටේ ඉතා සංවේදී භූගෝලීය පිහිටීම හේතුවෙන් මේ ආණ්ඩුව ඉන්නේ බලපෑම් සමූහයකට හසුවය. වසර 25 ක පමණ කාලයක් පුරා වර්ධනය වූ ගෝලීය නව ලිබරල් ආර්ථිකයේ මූල්‍ය ඒකාධිකාරී වෙළඳපල 2008 දී මහ බලවතුන් නොසිතූ අයුරු බිඳ වැටුණු පසු එහි වාසිය සමගින් වර්තමාන ලෝකයේ නව බලවතා ලෙස තහවුරුව ඇත්තේ චීන යයි. ඔවුන්ගේ මුදල් මේ වනවිට ආසියානු කලාපයේ පමණක් නොව, ඕස්ත්‍රේලියාවේත් ලතින් ඇමෙරිකානු කලාපයේත් විශාල වශයෙන් ආයෝජනය කෙරෙන්නේය. ඔවුන් එළෙසින් ගෝලීය බලවතෙකු ලෙස තහවුරු වීමේදී ඔවුන්ගේ හමුදා බලයද වැදගත් සාධකයකි. ඇමෙරිකානු විරෝධය නොතකා චීනය ආසියානු මහද්වීපය හරහා තුර්කිය දක්වාත් ඉන්දියානු සාගරයෙහි ඕමානය දක්වාත් සේද මාර්ග ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමේදී ඔවුන් හම්බන්තොට වරායත් කොළඹ
පෝට් සිටියත් පාලනය කිරීමේ අයිතිය ලබා ගැනීමත් සමග, ඇමෙරිකාවට අප වැදගත් වන්නේ ආර්ථික වශයෙන් පමණක් නොව හමුදාමය බලයද සමගය.

චීන ආර්ථික ආයෝජන සමග ගැට ගසා ඇති ඔවුන්ගේ හමුදාමය වුවමනාවන් පිළිබඳව ඇමෙරිකානු මැදිහත්වීම් ඒ අනුව ආරම්භ වූයේ රාජපක්ෂ ආණ්ඩුව සමගින්ය. වසර 10 ට බලපාන ලෙස පළමු ‘‘පවරා ගැනීම් හා සේවා හුවමාරු ගිවිසුම’’ (්ක්‍ී්* අත්සන් කරනු ලැබූයේ 2007 මාර්තු මාසයේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාපක්ෂ සමග ය. කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව ඇමෙරිකානු නාවික හමුදා සහ යාත‍්‍ර වලට මෙරට වරායවලට

පැමිණීමට එමගින් අවසර ලැබිණ. එය නැවත දීර්ග කෙරුණේ 2017 දී මේ ආණ්ඩුව විසින්ය. මෙවර තවත් වසර 10 ට දීර්ග කෙරුණු ගිවිසුම පසුගිය වරට වඩා වැඩි බලයක් ඇමෙරිකාවට ලබාදී ඇතැයි පැවසේ. එම ගිවිසුම පාදක කර ගනිමින් ඇමෙරිකාව සමග තවත් අතුරු ගිවිසුමක් අත්සන් කිරීමට ආණ්ඩුව සූදානම් විය. ඇමෙරිකාව විසින් ඉදිරිපත්කර ඇති ‘‘බලකායන්ගේ තත්ත්වයන් සම්බන්ධ ගිවිසුම’’ (ීධත්‍්* අත්සන් කළහොත් ඇමෙරිකානු හමුදාවනට ඔවුන්ගේ නිල ඇඳුම් හා ආයුධ සමග ලංකාවේ ඕනෑම ප‍්‍රදේශයක සංචාරය කළ හැකි බවත් ඔවුන් කිසිවිටක ලංකාවේ නීතියට යටත් නොවන බවත් වාර්තා වන්නේය. එම ගිවිසුම අත්සන් කර නැතැයි අගමැති පැවසුවද මේ කිසිදු ගිවිසුමක් අවම තරමින් ඇමති මණ්ඩලයේ හෝ පූර්ණ ලෙස සාකච්ඡුාකර නැත.

මෙම ගිවිසුම් සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා පැවසූයේ එවැනි ගිවිසුම් නොමැතිව අපට ඇමෙරිකානු වෙළඳපල හා රැුකියා සඳහා ඉඩකඩ නොලැබෙන බවය. එහි අනෙක් තේරුම නම්, ඇමෙරිකානු භූ-දේශපාලන අවශ්‍යතා අපගේ ආර්ථික හා සමාජීය අවශ්‍යතා සමග ගැට ගැසීමේ වුවමනාවක් ඔවුන්ට ඇති බවය. මේ රටේ කම්කරු හා කාර්මික නීති සියල්ල තනි, එක නීති කෙටුම්පතකට අලූතින් සැකසීමේ උත්සාහය කම්කරු දෙපාර්තමේන්තුව හරහා නොමැතිව සංවර්ධන උපාමාර්ග හා බාහිර වෙළඳාම් පිළිබඳ අමාත්‍යාංශය හරහා එන්නේ එබැවින්ය. එය කම්කරු අයිතීන් ශක්තිමත් කිරීමේ අරමුණින් නොව ඇමෙරිකානු භූ-දේශපාලන වුවමනාවන් ශක්තිමත් කිරීමේදී ඔවුන්ගේ ජාවාරම්කාර ආයෝජකයින් සඳහා අයිතිවාසිකම් හා සේවා කොන්දේසි කේවල් කළ නොහැකි අසංවිධානාත්මක ශ‍්‍රම බලකායක් හැදීමේ වුවමනාවකි. අලූතින් නිදහස් වෙළඳ කලාප 50 ක් පිහිටුවීමේ අගමැතිවරයාගේ කතාවත් ඒ සමග සැළකිය යුත්තකි.

මෙය ඉදිරිපත් කෙරෙන කෙටුම්පතේ කොන්දේසි කතා කිරීමට කලින් ප‍්‍රතිපත්තිමය කාරණාවක් වන්නේද එබැවින්ය. කෙටුම්පතෙහි ඇති වගන්ති වල හොඳ නරක කතා කිරීමේ අරුතක් නැත්තේ සේවක අයිතීන් වෙනුවෙන් ඇතළත් කෙරෙන නාමික ප‍්‍රතිපාදන සැකසෙන්නේ ඔවුන්ගේ මූලික අරමුණට පටහැනි නොවන තාක් පමණි. එබැවින් ඒ අරමුණින් ඔවුන් එක`ග වන්නාවූ ප‍්‍රතිපාදන කි‍්‍රයාත්මක කිරීමේදී මේ දේශපාලන හා ආර්ථික කි‍්‍රයාවලිය තුල සේවක අයිතීන් ලඝුවීම වැළැක්විය නොහැකි වනු ඇත. ප‍්‍රතිපත්තිමය කාරණාව මත මෙයට විරුද්ධවීමේ අවශ්‍යතාව ඇත්තේ එබැවින්ය. එය අනාගතය පිළිබඳ කාරණාවක්ද වන්නේය.

යුඑස්ඒඞ් (ඹී්ෂෘ* ආයතනය විසින් යෝජනාකර ඇති මෙම යෝජනා 2017 අගෝස්තු මස 16 වන දින ජාතික කම්කරු උපදේශක සභා රැුස්වීමේ න්‍යාය පත‍්‍රයට අතුලත් කළ අවස්ථාවේ දී එම සභාව නියෝජනය කරන වෘත්තීය සමිති 10 ක් එම රැුස්විමට සහභාගිවීමෙන් වැළකි සිටියේ ද මෙම ප‍්‍රතිපත්තිමය මත පදනමේ පිහිටා ය. තව ද එම වෘත්තීය සමිති විසින් හිටපු කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා ඇමති ජෝන් සෙනවිරත්න මහතාට යවන ලද 2017 සැප්තැම්බර් මස 07 වන දිනැති එ්කාබද්ධ ලිපියෙන් ද යුඑස්ඒඞ් (ඹී්ෂෘ* ආයතනය සම්බන්‍ධව්මට විරෝධය පළකර ඇත.
මෙම ඊණියා එ්කීය කම්කරු නීතිය සම්පාදනය කිරීමේ දී කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව අන්තර් ජාතික කම්කරු සංවිධානයේ සම්මුතියක් වන අංක 144 හි සඳහන් ත්‍රෛපාක්‍ෂික ප‍්‍රතිපත්තියට පටහැනිව කි‍්‍රයාකර ඇත.
මෙම ඊනියා කම්කරු නීති කෙටුම්පත 2019 ජුලි මස 09 වන දින රැුස්වූ ජාතික කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කිරීමට පෙර ලංකා සේව්‍ය සම්මේලනය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී 2019 ජුනි මස 27 වන දින සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණයට ඉදිරිපත් කර ඇත. එම සම්මන්ත‍්‍රණයට කම්කරු කොමසාරිස් ජනරාල් සහභාගිවී ඇත.
ස්තූතියි,
මෙයට සහෝදරත්වයෙන්,

ඇන්ටන් මාකස්
සම ලේකම්
නිදහස් වෙළඳ කලාප සහ
පොදු සේවා සේවක සංගමය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress