දියවන්නාව, පරිසරය, කැළණි ගඟ සහ මුහුද අපවිත්‍ර කල හැකිද?
Posted on July 22nd, 2020

සoගදාස අකුරුගොඩ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම දියවන්නා වැවට විසිකල යුතුයයි සමහරුන් පවසනන බවත්, එසේ කළහොත්,  පරිසරය පමනක් නොව කැළණි ගඟද දූෂණය වියහැකි බැව් එක්සත් ජාතික පකෂයේ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිoහ පසුගිය දිනෙක බියගම පැවති රැස්වීමක සිනාසෙමින් පැවසූ බැව් වාර්තාවේ.

වරක් තොප්පිගල,  කොළඹ දිස්ත්‍රික්කයටත් වඩා විශාල කැලයක් බවත්,  එය අත්පත් කර ගැනීම නිෂ්එල ක්‍රියාවක් බවත්, 2007 තොප්පිගල  යුධ ජයග්‍රහණය ලැබූ අවස්ථාවේදී ගාල්ලේ රැස්වීමක් අමතා සිනාසෙමින් ඔහු පවසාතිබූ ආකාරය අපගේ මතකයේ තවමත් රැඳීතිබේ. යුධ ජයග්‍රහණ පමණක් නොව වෙනත් බොහෝ වැදගත් දෑ ඔහු විසින් බොහෝ අවස්ථාවලදී හෑල්ලු කර තිබුනද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ප්‍රකාෂය කුමණ අරමුණකින් සිනාසෙමින් ඔහු පැවසුවත්, එහි ගැඹුරු බව කිසි ලෙසකින් හෑල්ලු නොවන්නේ,  කිසියම්  හෙයකින් එසේ  දියවන්නා වැවට විසිකරන මන්ත්‍රීවරුන්  අතර  මෙම ප්‍රකාෂකයා සිටිය හොත් පරිසරය, කැළණි ගඟ පමනක් නොව මුහුදද කෙතරම් අපවිත්‍ර විය හැකිදැයි අපට අනුමාන කළහැකි බැවිනි.

බටලන්ඳ වදකාගාරය සමග සබඳතා පැවැත්වූයේ කවුද?

රනිල් වික්‍රමසිoහ පසුගිය අවුරුදු 43ක කාලයක් පාර්ලිමේන්තුවේ සිටි, සභානායක, විපක්ෂ නායක හා තෙවරක් අගමැති තනතුරු හෙබවූ අයෙකි. 1977 දී පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇමති තනතුරක් ලැබුවද ඔහු ගැන වැඩි වශයෙන් කතාබහට ලක්වූයේ 1988-90 භීෂණ සමයේදීය. ඒ බටලන්ඳ වදකාගාරය සමග ඔහු ඇතිකරගෙන තිබූ අනියම් සබඳතාවය පිළබඳවයි.

ඒ පිළබඳව සොයාබැලීමට පත්කරණලද කොමිසමේ 1998 ජූනි 12 නිකුත්කර ඇති වාර්තාවට අනුව බටලන්ඳ නිවාස යෝජනා ක්‍රමය තුල නීතිවිරෝධීව වදකාගාරයක් පවත්වාගෙන යෑමට රනිල් වික්‍රමසිoහ සහ ජේෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ වක්‍රව වගකිවයුතු බවත්, වික්‍රමසිoහ බලය අනිසිලෙස යොදවා අදාල පොලිස් නිළදාරීන් සමග එම නිවාස යෝජනා ක්‍රමය තුල රැස්වීම් පැවැත්වූ බවත් සඳහන් වේ. වරද කරුවනට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස කොමිසම නිර්දේශකලද, එවකට පැවති චන්ද්‍රිකා කුමාරතුoග රජය කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැත.

රට දෙකඩවී යන අදූරදර්ශී ගිවිසුම් ගැසුවේ කවුද?

2001 දෙසැම්බර් මස අගමැති වූ රනිල් වික්‍රමසිoහ, මාස තුනක් ඇතුලත, රටේ ජනාධිපතිනියගෙන්, අමාත්‍ය මණ්ඩලයෙන් හෝ පාර්ලිමේන්තුවෙන් ලත් අනුමැතියකින් තොරව ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් සමග ගිවිසුමක් අත්සන් කොට ත්‍රස්තවාදීන්ට වෙන්වූ පාලන ප්‍රදේශ ලබාදී ශ්‍රී ලoකා හමුදා මෙහෙවුම් සම්පූර්ණයෙන්ම නවතා දැමුවේය. ජාතියේ වාසනාවට මෙම අඥාන ගිවිසුම ඉවතලා,  රනිල් වික්‍රමසිoහ අගමැති තනතුර දැරූ රජය විසුරුවා හැර, ඔහුව 2005 ජනාධිපති තරඟයෙන්ද පරාජය කොට හමුදාව මෙහෙයවා, එල්ටීටිය පරාජය නොකලේනම් අද රට කෙසේ වේවිද?

ඊනියා යහපාලනරජයේ  දේශපාලන පලිගැනීම්, රණවිරුවන් සිරගත කිරීම්, ත්‍රස්තවාදීන් යලි පෝෂණය කිරීම, රාජ්‍ය දේපල පිටරටවලට විකිනීම, රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය සහ ජාතික ආරක්‍ෂාවට හානිකර ගිවිසුම් වලට  එළබීම,  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී oකාවට එරෙහිව ගෙන යෝජනාවන්ට සහයදීම ආදියට වගකිවයුත්තෝ කවරුන්ද?

‘යහපාලන’ රජයේ දේශපාලන පළිගැනීම් තිස්වසරක ත්‍රස්තවාදය නිමකොට රට සීග්‍ර සoවර්ධනයක් කෙරෙහි යොමුවීම පිළිබඳව මහත් කනස්සල්ට පත් බටහිරයන්, ඉන්දියානුවන් සහ ඔවුන්ගේ ඔත්තුසේවාවන් ගේ සැලසුම් මගින් ක්‍රියාත්මකවූ කුමන්ත්‍රණයේ සහ බෙදුම්වාදීන්ගේ පූර්ණ සහයෝගයේ ප්‍රතිඵලයක්ව 2015 බිහිවූ ඊනියා ‘යහපාලන’ රජය,  ඔවුන් තේරීපත්වූ මොහොතේ සිටම රටේ ආණ්ඞුක්‍රම ව්‍යවස්ථාව දිගින් දිගටම බරපතල ලෙස උල්ලoඝනය කිරීම්, රටත් ජාතියත් ආරක්ෂාකල ආරක්ෂක අමාත්‍යාන්ශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ,  හමුදාපති වරුන්බුද්ධි o ඇතුලු විවිධ හමුදා නිළධාරීන්  විවිධ අභූත චෝදනා යටතේ  සිරගත කිරීමට අපමන උත්සහයක් යොදවා නිළදාරීන් රාශියක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඇප ලබාගැනීමට නොහැකිවන පරිදි අත්අඩoගුවේ තබා ගැනීම්, දරුණු මිනිස් ඝාතන සහ දේපල හානි සිදුකල ත්‍රස්තයින්ට සමාව දී නිදහස් කිරීම්, පාර්ලිමේන්තු බලය උදුරා ගනිමින් මහජන නියෝජනය නිහඬ කිරීම් සහ විරුද්ධවාදීන්  නිහඬකිරීමේ අරමුණෙන් නීතිය දේශපාලන පලිගැනීම සඳහා යොදවා ගැනීම් සිදුවූයේ 1965-1970 සහ 1977-1994 එජාප පාලනයුග අපට යලිත් සිහියට නoවමිනි. ඊනියා ‘යහපාලන’ රජය සිදුකල දේශපාලන පලිගැනීම් සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති කොමිසම ඉදිරියේ දැන් හෙලිවන කරුණුවලින් මේ බැව් පෙනීයයි.

කිසිදු ජනතා අනුමැතියකින් තොරව,හම්බන්තොට වරාය අවුරුදු සියයක  බද්දකට චීනයට ගිවිසුම් මගින් ‘යහපාලන’ රජය,  2017 සහ 2018 වර්ෂ වලදී ඇමෙරිකාවත් සමග ඇම්.සී.සී (M.C.C) ගිවිසුමේ අදියර දෙකක් අත්සන්කර මුදල් ලබාගෙන තිබෙන බැව්,  එම ගිවිසුම ගැන සොයා බැලීමට පතකල විද්වත් කමිටුව පසුගිය දිනෙක වාර්තා කර තිබිණ. එම ගිවිසුම රටේ ව්‍යවස්ථාව උල්ලoනය වන රටේ ස්වෛරීභාවයට ඉතාමත් හානිකර බැව් කමිටු වාර්තාවේ සඳහන්වේ.

මහබැoකු මූල්‍ය  oචාව වගකිවයුත්තෝ කවරුන්ද?

‘යහපාලන’ රජය සිදුකල මහබැoකු මූල්‍ය  oචාව හමුවේ රාජ්‍ය බැoකු වලට සහ සේවක අර්ථ සාධක අරමුදලට සිදුකර ඇති මහපරිමාණ අලාභයන්ට වගකිවයුතු වoචනිකයින් මූල්‍ය  නීති උල්ලoඝනයකිරීම හා දූෂණ චෝදනා යටතේ අධිකරණය ඉදිරියට පමුණුවා අත්අඩoගුවට පත්කිරීමට  අපමණ  සාක්ෂි තිබියදීත්, එසේ නොකොට කල්මරමින්, විමසීම් කමිටු, පාර්ලිමේන්තු කමිටු, සහ කොමිෂන් සභා පත්කරමින් වoචනිකයින් ට නිදැල්ලේ හැසිරීමට අවශ්‍ය පසුබිම සකසා දුන් අයුරු ප්‍රකට කරුණකි. ලoකාවේ පුරවැසිභාවය නැති සිoගප්පූරු වැසියෙකු ගෙන්වා මහබැoකුවේ අධිපති කිරීමෙන් සිදුකල හොරකමට වගකිවයුත්තා කව්ද?

පාර්ලිමේන්තුවක ප්‍රධාන කර්යභාරය වනුයේ නීති සෑදීම හා සංශෝධනය කිරීම, රටක පැවැත්මට බලපෑ හැකි කාලීන විෂයන් විවාදයට ලක්කිරීම , රජයේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීම සහ අභියෝගයට ලක්කිරීම,  රජයේ වියහියදම් පිරීක්සීම සහ අනුමතකිරීම  වේ. ආණ්ඩුක්‍රම  විය්‍යවස්ථාව යනු රට මෙහෙයවන නීති පද්ධතිය හෙවත් ‍න්‍යාය පත්‍රයයි. එහි මූලික අරමුණ විය යුත්තේ රටේ අනන්‍යතාව රැක ගනිමින් ස්වෛරීභාවය හා ස්වාධීනත්වය තහවුරු කිරීමයි. එම අරමුණු මොනවාදැයි වටහා ගැනීමට රටේ ඉතිහාසය පිළිබඳවත් කිසියම් ප්‍රමාණයක මූලික අවබෝධයක් තිබිය යුතුය.

එබැවින් ලබන මහ මැතිවරණයේදී හා ඉන් අනතුරුවත් සියලු පර ගැතියන් හා ඔවුන්ගේ ගැත්තන්ද හඳුනාගෙන දේශපාලනයෙන් අතුගාදමා දේශහිතෛෂී නියෝජිතයින් තෝරා පත්කිරීම,  ස්වාධීනත්වය, ස්වෛරිභාවය හා ඒකීයත්වය අගයන සැමොගේ යුතුකම විය යුතුය.

oගදාස අකුරුගොඩ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress