MCC ගිවිසුම අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව ජනපතිට
Posted on February 17th, 2020
උපුටා ගැන්ම හිරු පුවත්
MCC අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දෙනු ලැබුවා.
අදාළ සිව් පුද්ගල කමිටුව පත් කෙරුණේ පසුගිය දෙසැම්බර් 18 වන දා කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්ගේ සභාපතීත්වයෙන් යුත් කමිටුව පසුගිය ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක වූ අතර, එය විවිධ පාර්ශව කණ්ඩායම් සහ පුද්ගලයන් වෙතින් ලබා ගත් තොරතුරු සමාලෝචනයට ලක් කරනවා.
මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම අධ්‍යයනය කෙරෙන කමිටුවේ පූර්ණ වාර්තාව මාස 4ක් ඇතුළත ලබාදීමට නියමිතයි.
මේ අතර, රුපියල් බිලියන 367ක මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමට රජය ඉදිරිපත් කර ඇති සංශෝධනයට අදාළ යෝජනාව රජයේ මුදල් කාරක සභාව විසින් හෙට පාර්ලිමේන්තුවේදී සලකා බලන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
කාරක සභාව විසින් එය අනුමත කිරීමෙන් පසු අදාළ යෝජනාව ලබන 20 වන දා පාර්ලිමේන්තු විවාදය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇති