ජනාධිපතිට රටේ සියලුදෙනා නිරන්තරයෙන් සහය ලබාදෙන බව අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් කියයි
Posted on January 27th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස්
මෙරට සදාචාරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රටේ සියලුදෙනා නිරන්තරයෙන් සහය ලබාදෙන බව, අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් පවසනවා.
උන්වහන්සේ සිය ජන්ම දිනය වෙනුවෙන් ඊයේ පැවති ආගමික වැඩසටනකදී මෙම අදහස් පළ කළා
අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාහිමියන් බැහැ දැක නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ජන්ම දිනය වෙනුවෙන් උන්වහන්සේට සුබ පැතුම් පිරිනැමුවා.