මේ රටේ ඉතිහාසය පුරාම ඉන්දීය ආක්‍රමනයන්ගෙන් රට බේරාගෙන ඇත්තේ වීරෝදාර රුහුණු පුතුන් විසිනි
Posted on May 6th, 2020

ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර

මේ රටේ ඉතිහාසය පුරාම ඉන්දීය ආක්‍රමනයන්ගෙන් රට බේරාගෙන ඇත්තේ රුහුණු පුතුන් විසින් වීම සුවිශේෂ සිද්ධියකි. ක්‍රිස්තු පූර්ව 2 වන සියවසේදී එලාරගේ 44 වසරක උතුරු ලන්කා පාලනයෙන් රට බෙරාගත්තේ දුටුගැමුණු මහරජතුමා විසිනි (ක්‍රිස්තු පූර්ව153) එදාද 10 මහා යෝධයින් අතර ඝෝඨඉම්බර (ඝෝඨාභය) සුවිශේෂී මෙහෙවරක් ඉටුකලා. විජිතපුර සටනේදී විජිතපුර දකුණු දොරටුවට කඩොලැතු පහර දුන් අවස්ථාවේදී දෙමළුන් ඇතුපිටට කකියාගිය ලෝගුලිද එසේම කකාල මැලියම්ද දැමූවිට කඩොලැත් තෙමේ වේදනාවෙන් උදක ඉස්ථානයට පැන එහි ගිළුණු විට ගෝටයිම්බරතෙමේ මේ තට සුරාපාන නොවෙයි යදොර හැරිමය, යව දොර බින්දුව”යි විධානය කලේත් ඒ ඝෝටයිම්බර යෝධයාය. මෙම යුද්ධයෙන් පසු දුටුගැමුණු රජතුමා වසර 44 ක දෙමල පාලනයෙන් ලක්දිව මුදාගෙන ලක එක්සේසත් කොට මේ රටත්, සින්හල ජාතියත් සම්බුද්ධ සාසනයත් ආරක්ෂාකලහ.

 නැවත ඊට වසර1223 කට පසු එනම් ක්‍රිස්තු වර්ෂ 1070 දී  යලිත් රුහුණු පුතෙක්වූ විජයබාහු 1 (කීර්ති කුමාරයා) 17 වසරක යුද්ධයකින් පසු සොලීන් පලවාහැර ලක එක්සේසත් කලහ. විජයබාහු එම ජයග්‍රහනය කලේ බුද්ධරාජ, බුදල්නා හෙවත් ලන්කානාථ සෙනවියාගේ උපකාරයෙනි

යලිත් වසර 939 කට පසු  එනම් ක්‍රිස්තු වර්ෂ 2009 දී තවත් රුහුණු පුතුන් දෙදෙනෙකු විසින් ප්‍රභාකරන් නම්වූ ම්ලේච්ච දෙමළ ත්‍රස්ථවාදියා විසින් 30 වසරක් පුරා මුළු ලක්බිමම පෙලමින් ලක්බිමෙන් 1/3 වූ  උතුරු නැගෙනහිර  පවත්වාගෙන ගිය කුරිරු පාලනය පරාජයකොට දෙමල එල් ටී ටී  ත්‍රස්ථවාදයෙන් ලක්බිම මුදාගනු ලැබුවේද රුහුණු පුතුන් දෙදෙනෙකුගේ නායකත්වය යටතේය. ඒ ඔබ කවුරුත් දන්නා එසේම තවමත් අමතක නැති (2019 ජනාධිපති තරන්ගයේ ප්‍රථිපල මැනවින් පෙන්වාදුන් පරිදී මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා සහ ගොඨාභය රාජපක්ෂ  සෙන්පතියාගේ නායකත්වය යටතේ සිදුකළ යුධ මෙහෙයුමෙනි.

දුටුගැමුනු යුද්ධය ජයග්‍රහන කිරීමට වසර 8 ක් ගතවූ අතර විජයබාහු 1 ජයග්‍රහනයට වසර 17 ක් ගතවී ඇත. මහින්ද ගෝඨාභය විජයග්‍රහනයට ගත වූයේ වසර 4 ½ ක් පමණක් වීමද සුවිෂේශී සිද්ධියකි. මෙහි දක්නට ලැබෙන තවත් විෂේශත්වයක් වනුයේ මේ දෙදෙනා වසර 4 ½ කින් නිම කලේ වසර 30 ක් තිස්සේ ජනාධිපතිවරුන් සිව් දෙනෙකු වවාගෙනකෑ එසේම ඔවුන් 4 දෙනාටම අවසන් කර ගැනීමට නොහැකිවූ හෝ අවසන් නොකළ එසේම ඊනියා ජාත්යන්තර ප්‍රජාව විසින් පෝෂනයකළ කිසිලෙසත් පරාජය කළ නොහැකියයි  සඵථ කොට තිබුණු යුද්ධයකි.

 මෙම යුධ සටන් තුනේදීම දක්නට ඇති ප්‍රධාන සමානකම් කීපයක් මම දකිමි

එනම්

1 මෙම සටන් තුනම ජයග්‍රහණය කරා මෙහෙයවා ජයග්‍රහණයකොට  ඇත්තේ රුහුණු පුතුන් විසිනි

2එසේම මෙම ආක්‍රමණ තුනම සිදුකොට ඇත්තේ දකුණු ඉන්දීය දෙමලුන් විසින් සහ මේ රට අල්ලාගැනීමට පෙරුම්පුරන දකුනු ඉන්දීය දෙමලුන් හෝ ලන්කාවට විටින් විට සන්ක්‍රමනය වූ ඔවුන්ගෙන් පැවත එන දෙමලුන් විසින්මය.

3 මෙම යුද්ධ තුනම දළවශයෙන් සිදුව ඇත්තේ චරිත දෙකක සම්බන්ධතාවක් දක්නට ලැබීමයි..

5 පස්වනුව මෙකි සටන් තුනම මෙහෙයවූ රජුන් හා සෙන්පතියන්ගේ ඒකායන අරමුණ වී ඇත්තේ මේ රටත්, සින්හල ජාතියත් සම්මා සම්බුද්ධ සාශනයත් ආරක්ෂාකොට ගැනීමය.

 6 පලමු සහ තෙවන සටන් දෙකේම ගෝඨාභහය (ගොඨඉම්බර්) කෙනෙකු සිටීම තවත් සුවිශේෂි  සිද්ධියක් වශයෙන් මම දකිමි.

7 මේ සියළු කරුණු ගැබුරින් පරීක්ෂා කිරීමේදි උපකල්පනය කලහැකි තවත් සුවිෂේශී කාරණයක් නම් මෙම අවස්ථා තුනේම දක්නට ලැබෙන පුද්ගලයින් සන්සාරගත පුරුද්දක් අනුව මෙම පින්බිමත්, සින්හල ජාතියත් එසේම සම්මා සම්බුද්ධ සාශනයත් බේරාගැනීමට පෙරුම්පුරාගෙන එන  චරිත තුනක්ද? යන්නයි. පුනරුත්පත්තිය ගැන විශ්වාශ කරණ බෞද්ධයින් වශයෙන් එසේ අනුමාන කිරීම සෑම අතින්ම තර්කාණුකූළයයි මට සිතේ.

මෙම අයිතිහාසික සන්සිද්ධීන් අතර දක්නට ඇති සමාන අසමානකම් කිපයකි.

මින් පළමු සටන් දෙකත් තුන්වන සටනත් අතර එකිනෙකට වෙනස්කම් කීපයක්ද මම දකිමි. එනම් පළමු සටන් දෙකම දකුණු ඉන්දීය දෙමළ ආක්‍රමණික සතුරන් සහ ලක්වැසියන් අතර පමණක් ඇතිවූ සටන් වන අතර තුන්වැන්න ඊට වඩා හාත්පසින්ම වෙනස්වූ එසේම අතිෂයින්ම සන්කීර්ණ මෙන්ම භයානක සටනක් බවය. මන්ද පළමුව එය ඉන්දියාවේ ප්‍රාන්තයක් වූ තමිල්නාදු වැසියන් වන දෙමලුන් පමනක් නොව සමස්ථ ඉන්දීය රජයත් සමන්ග කළ සටනකි. ඒ අනුව දකුණු ඉන්දීය දෙමලුන්ත අමතරව ඉන්දීය රජයද මෙහිදී ආක්‍රමනිකයකු විය. එපමනක්ද නොව සින්හල බෞද්ධ විරෝධී ප්‍රබල සමස්ථ බටහිර අධිරාජ්යවාදි ලෝකයම සමන්ග මෙහිදී අපට සටන්කිරීමට සිදුවිය .ඊටත් ව්ඩා සුවිශේෂී ලක්ෂනයක් වූයේ ලක් රජයට විරුද්ධව සටන් කල  එල් ටී ටිය මේ ර්ටේම පුරවැසියන් කන්ඩායමක් වීමය. මේ රට තුළම සිටින මේ රටේම පුරවැසියන්වන දෙමළ දේසපාලකයින්ද එසේම ලෝකය පුරා විසිර සිටින ඊලම්වාදී ලන්කා දෙමලුන් මෙන්ම ඉන්දීය දෙමළුන් සහ ඔවුන්ගේ අසීමිත මුදල් බලය සහ මේ රටේ සින්හල බෞද්ධකමට විරුද්ධ ඊනියා ජාත්යන්තර බලවේග සියල්ලද ලක් රජයට විරුද්ධව සටනත එල් ටී ටියට සහාය දුනි. ඒ සියළු දෙනාගේ සහාය ඇතිව  මරාගෙන මැරෙන  ත්‍රිවිධ හමුදාවක්ම ප්‍රභාකරන් සතුව තිබීමද මේ සටනේ ඇති  බැරෑරුම්කකම් තවත් තීව්‍ර කළේය. නූතන යුධ තාක්ෂණය  මෙන්ම මරාගෙන මැරෙන  හමුදාවක් සිටීමද සතුරාගේ බලය තවත් වෙඩිකලේය.

අනෙක් අතින් ලක් රජය පැත්තෙන් ගත් කළ  වසර 30 ක්ම එල් ටී ට්යට විරුද්ධව කිසිදු පියවරක් නොගත් අතර එල් ටී ටියට  වර්ධනය වීමට ඉඩ හරිමින් ඇතැම් ජනාධිපතිවරුන් ඔවුන්ට මුදල් සහ ආයුධද ලබාදෙමින් රජයේ හමුදා කන්දවුරුවලට කොටුකරමින්, හමුදා බුද්ධි අන්ශ දුර්වල කරමින්,ඇතම් කෙනෙක් වසර 10 කට ප්‍රභාකරන්ට උතුරු නැගෙනහිර පාලනය දීමටද සහ හමුදා සහ පොලිස් භට සූදානම් නොකොට ත්‍රිවිධ හමුදාවම පසුගාමි තත්වයකට පත්කරමින්, කොටින් සමන්ග කොලබ තරු පහේ හෝටල්වල සාකච්චා පවත්වමින් යුද්ධය වවාගෙන කමින් තිබුනු රටක එල් තී තිය වැනි ලෝකයේම දරුනුම ත්‍රස්ථ වාදි හමුදාවක් සමන්ග සටන්කොට ඔවුන් පරාජය කිරීමද මහින්ද-ගෝඨාභය යුද්ධයෙන්ලබාගත් විජයග්‍රහනය  එසේ මෙසේ ප්‍රාතිහර්යක්ද නොවේ.

මෙහිදී කිවයුතු තවත් සුවිෂේශී කරුණක් ඇත.  එනම් දුටුගැමුනු මහරජ මෙන්ම  විජයබාහු 1 නරපතියන්ගේ අයිතිහාසික විජයග්‍රහනයන්  අදටත් මේ රටේ පවතින සින්හල බෞද්ධ රාජ්ය  ක්‍රමයේ අයෝමය පදනම වශයෙන් පවතිනමුත් 2009 මහින්ද- ගෝඨාභය විජයග්‍රහනයෙන් පසු කලය එවැනි කිසිවක් නැත. ඒ වෙනුවට ඔවුන් කලේ රටේ සම්පත් මුළුමනින්ම මෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල් දියුනුවට යෙදීම නොවේද. ඒ සියල්ලට උතුරේ සහ නැගෙනහ්හිර දෙමලු 2015 දී මහින්දට කෙලහිගුන සලකූ ආකාරය මහින්දත තවමත් තේරුම් ගැනීමට නොහැකිවී ඇති බව ඊයේ අරලිය ගහ මන්දිරයට පැමිනි සම්බන්දන් ඇතුලු නඩයට උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රස්න විසන්දීමට මේ රජය වහාම පියවර ගන්නා බව කිමෙන්ම මැනවින් පැහැදිළිවෙයි.     මෙම ප්‍රකාශය ජනාධ්පති වරයාගේ අනුදැනුමක් ඇතිව කෙලේදෙයි මම නොදනිමි. එසේ නොවන්නේනම්  එය බලවත් වරදක්. දකිමි. එසේම මා දකින අන්දමට ජනාධිපතිවරයාගේ සින්හල බෞද්ධ හිතවාදි ආකල්පයන්ට එය මරු පහරකි. එසේම් ගෝඨාභයට චන්දයදුන් 69 ලක්ශයක සින්හල බෞද්ධයින්ට කෙරෙන අතුල් පහරකි.

එසේ වීමට ප්‍රධාන හෙතුව වශයෙන් මා දකින්නේම් 2009  විජයග්‍රහනයෙන් පසු එම විජයග්‍රහනය ලන්කා භුමිය මත හා රට පුරා සමාජය තුල ස්ථාපිත කිරීමට 2009-2015 අතර කාලය තුල මහින්ද රජය අපොහොසත් වීමය. එම රජයේ බලධාරින් දුටුගැමුණු-විජයබා 1 ජයග්‍රහනයන්ගෙන් පසුව අනුගමනය කරනලද සම්ප්‍රදායන් ක්‍රියාත්මක නොකෙරීම මෙසේ වීමට හේතුවූ බව පෙනේ. රටේ නායකයින් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීම මෙහි ඇති කැපීපෙනෙන වරදය. එවකට මේ නායකයින්ට උපදෙස් දුන්නේ කවුරුදැයි මම නොදනිමි. ඓතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන කලයුතු නිවැරැදි දේ පිළිබන්ද උපදෙස් නොදුන් ඔවුන්ද 2015 පරාජයට රිජුවම වගකිව යුතුය. එසේ උපදෙස් නොදුන්නේනම් මුලුමහත් ජාතියේම සාපය ඒ උපදේශකයින්ගේ හිස මතටද වැටිය යුතුය.  ඔවුන් නිවැරදි උපදෙස් දුන්නේනම්ද එසේම ඒ උපදෙස් මහින්දගේ රජය පිළිගත්තේනම් කිසිසේත්ම 2015 ඔහු ජනාධිපතිවරනයෙන් කිසිසේත්ම නොපරදිනු ඇත.  

2009 දී මහින්ද-ගෝඨාභය සන්යෝගයන් ලබාගත් විජයග්‍රහණ සියල්ල 2015 මහින්දගේ අනපේක්ෂිත පරාජයෙන් පසු බලයට පැමිණි, බටහිර අධිරාජ්යවාදින්ගේ සහ ඉන්දියාවේ ඉත්තෙකුවූ, සින්හල බෞද්ධ විරෝධී සිරිසේන–රනිල් රූකඩ ආණ්ඩුව වසර 4 ½ කදී  යුද්ධයක් නොමැති වුවද, යලිත් පූර්ව 2005 දී පැවැති තත්වයටම දෙමළ ජාතිවාදය මේ රට තුල මෙන්ම ජාත්යන්තරවද ඊනියා යහපාලන රජයේ අනුග්‍රහයද ඇතිව වර්ධනය වූ බව අපි මැනවින් දනිමු. ඔවුන්ට එසේ කිරීමට හැකිවූයේ මා ඉහතින් සන්දහන්කළ  2009 2015 අතර කාලයේදි මහින්ද රජයේ බලවත් අතපසුවීම් නිසාය.  පාථක ඔබගේ දැනගැනීම සන්දහා එවා විස්තර සහිතව මම නැවතත් පහතින් දක්වමි.

යුද්ධය අවසානවූ වහාම මේ රටේ ඉතිහාසය කනපිට හැරවූ උතුරු නැගෙනහිර අයිතිහාසික ද්‍රවිඩ නිජභූමිය වසයෙන් පිළිගැනීම, දෙමල භාෂාවද රාජ්ය භාෂාවක් වශයෙන් පිලිගැනීම,උතුරු නැගෙනහිර පලාත් දෙක ඒකාබද්ධ කිරීම සහ 1987 තෙක් මේ රටේ පුරවැසියන් වශයෙන් ලියාපදින්චි  නොවී සිති සියළුම ඉන්දීය සම්භවයක් සහිත දෙමලුන්ට  කිසිදු වගවිභාගයක් නොමැතිව ඕනෑම රටක පුරවැසිකම දීමේදී අනුගමනයකළයුතු පිළිගත් සියළු සම්ප්‍රදායන් උල්ලන්ඝනයකරමින් ජේ පී සහතිකයක් මත පූර්ණ ලන්කා පුරවැසිකම දීම සහ එසීඉම ලන්කා රාජ්යය කැබෙළි 9 යකට කඩා, 1947 සිට චෙල්වනායගම් දුටු ලන්කා දෙමළ රාජ්යයේ (Ilankai Tamil Arusukachhchi) මූලික පදනම මෙන්ම මේ රටේ සමස්ථ දේශපාලන ක්‍රමයම  මහා අවුල් ජාලයක් බවට පත්කළ පුරා වසර 2600 ක් වූ සින්හල බෞද්ධ රාජ්යට හුනියමක් වූ ඉන්දියාව අපගේ මව්බිම විනාසකිරිම සන්දහා අප හිස මත බලහත්කාරයෙන් පටවනලද එසේම 1978 ජේ ආර්ගේ අමෙරිකන්-ප්‍රන්ස-ඉන්ග්‍රීසි සන්කර විවස්ථාව කිසිදු වැඩක් නැති චූර්ණිකාවක් බවට පත්කළ එසේම මේ සින්හල දේසය ඉන්දියාවට පාවාදුන්  1987 රජිව්/ජේආර් ගිවිසුම නැමැති මහා හුනියම (ඔහු සදාකාළික අවීචිමහා නරකාදියට යාමට හේතුවූ) අහෝසිකොට මේ රටේ දිසා පාලනය එකම අවුජාලයක් කොට රාජ්ය භාණ්ඩාගාරයක් නොවන පාර්ලිමෙන්තුව නැමැති පිස්ස්සන්කොටුවට අමතරව තවත් මැති ඇමැතීන් 500 කට වැඩි පරපුට්ටන් සහ හුදු දේශපාලන හෙන්චය්යන් වූ ආණ්දුකාරයින් 9 දෙනකු ඇතුලු අනවශය දේශපාලන තනතුරු කප්පරක් ඇතිකල පලාත්සභා හූනියමද  අහෝසිකොට, මේ රටේ වර්ගවාදය වපුරන සියලුම ජාති, ආගම් ආදිය පදනම්කොටගෙන පිහිටුවා ඇති සියළුම අන්තවාදී බෙදුම්වාදී දේශපාලන පක්ෂද තහනම්කොට  මේ රටේ සිස්ඨාචාරය පදනම්කොටගත් නව ආණ්ඩු කරම විවස්ථාවක්ද සම්පාදනයකොට මේ රටට ගැලපෙන ජාතික දේශපාලන පක්ෂ දෙකක් සහිතව  නව දේශපාලන සිස්ඨාචාරයක්  ඇති කොට  බටහිර අධිරාජ්යවාදින්ගේ බලකොටුවවන කොලඹ ග්‍රහනයෙන් රට මුදාගෙන තවත් වසර දෙකක් තිබියදී 2015 දී මැතිවරණයට නොගොස් 2017 දී  මැතිවරණයට ගියේනම්  මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අදටත් මේ රටේ අනභිභනනීය ජනකාන්ත ජනාධිපති වරයාවශයෙන් සිටිනු නොඅනුමානය.

ගිය ණුවන අලිලවාවත් ආපසු ඇද්ද නොහැකිනිසා  නව ජනාධිපතිතුමා  යටතේ හෝ මෙම අතපසුවීම් නිවැරැදිකොට 2009 දී ලබාගත් ඒ අයිතිහාසික විජයග්‍රහනය ලක්පොලවේ තහවුරුකොට තවත් වසර 1000 සකට  මේ සින්හල බෞද්ධ රාජ්යයේ පවුරුප්‍රාකාර ස්ථාපිත කොට දුටුගැමුනු-විජයබාහු 1 නරපතීන් සිදුකළ සින්හල බෞද්ධ පුනරුද යට නොදෙවෙනි සටහනක් මහාවන්සයට එක්කරන මෙන් මුලුමහත් ජාතියම වෙනුවෙන් මම ගරු ජනාධිපති වරයාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.  

One Response to “මේ රටේ ඉතිහාසය පුරාම ඉන්දීය ආක්‍රමනයන්ගෙන් රට බේරාගෙන ඇත්තේ වීරෝදාර රුහුණු පුතුන් විසිනි”

  1. Vaisrawana Says:

    Yes, this is true. But unfortunately, many of the post-1970 and millennial generations, having been misled by distorted information about the history of the country, both ancient and recent, are stuck in a 1960s adolescent view of modernity in political terms. They praise themselves on their imagined progressive views (such as that talking about history is foolish, that protesting against the deliberate destruction of archaeological remains in the north and east is a reactionary thing, that Buddhist monks who have traced the growth of sects of Abrahamic (Christian and Muslim) religious fundamentalists and are denouncing them, and urging the authorities to take action against them are racists and and fanatics, etc. Yet, these young people have now begun showing signs of enlightenment after the victory of Gotabhaya.

    I, for one, agree with Dr Gunasekera about Mahinda R. His naivety in dealing with the few but powerful racist, fanatical minority politicians such as Sampanthan and Hakeem – these are also going extinct among the sensible majority within the minority communities – who, Mahinda believes, are forces to reckon with; so, he tries to please them at the expense of his standing among the majority Sinhalese, who have been to date generally patient with him for services done in the past. It is stupid of him to take the Sinhala Buddhists for granted. Mahinda is naive to believe that his goodness will be reciprocated by the helpless ordinary Tamils and Muslims who are unde rthe sway of the crafty racist, fanatical politicians of the older generation. His unnecessary currying favour with those characters is in vain; his corresponding neglect of young progressive minority politicians like Tambimuttu from Batticaloa (son of MP Sam Tambimuttu assassinated by the LTTE), Ali Sabry PC, and Moh. Musammil (Wimal Weerawans’s media sec) is regrettable and will prove costly for the country.

    As Dr Gunasekera says, it was completely unnecessary for MR to make a pledge to Sampanthan to take special measures to solve alleged problems of the north and east. He need not make special promises to confirmed traitors. He had been doing everything possible to accommodate their grievances over the past fifteen (15) years whenever he was in power during that period, often to the relative neglect of the south. But his goodwill has gone unrecognized to date because of the communal politics played by the old racists like Sampanthan and their younger followers like Sumanthiran.

    But, let’s not cry over spilt milk, as Dr Gunasekera remarks in the last paragraph. Wisdom not followed is wisdom wasted. You can’t change that. The past mistakes must be corrected at least under Gotabhaya. That is the only hope we have left.

    Incidentally, the ancient Ruhuna extended to Katugastota ford, where the boundaries of Tri-Sinhale converged. The Rohana country comprised the whole of southern part of the island. Kandy was within Ruhuna. Legend says that prince Dutugemunu, having quarrelled with his father, was in hiding in Kothmale, where he was preparing for war against the Cola invade Elara in Anuradhapura, enlisting his warriors and training them, while receiving intelligence from Magama.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress