එජාපයෙන් සජිත්ට අභියෝගයක්
Posted on March 10th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

ඒකාබද්ධ වීමට එක්සත් ජාතික පක්ෂය තුලින්ම කුමන්ත්‍රණ දියත් වු බවට සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අද අභියෝග කළා.

ඒ, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.   

මේ අතර, සමගි ජන බලවේගයද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබු අතර ඊට එක්වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිව සේනසිංහ කියා සිටියේ නව සන්ධානය සමග එක්වීමට පක්ෂ ව්‍යවස්ථාව තුලින්ම යම් බාධාවක් පවතින්නේ නම් කෘත්‍යාධීකාරි මණ්ඩලය කඩිනමින් කැඳවා එය නිරාකරණය කර ගත හැකි බවයි.  

කෙසේ වෙතත්, සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද දිනය පුරාවට සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.<

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress