ලෝක වෙලදපල හොල්ලමින් ‘කුරුදු සිගරැට්’ ලංකාවෙන්.. බහුජාතික දුම්වැටි සමාගම් කලබලවී වට්ටන්න කුමන්ත‍්‍රණ…
Posted on February 27th, 2021
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
ලංකාවෙන් කුරුඳු සිගරැට්ටුවක් ලෝක වෙළෙඳපොළට හඳුන්වා දීමට මේ වනවිට සියල්ල සූදානම් කර ඇතැයි වාර්තා වෙයි.
මේ නිසාල බහු ජාතික දුම්වැටි සමාගම් කලබල වී ඇති අතර මෙම නිෂ්පාදනය එළි දැක්වීමට බාධා එල්ල කරමින් තිබෙන බව අනාවරණය වේ.
මෙම කුරුඳු සිගරැට්ටු නිපදවීම සඳහා වසර 06 ක පමණ කාලයක් වෙහෙස මහන්සි වී තිබෙන අතර මෙම ව්‍යාපෘතියේදී සැලසුම් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කුරුඳු සිගරැට් නිපදවන කර්මාන්තශාලා 100 ක් ආරම්භ කර වසරකට කුරුඳු සිගරැට් අපනයනය කිරීම මගින් ඩොලර් බිලියනයක පමණ අපනයන ආදායමක් රටට ගෙන්වා ගන්නයි.
මේ තුළින් නව රැකියා ලක්ෂයක් පමණ බිහිවේ යැයි අපේක්ෂා කරයි.