අලි සබ්රි ඇමති මාවත-1
Posted on March 2nd, 2021

විමල් පටබැඳිගේ (ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්)

අධිකරණ ක්‍ෂේත‍්‍රයෙන් මහජනතාවට ලබාදෙන සේවාව කාර්යක්‍ෂම කිරීමට දෝ අධිකරණ ඇමති අලි සබ්රි තම ප‍්‍රඥා මහිමයෙන් ලැබූ අදහසක් කි‍්‍රයාවට නැගීමට අවශ්‍ය යටිතල පහසුකම් සකස් කරමින් සිටියි. ඔහුගේ අපූරු අ`ඵත් ව්‍යාපෘතිය පොලිස් දෙපාර්තමේන්තුවට ‘ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන්’ (චීෆ් පොලිස් ඉන්ස්පෙක්ටර්ස් = සීඅයිපි* ලෙස නීතිඥයන් 150 දෙනෙකු බඳවා ගැනීම යි.

පෙර කළ පිනකට දෝ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර පදවිය ලබා ඇති අධිකරණ ඇමතිට, මෙය අධිකරණ ක්‍ෂේත‍්‍රයේ ඇති දහසක් එකක් අඩුපාඩු සකස් කිරීම සඳහා පමා නොකොට ගත යුතු අත්‍යාවශ්‍යක පියවරක් ලෙස ඔහුට දේවාරූඪයකින් කීවේ දැ’යි දැනීමක් නැත. කෙසේ වෙතත් ජනාධිපති ද ගාවා ‘ජනපති තුමාගේ මග පෙන්වීම’ යන ප‍්‍රශස්ති පාඨය ගයමින් ජනාධිපති මෙය ගත යුතු ‘අත්‍යාවශ්‍යක හදිසි පියවරක්’ ලෙස සලකා ඇති බවක් ඔහු රටේ ජනතාවට හ`ගවයි. පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධ සියලූ කටයුතු භාර ඇමති කෙනෙකු සිටියදී, ‘නීතිඥ සීඅයිපී’ ශ්‍රේණියක් ඇති කොට පොලීසිය කාර්යක්‍ෂම කිරීමට අධිකරණ ඇමතිට ජනාධිපති කී බවක් අප කිසි තැනක දැක නැත.

නීතිඥයන් 150 ට පොලීසියේ සීඅයිපි පත්වීම් ලබා දීමෙන් ඇමති අලි සබ්රි බලාපොරොත්තු වෙන අරමුණු දෙකක් ප‍්‍රකාශිතව දක්වා ඇත. (1* ‘‘පොලිස් දෙපාර්තමේන්තුව මගින් මහ ජනතාවට නීතිමය වශයෙන් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්‍ෂම ලෙස ලබා දීම‘‘ සහ (2* ‘‘දෙමළ භාෂාව කථා කරනු ලබන ජනතාව දිනා ගැනීම’’ යනුවෙනි.

ජනතා යහපත සහ සංහිඳියාව සඳහා වැදගත් අගනා අරමුණු දෙකක් බව සිතෙනු ඇත. පෙනෙනු ඇත. අඳ බාලකම නිසා දෝ බැලූ බැල්මට පෙනෙන්නේ ආසන්න අඵත් අර්බුධයක සහ අනාගත අරමුණක බීජ රෝපණයකි. ‘වතුර බේසමේ කිඹුලන් දැකීමේ’ අවලාදයට ඉඩ ඇතත්, දැන්වීම් පුවරු උස්සාගෙන උද්ඝෝෂණ කිරීමට අවශ්‍ය නොවෙන තරමට භාෂණයේ නිදහස ඇති නිසා පෙනෙන හැෙගන දේ කීම මගේ සිරිත ය. (භාෂණයේ නිදහස දේශපාලන ‘කටගැස්මක්’ කරගත් වීරයන්ට ‘උද්ඝෝෂණ කිරීමේ නිදහස’ භාෂණයේ නිදහසේ ම දිගුවක් බව නොවැටහීම අරුමයක් නොවේ.*

‘නීතිඥ සීඅයිපි’ ශ්‍රේණිය
අලි සබ්රි ඇමතිගේ ප‍්‍රකාශිත අරමුණු සහ ව්‍යාපෘතියේ ස්වභාවය අනුව මේ බඳවා ගැනීම එක් වරකින් අවසාන වෙන එකක් නොවේ. ‘නීතිඥ සීඅයිපි’ තනතුරට වාර්ෂිකව බඳවා ගැනීම සඳහා රැුකියා ව්‍යාපෘතියක් බව හැෙග්. පොලිස් සේවාව තුළ අඵතින් නිලධාරි ශ්‍රේණියක් (?න්ක්* පිහිටුවීම බව පෙනේ. නීතිඥ සීඅයිපි පොලිස් ස්ථානාධිපති යටතේ ද? නැතිනම් උඩින් ද? ‘ප‍්‍රධාන’ (චීෆ්* කියන විට උඩින් බව හෙළිවෙයි. පොලිස් සේවාවේ අත් දැකීම් බහුල නිලධාරියෙකූ වෙන ‘අයිපී’ ශ්‍රේණියේ ‘ස්ථානාධිපති‘ට උඩින් ආධුනික ‘නීතිඥ සීඅයිපි’ ශ්‍රේණියේ කෙනෙකු පොලිස් ස්ථානයකට පත් කිරීම ම ගැටලූව කි.

පොලිස් සේවාවට නීතිඥ හෝ වෙනත් ‘සීඅයිපි’ තනතුරු සඳහා මින් පෙර පොදු ජනතාවගෙන් අයදුම්පත් කැඳවා බඳවා ගත් බවක් මා නම් අසා නැත. පොදු ජනයාගෙන් අයදුම්පත් කැඳවා කොස්තාපල් (පීසි, උප පොලිස් පරීක්‍ෂක (එස්අයි තනතුරු සඳහා බඳවා ගන්නා බව මිස ප‍්‍රධාන පොලිස් පරීීක්‍ෂක (සීඅයිපි* හෝ ජ්‍යේෂ්ඨ පොලිස් පරීක්‍ෂක (එස්අයිපි, ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී (එස්එස්පි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (එස්ඩිඅයිජී, පොලිස්පති (අයිජිපි තනතුරු සඳහා පොදු ජනතාව අතරෙන් අයදුම්පත් කැඳවා බඳවා ගත් බවක් දන්නේ නැත. කාන්තා පොලිස් කොස්තාපල් (ඩබ්ල්‍යුපිසි* තනතුරට බැඳී සේවා උසස්වීම් ලබමින් ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී (එස්එස්පි*, නියෝජ්‍ය පොලිස්පති තනතුරු දක්වා උසස් වූ කාන්තාවන් ගැන පවා තොරතුරු ඇත. පොලිස්පති තනතුරට හිනිපෙති කීපයකි.

දැනට දිවයිනේ පොලිස් ස්ථාන 492 කි. මේ වසර තුළ අවම වශයෙන් නීතිඥ සීඅයිපි ශ්‍රේණියේ 150 බැගින් වට තුනකින් බඳවා ගැනීමෙන් හෝ් පොලිස් ස්ථාන තුනක් හෝ හතරක් නීතිඥ සීඅයිපිට පවරා අලි සබ්රි ඇමතිගේ අරමුණු ඉටු කරගැනීමට පොලිස් ස්ථාන සියල්ල කාර්යක්‍ෂම කිරීමට සැලසුමක් තිබේ දැ’යි දන්නේ ඔහු ය. පළමුව නීතිඥයන් 150 ක් බඳවා ගෙන ’සීඅයිපි’ ශේණියක් ආරම්භ කිරීම, රඋෆ් හකීම් අධිකරණ ඇමති කාලයේ තරගකාරී විභාගයෙන් නීති විද්‍යාලයට එකවර ඇතුඵවීමට දේවාශීර්වාදය ලැබූ 150 ක් පමණ වූ මුස්ලිම් ලබ්දික සිසුන්ට වත්මන් අධිකරණ ඇමති අලි සබ්රි අ`ඵත් ආශීර්වාද දොරටුවක් නිර්මාණය කරමින් සිටියි. දන්සලේ හැන්ද අතට ලැබුණු විගස අලි සබ්රි ඇමතිට තමන්ගේ සනුහරේට පළමුවෙන් ම බෙදීමේ මිනිස්කම මතු වෙන්නට ඇත.

පොලිසියේ මැද දොරට පොල්ලක් දමයි.
‘නීතිඥ සීඅයිපි’ලා 150 ක් බඳවා ගෙන පොලිස් සේවාව තුළ අඵත් නිලධාරී ශ්‍රේණියක් නිර්මාණය කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ දැනට සේවාවේ නිරත අසූ දහසක් පමණ පොලිස් නිලධාරීන් මැදට දමන දාර ‘දොර පොල්ලකි’. ‘ප‍්‍රභු’ ආරක්‍ෂාව සම්බන්ධ රාජකාරියේ යෙදී සිටින තිස් හතලිස් දහසක් පමණ සාමාන්‍ය පොලිස් නිලධාරීන්ට සහ රටේ සාමය හා නීතිය පවත්වාගෙන යන, මහජන ආරක්‍ෂාව සලසන පොලිස් නිලධාරීන්ට පමණක් නොව අනාගතයේ ‘පීසි‘, ‘එස්අයි’ තනතුරුවලට බැඳෙන පොලිස් නිලධාරීන්ට විශ‍්‍රාම යනතෙක් ‘අයිපි’ තනතුරෙන් එහාට යාම මිරිගුවකි.

මෑතක පොලිස් පරීක්‍ෂකයන් 150 ක් පමණ ‘එඑස්පි’ ලෙස උසස් වීම් ලැබූ බව වාර්තා විය. සෑම වසරක් තුළ ම අවශ්‍යතාවය අනුව එය සිදු වෙයි. ‘නීතිඥ සිඅයිපිලා’ 150 කඩිනමින් බඳවා ගෙන ස්ථානගත කිරීම ඊළග වටයක් සඳහා සූදානම් කිරීමක් ද? එය දෙපාර්තමේන්තුවේ පොලිස් ස්ථාන 492 ක ‘අයිපි’ තනතුර දරණ පොලිස් නිලධාරීන්ට ඉහළ තලයට යාමට තිබෙන දොරට අඵතෙන් පොල්ලක් දැමීම නොවේ ද? පළමු වටයේ ම දොර පොල්ල බුරුල් වීම සිදු වෙන්නේ අලි සබ්රි ඇමතිගේ ‘නීතිඥ සීඅයිපීලා’ උඩට ගිය පසු ය. දෙවෙනි තුන්වෙනි වටයේ හෝ දොර පොල්ල යම්තම් හෝ බුරුල් වේ දැ’යි දැනට කිසිවෙකු දන්නේ නැත.

ඵත් අර්බුධයක් වසර ගණනාවක් සේවාවේ නිරතව උසස්වීම් ලබා දැනට සිටින අයිපීලාට ‘නීතිඥ සීිඅයිපි ශ්‍රේණිය’ට උඩින් පැන තමන්ට හිමි උසස්වීම් ලබා ගැනීමට නොහැකි ය. අයිපීට ඉහළ තලයට යාමට නොහැකි නම් එස්අයිට අයිපී උසස් වීම ලැබෙන්නේ ඔහු විශ‍්‍රාම ගිය පසු ය. පොලිස් සාජන්ට් මහතාට සාජන්ට් පුටුවේ ම විශ‍්‍රාම කඩදාසි පුරවා දී ගෙදර පුටුවේ සුවය විඳිය හැකි ය. කොස්තාපල් මහතාට ‘බීට්ටුවේ’ රාජකාරිය සින්න වීම සැකයක් නැත. පීසි සිට අයිපී දක්වා වූ තනතුරක සිටින නිලධාරියෙකුට ‘කණකැස්බා විය සිදුරෙන් දකින්නාක් මෙන්’ උසස් වීමක් දැකීමට වාසනාව ලැබීම ද සිහිනයකි. කොස්තාපල් තනතුරට බැඳී විශ‍්‍රාම යාමට පෙර දැනුම, බුද්ධිය, දක්‍ෂතාව, කැපවීම අනුව පොලිස්පති වීමට පවා තිබෙන අයිතිය නීතිඥ සීඅයිපීලා පත් කිරීමෙන් පුස්සක් නොවේ ය’යි කාට කිව හැකි ද? පත් කෙරෙන අඵත් නීතිඥ සීඅයිපි ශ්‍රේණියෙන් පහළ දහස් ගණනක් පොලිස් නිලධාරීන්ගේ හිමිකම් රැුකේ ද? කාන්තා පොලිස් කොස්තාපල් නිලධාරිණියකට පවා තිබෙන ඉහළ තනතුරුවලට උසස්වීම් ලැබීමේ අවස්ථාව පිරිමි සහ කාන්තා පීසි හෝ අයිපී ශ්‍රේණියේ නිළයේ කෙනෙකුට මින් මතු හිමි වේ ද?

ඇමැතිගේ සූදානම පොලිස් සේවාව තුළ දැනට කි‍්‍රයාත්මක සේවා උසස්වීම් කි‍්‍රයා පිළිවෙතට තිත තැබීමට වේල්ලක් බැඳීම කි. රැුකියා හිගකම නිසා කාර්යාල කාර්ය සහායක (කාකස* ලෙස කාර්යාල සේවාවට බැඳෙන තැනැත්තාට ඔහුගේ දැනුම, බුද්ධිය, දක්‍ෂතාව, කැපවීම මගින් උසස්වීම් ලැබීමට අයිතියක් ඇත. පොලිස් සේවාවට බැඳෙන සාමාන්‍ය නිලධාරීන්ට ‘නීතිඥ පොල්ලක්’ දැමීම නොකළ යුතු බව සහ නීතියට එකග නොවෙන බව ඇමතිට සිතුනේ නැති දැ’යි දන්නේ ඇමති ම පමණකි. ‘නීතිඥ සීඅයිපි’ ශ්‍රේණිය පොලිස් සේවාව තුළ අ`ඵත් අර්බුධයක බීජ වැපිරීමක් නොවේ ද?

පොලිස් ස්ථානාධිපති රාජකාරියේ නියුක්ත අයිපී ස්ථානාධිපති රාජකාරි පුටුව සහ නිල කාර්යාලය නීතිඥ සීඅයිපිට දී බැහැර වීමට සිදු නොවේ ද? එසේ නොවේ නම් වෙනම ‘නීතිඥ සීඅයිපි’ කාර්යාලයක් පොලිස් ස්ථානයේ අඵතින් පිහිටු වීමට සිදු වෙයි. ‘ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක’ නිසා නීතිඥ සීඅයිපිගේ නියෝග පිළිපැදීමට සහ රාජකාරි කිරීමට පොලිස් සථානාධිපති අයිපීට සිදු වෙයි. අඵත් අනවශ්‍ය පරිපාලන රෙගුලාසි මගින් අධිකරණ ඇමති කාර්යක්‍ෂම සේවාවක සිහින දකියි. ‘ඉඳුරුවේ ආචාරියා’ සිහියට නැෙ`ග්.

පොලීසිය මහජන නීතිමය සේවාවක්?
ලොව පිළිගත් පරිදි පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය සමාජය තුළ නීතිය සහ සාමය පවත්වා ගැනීම සහ මහජන ආරක්‍ෂාව සැපයීම ය. අධිකරණ ඇමති අලි සබ්රි කියන ලෙස ‘මහ ජනතාවට නීතිමය වශයෙන් ලබා දෙන සේවය’ සැපයීම නොවේ. රාජකාරිමය වශයෙන් බැඳී ඇති වගකීම් සහිත සේවාවකි. පොලිස් දෙපාර්තමේන්තුව නීතිගරුක, සාමකාමී සමාජයක් පවත්වා ගැනීම සහ සමාජ ආරක්‍ෂාව සැපයීම හා සම්බන්ධ දෙපාර්තමේන්තුව යි. ‘පොලිස් සේවාව’ මිස ‘පොලිස් හමුදාව’ නොවේ. රාජ්‍යයේ (ආණ්ඩුවේ නොවේ* නීති අංශය වෙන නීතිපති දෙපාර්තමේන්තුව මෙන් පොලිස් දෙපාර්තමේන්තුව නීතිඥ හෝ මහජන නීති උපදේශක සේවාවක් නොවේ.

ඇමති ‘නීතිමය වශයෙන් ලබා දෙන සේවය’ යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැ’යි පැහැදිලි නැත. පැමිණිලිකරුට හෝ කුදලාගෙන එන සැකකරුට පොලිසිය නීති උපදෙස්’ දෙන බව අප අසා නැත. ‘නීතිමය සේවය’ කාර්යක්‍ෂම කිරීමට ‘නීතිඥ සීඅයිපි’ නිලධාරි ශ්‍රේණියක් නිර්මාණය කිරීම ඇමතිගේ අරමුණ නම් ඔවුන්ට පොලිස් ආචාරධර්ම (පොලිස් කෝඞ්* සහ නීතිඥ අචාරධර්ම පද්ධති දෙක නොගැටෙන සේ පිළිපැදීම සම්බන්ධව වෙනම පුහුණු පාඨමාලාවක් පැවැත්වීම සඳහා සහ පොලිස් සහ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රාජකාරි පුහුණුව, වැටුප්, දීමනා සහ පහසුකම් සඳහා රුපියල් කෝටි ගණනක අමතර මුදල් වැය කිරීම රජයේ මුදල්, මහජන බදු මුදල් නාස්ති කිරීමකි. ජාතික අපරාධයකි.

පොලීසියට පීසි, එස්අයි ලෙස බැඳෙන අවස්ථාවේ සිට ම පොලිස් නිලධාරීන්ට සාමය, නීතිය සහ මහජන ආරක්‍ෂාව හා සම්බන්ධ පොලිස් සේවා රාජකාරි සඳහා අවශ්‍ය නීතිමය දැනීම සහ භාවිතය පිළිබඳ හොඳ පුහුණුවක් ලැබෙයි. සේවාව කාර්යක්‍ෂම කිරීමට නම් කළ යුත්තේ ඔවුන්ගේ දැනීම සහ භාවිතය යාවත්කාලීන කිරීම ය. දෙපාර්තමේන්තුව තුළ ම වරින්වර පවත්වන සම්මන්ත‍්‍රණ, පුහුණු සැසිවාර, ප‍්‍රගති සමාලෝචන මගින් අමතර වියදමක් නැතිව පහසුවෙන් කළ හැකි ය. එය පොලිස් සේවාව තුළ ම යහපත් පොලිස් සේවාවක් වෙනුවෙන් කැප වෙන, සාමය, නීතිය සහ මහජන ආරක්‍ෂාව පමණක් නොව ජාතික සහ ජාත්‍යන්තර නීති පිළිබඳ ප‍්‍රමාණවත් දැනීමක් සහ අත්දැකීම් සහිත උසස් පොලිස් නිලධාරීන්ට අපහසු නැත. ක්‍ෂේත‍්‍රය පිළිබඳ විශේෂඥ සහාය ලබා ගැනීමට ද අවහිරයක් නැත. වැඩිදුර විෂය අධ්‍යාපනයට ද අවස්ථාව ඇත. ආරම්භයේ සිට ම එය අඛණ්ඩව සිදු වෙන බව රහසක් නොවේ. අධිකරණ ඇමති එය නොදන්නවා විය නොහැකි ය. රුපියල් කෝටි ගණනින් වැඩිපුර මහජන බදු මුදල් නාස්ති කරන ‘නීතිඥ සිඅයිපි’ ශ්‍රේණියක් නිර්මාණය කිරීම තුළ ප‍්‍රකාශිත අරමුණට වඩා වෙනත් ඉලක්කයක් ඇති බව හැෙ`ග්.

වැට පැනීම
තමන් යටතේ ඇති අධිකරණ අමාත්‍යාංශයෙන් කාර්යක්‍ෂම සේවාවක් ලබා දීමට නොහැකි වීමට හේතුව පොලිස් සේවාව කාර්යක්‍ෂම නැති බව සහ පොලිස් සේවාවට නීතිඥයන් බඳවා නොගැනීම එයට හේතුව බව අධිකරණ ඇමති සොයාගෙන ඇත. පොලිස් දෙපාර්තමේන්තුව තුළ නීතිඥ සීඅයිපි ශ්‍රේණියක් පිහිටුවීමෙන් එයට පිළියම් යෙදිය හැකි බව ද ඔහු තීන්දු කොට ඇත. එමගින් තමන්ගේ ‘ප‍්‍රකාශිත අරමුණු’ දෙක අධිකරණ අමාත්‍යාංශයෙන් ද ඉටු කිරීමට සිතා ඇති සේය.

මහජන ආරක්‍ෂාව, සමාජ ශුභසිද්ධිය, පුනරුත්තාපනය සහ සංහිඳියාව පිළිබඳ දැනුම සහ අත්දැකීම් බහුල ඇමති කෙනෙකු සිටින මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට පොලිස් දෙපාර්තමේන්තුව අයත් ය. අධිකරණ ඇමතිගේ වපසරියට ඇතුළත් නැත. ඔහු තමන්ට නියමිත සීමාව තූළ විසඳිය යුතු දහසක් එකක් දැවෙන ප‍්‍රශ්ණ, ගැටලූ තිබිය දී වරමක් ලැබූ ලෙසින් කඩිමුඩියේ පොලිස් සේවාවට ‘නීතිඥ සීඅයිපි’ ශ්‍රේණියක් නිර්මාණය කිරීම ප‍්‍රකාශිත අරමුණ සඳහා දැ’යි පැහැදිලි නැත. ‘වැට පැනීම’ නම් කාගෙ කාගේත් ඇ`ගට ගුණ නැත.

ආරම්භයේ සිට විශේෂයෙන් ම පසුගිය වසර කීපය තුළ පොලීසියේ ගෙපඩියේ සිට කැණිමඬල දක්වා පැවති ජුගුප්සා ජනක, නින්දිත ‘නරිනාටක’ පොලිස් දෙපාර්තමේන්තුව අව පක්‍ෂයේ අංක එකට පත් කිරීමට සමත් වූ බව අධිකරණ ඇමති අලි සබ්රි නො දන්නවා නොවේ. මෑතක සිට පොලිස් දෙපාර්තමේන්තුව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ය. දෙපාර්තමේන්තුවේ සේවාව කාර්යක්‍ෂම කිරීමට මහජන ආරක්‍ෂක ඇමතිට වඩා තමන්ට හැකිය’යි අධිකරණ ඇමති සිතා අති දැ’යි දන්නේ නැත. අමාත්‍යංශ දෙකක ඇමතිලා දෙදෙනෙක් එකම දෙපාර්තමේන්තුවක වැඩ. වගකීම සහ වගවීම මහජන ආරක්‍ෂක ඇමති ද? අධිකරණ ඇමති ද? සරාගොයිය පරණ සින්දුව වෙනුවට ‘මී හරකා මඩට මිසක් ගොඩට අදිනව ද රාළහාමි..’ ගායනා කරනු ඇසේවි දැ’යි දන්නේ නැත.

කොක්කෙන් හෝ කෙක්කෙන්
පොලීසියට ‘නීතිඥ සීඅයිපි’ බඳවා ගැනීමට එරෙහි හඬ සමග අලි සබ්රි ඇමති මහේස්ත‍්‍රාත් අධිකරණවල නඩු මෙහෙය වීමට නීතිඥ සීඅයිපිලා පත් කිරීමට සැරසෙයි. ‘තැටිය මාරු කළේ ඇයි? ඔවුන් සේවාවේ උඩට යන විට මහේස්ත‍්‍රාත් අධිකරණවලට නැවත නීතිඥ සීඅයිපිලා බඳවා ගැනීම අවශ්‍ය වේ. අධිකරණ ඇමති තම වපසරියට අයත් නීති විද්‍යාලයෙන් බිහි කරන නීතිඥයන්ට රැුකියා සපයන ඒජන්සියක් ලෙස පොලිස් දෙපාර්තමේනතුව යොදා ගැනීමට ද? නීතිඥ සීඅයිපි 150 මහේස්ත‍්‍රාත් අධිකරණ සඳහා නම් එය 100% නීතිඥ සීඅයිපි අති්රික්තයකි. (අස්රොෆ් ඇමති තමන්ගේ අය දහස් ගණනක සේවක අතිරික්තයකින් වරාය පෝෂණය කළ බව සිහියට නැෙ`ග්.* උපාධිධාරීන්ට, සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමතුන්ට අධ්‍යාපනය අඩාල වූවන්ට මෙන් රැුකියා අර්බුධයක් නැති වෘත්තීය පුහුණුවක් ලැබ ‘නම්බුකාර’ ස්වයං රැුකියාවක් කරන නීතිඥයන් පොලීසියේ ‘නීතිඥ සීඅයිපි ශ්‍රේණයකට’ බඳවා ගැනීම සහ මහේස්ත‍්‍රාත් අධිකරණවලට පත් කිරීම ඇමති ප‍්‍රකාශිත අරමුණු දෙක පෙන්වා එහි සෙවනැල්ලට මුවා වී වෙනත් ඉලක්කයක් සඳහා පාරක් හදා ගනියි.

සෑම අපරාධ නඩුවක ම පැමිණිලිකරු රජය බව, සියලූ නීතිමය කටයුතු සඳහා රජය වෙනුවෙන් පෙනී සිටීමට, නියෝජනය කිරීමට ‘නීතිපති’ ව්‍යවස්ථාපිතව පත් වෙන බව සහ එය ආණ්ඩුවකට, ඇමති කෙනෙකුට හිතුමතේට වෙනස් කළ නො හැකි බව ඇමතිට අමතක වීමට හේතුවක් නැත. මහේස්ත‍්‍රාත් අධිකරණයේ සාමාන්‍ය අපරාධ නඩුවල පැමිණිල්ල මෙහෙය වීම බොහෝවිට නීතිපති උපදෙස් ඇතිව පොලිස් සාජන්ට්, එස්අයි, අයිපි නිලධාරීන් සාර්ථකව ඉටු කරන බව සහ බරපතල සහ සංකීර්ණ නඩු නීතිපති විසින් මෙහෙයවන බව අධිකරණ ඇමති නොදන්නවා විය නොහැකි ය.

බොහෝවිට මහේස්ත‍්‍රාත් අධිකරණයේ වින්දිත (පැමිණිලි* පාර්ශවයේ කැමැත්ත සහ උපදෙස් මත නීතිඥයන් පෙනී සිටීම සිදු වෙයි. නිල බලයෙන් පත් වෙන ‘නීතිඥ සීඅයිපි’ එයට එරෙහි වෙන්නේ ද? එය දිවුරුම් දී ශ්‍රේෂඨාධිකරණයේ ලියාපදිංචි නීති වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් කඩ කිරීමකි. එසේ ම වින්දිතයාගේ අයිතිය පැහැර ගැනීමකි. නීතිපති දෙපාර්තමේන්තුවෙන් නීතිඥයෙකු පෙනී සිටින විට පොලිස් දෙපාර්තමේන්තුවෙන් පත් කළ නිල ‘නීතිඥ සීඅයිපි’ එරෙහි වෙන්නේ ද? නිල ‘නීතිඥ සීඅයිපි’ තමන් අනිවාර්යයෙන් බැඳී සිටින රාජකාරියෙන් ඉවත් වෙන්නේ ද? එසේ නම් නීතිඥ සීඅයිපි නිලය සඳහා මහජන මුදල් නාස්ති කිරීම අපරාධයකි.

ව්‍යවස්ථාවට පටහැනිව පොලිස් දෙපාර්මේන්තුව/රජය තුළ අපරාධ නීතිඥ සේවාවක් හොර පාරකින් ආරම්භ කිරීමක් ද? දෙමළ භාෂාවෙන් වැඩ කිරීමේ විශේෂ සුදුසුකම අප‍්‍රකාශිත ඉලක්කයක් සඳහා රජයේ දෙපාර්තමේන්තු, ආයතන තුළ ‘දෙමළ නීතිඥ සේවාවක’ නිල නොවෙන ආරම්භයක් ද?

රජයේ කිසි ම දෙපාර්තමේන්තුවකට හෝ ආතනයකට සිංහල, දෙමළ හෝ ඉංගිරිසි භාෂා දැනුම විශේෂ කොට බඳවා ගැනීම් කිරීම නීතියට පටහැනි ය. දෙමළ භාෂා දැනීම විශේෂ සුදුසුකමක් ලෙස ගෙන පොලීසියට ‘නීතිඥ සීඅයිපි’ 150 ක් බඳවා ගැනීම සහ මහේස්ත‍්‍රාත් අධිකරණයට පත් කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව අධිකරණ ඇමතිට අමතක වීමට හේතුවක් නැත.

දෙමළ භාෂාව කථා කළ හැකි, තේරුම් ගැනීමට සහ කියවීමට හැකි සිංහල බෞද්ධ හෝ සිංහල කතෝලික/කි‍්‍රස්තියානි කී දෙනෙක් නීතිඥ සමාජය තුළ සිටී ද? සිටිනවා නම් අතක ඇගිලි ගණනට වැඩි නොවෙනු ඇත. ඉතිහාසයේ පළමු වරට නීති විද්‍යාලයට මුස්ලිම් ලබ්දික නීති සිසුන් 150 ක් පමණ එකවර බඳවා ගැනීමට සලස්වා රඋෆ් හකීම් ඇරඹූ තරගයේ ‘නීතිඥ සිඅයිපිලා’ නමැති ‘රැුලේ දණ්ඩ’ අලි සබ්රි ඇමති ගෙන ඇත. තුන්වෙනි කඩඉමේ මහේස්ත‍්‍රාත් අධිකරණ නීතිඥ ‘රැුලේ දණ්ඩ’ සඳහා ද පිරිස සූදානම් කරයි. ඊළග පිම්ම නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ සේවාව සහ විනිසුරු සේවාව බව නිසැක ය. පදය සගවා ගෙන අඩව් අල්ලන ගුරුන්නාන්සේලා ද ඇත.

නීති ආධාර කොමිෂම අමතක වීම
‘දෙදෙනෙක් එළදෙනකගේ අං දෙකෙන් සහ වලිගයෙන් අල්ලාගෙන දෙපැත්තට අදිති. මැද බංකුවක වාඩි වී කෙනෙක් කිරි දොවා ගනියි. ඔහු ‘නීතිඥ’ ලේබලයක් සහිතය.’ මෙය ලන්ඩනයේ නීති සංගම් මූලස්ථානයේ එල්ලා ඇති පින්තූර රාමුවක තිබෙන කාටූනයකි. කාටූනය ලෝකයක් වටිනා වැදගත් කථාවක් කියයි.

ඇති හැකි අය උජාරුවෙන් අධිකරණයට එන විට නැති බැරි අය ඉන්නේ ‘අයි ඇපියර් යුවර් ඔනර්’ කියන්නට හෝ කෙනෙකු නැති ව ළතැවෙමිනි. අධිිකරණයේ පිහිට පතන නැති බැරි අයට නොමිළේ නීතිමය සේවාව ලබා දීමට තිබෙන නිදහස් ‘නීති ආධාර කොමිසම’ තම වපසරියට අයත් බව අධිකරණ ඇමතිට අමතක වී ද? ‘නීතිඥ සීඅයිපී’ ශ්‍රේණිය සඳහා නාස්ති කරන කෝටි ගණනක බදු මුදල් නීති ආධාර සේවය සඳහා ලබා දී ඒ මගින් අහිංසක මහජනතාවට ලබා දෙන නීතිමය සේවාව දියුණු කිරීම, වෙනත් අමාත්‍යාංශයක වැට පැන ‘නීතිඥ සීඅයිපිලා’ නිර්මාණය කිරීමට වඩා වටින්නේ නැතැ’යි තක්සේරු කළේ දැ’යි නො දනිමි.

අධිකරණ ඇමති තමන්ගේ අපූරු අරමුණ වෙනුවෙන් කළ යුත්තේ ‘වැට පැනීම’ සහ ‘නීතිඥ සීඅයිපි’ ශ්‍රේණියකට පිතෘත්වය දීම නොවේ. තමන්ට පැවරී ඇති වපසරිය තුළ ඇති ආයතන මහජනතාවට ලබා දෙන නීතිමය සේවාව කාර්යක්‍ෂම කිරීම ය. අවසන් නොකළ නඩු ලක්‍ෂ ගණනක් අධිකරණ නඩු ගබඩාවල ය. තරුණ වයසේ වින්දිතයෙකුට තමන්ගේ නඩුවේ අවසානය දැකීමට අධිකරණයට යාමට සිදු වෙන්නේ හැරමිටි වාරුවෙනි.

පවත්වාගෙන යන අධිකරණ ක‍්‍රමය මගින් පැමිණිල්ල පමණක් නොව විත්තිය ද පීඩිතයන් බවට පත් කොට ඇති බව (සද්ධර්මරත්නාවලිය කියවා දැනුම ලබා ගැනීම කෙසේ වෙතත්* ක්‍ෂේත‍්‍රයේ ’පීසි’ නාමය ද දරණ අධිකරණ ඇමතිට ‘අතැඹුලක්’ විය යුතු ය. අධිකරණයේ පිහිට පතන මහ ජනතාවට වහා සහන සැලසීම සඳහා අධිකරණ සේවාව තවදුරටත් කාර්යක්‍ෂම කිරීම පොලිසියට නීතිඥ සීඅයිපිලා බඳවාගෙන සහ මහේස්ත‍්‍රාත් අධිකරණ නඩු මෙහෙයවීමට නීතිඥයන් ලෙස පත් කිරීමෙන් කළ හැකි ය’යි ඇමති විශ්වාස කරන්නේ නම් එය ඔහුගේ විකාරරූපි සිහිනයකි.

අධිකරණය සඳහා ‘ලන්සු’ කැඳවීම සිදු නො වේවාෟ
අවසන් නො කළ නඩු ලක්‍ෂ ගණනක් ගොඩගැසී තිබෙන බව ඇමති ම පිළිගෙන ඇත. දිනෙන් දින තව තවත් ගොඩ ලොකු වෙනු මිස කුඩා වෙන්නේ නැත. ‘කොළොන්නාවේ කුණු කන්ද’ සිහි කරයි. එවැනි වින්නැහියක් අධිකරණයට නොවේවාෟ

නිදහසින් පසු අධිකරණ ඇමති වූ සියලූ දෙනා ම වාගේ වෘත්තීය නීතිඥයෝ ය. ඒ කිසිවෙකු නඩු කන්දට පවතින අධිකරණ යාන්ත‍්‍රණය, ක‍්‍රමය හෝ වෙනත් යමක් හේතු වී ඇති දැ’යි සොයා බලා විමසා සුදුසු පිළියම් යෙදුවේ නම් ‘නඩු කන්දක්’ නැත. තුවාලය සුව කළේ නම් හිගන බෙලෙක්කය වේලේ. හිගන කවි නොඇසේ.

තමන්ගේ ‘ජනී’ (පීසි* ඥාණයෙන් නඩු කන්දට හේතු විමසා දුන් විසඳුම අගේ ය. දැනට තිබෙන අධිකරණ කලාප 64 ට තවත් 16ක් එකතු කොට 80ක් කිරීම යි. කලාප 64 ක නඩු කන්ද 80කට බෙදීමකි. බාලාංශයේ දෙකේ පන්තියේ විසඳුමකි. එමගින් ඇති නඩු කන්ද හෝ තුනී කිරීමට ඊළග පරම්පරාවට හෝ හැකි නම් වාසනාව කි. කළ කථා අනුව ඇමතිට එයට උවමනාව හෝ ඇතැ’යි තිබූ සාමාන්‍ය හැගීම ද වාෂ්ප වී ඇත. දුහුනෙකු නිසා මෙසේ සිතෙනවා විය හැකි ය. යහපාලන ආණ්ඩුව කාලයේ පාර්ලිමේන්තුවට ද ඇමරිකානුවන් විවිධ ‘පරිත්‍යාග’ ආයෝජන කළ බව ආණ්ඩුවේ කථානායක සහතික කොට ඇත. අධිකරණයට ‘විදේශ ආයෝජකයන්’ කැඳවිමට කැස කවන රැුලක් දැනට ම සිටිති. ‘නඩු කන්ද’ මගින් අධිකරණය සඳහා ‘ලන්සු’ කැඳවීමක් සිදු නොවේවාෟ

දිනකට අසා නිම කළ හැකි නඩු ගණන ගණන් බලා තවත් අධිකරණ කලාප 16ක් පිහිටුවා ‘නඩු කන්ද’ සමතලා කිිරීමට තීරණය කරන්නට ඇත. සාමාන්‍ය නඩුවක අවසානය දැකීමට කොපමණ කලක් බලා සිටීමට සිදු වේ දැ’යි ඇමති ඉගියක් හෝ දෙන්නේ නම් එය ලොකු සහනයකි. කෙසේ වෙතත් අලි සබ්රි ඇමති දෙවියන්ගේ නාමයෙන් දිවුරා ශපථ කළ ‘එක ම නීතියක්’ පොරොන්දුවට ‘කොකා පෙන්වා’ 3%ක පමණ කණ්ඩායමක් වෙනුවෙන් වැඩිපුර අඵත් අධිකරණ කලාප 16ක කාති උසාවි සහ කාති මණ්ඩල පිහිටුවීම සිදු වෙයි. එක ම අධිකරණ කලාපයක ෂූපි මුස්ලිම් සහ හනුෆි මුස්ලිම් ලබ්දිකයන් පදිංචි විට ඔවුන් සඳහා අවම වශයෙන් වෙන වෙන ම කාති උසාවි 32 ක් සහ කාතිමණ්ඩල නඩත්තු කිරීමට මහජන බදු මුදල් අපතේ දැමීමට පාර කපා ඇත. අලි සබ්රි අධිකරණ ඇමති ‘ඉඳුරුවේ ආචාරියා’ මතක් කරවයි.

1818 සහ 1848 අධිකරණ තීන්දු දුන් හැටි
සිංහල මාධ්‍යයෙන් ඉගෙනීමට ඉල්ලූම්පත් කැඳවා බඳවාගෙන ඉංගිරිසියෙන් ඉගෙන ඉංගිරිසියෙන් විභාග සමත් විය යුතු ය’යි අනිවාර්ය කොට ඇත. සිංහල සිසුන් දඬුකඳේ ගැසීම කි. ඔවුන්ගේ අයිතිවාසිකම් කුණු බක්කියට දමා ඇත. සිංහල මහා විද්‍යාලවලින් උසස් පෙළ සමත්ව නීතිය හැදෑරීමට අවශ්‍ය සිංහල සිසුන්ට තමන්ගේ අයිතිවාසිකම් රැුකගැනීමට යන්නට තැනක් නැත. සමස්ථ අධිකරණ පද්ධතිය සහ නීති අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය විජාතික භාෂාවකට බිලි දීමකි. 1815 සිට භාෂාව නිදහස් කරගැනීමට කැපවුන, උරදුන් ජාතික වීරයන්ට අවමන් කිරීමකි. ජේ. ආර් ජයවර්ධන, සර් ජෝන් කොතලාවල පවා ජනතාවට පොරොන්දු දුන්, බණ්ඩාරනායක නීතිගත කළ සිංහල රාජ්‍ය භාෂාව යළි කුණුමුල්ලට විසි කිරීමකි. 1818 සහ 1848 ජාතික වීරයන් වෙන විමුක්ති නායකයන් හිස් ගසා, එල්ලා මරා දැමීමට නඩු තීන්දු දුන් ආකාරයට අධිකරණය යළි පත් කිරීමකි.

අගවිනිසුරුතුමා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් දෙදෙනෙකු, නීතිපති, සොලිසිටර් ජෙනරාල්, ඇමතිගේ ලේකම්, ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ දෙදෙනෙකු සහ ඇමතිට අවශ්‍ය හයදෙනෙකු සාමාජිකයන් වෙන නීති අධ්‍යාපන සභාවේ තීරණය මගින් වින්දිතයන් බවට පත් කොට ඇති සිංහලයාට සහන පතා යන්නට අධිකරණයක් නැත. රටේ පුරවැසියන් විසින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමේ පරම වගකීම පවරා ඇත්තේ අධිකරණට ය. ‘වැටත් නියරත් ගොයම කනවා’ නම් සිංහල කෙත වඳ කිරීමේ පාපයේ සාපය ඉර හඳ පවතිනතාක් කල් විඳවන්නට සිදු වීම වැළැක්වීමට නොහැකි වෙනු ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය සතු නෛසර්ගික නෛතික බලය
අධිකරණයේ උත්තරීතර බව වෙනුවෙන් මේ තීරණය වෙනස් කොට රටේ 95% කට වඩා පුරවැසියන් එදිනෙදා භාවිත කරන සිංහල භාෂාව ආරක්‍ෂා කිරීම සහ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා, අභිමතය අනුව එකී විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය අහෝසි කොට සහන සැලසීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි නෛසර්ගික නෛතික බලයට අභියෝග කිරීමට කිසිවෙකුට අයිතියක් නැත.

එසේ ම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා වෙන පරිදි විධායක බලය භාවිත කිරීමට ජනතා පරමාධිපත්‍යය පවරා ඇති බැවින්, විධිවිධාන කුමක් වුවත්, ජනාධිපති මේ ගැසට් නිවේදනය අහෝසි කිරීම සඳහා අවශ්‍ය මැදිහත් වීම කළ යුතුව ඇත.

දෙමළ කථා කරන ජනයා දිනා ගැනීම….

One Response to “අලි සබ්රි ඇමති මාවත-1”

  1. Ancient Sinhalaya Says:

    Ali sora is the new xxxxhim. Mussies want to halal Sri Lanka. Sinhalese deshapaluwas can’t wait to get the country halalled.

    Under Sirima B, bada uurudin (old) started mussie only schools to hide real numbers from the mussie baby farms.
    Mussies churn out (votes) at industrial scale. Most mussies are in businesses and their wife(ves) aka baby machines
    wives (BMWs?)
    ‘parked’ at home. Sinhalese couples? Mostly both working it is a struggle to bring up one child. Even after getting that ‘hard earned’ child, finding a school place is a little battle. For the mussie baby farmers? Just add a few stories to existing buildings. Soon it’s also filled up to the rafters. Not a problem, mussie deshapaluwa issues a letter to Sinhalese school
    principal. Principal oblige of course. Sinhalese in mussie schools? What? You mad? It’s for baby farmers only!

    Ass rough halalled the east. Luckily for the Sinhala modayas and the racist never Sri Lankan ever south indian never
    enough never happy never grateful the new natives of Sri Lanka, the chopper came down and saved the north from
    being halalled. Then xxxxhim halalled the harbour and the law college while a sad ali (not enough children to be sad?), bada uuru din imported more breeders from abroad, empty dog aka his xalla, muji uura raha uura etc. etc. meki nokie
    mussies did their best to halal Sri Lanka. Traitors alugosuwas (to Sinhalese Buddhists only of course) thambi
    mudiyanselage jr@, maranasinha porisada lk r@, traitor chief die hard catholic token Buddhist bay gal karaya mega
    thief mega thakkadiya Batalande wa(n)dakaya Pol Pot r@ni_leech wickrama Sinhala killer, packanil buuru puthano,
    kunu datha, cham pakaya etc mekie nokie traitors did their treacherous best to destroy Mother Lanka, Sinhalese race
    and Sri Lanka.

    It is said, under 15 mussie population exceeds the Sinhalese children. It’s a matter of time Sinhalese will have to live
    under the jack boot of mussie baby farmers. Iran, afganisthan, pakisthan, bangladesh, malayasia and indonesia used
    to be Buddhist countries before the fastest breeding religion aka religion of violence mussies arrived there with theri
    baby machine wives. They multiplied and multiplied and outnumbered (murdered) all the natives and made them all
    mussie countries. Sri Lanka getting there with our traitor deshapaluwas help. Ali sora will drive the final nails to the
    Sinhala modayas coffin before long complete the job!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress