දේශපාලන පළිගැනීම් ගැන සෙවීමට පත් කළ ජනපති කොමිසමට තවත් කාර්යභාරයක්
Posted on January 24th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස්
පසුගිය ආණ්ඩු සමයේ රාජ්‍ය නිලධාරීන්ට සිදුව ඇති දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන්ද විමර්ශනය කළ යුතු බවට දන්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම්වරයා විසින්. මීට පෙර එම පරීක්ෂණ කොමිසම පත් කිරීමේදී රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, මුල්‍ය අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය යන ආයතන හරහා අගතියක් සිදුව ඇත්දැයි සොයා බැලීමට නියම කර තිබුණා.
අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ද රාජ්‍ය නිලධාරීන්ට යම් අගතියක් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන්ද මෙම කොමිසම් සභාව හරහා සොයා බලන ලෙසයි.