පාඨලී චම්පික අත්අඩංගුවට ගත යුතුයි – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය
Posted on January 2nd, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස්
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසනවා.
ඒ කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එම සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න එහි කැඳවා තිබුණේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලකට අදාළවයි.