සතුරා රැගෙන එන පරිසර බෝම්බය නිෂ්ක්‍රිය කරමු.
Posted on February 11th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ගෝඨාභය රාජපක්ෂයන්ට එරෙහි නුතන අධිරාජ්‍යවාදී ගැත්තන් ගෙනයන සටනේ එක ස්වරුපයක් වන්නේ, පරිසර හිතවාදීන විසින් මෙහෙය වන සටනයි. මේ සටනේ ස්වරුපය පරිසර හිතකාමී නිසා මිනිසුන් එක්වරම ඔවුන් හා එක්ව සිට ගනී. ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු වලට අනුව යුගයේ විශාලම වන විනාශයන් සිදුකර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂයන් පාලනය කල මේ වසරක කාලසීමාව තුලදී බව ජන මනසට කා වැද්දීමේ මහා ව්‍යාපාරයක් දියත් කර ඇත.

ඔවුන් එන්නේ පරිසරය ඔවුන්ගේ පලිහ වශයෙන් ගෙන අප හා සටනට නම්, අප කල යුත්තේ ඔවුන් හා සටන් වැදීමයි. අපව නිර්මාණය කර ඇත්තේ සත්‍ය වෙනුවෙන් සටන් කිරීමට නම් අප තැන නොතැන නොබලා ඒ කටයුත්ත ඉටුකළ යුතුමය. අප ඔවුන් කියන දේ සාවදානව අසා එහි ගැබ්ව ඇතිදේ මනාව අවබෝධ කරගත යුතුය.

සතුරාගේ අරමුණ කොළඹ සිට යාපනයට යන අධිවේගී මාර්ගයේ කටයුතු නතර කිරීමයි. එදා සුද්දා කොළඹ-මහනුවර මාර්ගය තැනුවේ, මුළු රටම එක සේසත් කර ඔවුන්ගේ යටතේ තබා ගැනීමට පහසුම මග මේ මාර්ගය බව අවබෝධ කර ගැනීම තුලිනි. මුළු ලංකාවම බෙදුම්වාදයෙන් මුදා ගැනීමේ පහසුම මග වන්නේ මුළු රටම එකිනෙකට ගැට ගසන අධිවේගී මාර්ග පද්ධතියක් ස්ථාපිත කිරීමයි. ඒ බව අවබෝධ කරගත් මහින්ද රාජපක්ෂ පාලනය කොළඹ යාපනය අධිවේගී මාර්ගය සැලසුම් කළහ. මේ මාර්ගය ඉඳිකිරීමට බෙදුම්වාදීන් ඉඩ නොදෙන අතර එහි පලයක් වශයෙන් 2015 බලයට පැමිණි මෛත්‍රිපාල සිරිසේන රජය මෙය නවතා දමන ලදී. දැන් යලි බලයට පැමිණි දේශප්‍රේමී  බලවේගයට යලි එම මාර්ගය ඒ ආකාරයෙන්ම පණ  ගැන්වීමේ ක්‍රියාදාමයට අවතීර්ණව සිටින මේ අවස්ථාවේදී, එයට එරෙහි බලවේග, එක්තරා ගසක වටිනාකම සම්බන්ධව කතා කරමින් මේ සංවර්ධන කටයුත්ත නවතාලීම හෝ පමා කිරීමේ කටයුතු අරඹා ඇත. මෙම කටයුත්තේදී අපිට පෙනෙන මුහුණත් තහඩුව බවට පත්ව ඇත්තේ දේවානි ජයතිලක මහත්මියයි. අයගේ ශාක ප්‍රේමිත්වය දොරේ ගලා යමින් ඇති මේ අවස්ථාවේදී, අයගේ කතාවක ගලා යාම අධ්‍යනය කරමු.

1.මෙතන තියෙන්නේ Crudia zeylanica කියන ගහයි. වඳ වෙලා ගිහිල්ලා තියෙන ගහක්. මේක තමයි ලෝකයේ තියෙන එකම ගහ.

ඇය අපට මේ ගස හදුන්වා දෙන්නේ එසේය. ලෝකයේ තියෙන එකම ගහ මේක බව කියන ඇයම ක්ෂණිකව මෙසේද කියයි.
.
2.මේ ගස් තව තියෙනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා.

යනුවෙන් ප්‍රකාශ කරමින් ඇයගේ පළමු ප්‍රකාෂය නිශේධ කරයි. ඉන් පැහැදිලිවෙන්නේ ඇයට ඇය කියන දෙය සම්බන්ධව පැහැදිලි අවබෝධයක් නැති බවයි.

මේ ලෝකයේ තියෙන එකම ගහ ආරක්ෂා කරන්න පෙරමුණ ගත් ඇය, ඒක එකම ගහ නොවන බව ඉඟි පල කරන ගමන්ම මෙසේ කියන්න පටන් ගන්නවා.

 3. මේ වටේ බැලුවම අපිට පේනවා පරිසර පද්ධතිය කොච්චර විනාශ කරලා තියෙනවද කියලා.මේකේ වටිනාකම තියෙන්නේ මේ ගැහෙ විතරක් නෙමෙයි මුළු පරිසර පද්ධතියේම.

දැන් මෙයා කතා කරන්නේ ගහ ගැන නෙමෙයි වටේ පරිසරයට සිදුව ඇති හානිය සම්බන්ධවයි. පරිසරයට හානියක් නොකර සිදුකරන එක සංවර්ධන ව්‍යාපෘතියක් හෝ පෙන්වාදීම ඇයට නොහැක. දැන් ගහ ගැන කතා කරන්න ආපු ගැහැණිය අවට පරිසරය ගැන කතා කිරීම ආරම්භ කර ඇත. ඇය සිය කතාව නොනවත්වා මෙසේ කියයි.

4.බලන්න මේ වටාපිටාව මේ වැල්වර්ග හැදෙන්න කොච්චර කල් යනවද? මේ පරිසර පද්ධතිය හැදෙන්න කොච්චර කල් යනවද? පරිසර පද්ධතියක් අපට නිර්මාණය කරන්න අපට බැහැ

ලෝකයේ ඇති එකම ගහ ගැන මහා සංවේගයෙන් කතා කරන්නට ආ ඇය, කෙටි කාලයක් ජිවත් වෙන වැල් වර්ගද විනාශ කිරීම මහා පරිසර විනාශයක් ලෙස පෙන්වා දීමට වෙර දරයි. විශේෂයෙන් අධිවේගී මාර්ගයක් නිර්මාණය කරනවාට වඩා ගසක එල්ලී ගස් වනසන පඩ වැල් සම්බන්ධවද කතා කරන තත්වයට ඇය ඇද වැටේ.

හදිසියේ නැවත තමන් කතා කරන ලෝකයේ එකම ගස සම්බන්ධව කතා කරන ඇය.

5..එතකොට මේ ගහ ගලවලා ගිහිල්ලා වෙනතැනක හිටවන්න ලංකාවේ තාක්ෂණයක් තියෙනවද?
එහෙම ගෙනිහිල්ලා හිටෙව්වට පස්සේ පැලවෙයිද මැරෙයිද කියලා අපි දන්නේ නැහැ.

මේ ප්‍රකාශයෙන් ඇය පෙන්වනවා අගේ නොදැනුවත් කමයි. එපමණක් නොවෙයි ඇයට මේ සම්බන්ධව උපදෙසක් දිය නොහැකි බවක්ද මේ ප්‍රකාශයත් සමග ගම්‍ය වෙනවා. රටට දයට උපදෙසක් දිය නොහැකි හෝ අපට උපදෙසක් ගත නොහැකි පරිසර වේදිනියක් කිසිදු සංවර්ධන කාර්යකට අවශ්‍ය නැත.

පරිසර වේදිනියක් හෝ වේදියෙක් සංවර්ධන කටයුත්තකට අවශ්‍ය වන්නේ සංවර්ධන කටයුත්ත නවතාලීමට උපදෙස් ගැනීමට  නොවේ. සංවර්ධන කටයුත කරගෙන යාමේදී පරිසරයට සිදුවෙන හානිය අවම කර ගැනීම සඳහා ලබා ගත හැකි දැනුම හා උපදෙස් ලබා ගැනීමටයි. සෑම සංවර්ධන කටයුත්තකදීම පරිසරයට හානි සිදුවෙන අතර ඒ පරිසරය තුල ඇති සෑම සියලු ශාකයකටම ජිවිත කාලයක් ඇත. අවුරුදු 50ක් ජිවත් වෙන ශාකයක් රැකීමට අවුරුදු 500ක් පමණ ප්‍රතිපලගෙන දෙන සංවර්ධන ව්‍යාපෘතීන් නවතාලිය නොහැක. එවැනි මානසිකත්වය ඇති පරිසර වේදීන් එදා පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කිරීමේදී මෙරට සේවය කළා නම්, සිදුකල පරිසර හානිය ගැන සිතා මහා පරකුම්භා රජතුමාට පරාක්‍රම සමුද්‍රය ඉඳි කිරීම නවතා දැමීමට  උපදෙස් දෙනු නොඅනුමානය. එසේ වුවා නම්, නම් මේ වන විට එදා එතන තිබු ගහ කොළ මෙන්ම පරාක්‍රම සමුද්‍රයත් අපට අහිමි වීමට ඉඩ තිබුණි.

දැන් සිදුකල යුත්තේ සත්‍ය ලෙසම මේ ශාකය වැදගත් නම්, මේ සංවර්ධන ව්‍යාපෘතියට බාදාවක් නොවෙන ආකාරයට මේ ගහ කළමනාකරණයකට බාජනය කිරීමයි.

මේ ගසත් රකිමින් අධිවේගී මාර්ගයත් ඉඳීවිය යුතුය. එය කල යුතුය කල හැකිය. ඒ සඳහා අවැසි තාක්ෂනය මෙලොව තිබේ. මේ ටර තුලද එම තාක්ෂනය තිබේ.

මේ ඉඳි වෙන අධිවේගී මාර්ගයේ මෙබ් ගස හැර තවත් ගස් තිබේදැයි අප ඇසිය යුතුය. එසේය මේ ගස හැර තවත් ගස් රාශියක් තිබේ. මේ ගස ස්තානිය සංරක්ෂනයකට භාජනය කර අධිවේගී මාර්ගය වංගුවක් ගසා ඉඳිකළ හොත්, ඉදිරියේදී හමුවෙන සාම ගසක් සුරැකීම සඳහා වංගු ගැසීමට තව තවත් මේ පරිසරවේදීන් බල කරනු ඇත. එවිට ලෝකයේ වැඩිම වංගු සහිත අධිවේගී මාර්ගය දෙවානිලාගේ බල මහිමයෙන් මෙහි ඉන්දු වෙනු ඇත. මේ ගස් යම් දිනකදී මියයනු ඇත. මේ නුතන පරිසර වේදීන්ට අනුව කටයුතු කලහොත් මේ පැල මියැදෙන දවසට පැලයත් අපේක්ෂිත අධිවේගී මාර්ගයත් දෙකම නැතිවේ. එබැවින් ගස් මුණ ගැහෙන විට අධිවේගී මාර්ගය හරවා නිර්මාණය කිරීමට යෝජනා කිරීම විකාර මු දේවිලාට මිස විහාර මහා දේවිලාට සිදුකල නොහැක.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress