අසාද් සාලිගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරන්න – රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන
Posted on January 27th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස්
බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, අධිකරණ විනිසුරුවන් පිළිබදව පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොලිස්පතිවරයාගෙන් සහ අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මෙම ඉල්ලීම සිදුකළේ බත්තරමුල්ල – නෙලූම් මාවත පක්ෂ කාර්යාලයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ද එක්ව සිටියා.