අත්‍යවශ්‍ය සේවා යටතේ කොළඹ වරාය තුල කටයුතු කරන පිරිස් වෙත PCR පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට කෙරෙන ඉල්ලීමයි
Posted on April 26th, 2020

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්,
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,
සුවසිරිපාය,
කොළඹ 10.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්තුමනි,

අත්‍යවශ්‍ය සේවා යටතේ කොළඹ වරාය තුල කටයුතු කරන පිරිස් වෙත PCR පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට කෙරෙන ඉල්ලීමයි.


කොරෝනා වසංගතය හේතුවෙන් රට තුල මසකට වැඩි කාලයක් හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත්කර ඇත. මහජන අවශ්‍යතාවය වෙනුවෙන් අවදානම් තත්වය තුලද ආයතනය අඩපනවීමට ඉඩ නොතබා රටේ අවශ්‍යතාවය වෙනුවෙන් මැදිහත්ව වරාය සේවකයින් කටයුතු කරනු ලබයි.

මේ වන විට කොළඹ වරායේ ආශ‍්‍රිත ප‍්‍රදේශ තුල #කොරෝනා (#Covid- 19) ආසාධිතයන් හමුවී ඇති අතර, වරාය අවට අවදානම් කලාප ලෙසද නම්කොට එහි වෙසෙන පිරිස නිරෝධායන කටයුතු සඳහා යොමුකොට ඇත. මීට අමතරව වරායේ ප‍්‍රධාන ආරක්‍ෂාව ලබාදෙන නාවික හමුදාවේ මැදිහත්වීම සිදුකරනු ලබයි. නාවික හමුදාවේ රාජකාරියේ යෙදුනු පිරිස් මෙම වසංගතය වෙනුවෙන් කටයුතු කිරීමේදී #කොරෝනා (#Covid- 19) ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර එමගින් වැලිසර හමුදා කඳවුර වෙතද බලපෑමක් සිදුව ඇත.

දැනට පවතින තත්වයට මුහුණ දීම සඳහා කොළඹ වරායේ කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට අවශ්‍ය වේ. එම කටයුතු සම්පූර්ණ කිරීම සඳහා නාවික හමුදාව, වරාය පොලිසිය, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය, SAGT සහ CICT සේවයේ යෙදෙන හා රාජකාරියේ යෙදෙන පිරිස මෙම තත්වය හමුවේ අවදානමට ලක්ව ඇත. මෙම අවදානම් තත්වය දුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා යටතේ කොළඹ වරාය තුලට පැමිණෙන නිශ්චිත පිරිස වෙත PCR පරීක්‍ෂණයක් වෙත යොමු කරන ලෙසත්, එමගින් කොළඹ වරාය පරිශ‍්‍රයේ සෞඛ්‍ය ආරක්‍ෂිත කලාපයක් බවට තහවුරුකොට රටේ අවශ්‍යතාවය වෙනුවෙන් කටයුතු කිරීමට වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තූතියි.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්
චන්ද්‍රසිරි මහගමගේ  
ප‍්‍රධාන ලේකම්

පිටපත් – ලේකම්තුමා – වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය
ලේකම් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.    

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress