කොන්දේසි ගැන සජිත් කතා කරයි
Posted on September 28th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ඒකාබද්ධ විපක්ෂය පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ ආණ්ඩුව පිහිටවූ අවස්ථාවේ එම ආණ්ඩුවට ද සහය දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න, මෙවර ජනාධිපතිවරණයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය ලබාදෙන බව අද ප්‍රකාශ කළා.

ඒ අමාත්‍ය මංගල සමරවීරගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එම මාධ්‍ය හමුවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද එක්ව සිටියා.

අවශ්‍ය නම් වචන කිහිපයක් පමණක් ප්‍රකාශ කරන ලෙසත්, සියලූ අදහස් ප්‍රකාශ නොකරන ලෙසත් සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර අමාත්‍ය සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්නට මෙහිදී ප්‍රකාශ කරනු දක්නට ලැබුණා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස එහිදී කියා සිටියේ තමා කිසිදු කොන්දේසියකට යටත් නොවී අපේක්ෂකත්වය ලබා ගත් බවයි.

කෙසේ වෙතත්, පසුගිය 25 වනදා පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර කියා සිටියේ කොන්දේසි කිහිපයකට එකග වී අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress