TNA යෝජනාවලියෙහි භයානක කරුණු 13 ක් – පොදුජන පෙරමුණ
Posted on October 17th, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ අතිශය භයානක කරුණු 13 ක් අන්තර්ගත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මේ බව කියා සිටියා.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ද එක්වුණා.
මේ අතර, දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික සංවිධායක, උතුරු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වර්ධරාජා පෙරුමාල් ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ කොළඹදී සිදුවුණා.
ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් තම පක්ෂය කටයුතු කරන බවයි එහිදී වර්ධරාජා පෙරුමාල් ප්‍රකාශ කළේ.
එමෙන්ම, මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යුධ ජයග්‍රහණය යොදා ගැනීම තහනම් කිරීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නියෝග කළේ කුමන නීතියක කවර ප්‍රතිපාදනයක් යටතේ ද යන්න තමන් නොදන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.