කොවිඩ් එන්නත ලබා දීම භයානක ප්‍රවේශයකි
Posted on January 16th, 2021

මතුගම සෙනෙවිරුවන්

             වර්තමාන වසංගත තත්වය පාලනය කිරීම සඳහා තිබෙන එකම විකල්පය එන්නත්කරණය යයි දැඩිව විශ්වාස කරන ආණ්ඩුවක් අප ඉදිරියේ තිබේ. කුමන හෝ එන්නතක් විදේශයකින් ගෙන්වා ගැනීම සඳහා විශේෂ නිළධාරියෙකුද පත් කර ඇති මෙම ආණ්ඩුව වෙනත් විකල්පයක් ගැන නොසිතන තරම්ය.වර්තමාන සෞඛ්‍ය ඇමතිවරියත් වසංගත පාලනය සඳහා පත් කර ඇති රාජ්‍ය ඇමතිවරියත් විකල්පයක් ගැන කතා කිරීමත් කාලය නාස්ති කිරිමක් යයි පවසා ඇත.ලෝකය ඉදිරියේ වරින් වර ඇති වූ වසංගත තත්වය යටතේ එන්නත් ලබා දීමෙන් සිදු වූ සේවය නිසා එන්නත් සම්බන්ධව විශ්වාසයක් ජනිතව තිබීම පුදුමයට කරුණක් නොවේ.වර්ෂ 1886 දී ලංකාවේ දී ප්‍රථම වරට එන්නත් ක්‍රියාවට නීතියක් ආදේශ කිරීමෙන් පසු සියවසකට අධික කාලයක් තුළ විවිධාකාර එන්නත් හඳුන්වා දීම සිදු වි තිබේ. මේ නිසා වසූරිය ගලපටලය කක්කල් කැස්ස පිට ගැස්ම මෙන්ම සෙංගමාලය ද සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත් වූ බව දක්වා තිබේ.

        එන්නත මගින් කරනු ලබන්නේ ශරීරය තුළ කෘතිම ප්‍රතිශක්තියක් ඇති කරලීමයි.ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පිළිගන්නා පරිදි ස්වභාවික ප්‍රතිශක්තිකරණය මෙන්ම කෘතිම ප්‍රතිශක්තිකරණයද මනුෂ්‍ය ප්‍රජාවේ රෝග නිවාරණයට අවශ්‍ය වේ.එහෙත් අද ඉදිරියට පැමිණ තිබෙන්නේ කෘතිම ප්‍රතිශක්තිකරණය පමණකි. මෙරට කෘතිම ප්‍රතිශක්තිකරණ ඉතිහාසයේ පළමු එන්නත වූයේ වසූරිය එන්නතයි.එම තත්වය තහවුරු කරලීම පිණිස ආඥා පනතක්ද ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍ය රජයට සිදු විය.අනතුරුව ඉදිරිපත් කල එන්නත් අතර ක්ෂය රෝග එන්නත  කක්කල්කැස්ස ගලපටල සහ පිට ගැස්ම එන්නත පෝලියෝ එන්නත සරම්ප එන්නත ජැපනිස් එන්සපලයිටිස් එන්නත රුබෙල්ලා එන්නත හෙපටයිටීස් බී එන්නත හිබ් එන්නත සහ අජීව පෝලියෝ එන්නත ද විය. එන්නත් නිෂ්පාදනයේ දී ආරම්භයේ පටන් අනුගමනය කරන ලද මූලික සිද්ධාන්තය නම් අදාළ රෝගයේ අජීව කොටස් ශරීරයට ඇතුලු කිරීමයි. චීන ගව වයිරසය වසූරිය මර්දනයට යොදා ගැනීම උදාහරණයකි.රෝග විෂබීජයක් ශරිරයට ඇතුල් වීමේ දී සිරුරේ පවතින සුදු රුධිරාණු ඒවාට පහර දී භක්ෂණය කිරීමට පටන් ගනී. නමුත් එම විෂබීජ පැමිණීම සහ එම තොරතුරු සුදු රුධිරාණු වලට සන්නිවේදනය කරනු ලබන්නේ  වසා සෛල මගිනි. නවීන ක්‍රමයට අනුව ස්වභාවික ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වන්නේ එලෙසයි.

       එන්නතක් මගින් කරනු ලබන්නේ සිරුරට ඇතුල්වෙන රෝගය කුමක්ද යන්න කලින් හඳුනා ගැනීමට මාර්ගයක් සැලැස්වීමයි.මිනිස් සිරුරේ සෛල වල ඩී.එන්.ඒ.සහ ආර්.එන්.ඒ (රයිබොනියුලික් අම්ලය )දෙකම පවතී. නමූත් ආගන්තුකව පැමිණෙන විෂබීජයන් හි අතැම් විට පවතින්නේ අර්.එන්.ඒ. පමණි. සුදු රුධිරාණු මගින් කල්තියා හඳුනාගනු ලබන ක්‍රමවේදය එන්නත් මගින් කෘතිමව උත්තේජනය කිරීම සඳහා අජීව එන්නත් සහ ජාන තාක්ෂණයෙන් සකස් කරන ලද එන්නත් වර්තමානයේ භාවිතා කරනු ලැබේ. අජීව එන්නත් යනු අර්ධ සෛලමය එන්නත් සහ පූර්ණ සෛලමය එන්නත් ලෙසට කොටස් දෙකකට බෙදේ .බොහෝ විට ප්‍රෝටීන් හා පොලිසැකරයිඩ භාවිතා කරමින් මේ එන්නත් නිෂ්පාදනය වේ.නමුත් ජාන තාක්ෂණයෙන් යුත් එන්නත් නිෂ්පාදනය වඩාත් සංකීර්ණය.ජාන ඉංජිනේරු විද්‍යාව මගින් යීස්ට් සෛලයේ වර්ණදේහයට බද්ධ කිරීම සිදු කොට එම රෝග කාරක විෂබිජයේ ප්‍රෝටීනය වර්ධනය කරයි.අනතුරව එය පිරිසිදු කොට එන්නත් වශයෙන් භාවිතා කරයි.

     මෙවැනි එන්නත් රාශියක් පසුගිය සියවසක පමණ කාලයක සිට ලංකාවේ ජනතාවට ලබා දී තිබේ.මේවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කරන ලද එන්නත් විය යුතුය.ඉන්පසු ලංකාවට ආනයනය කළ පසු වෛද්‍ය පර්යේෂණායතනය විසින් එම එන්නත් නියැදි ගැන පරීක්ෂණයක් සිදු කළ යුතුය.ඉන්පසු ජාතික ප්‍රතිශක්තිකරණ වැඩ සටහන යටතේ මාර්ගෝපදේශ මාලාවක් යටතේ එන්නත් ජනතාව සඳහා නිකුත් වේ.1886 එන්නත් ආඥා පනත අනුව එන්නත් ලබා දීමේ පිළිවෙල ගැන රෙගුලාසි රාශියක් නිකුත් වී තිබේ. මෙම ආඥා පනතේ 12 වන වගන්තිය අනුව එන්නත් ලබා දීම පැහැර හැරීම සම්බන්ධ චෝදනා ගැනද දක්වා තිබේ.එම වගන්තියෙන් කියැවෙන්නේ එන්නත් ලබා නොගැනීමසුදුසු නොවන දෙයක් බවට ඒත්තු ගැන්විය යුතු බවයි. අනිවාර්යෙන්ම එන්නත් ලබා ගත යුතු යැයි බල කිරීමක් එහි නැති වුවද යම් අනියම් බලපෑමක් මෙම වගන්තිය මගින් දක්වා ඇත. මෙම ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ක්‍රමවේදය අතුරු ආබාධ ආදීය ගැන ලංකාවේ වසංගතරෝග විද්‍යා  අංශය මගින් 2016 වසරේදී අවසන් වරට නිර්දේශ රාශියක් නිකුත් කර තිබේ. කොරෝනා වංසගත තත්වය මර්දනයට එන්නතක් ලබා දෙන්නේ නම්  මේ නිර්දේශ අනුගමනය වනවා නිසැකය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒමග අනුව යන ලංකාවේ සෞඛ්‍ය අංශයත් කෘතිම ප්‍රතිශක්තිකරණය පිළිබඳ වෙසෙසි උනන්දුවක් දැක්වුවද ස්වභාවික ප්‍රතිශක්තිකරණය දියුණු කරලීමට කිසිම වැඩ පිළිවෙලක් යොදා නොමැත.ස්වභාවික ප්‍රතිශක්තිකරණය ඇති වීමට බලපාන හේතු අතර ආහාර විහරණ ගත හැකිය. වර්තමානයේ බහුලව පවතින කෘතිම ආහාර ක්ෂණික ආහාර අජිනොමෝටෝ වැනි කෘතිම ලවණ භාවිතය නිසා ස්වභාවික ප්‍රතිශක්තිය හීනව යා හැකිය.එසේම පලිබෝධ නාශක යොදූ ආහාර  දූෂිත ජලය දූෂිත තෙල් වර්ග මෙලමයින්  ඌරු තෙල් අඩංගු කිරිපිටි වර්ග සියල්ල භාවිතයෙන් ප්‍රකට වන්නේ මනුෂ්‍ය ශරීරය දුර්වල වන අවස්ථාවන්ය.නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයද නඩත්තු කරනුයේ මෙවැනි දූෂිත ආහාර නිපදවන බහුජාතික සමාගම් විසිනි.මේ නිසා වස විස යෙදූ ආහාර පරිභෝජනයෙන් පසුව දුර්වල වන ශරීරයට එන්නත් මගින් ප්‍රතිශක්තිය කෘතිමව ලබා දීම ඔවුන් ගේ රාජකාරිය වී තිබේ.දූෂිත ආහාර නිපදවීමෙන් සහ ඖෂධ නිපදවීමෙන් මෙම සමාගම් අත්පත් කර ගන්නා ලාභය කෝටි ගණනින් ලොව පුරා හුවමාරු වේ.කොවිඩ් 19 පරීක්ෂණ කට්ටල වලට පේටන්ට් හිමිව ඇත්තේ 2015 වසරේදීය.ඉන් කියැවෙන්නේ ලෝක සෞඛ්‍ය ආධිපත්‍ය මේ වෛරසය ගැන දැන සිටි බවයි.වර්තමාන කොවිඩ් එන්නත විදීමට කැස කවන පරිසරය නිර්මාණය වන්නේ මේ වසල වෙළඳ පළ මතය.මෙම කොවිඩ් එන්නත මගින් සිදුවනුයේ  ශරීර සෛල වල පවතින ඩී.එන්.ඒ. අණු වලට හඳුනාගත හැකි ආර්.එන්.ඒ. සහිත අජීව කොටස් ශරීර ගත කිරීමකි. මෙහිදී ඇති වන විපර්යාසය භයානක විය හැකිය. ශරීර සංකූලතා බහුලව ඇතිවීමට අමතරව මනුෂ්‍ය ඩී.එන්.ඒ වෙනස් වීමකට භාජනය වීමට තිබෙන ඉඩකඩ වැඩි වේ.ඒ ගැන පුලුල් අධ්‍යනයක් තවමත් කෙරී නැත. එම තත්වය තුළ කොවිඩ් එන්නත ලංකාවේ ජනතාවට ඉක්මනින් ලබා දීම යනු පර්යේෂණාගාර මීයන් බවට අප පත් කිරීමකි.

      දුරාතීතයේ පටන් මෙරට ජනතාවගේ ප්‍රතිශක්තිය හසුරුවා ගනු ලබන්නේ ස්වභාවික ආහාර මගිනි.යම් රෝගයක් ශරීර අභ්‍යන්තරයේ ඇතිවන්නේ වා පිත් සෙම් කෝපයෙන් බව ඔවුහු පිළිගෙන සිටියහ.සිරුරේ ආම තත්වය මත ක්ෂුද්‍ර ජීවී බලපෑම එල්ල විය හැකි බැවින් ආමය සමබරව තබා ගැනීමට උනන්දු වූහ. සිංහල ජනතාව හැන්දෙන් ගෑරෙප්පුවෙන් නොව අතින් බත් අනා කන්නේ යම් ක්ෂුද්‍ර ජිවීන් ප්‍රමාණයක් ආහාරයත් සමග සිරුරට ඇතුල් කිරීමේ විද්‍යාව ඔවුන් දැන සිටි බැවිනි.එම තත්වය මත ආහාර විහරණ ගැන දැඩි උනන්දුවක් සංස්කෘතිය තුළම නිර්මාණය කර ඇත.

රෝගයනට ප්‍රතිකාර නියම කිරීමෙදී ද ස්වභාවික ඖෂධ මගින් සුවපත් කර ගැනීමට ඔවුහු දැන සිටියහ. කාස ස්වාශ වලදී ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වූ පවාට්ටා නොහොත් ආඩතෝඩා ඖෂධයක් වශයෙන් සකස් කිරීමේ දී (පැණියක් වශයෙන්) ක්ෂුද්‍රජීවී ක්‍රියාවලියකට ලක් කළහ.ඒ ස්වභාවික ප්‍රතිශක්තියට අමතරව බැහැරින් ප්‍රතිශක්තියක් ලබා දීම පිණිසය.කොරොනා වලට අවශ්‍ය ඖෂධ මෙරට නිර්මාණය වන්නේ ඒ පසුබිම මතය. වර්ෂ 1886 ට පෙර වසූරියට පාරම්පරික සිංහල බේත් නිර්මාණය වූවා සේම අදටත් මේ රටේ සිංහල වෛද්‍යවරුන් දක්ෂතා ප්‍රකට කරමින් ඉදිරියට පැමිණ ඇත. එසේම මුඛයෙන් ලබාදෙන බටහිර ක්‍රමයේ එන්නත් වලට සමාන වෛද්‍යමාතා නම් වූ නව නිපැයුමක්ද අපේ සිංහල වෛද්‍යවරයෙකු විසින් නිර්මාණය කොට තිබේ.කොවිඩ් එන්නත මගින් ඇති කරන භයානක සමාජ තත්වය වෙනස් කරලීමට මෙම ඖෂධ උපයෝගී වනවා නිසැකය.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress