සිංහල වෙදකමට එරෙහි අනුකාරකයන් ගේ නැගීම
Posted on April 6th, 2020
මතුගම සෙනෙවිරුවන්
කොරෝනා වසංගත තත්වය තුළ වර්තමාන දේශපාලනය පිළිබඳ ලිට්මස් පරීක්ෂාවක්ද කරන්නට හැකිව තිබේ. රුවන්වැලි මහා සෑය ඉදිරිපස දිව්රුම් දුන් ජනපතිවරයෙකු මෑත කාලීන දේශපාලනයේ දක්නට ලැබීමේ ආශ්වාදයෙන් සිටි මෙරට බහුතර ජනතාව බලාපොරොත්තු කඩ වේ දෝ යන බියකින් පසුවෙති.සිංහල බෞද්ධ චන්ද බහුතරය යනු පරම්පරා ගණණාවක සිට ශක්තිමත් වුණු සිංහල ජාතිකත්වයේ අපේක්ෂාවන්ය. තමන්ගේ ජීවන රටාව නිදහසේ කර ගෙන යෑමට සහ තමන්ගේ ජාතික උරුමය ආරක්ෂා කර ගනිමින් ඒ තුළ අනාගතය උදෙසා ශක්තිමත්ව නැගී සිටීම මේ අපේක්ෂා අභිලාශයන් අතර විය. රට පුරා වසංගතයක තත්වය ඇතිවන කල්හි වැඩි කලබලයක් නොමැතිව මේ බහුතරය නිවාස අඩස්සියට පත් වූහ. ඔවුහු යලි පාර්ලිමේන්තුව කැඳවන්නට හෝ මැතිවරණයක් විගැහින් තබන්නට උද්ඝෝෂණ නොකළහ.රටේ ජනනායකයාට දී තිබූ විශාල ජනමතය කෙරෙහි ඔවුහු විශ්වාසය තැබූහ. විශේෂයෙන්ම තිස් වසරක යුද්ධයෙන් රට මුදවා ගත් හමුදාව කෙරෙහිද විශ්වාසය තැබූහ.
රාජ ධම්මෝ ප්‍රජා රක්ඛා යනුවෙන් පැරණි පොත පතේ සඳහන්ව තිබෙන්නේ රජෙකුගේ නැතිනම් පාලකකයෙකු ගේ යුතුකම් පහදවා ලීම පිණිසය. රාජ ධර්මයෙහි හැසිරීම ලෙහෙසි පහසු නැත. මනා පුහුණුවක් දැඩි තීරණ ගැනීමේ හැකියාවක් සහ කාරුණික හදවතක් නොහොත් බෝසත් චර්යාවක් පාලකයෙකුට පිහිටා තිබිය යුතුය. චන්දයෙන් පත්වන බෙහෝ පාලකයන් හට මෙවැනි ගතිගුණ එකක් හෝ පිහිටන්නේ නම් කලාතුරකිනි. හේතුව එම පුද්ගලයා ප්‍රජා පාලනය පිළිබඳ මනා අන්තර්ඥානයකින් පුහුණුවූවකු නොවන බැවිනි. නමුත් වාසනා ගුණය හෝ පැවති දේශපාලන බලය මත පත්වන ජනප්‍රිය දේශපාලකයා සැබවින්ම ජනතාවගෙන් දුරස්තරව කටයුතු කිරීම ස්වභාවිකය.
ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් අතර ආහාර සහ බෙහෙත් මුල් තැනේ ලා සැලකිය හැකිය. ආහාර නිපදවා ගනිමින් යම් ආනයනික ආහාර ද පරිභෝජනය කරලීම මේ රටේ ජීවන චර්යාව විය. නමුත් විවෘත ආර්ථිකයෙන් පසු ආහාර සුරක්ෂිතතාවය ගැන සැලකිල්ලක් යොමු නොකරමින් ආනයනික ආහාර ගැන පමණක් ප්‍රවර්ධනය කර තැබීමට රජය කටයුතු කළහ. ජනතාවගේ බඩ ගින්න නිවීම සඳහා හොඳම විකල්පය රටින් ආහාර ගෙන්වීම යැයි මේ දේශපාලකයන් කල්පනා කරන්නට ඇත. නමුත් පසුගිය කාලයේ දී ඇති වූ සුනාමිය ගං වතුර වැනි ආපදා සම්පන්න අවස්ථාවලදී ආහාර සුරක්ෂිතතාවයේ වටිනාකම යලි යලි මතක් කර දුන් බව පැවසිය යුතුය. එහෙත් ආණ්ඩු කරනවුන් මේ තත්වය තේරුම් නොගත්හ.එසේත් නැතිනම් රටින් ගෙන්වන භාණ්ඩ වලින් ලැබෙන කොමිස් මුදලට ගිජුව සිටියහ.වර්තමාන වංසගත තත්වය හමුවේ නැවත එම යථාර්තය දැඩිව පෙන්වා දෙමින් පවතී.
නිරෝගීව ජීවත් වීම උදෙසා බෙහෙත් හේත් සපයා ගැනීමට නිදහස තිබිය යුතුය. තමන් රුචිකරන විශ්වාස කරන වෙද හෙදකම් ලබා ගැනීම හැකි විය යුතුය. සිංහල බහුතරය අතීතයේ පටන් ස්වභාවික වෙදකම් තුළින් තමන් ට වැළඳෙන ලෙඩ රෝග සුව කරගත් පිරිසක් විය.එයට අවශ්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාවක් ගම්බදව ජීවත්වි සිටියහ. ලන්දේසීන් සහ ඉංග්‍රීසිහු මෙම ජීවන රටාව වෙනස් කළහ. ඔවුහු ඒ කාලයේ පැතිරුණු වසංගත රෝගීන් ගාල් කරලීම පිණිස රෝහල් සහ කඳවුරු තනා මේ රටට ආගන්තුක බෙහෙත් වර්ග ලබා දුන්හ. මැලේරියාවට ක්වීනීන් ලබා දීම උදාහරණයකට ගත හැකිය. නමුත් බෙහෝ රෝග වලට දිව්‍ය ඖෂධයක් වන ත්‍රයිලෝක විජය පත්‍ර නොහොත් කංසා පැළැටිය වගා කරලීම තහනම් කළහ. සිංහල වෙද මහත්වරුන් ගේ ග්‍රමීය නායකත්වය අහෝසි කරලීම පිණීස ගම්වල ඇපොතිකරිවරු පිටත් කර හැරියහ.එසේම පොලිස් කාරයන් මෙන් හැඳ පැළඳ ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නොහොත් සැන්ටිපෝට් වරු සනීපාරක්ෂක නීතිය ක්‍රියාත්මක කරලීමට යෙදවූහ.වසංගත වලින් හෙම්බත්ව අසරණව සිටි ගැමියන් අතරට ක්‍රිස්තියානි මිෂනාරීන්ද පැමිණීම සුලභ දර්ශනයක් විය.
එහෙත් මදක් අතීතයට ගොස් බලන කල්හි සිංහලයන් ගේ සෞඛ්‍ය පිළිවෙත් වල වටිනාකම අවබෝධ කරගත හැකිය. වසංගත ඔවුන් හැඳින්වූයේ අම්මාවරුන් ගේ ලෙඩ සහ දෙයියන් ගේ ලෙඩ වශයෙනි. මේ ලෙඩ වලින් මග හැරීමට පත්තිනි මෑනියන්ට මෙන්ම අවලොකිතේශවර නාථ දෙවියන්ට භාරහාර වූහ. ගම්මඩු දෙවොල් මඩු නැටූහ. මළ ගෙදරකට ගොස් පැමිණි විට නා පිරිසිදු වී ඒමට පොදු ළිඳක් වෙත ගියහ.කිළිහරණය උදෙසා විවිධ තහංචි අනුගමනය කළහ. ගමේ වෙදනා සහ පන්සලේ ස්වාමීන් වහන්සේ එකට එකතු වී වදකහ ඉඟුරු සුදුලූණු කොහොඹ කොළ වන්ඩුවේ තම්බා කොටා මිරිකා පෙරුන්කායම් අනුපාන කොට දමා (ගැබිණියන්ට මී පැණි) ගමේ සියලු දෙනට කෝප්ප කාල බැගින් බොන්නට සැලැස්වූහ.අම්මාවරුන්ගේ ලෙඩ සෑදී ඇති නිවෙස් වල කොහොඹ අත්තක් එල්ලා තැබූහ.අදටත් ඒ සිරිත් වලින් සමහරක් ජන සමාජය අතර ජීවමානව පවතී. පැරණි සිංහල ගෙදරක වැසිකිලිය පිහිටා තිබූයේ නිවසට මදක් ඈතිනි.නිවස තුළම එය පිහිටා තිබුණහොත් වාස්තු දෝෂ ඇති වන බවද විශ්වාස කළහ.මේවා නූතන සමාජයට විහිලුවට කාරණයක් විය. ඒ උපහාසය නූතනයන් තුළට පැමිණෙන්නේ සුද්දන් ගේ අධ්‍යාපනය හරහා බව සිහිපත් කළ යුතුය.
කොරෝනාව(Sars-Cov-2RNA) ලෝකයට අලුත් දෙයක් නොවන බව විද්‍යාඥයන් දනී. ඔවුහු තමන්ගේ බල අවශ්‍යතාවයන් පිණිස මෙම වෛරස නඩත්තු කරති. වසූරිය වසංගත කාරකය පවා තවමත් විද්‍යාගාර වල සුරක්ෂිතව පවතින බව දක්වා ඇත. වරින් වර විවිධ එන්නත් හඳුන්වා දෙමින් ලෝක සෞඛ්‍ය පිළිබඳ තීරණ ගැනීමේ ආධිපත්‍ය පැතිරවීම කරන අතර ගෝලීය තත්වයකට හැඩ ගැසීමේ හේතුවෙන් බෙහෝ රටවල් මේ සම්මුතීන් හට හිස නමති. නමුත් 2008 බීජිං නුවර දී මුලු දුන් සෞඛ්‍ය සමුලුවකදී ගත් තීරණ අතර වැදගත් එකඟතාවයක් විය. එනම් ඒ ඒ රටවල පවතින දේශීය වෙදකම් සෞඛ්‍ය සංරක්ෂණය සඳහා යොදා ගැනීමේ පහසුකම් ඇති කිරීමට පියවර ගත යුතු ආකාරයයි. චීනුන් මේ සම්මුතිය අකුරටම පිළීපදින අතර එහි රෝහල් වල දේශීය වෛද්‍ය ක්‍රම වලින් ප්‍රතිකාර ලබාගන්නන් හට පහසුකම් සලසා දීතිබේ.ඔවුන් වූහාන් වල කොරෝනා මර්දනයට මේ වෙදකම් මැනවින් දායක කරගත්හ.
ලංකාවේ තත්වය මෙය නොවේ. හැට ගණන් වලින් පසුව මේ රටේ දක්ෂ වෙද පරම්පරාවන් අභාවයට ගියහ. 1950 දී සිංහල වෙදකම පිළිබඳ පැවැත්වූ කොමිෂන් සභා වාර්තාවක් ඇති අතර රජය අද පිළිගනු ලබනුයේ 1947 වසරේ මුලු දුන් ආයුර්වේද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන්ය. ඒ අනුව අද ආයුර්වේද රෝහල් වල වෙදකම් කරන්නේ වෛද්‍ය වරු නොවේ. දොස්තරලාය. නාඩි පරීක්ෂාව වෙනුවට ඔවුහු ලෙඩ නලාව භාවිත කරති. ටයිපටි පළඳිති. බටහිර වෛද්‍යවරු මෙන් සිවිල් බලය ලබා ගැනීමට සහ ධනය ඉපැයීම මූලික අරමුණ කොට ගනිති. දහනව වන සියවසේ වසූරිය හා මැලේරියා (කැලෑ උණ ) එන විට නව බෙහෙත් සොයා ගත් සිංහල වෙදපරම්පරාවේ දක්ෂතාවයන් මොවුන්ට නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශ කරන සියලුම දේ යහපත් යැයි පිළිගනිමින් තමන් සතුව තිබෙන අගනා මූල ධර්ම නොසලකා හරිති. අද කොරොනා සඳහා බෙහෙතක් නොමැතිව බටහිර වෙදකම් අසරණව සිටින අවස්ථාවක සාර්ථක ප්‍රතිකාර පන්තියක් ඉදිරිපත් කොට රෝගීන් සුවපත් කරලීමට මේ අනුකාරකයන් ඉදිරිපත් නොවෙති.ඒ වෙනුවට ටයිපටි පැළඳ ගත් බටහිර වෛද්‍ය නිළධාරී සංගමයේ අතැමුන් වාෂ්ප මුට්ටිය (වේදුව ) ගැන කතා කරති. නමුත් සිංහල ප්‍රතිකාර පන්තිය මත සිට පර්යේෂණ ඇරඹීමට මැලිවෙති . සිංහල වෙදකම ගැන කතා නොකරන ඔවුහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ මිනී වළලන ක්‍රමවේදය අනුමත කරති. මේ ලිපිය අවසන් කරලිමට ප්‍රථම මැදමුලනේ කතාවක් කිව යුතුව තිබේ. ඒ මෙසේය.
පනස් ගණන්වල බණ්ඩාරනායක මහතා සමග විපක්ෂයට ගිය
ඩී.ඒ.රාජපක්ෂ මහතා ගේ පුතුන් සිවුදෙනෙක්ම ජනප්‍රිය දේශපාලනඥයන් වූහ. දෙදෙනෙක්ම
ජනාධිපති තනතුරුට පත් විය.මේ සහෝදරයන් සිවුදෙනා හැට ගණන් වලදී කොළඹ විද්‍යාල වල
ඉගෙනුම ලබන කළ සති අන්තවල දී ඩී.ඒ.රාජපක්ෂ මහතා සමග මැදමුලනට පිටත්ව යන අතර මාතර වෙද
මහත්මයෙක් හමුවී යන බව පැවසේ. මේ වෙද මහත්මයා කලු වෙදමහත්මයා
යන නමින් ප්‍රසිද්ධ විය. රාජපක්ෂ මන්ත්‍රීවරයා
සමග තිබෙන හිතවත් කම නිසා ඔහුගේ ළමුන් හොඳට පරීක්ෂා කර විරේක බෙහෙත් කෂාය එහෙම
නියම කරයි.සිංහල කමට සිංහල ආහාර වලින් පෝෂිතව සිංහල වෙදකමෙන් නිරෝගී වූ ළමුන්
සිවු දෙනෙකු එලෙස පසුකලකදී රටේ දේශපාලනයෙහි මූලිකත්වය ගත්හ.
බැසිල්
රාජපක්ෂ මහතා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනයට පැමිණි අවස්ථාවක වෛද්‍යවරු
ඉදිරපිට මේ කතාව ප්‍රකාශ කරන ලද බව ආයුර්වේද වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා දක්වා
ඇත..කලු වෙද මහත්මයගෙ තිත්ත බේත් බිව්ව එක තිත්ත වෙච්ච හැටියි ඔහු සඳහන් කලේ.
අද වෙන කොට මේ සහෝදරයන්ට සිංහල වෙදකම තිත්ත බේත් වගේ තිත්ත වී ඇති බව පෙනේ.සිංහල
කම හොඳට ඇගේ තියෙන මහින්දට මේ වටිනාකම් ඉඳහිට මතක් වුණත් ඒවා ස්ථාවර කරන්න වෙහෙසෙන්නේ
නැහැ.මේ කොරෝනා කාලෙ වත් සිංහල වෙදකම මතක් වුණොත් රටේ රෝබිය දුරු කරගන්න
පිළිවන් වෙන බව නිසැකයි.නමුත් අනුරුද්ධ පාදෙණිය මහතා විශ්වාස කරන වාෂ්ප මුට්ටියට
එහා ගොස් පැරණි වට්ටෝරු වලින් ප්‍රත්‍යක්ෂ බෙහෙතක් සොයා ගැනීම තුළින් පමණයි ඉදිරි
වසංගත තත්වයන්ට පවා මුහුණ දීමට හැකිවන්නේ.දැනටමත් රට තොට පතල වෙද මහත්වරු කීප
දෙනෙකුම එවැනි බෙහෙත් සාදා තිබේ. ඔවුන් කැඳවා සිංහල බෙහෙතට තැනක් ලබා දිය යුතුයි.
මතුගම සෙනෙවිරුවන්