අග්‍රාමාත්‍යතුමා අති පූජ්‍ය යෝගියානේ සෝභිත අනුනාහිමියන්ගේ සුව දුක් විමසයි
Posted on January 27th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අමරපුර මූලවංශික මහා නිකායේ අනුනායක අති පූජ්‍ය යෝගියානේ සෝභිත අනුනාහිමියන් බැහැ දැකීමට අද 2021.01.27 දින එම විහාරස්ථානයට ගිය  ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවේය.

යෝගියාන ජයසුන්දරාරාමය සහ කිරුලපන සිරි ඇලන්මැතිනියාරාමාධිපති ලෙස ද කටයුතු කරන සෝභිත අනුනාහිමියන්ගේ  66වැනි ඡන්ම දිනය අද දිනට යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් සුභාශිංසන එක් කළ අග්‍රාමාත්‍යතුමා අනුනාහිමියන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළේය.

රටේ දේශපාලන, සමාජීය හා ආර්ථික  ක්‍රියාපිළිවෙතට අදාළ ධර්මානුකූල පිළිවෙත් පිළිබඳව සෝභිත අනුනායක ස්වාමීන්වහන්සේ මෙහිදී අග්‍රාමාත්‍යතුමාට අනුශාසනා කළහ.

මෙම අවස්ථාව සඳහා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මරදාන විද්‍යෝදය පිරිවෙනේ පරිවෙනාධිපති පූජ්‍යපාද බලංගොඩ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අමරපුර මූලවංශික මහා නිකායේ මහානායක අතිපූජ්‍ය අහුන්ගල්ලේ විමලධම්ම මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය අකුරැටියේ නන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, තායිවානයේ ප්‍රධාන සංඝනායක නාගානන්ද විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂක අතිපූජ්‍ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ,අමරපුර මූලවංශික මහා  නිකායේ අධිකරන සංඝනායක පූජ්‍යපාද විකිලියේ පඤ්ඤාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහත්වරු  ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress